කොට්ටාවේ සුපිරි වෙළඳසලකින් සස්ටජන් ටින් 6 ක් හා ළදරු කිරිපිටි පැකට් 2 ක් දෙපා අස්සේ රඳවාගෙන ගිය බව කියන ගැහැණුන් තිදෙනකුගේ සීසීටීවී කැමරා දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මේ තිදෙනා විසින් සොරකම් කරන ලදැයි කියන භාණ්ඩවල වටිනාකම රුපියල් 10,000 ද ඉක්මවයි.
කොට්ටාවේ සුපිරි වෙළඳසලකින් සස්ටජන් ටින් 6 ක් හා ළදරු කිරිපිටි පැකට් 2 ක් දෙපා අස්සේ රඳවාගෙන ගිය බව කියන ගැහැණුන් තිදෙනකුගේ සීසීටීවී කැමරා දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මේ තිදෙනා විසින් සොරකම් කරන ලදැයි කියන භාණ්ඩවල වටිනාකම රුපියල් 10,000 ද ඉක්මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොන දේ කිව්වත් අද මිනිසුන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.(හේ)
මේවා නැතිබැරිකම් නෙමෙයි. සංවිධානාත්මක සොරකම්. අපේ ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළඳ සලක ඇඳුම් සොරකම් කාලයක් සිදුවුණා. අසුවුණේ පොඩි දරුවෙකුත් වඩාගෙන සොරකමේ යන මැදිවියේ මවක් සහ තරුණ දුවක්. දරුවා. වඩාගෙන ගිහින් තියෙන්නේ දරුවෙකුත් වඩාගෙන ඉන්න එකේ සොරකම් කරාවි කියලා කවුරුත් නොසිතන නිසා. ළමයාටත් සොරකම් කළ ඇඳුම් ඇඳගෙන ආ ඇඳුම් වලට උඩින් අන්දවාගෙන යනවාලු. (නි)
අපේ පැත්තේ වෙළඳ සලක නිතරම පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි නැතිවුණා. අන්තිමට බලනකොට පොඩි ළමයෙක් වඩාගෙන එහි නිතර ගැවසෙන කාන්තාවක්. කාගේ හරි පර්ස් එකකකට තට්ටු කළගමන් එයා කරලා තියෙන්නේ දරුවට වමනය යන්න ඔන්න මෙන්න බව අවට ඉන්න අයට අඟවමින් කඩිමුඩියේ එතනින් එළියට යාම. (නි)
සුදත්ගේ දැනුම තමයි ඒ. එහෙනම් වටිනා බෙහෙතක් හොරකම් කළොත් ඒ ලෙඩෙක්? මේ කිරිපිටි ජාතිය ගොඩක් ගණන්. ඉතින් ඒක හොරකම් කරලා විකුණන්න බැරිද? (නි)
සොරසිත තිබීමත්, මිනිසුන්ට භාණ්ඩ මිලදී ගැනීමට නොහැකියාවත් දෙකම බලපානවා. කිරිපිටි මිල 50%කින්වත් අඩු කරන්ඩ ඕනෑ. හෙරට දඬුවම් දුන්නාට කමක් නැහැ (නි)
ඒ කාලයේ අපේ අත්තම්මා කකුල කැඩිලා අසනීප වුණාම බලාගන්න කාන්තාවක් ගෙදර හිටියා .අපේ අම්මාත් මමත් දෙන්නාම රැකියාවට උදේ ගිහින් හවස එන නිසා. වැඩේම ලෙඩා බලන්න එන කට්ටිය ගෙනාපු කිරිපිටි මෝල්ටඩ් මිලක් හොරකම් කරන එක. ඒවා ළඟ කඩේකට විකුණලාත් අහුවුණා. ඒත් ඉතින් අපි මොනවත් කියන්න ගියේ ගියේ නැහැ. ගෙදර අනෙකුත් වටිනා බඩු පුළුවන් දේවල් බැංකුවේ සේප්පුවේ ගෙනිහින් දැම්මා. (නි)
හංගනවා මේ කැමරා එකේ සටහන් වෙලා තියෙනවද? (නි)
මෙහි සඳහන් දර්ශන අනුව එවැනි හොරකමක් කරනවා පෙනෙන්නට නොමැත. (නි)
උඩින් සවි කරන සි සි ටි වී කැමරා වලට අමතරව යටිනුත් කැමරා සවිකරන කාලයක් ඇවිල්ල වාගේ.(හේ)
මේ වාගේ දේවල් කොහොමද කකුල් දෙක අස්සේ හංගාගෙන යන්නේ? මල්ලක් බැඳගෙන එන්න ඇති. මේක සැළසුම් කරලා කළ හොරකමක් වෙන්න ඇති. (නි)
රට තුළ මත්කුඩු ජාවාරම්කරැවන් කොයිතරම්ද?රජය තුළ සිටම රජයේ දේපල කොයිතරම් කොල්ලකනවද? මුදල් වලට ඒ ඔක්කොම යටයි.මේ මිනිසුන්ගේ නැතිබැරිකමයි මේකට හේතුව (නි)
අමාරුවෙන් ජීවත්වෙන්නේ කියලා අනෙක් මිනිසුන්ගේ දේවල් අතපත ගාගන්න එක හොඳයිද? එතකොට ඒ මිනිස්සු කොහොමද දරු පවුල් වලට කන්න දෙන්නේ? (නි)
දුප්පත්කමට හොරකම නොවෙයි පිළියම. මහන්සිවෙලා වැඩ කළයුතුයි. හිඟමන් යැද්දා නම් මසකට ලක්ෂයත් ඉක්මවනවා. දියුණුයි කියන ඇමරිකාවේ යුරෝපයේ ලක්ෂ ගණනින් යාචකයන් ඉන්නේ. (නි)
ඔච්චර කිරිපිටි ගොඩක් කකුල් අස්සේ හංගාගෙන ඇවිදින්න පුලුවන්ද? (නි)
ඔය වීඩියෝ පටිය එකපාරක් බලලා අදහසක් දෙන්න බැහැ. (නි)
රටේ සල්ලි තිබුණා නම් මිනිස්සු ඔහොම කරයිද? (නි)
නැතිබැරිකම නිසානේ ඔහොම කරන්නේ (නි)
මේ කාන්තාවට ඇයගේ දරුවන්ට දෙන්න මේ කිරිපිටි ගන්න මුදල් නැතුව ඇති (නි)
බඩු මිල අඩු වුණානම් මෙහෙම වෙන්නේ නෑනේ.(හේ්)
කිරිපිටි මිල හොදටම වැඩියි. ඒකයි හේතුව (නදී)
දන්නා කියන අයට බලාගන්න දුන්නම කට්ටිය අල්ල ගන්නත් ලේසියි. (හේ)
හොරකම් කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ. එ්ත් මෙයලා හොරකම් කරලා තියෙන්නේ ළදුරු කිරිපිටි. එ්කෙන් පේන්නේ ඒ මිනිස්සුන්ගේ අසරණකම. රටේ ආශ්චර්ය කියා කියා හොරකම් කරන ලොකු මිනිස්සු නීතිය ඉදිරියට ගෙනත් දඩුවම් දෙන්න ඕනි. මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන එකී රටක රජයක වගකීම වෙන්න ඕනි. (නදී)
කවුද ඕවා කරේ, අපේම මිනිස්සු තමයි. (නදී)
අසරණ කම කියල වෙනත් දරුවෙකුගේ කිරිපිටි පැකට් එක ඉස්සුවත් අනුකම්පා කරනවද.(හේ)
කොහොමද හරියටම කියන්නේ ගවුම අස්සේ ටින් හයක් හංගගෙන ගිය කියල. අනික මේ ය එහෙම කර කියල නීතියෙන් ඔප්පුවෙලා තියෙනවද?(හේ)
අශ්චර්යයේ ප්‍රතිඵල තමයි ඔය. (හේ)
නැති බැරිකම නිසයි මේ හැම දේම.(හේ)
ඕවා පස්සේ මාද්‍යට නිකුත් කරනවට වැඩිය ලේසියි කවුරු හරි යොදවනවා නම්. ටීවී ස්ක්‍රීන් දිහා බලා ගෙන ඉන්න. එතකොට ඒ වෙලාවේම කට්ටිය කොටුකරගන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඇයි ඇස් වහලා මාද්‍යට පින්තුර නිකුත් කරන්නේ ? හොරකම සිසිටිවී කැමරා වල පේන්න තිබෙනවා නම් ඇස් වහන එකේ තේරුමක් නැහැ. මුණු සම්පුර්ණයෙන් පෙන්නුවත් නීතියෙනුත් මාද්‍යට ගැලවීමක් තියෙනවා. (නදී)
මා මෙම වීඩියෝ දර්ශන කිහිපවරක් නැරඹූ නමුත් කිසිදු පුද්ගලයකු දෙපා අස්සේ කිසිවක් සඟවාගන්නා දර්ශන එහි නැත.(හේ)
අනේ මවුවරුනේ ඔය වස දරුවන්ට දෙන්න එපා.(හේ)
ඔව්, සම්පත් මමත් බැලුවා. ඒත් දැක්කේ නැහැ. (නි)
කොහොමද අප්පේ මේක කළේ? (නි)
මේ වගේ බඩගින්න නිවා ගන්න අද හොරකම් කරන්න වෙලා තියෙන්නේ රටේ ලොකුම හොරු අල්ලන්නේ නැති නිසා.(අ)
මෙතන බලපාන්නේ බඩු මිල අධික කම නොවේ , සොරකමට පුරුදුවූ සාමුහිකව දිනපතා සොරකමේ යෙදෙන කතුන් 3 දෙනෙක් වගය , දුප්පත් කමට නම් සොරකම් කරන්නේ බඩ වියතට මොනවා හෝ දෙයක් , නැති බැරී කම නොව මෙය සොරකම රැකියව සඳහා යොදා ගත කට්ටියක්. (අ)
මෙය සංවිධානාත්මකව හොරකම් කිරීමක් වගේ තමයි පෙනෙන්නේ. නැතිබැරිකමට කරන හොරකමක් නොවෙයි. (නි)