IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සුපිරි කඩේ සුපිරි හොරකම

කොට්ටාවේ සුපිරි වෙළඳසලකින් සස්ටජන් ටින් 6 ක් හා ළදරු කිරිපිටි පැකට් 2 ක් දෙපා අස්සේ රඳවාගෙන ගිය බව කියන ගැහැණුන් තිදෙනකුගේ සීසීටීවී කැමරා දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මේ තිදෙනා විසින් සොරකම් කරන ලදැයි කියන භාණ්ඩවල වටිනාකම රුපියල් 10,000 ද ඉක්මවයි.

pizap.com14131089831461 pizap.com14131090341103 pizap.com14131092645364



අදහස් (0)

සුපිරි කඩේ සුපිරි හොරකම

ඩිලාන් Monday, 13 October 2014 10:32 AM

අමාරුවෙන් ජීවත්වෙන්නේ කියලා අනෙක් මිනිසුන්ගේ දේවල් අතපත ගාගන්න එක හොඳයිද? එතකොට ඒ මිනිස්සු කොහොමද දරු පවුල් වලට කන්න දෙන්නේ? (නි)

:       0       0

චාන්දනී Monday, 13 October 2014 03:28 AM

ඒ කාලයේ අපේ අත්තම්මා කකුල කැඩිලා අසනීප වුණාම බලාගන්න කාන්තාවක් ගෙදර හිටියා .අපේ අම්මාත් මමත් දෙන්නාම රැකියාවට උදේ ගිහින් හවස එන නිසා. වැඩේම ලෙඩා බලන්න එන කට්ටිය ගෙනාපු කිරිපිටි මෝල්ටඩ් මිලක් හොරකම් කරන එක. ඒවා ළඟ කඩේකට විකුණලාත් අහුවුණා. ඒත් ඉතින් අපි මොනවත් කියන්න ගියේ ගියේ නැහැ. ගෙදර අනෙකුත් වටිනා බඩු පුළුවන් දේවල් බැංකුවේ සේප්පුවේ ගෙනිහින් දැම්මා. (නි)

:       0       0

ධනුක Sunday, 12 October 2014 12:44 PM

දන්නා කියන අයට බලාගන්න දුන්නම කට්ටිය අල්ල ගන්නත් ලේසියි. (හේ)

:       0       0

නිහාල් Monday, 13 October 2014 10:56 AM

දුප්පත්කමට හොරකම නොවෙයි පිළියම. මහන්සිවෙලා වැඩ කළයුතුයි.‍ හිඟමන් යැද්දා නම් මසකට ලක්ෂයත් ඉක්මවනවා. දියුණුයි කියන ඇමරිකාවේ යුරෝපයේ ලක්ෂ ගණනින් යාචකයන් ඉන්නේ. (නි)

:       0       0

සුදත් Sunday, 12 October 2014 12:47 PM

හොරකම් කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ. එ්ත් මෙයලා හොරකම් කරලා තියෙන්නේ ළදුරු කිරිපිටි. එ්කෙන් පේන්නේ ඒ මිනිස්සුන්ගේ අසරණකම. රටේ ආශ්චර්ය කියා කියා හොරකම් කරන ලොකු මිනිස්සු නීතිය ඉදිරියට ගෙනත් දඩුවම් දෙන්න ඕනි. මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන එකී රටක රජයක වගකීම වෙන්න ඕනි. (නදී)

:       0       0

සුරං Sunday, 12 October 2014 01:13 PM

කවුද ඕවා කරේ, අපේම මිනිස්සු තමයි. (නදී)

:       0       0

දිලිනි Sunday, 12 October 2014 01:19 PM

අසරණ කම කියල වෙනත් දරුවෙකුගේ කිරිපිටි පැකට් එක ඉස්සුවත් අනුකම්පා කරනවද.(හේ)

:       0       0

සෙනරත් Sunday, 12 October 2014 01:21 PM

කොහොමද හරියටම කියන්නේ ගවුම අස්සේ ටින් හයක් හංගගෙන ගිය කියල. අනික මේ ය එහෙම කර කියල නීතියෙන් ඔප්පුවෙලා තියෙනවද?(හේ)

:       0       0

රොෂාන් Sunday, 12 October 2014 01:28 PM

අශ්චර්යයේ ප්‍රතිඵල තමයි ඔය. (හේ)

:       0       0

රිකී Sunday, 12 October 2014 01:40 PM

නැති බැරිකම නිසයි මේ හැම දේම.(හේ)

:       0       0

නිහාල් Monday, 13 October 2014 11:17 AM

ඔච්චර කිරිපිටි ගොඩක් කකුල් අස්සේ හංගාගෙන ඇවිදින්න පුලුවන්ද? (නි)

:       0       0

රසික් කටාර් Monday, 13 October 2014 11:41 AM

ඔය වීඩියෝ පටිය එකපාරක් බලලා අදහසක් දෙන්න බැහැ. (නි)

:       0       0

දනංජය Sunday, 12 October 2014 03:21 PM

බඩු මිල අඩු වුණානම් මෙහෙම ‍වෙන්නේ නෑනේ.(හේ්)

:       0       0

සම්පත් Sunday, 12 October 2014 03:41 PM

මා මෙම වීඩියෝ දර්ශන කිහිපවරක් නැරඹූ නමුත් කිසිදු පුද්ගලයකු දෙපා අස්සේ කිසිවක් සඟවාගන්නා දර්ශන එහි නැත.(හේ)

:       0       0

වල්ගම Monday, 13 October 2014 05:18 AM

හංගනවා මේ කැමරා එකේ සටහන් වෙලා තියෙනවද? (නි)

:       0       0

සාගර Sunday, 12 October 2014 04:02 PM

අනේ මවුවරුනේ ඔය වස දරුවන්ට දෙන්න එපා.(හේ)

:       0       0

සෙලිනා Sunday, 12 October 2014 04:58 PM

ඔව්, සම්පත් මමත් බැලුවා. ඒත් දැක්කේ නැහැ. (නි)

:       0       0

මහින්ද Sunday, 12 October 2014 05:14 PM

කොහොමද අප්පේ මේක කළේ? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 12 October 2014 05:48 PM

මේ වගේ බඩගින්න නිවා ගන්න අද හොරකම් කරන්න වෙලා තියෙන්නේ රටේ ලොකුම හොරු අල්ලන්නේ නැති නිසා.(අ)

:       0       0

ඇන්ටන් Monday, 13 October 2014 06:39 AM

මෙහි සඳහන් දර්ශන අනුව එවැනි හොරකමක් කරනවා පෙනෙන්නට නොමැත. (නි)

:       0       0

බණ්ඩාර සරත් Sunday, 12 October 2014 06:05 PM

මෙතන බලපාන්නේ බඩු මිල අධික කම නොවේ , සොරකමට පුරුදුවූ සාමුහිකව දිනපතා සොරකමේ යෙදෙන කතුන් 3 දෙනෙක් වගය , දුප්පත් කමට නම් සොරකම් කරන්නේ බඩ වියතට මොනවා හෝ දෙයක් , නැති බැරී කම නොව මෙය සොරකම රැකියව සඳහා යොදා ගත කට්ටියක්. (අ)

:       0       0

රේනුක Monday, 13 October 2014 04:50 PM

රටේ සල්ලි තිබුණා නම් මිනිස්සු ඔහොම කරයිද? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 12 October 2014 11:49 PM

මෙය සංවිධානාත්මකව හොරකම් කිරීමක් වගේ තමයි පෙනෙන්නේ. නැතිබැරිකමට කරන හොරකමක් නොවෙයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 12 October 2014 11:58 PM

මේ වාගේ දේවල් කොහොමද කකුල් දෙක අස්සේ හංගාගෙන යන්නේ? මල්ලක් බැඳගෙන එන්න ඇති. මේක සැළසුම් කරලා කළ හොරකමක් වෙන්න ඇති. (නි)

:       0       0

යහම්පත් Monday, 13 October 2014 08:01 AM

උඩින් සවි කරන සි සි ටි වී කැමරා වලට අමතරව යටිනුත් කැමරා සවිකරන කාලයක් ඇවිල්ල වාගේ.(හේ)

:       0       0

මේනක Monday, 13 October 2014 12:48 AM

මේවා නැතිබැරිකම් නෙමෙයි. සංවිධානාත්මක සොරකම්. අපේ ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළඳ සලක ඇඳුම් සොරකම් කාලයක් සිදුවුණා. අසුවුණේ පොඩි දරුවෙකුත් වඩාගෙන සොරකමේ යන මැදිවියේ මවක් සහ තරුණ දුවක්. දරුවා. වඩාගෙන ගිහින් තියෙන්නේ දරුවෙකුත් වඩාගෙන ඉන්න එකේ සොරකම් කරාවි කියලා කවුරුත් නොසිතන නිසා. ළමයාටත් සොරකම් කළ ඇඳුම් ඇඳගෙන ආ ඇඳුම් වලට උඩින් අන්දවාගෙන යනවාලු. (නි)

:       0       0

ගයනි Monday, 13 October 2014 12:56 AM

අපේ පැත්තේ වෙළඳ සලක නිතරම පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි නැතිවුණා. අන්තිමට බලනකොට පොඩි ළමයෙක් වඩාගෙන එහි නිතර ගැවසෙන කාන්තාවක්. කාගේ හරි පර්ස් එකකකට තට්ටු කළගමන් එයා කරලා තියෙන්නේ දරුවට වමනය යන්න ඔන්න මෙන්න බව අවට ඉන්න අයට අඟවමින් කඩිමුඩියේ එතනින් එළියට යාම. (නි)

:       0       0

දමිත් Monday, 13 October 2014 07:02 PM

නැතිබැරිකම නිසානේ ඔහොම කරන්නේ (නි)

:       0       0

ඉන්දික Monday, 13 October 2014 01:34 AM

සුදත්ගේ දැනුම තමයි ඒ. එහෙනම් වටිනා බෙහෙතක් හොරකම් කළොත් ඒ ලෙඩෙක්? මේ කිරිපිටි ජාතිය ගොඩක් ගණන්. ඉතින් ඒක හොරකම් කරලා විකුණන්න බැරිද? (නි)

:       0       0

සම්පත් Monday, 13 October 2014 09:17 AM

කවුරු මොන දේ කිව්වත් අද මිනිසුන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.(හේ)

:       0       0

බුද්ධි Monday, 13 October 2014 10:30 PM

මේ කාන්තාවට ඇයගේ දරුවන්ට දෙන්න මේ කිරිපිටි ගන්න මුදල් නැතුව ඇති (නි)

:       0       0

චමින්ද Sunday, 12 October 2014 11:31 AM

ඕවා පස්සේ මාද්‍යට නිකුත් කරනවට වැඩිය ලේසියි කවුරු හරි යොදවනවා නම්. ටීවී ස්ක්‍රීන් දිහා බලා ගෙන ඉන්න. එතකොට ඒ වෙලාවේම කට්ටිය කොටුකරගන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඇයි ඇස් වහලා මාද්‍යට පින්තුර නිකුත් කරන්නේ ? හොරකම සිසිටිවී කැමරා වල පේන්න තිබෙනවා නම් ඇස් වහන එකේ තේරුමක් නැහැ. මුණු සම්පුර්ණයෙන් පෙන්නුවත් නීතියෙනුත් මාද්‍යට ගැලවීමක් තියෙනවා. (නදී)

:       0       0

සේන Sunday, 12 October 2014 11:38 AM

කිරිපිටි මිල හොදටම වැඩියි. ඒකයි හේතුව (නදී)

:       0       0

නිශා Monday, 13 October 2014 09:59 AM

රට තුළ මත්කුඩු ජාවාරම්කරැවන් කොයිතරම්ද?රජය තුළ සිටම රජයේ දේපල කොයිතරම් කොල්ලකනවද? මුදල් වලට ඒ ඔක්කොම යටයි.මේ මිනිසුන්ගේ නැතිබැරිකමයි මේකට හේතුව (නි)

:       0       0

වසන්ති Monday, 13 October 2014 02:58 AM

සොරසිත තිබීමත්, මිනිසුන්ට භාණ්ඩ මිලදී ගැනීමට නොහැකියාවත් දෙකම බලපානවා. කිරිපිටි මිල 50%කින්වත් අඩු කරන්ඩ ඕනෑ. හෙරට දඬුවම් දුන්නාට කමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 16 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 190 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 393 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 480 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 289 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 165 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site