(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගයෙන් (2020) විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (23) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
මෙම අවස්ථාවට විශිෂ්ට සාමාර්ථ නවය බැගින් ලබා දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනා සහ ඉතිහාසයේ පළමු වරට විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවෝ දෙදෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම දරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් සුබ පැතීය.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරන්ගි තරුෂිකා, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා, හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයේ ඕෂධී සන්දීපා, රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ශ්රීමාතුරෙයි සින්තනාචෙල්වන් සහ කඳාන ද මැසිනොද් විදුහලේ නිපුන් දිනුක අධිකාරි, දෘශ්‍ය සහ කායික ආබාධ සහිත රත්මලාන අන්ධ විද්‍යාලයේ බ්‍රයන් කිංග්ස්ටන් සහ මඩකළපුව ශිවනන්ද විද්‍යාලයේ පාලක්රිෂ්ණන් පිරසෝපන් එම අවස්ථාවට සහභාගි වූහ
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාපෙළ විශිෂ්ටයෝ අගමැති හමුවෙති
දාස Wednesday, 24 November 2021 09:38 AM
අනේ මේ දරුවො ගැන දුකයි, උන්ගෙ අනාගතේ විනාශ කල කාපාලුවා ලඟට යෑම ගැන.
kamal Wednesday, 24 November 2021 10:02 AM
බැසිල්ට ටියුෂන් දෙන්න පුලුවන්ද ?
අසංගWednesday, 24 November 2021 03:20 PM
සිංහල උගන්වන්න පුතෙ බැසිල් මාමට.
පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 12:43 PM
කොමිස් බරට ණය අරන් රට නැතිකල නායකයා.... කොමිස් ඔබේ ණය අපේ......
ලේක්කෝ ගලබඩ Wednesday, 24 November 2021 01:15 PM
මේ දරුවන්ට සිංහල, ඉංග්‍රීසි සහ වචන උච්චාරනය පුරුදු කරවන්න බැසිල් මාමා ළඟට යවන්නනේ තිබුණේ...