සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මොනරාගල නගරයේ ප්‍රචාරක වැඩපිළිවෙළකට එක්වී ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.රත්නවීර මහතා කියයි. ඔවුන් අද නගරයේ පවත්වන්නට යන උද්ඝෝෂණයටද ඔහු විරෝධය පළකර ඇත. ඒ සඳහා එල්ලා තිබූ කටවුට් ආදිය ඔහු විසින් කඩා බිඳ දමන ලදැයි සිසුහු කියති. දෙපාර්ශවය අතර ගැටුමක් වැළැක්වීම සඳහා පොලිසිය මැදිහත්වී සිටිති. නගරයේ තත්ත්වය උණුසුම් අතට හැරී ඇත.
මැතිවරණ නිලධරයකුද ජවිපෙ අපේක්ෂකයන් තිදෙනකුට අනියමින් සහය දෙතියි ප්‍රාදේශීය සභාපති චෝදනා කරයි. එම නිලධරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ ට පින් සිද්ද වෙන්න අපි මෙහෙමවත් වේලක් හැර වේලක් හරි කාල පය ගහල ජීවත් වෙන්නේ. නැතිනම් මේ වෙනකොට රටම ඉවරයි (නදී)
මේක දෙශපාලන පිකට් එකක් නෙමෙයි. මේක කලේ පන්ති තහනම් ඉවත් කර ගන්න. මේකෙ හැමදෙයක්ම දේශපාලනය කියල වහන්න හදන්නේ. රටේ මෝඩයත් එ්වා පිලිගන්නවා. දේශපාලනය උනත් වෙනකෙනෙක්ගේ බෝර්ඩ් ඉරන්න කාටවත් බෑ. එහෙනම් පොලිසි ඕනේ නෑ (නදී)
අවුල් වැඩිම විශ්ව විද්‍යාල වලින් එකක් තමයි සබරගමු විශ්ව විද්‍යාලය..දැන් හොදටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියල.කොන්ත්‍රාත් කාරයෝ නිසි පරිදි කොන්ත්‍රාත්තු ඉටු කරන නිසා තමයි ඒ...(අ)..
ජ වී පෙ විසින් සිසුන් ඡන්ද වැඩට යොදාගැනීම අපරාධයක් 1971 සහ 1986 සිසුන් දහස් ගාණකගේ විනාශයට ඔවුන් වගකිවයුතුයි. .නවක වදයෙන්ම ඔවුන් ග්‍රහණයට ගන්නවා .ඔය සිසුන් හරියට ඉගෙනීම කරනවද ?පාරවල් වල රස්තියාදු වෙනවා .හැමදාම ජවිපෙ එක්ක ආණ්ඩුවට විරුද්දව සත්‍යග්‍රහ.24000ක් යි කැම්පස් වලට නොමිලේ උගන්වන්න අවුරුද්දකට ගන්නවා .නිදහස් අධ්‍යාපනයක් නැතිලු? මෙයාලට පිස්සුද ? (අ)
අපි කැමති උගත් කම උද්දච්චකමක් කර නොගත්ත , බුද්ධිමත් කමත් දුරදර්ශි ඥානයත් එක්ක උගත් කමක් ලැබුණු කෙනෙක් අපිට පාලනය කරනවා නම්. සරසවියට ගිය පමණින් රට පාලනය සුදුසු වෙන්නේ නැහැ. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයන් බොහෝ දෙනෙක් සරසවියට ගිය අය නෙවෙයි .(අ)
ඔබ කැමති සරසවි ගිය උගත් පුද්ගලයෙක් ඔබව පාලනය කරනවාට නොවේද? (නි)
සරසවි සිසුන්ගේ දේශපාලනය සාමාන්‍ය මහජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔවුන් තමන් තරම් දැනඋගත් කට්ටියක් කොහෙවත් නැහැ කියන මානයෙන් කටයුතු කර ඇතැම් අවස්ථා වල වැඩ වරද්දා ගන්නවා. (නි)
සිසුන් පමණක් නොව රටේ අගතියට පත් දුක්විඳින හැම මිනිසෙක්ම පෙරට ආ යුතු කාලයක් මේක. (නි)
සරසවි සිසුන් දේශපාලනය කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔවුන්ගේ අයිතියක්. හැබැයි තමන් තරම් ලංකාවේ කිසිම දැන උගතෙක් නැහැ , කොතැනටත් හරි යන්නේ තමන් කියන උද්දච්ච හැඟීම නම් ඉවත් කරගන්න වෙනවා. ලොකු විභාග පාස් නොකළාට සමාජයේ කලක් ජීවත්වෙලා තමන්ට වඩා දැනුම් තේරුම් ඇති වැඩිහිටියොත් සමාජයේ ඉන්නවා කියලා හිතන්න ඕනෑ. (නි)
වසන්ත, අධ්‍යාපනයට වැයකරන මුදල් වගේ කී ගුණයක් නිරපරාදේ මේ ගොල්ලෝ වියදම් කරනවද. ඒවත් මහජන මුදල්. (නි)
අනේ අපි නම් මුකුත් කියන්නේ නැහැ. සද්දේ තරමට වැඩ නැති බව එදා ඉඳලම අපි දැක්කා. (නි)
මෙදා පාර සමහරුන්ට පුදුමාකාර බයක් නේද තියෙන්නේ? (නි)
අවුල් වැඩිම විශ්ව විද්‍යාල වලින් එකක් තමයි සබරගමු විශ්ව විද්‍යාලය. දැන් හොඳටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියලා (නි)
ගුණසේකර, ඔහොම රට හදන්න හදපු ගොඩක් බුද්දිමතුන් ඒ කාලේ නැති කරලා දැම්මා. ඒ කට්ටිය අද හිටියා නම්. ඒ නිසා කොයි දේත් පරිස්සමින්. (නදී)
උසස් අධ්‍යාපනය පෞද්ගලික කරණය ඇතුළු ශිෂ්‍ය ප්‍රස්න ගැන හීතුවෙන් ශිෂ්‍යයින් මෙන්ම දෙමව්පියන් කල කිරී ඉන්නේ. සියලුම ජනතාව මර්ධනයට විරුද්දව එ්ක රාශි වෙමු. (නදී)
අවුල් වැඩිම විශ්ව විද්‍යාල වලින් එකක් තමයි සබරගමු විශ්ව විද්‍යාලය..දැන් හොදටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියල.කොන්ත්‍රාත්තු කාරයෝ නිසි පරිදි කොන්ත්‍රාත්තු ඉටු කරන නිසා තමයි ඒ...මේ කාලකන්නි දේශපාලනයේ පැවැත්ම තියෙන්නේ අවුල් තියෙන තරමට, අවුල් හදපු තරමට, අවුල් තුලින් කොහොම හරි එකෙක් දෙන්නෙක් බාවා ගත්ත තරමට. නිදහස් අධ්‍යාපනේ රැක ගන්න වෙන්න ඇති සබරගමුවේ ඉදන් ඌවට ඇවිත් පෝස්ටර් ගහන්නේ..නිදහස් අධ්‍යාපනේ පැවැත්මට තියෙන ලොකුම පිළිලය තමයි මේ..තම දේශපාලන අභිමතාර්ථ සදහා සරසවි සිසුන් බිල්ලට දීම මෙයාල එදත් කලා අදත් කලා හෙටත් කරාවි..(ස)
හොරු, මෝඩයෝ විතරයි දේශපාලනේ කරන්නේ. එ්ක හොඳයි (නදී)
බුද්ධිමතුන් අසාදාරණයට විරුද්ද වීම සාමානය දෙයක්. අද රටේ පාලනය නුගත් බාර් කාරයින් අතේ. ඔය පැතිවල ඉන්න නායකයින්ගේ කතා අහපුවහම ඒ බව හොඳට තේරෙනවා. මොනරාගල ජනතාව සොච්චම් පගාවලට යට නොකළ යූතුයි. නියගය තිබුනේ මොනරාගල විතරද? දැන්ද ඇහැරුනේ මොනරාගලට සේවය කරන්ඩ. අසාදාරණයට විරුද්දව පක්ෂ බේදයෙන් තොරව නැගිටිමු. (නදී)
සරසවි සිසුන් කියන්නේ උගත් පිරිසක්. නිසි වයසට පැමිණි තරුණයෝ. එයාලට දේශපාලනය කරන්න පුළුවන්. කොහොමද එ්ක තහනම් කරන්නේ? (නදී)
ඉගෙන ගන්න කාලයේ ඒක නවත්තලා දේශපාලනය කරනවා. ඊළඟට එතැන ගැටුමකින් අතක් පයක් කැඩුනාම ආණ්ඩුවේ හත් මුතු පරම්පරාව මතක් කරනවා. දේශපාලනය මානුෂික අයිතියක් වගේම තමන්ගේ අධ්‍යාපනයට යෙදවෙන මහජන මුදල් වලට සාධාරණයක් ඉටු කිරීමත් වැදගත්. (නදී)
ඇයි ලංකාවේ උගත් කොල්ලන්ට දේශපාලනය කරන්න බැරිද? හොරුන්ට විතරද පුලුවන් (නදී)
සඳුනි, සරසවි දේශපාලනීකරණය කරනවා කියන්නේ සරසවිවල ඉන්න ළමයි හෝ ආචාර්යවරුන් දේශපාලනය කරන එකට නෙවෙයි. වචන වගකීමෙන් භාවිතා කරන්න. ස්තුතියි. (නදී)
එතකොට ආණ්ඩු පක්ෂයට විතරද ප්‍රචාරක වැඩ කරන්ඩ පුළුවන්? අනිත් අයගේ කටවුට් කඩන්ඩ මෙයාට තියෙන අයිතිය මොකක්ද? (නදී)
සබර ගමුව විශ්ව විද්‍යාලයෙන් ආවාට සමන්තට වෙන්නේ කෑම පාර්සල් ටිකක් දීලා පොඩි ශෝභනයක් දර්ෂණයක් දමන එක විතරයි. ඔය ආපු පස් දෙනෙකුටවත් ඌවෙ ඡන්ද නැහැ පුතේ (නදී)
උගත් දරුවෝ වත් රට ගැන හිතන්න ඕනේ. නැති නම් අනාගතේ බොරු වීරයන්ගේ සපත්තු ලෙවකන්න වෙන්නේ. (නදී)
සරසවි සිසුන්ට තමන් කැමති ඕනෑම දේශපාලන පක්ෂයකට උදව් කරන්න පුළුවන්. එ්ක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මොකටද කව්රුවත් විරුද්ධ වෙන්නේ? හැබැයි සිසුන් ආණ්ඩුවට උදව් කලා නම් ජ.වී.පෙ බෙරිහන් දීලා කියාවි ආණ්ඩුව සරසවි දේශපාලනීකරණය කළා කියලා. (නදී)
එයාලා වෙනුවෙන් කඩේ ගියා නම් ඔය එක ලෙඩක් වත් නැහැ (නදී)
අහෝ රටට මේ මොකද වෙන්න යන්නේ. දේශපාලනයත් හරියට දැන් අන්තවාදී යුද්දයක් වගේ. (නදී)