පලෙයි කොළඹ යාල්දේවි දුම්රියේ නිදන මැදිරි පරීක්ෂකවරයකුට පහර දුන් බව කියන හමුදා සෙබළු තිදෙනෙක් ගල්ගමුවේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
වෙන් කළ නිදන මැදිරියක බලෙන් වාඩි වී සිටි සෙබළුන්ට ඉන් ඉවත් වන ලෙස දැන්වීමෙන් පසු ඔහුට පහර දී ඇතැයි ද, ඔහු ගල්ගමු රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලිසිය පවසයි.
මේ තිදෙනා පනාගොඩ හමුදා කඳවුරේ සේවය කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමරේ, ඔබේ මොළය වැරදි තැනකට ගියේ කොහොමද? (නි)
මේ අයගේ චණ්ඩි මෝස්‌තර සුව කරන්න බැරි තරමට උග්‍රයි. (නි)
බණ්ඩාර ගහපු එකනම් හොද වැඩේ (නධී)
මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)
දැන් තමා කට්ටියටම එපාවෙලා තියෙන්නේ (නි)
මගේ පාසල් යන වයස 17 ක නංගිගේ පසුපස වයස 30 පහු කල හැඩිදැඩි හමුදා සෙබලක් ඇගේ අකමැත්තෙන් කරදර කරමින් ආවා. අන්තිමේදී අපි දන්නා කෙනෙකුට මේ විස්තරේ පුද්ගලිකව් කියලා ඔහුගේ උදව්වෙන් නංගිව කොළඹ කිට්ටුව පාසලකට දමලා මාමා කෙනෙකුගේ ගෙදර නවත්තලා මේ කරදරයෙන් ගැලවුනේ. සමහරු රට බේරා ගත්තට වන්දිය බලා පොරොත්තු වෙන්නේ මේ රටේ අහිංසක පුංචි කෙල්ලන්ගෙන් (අ)
මගේ ඥාති අක්කා කෙනෙකු ට දැන් සෑහෙන කාලයක ඉඳල ඇගේ ගමේ හමුදා සෙබළෙකුගෙන් සම්බන්ධයකට බලපෑම්. පසු ගිය කාලයේ වෙනත් පළාත් වල සිදු වුන දේවල් නිසා බයටම අපේ නැන්දලා පොලිසියේ පැමිණිලි කරලා. අන්තිමට ඒ සෙබලාගේ අම්ම කියල තියෙන්නේ අපේ පුතා රට බේරා ගත්තට ලැබෙන සැලකිල්ල තමයි මේ . බොරු චෝදනා කරලා පුතාට අපහාස කරනවා කියලා. මේවා කාට කියන්නද ? දැන් ඒ අක්කා වෙනින් ප්‍රදේශයක බෝඩ් වෙලා රැකියාවට යන්නේ. ගෙදර ඉන්න බයයි. (අ)
දැන් අපි හමුදාවන්ට කෘත ගුණ පුර්වකව ජීවත් වෙනවානේ . ඒ වුනාට යුද්ධෙන් පසුව සමාජයට හිසරදයක් නොවී ඒ ගරුත්වය රැක ගන්නත් ඒගොල්ල දැන ගන්න ඕන. (අ)
ඒ අය නිසා අද අපි පාරෙ බැහැලා යනවා කියලා වැරදි කරනතුරු බලාගෙන ඉන්න පුලුවන්ද? (නි)
සමරනායකගේ කතාව මට අප්‍රසන්නයි (නි)
හමුදාවේ ඔය වගේ ටිකක මෝට අයත් ඉන්නවා. අපේ නියම වීරයන්ටත් අවනම්බුවක්. මමත් එක දවසක් ඔය කෝච්චියෙම ගිය. ඔය වගේම කට ගොන්නක් බී ගත්ත හමුදාවේ කොල්ලෝ ටිකක් හරිම පහත විදියට හැසිරුනේ. කුණු හරපත් කියා කියා අවේ. මහව දුම්රිය ස්ථානයේදී දුම්රියේ නිලධාරීන් එයාලාට අවවාද කළා . පස්සේ ටිකක් ගොන් පාර්ට් අඩු වුණා. (අ)
ශිරෝමි නංගී, ඔය පත්තර බලන්නේ නැද්ද? ස්ත්‍රී දුෂණ, ස්ත්‍රී ඝාතන, වයසක බවලතුන්ට කරනා ලද දේවල්? (අ)
මමත් මේ කෝච්චියේ ආව ගල්ගමුවේදී මේ අයට හොඳටම තැලුව සේවකයෝ එක්වෙලා හමුදාවේ නිලදාරියෙක් වගේ කෙනෙක් හමුදාව කන්න එපා කියල එකෙකුට ගැහුවා පනින්න හදනකොට ට්‍රෙන් එක රිවර්ස් කරලා වටකරලා ඇල්ලුවේ මොවුන් යුද්ද කරපු බව හරි නමුත් විනයක් නැත්නම් වැඩක් තියනවද (අ)
අත්අඩංගුවට ගත්ත එක වැරදියි. අවවාද දුන්නනම් ඇති. ඒ අය නිසා තමා අද අපි පාරෙ බැහැල යන්නෙ. නැතිනම් අපි මළවුන් අතර. (අ)
යුද්දයක් නැති හින්ද නිකන් ඉන්න බැරිද මෙොලට ? (අ)
අපෙන් එකෙකි මේ මිනිසා, අපිටම ගහනවා ඒ නිසා (අ)
නන්දන පනාගොඩ: ඔන්න ඔන්න පටන් ගත්තා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට ඔක්කොටම බනින්න (අ)
රණ විරුවන්ගෙන් දැන් නම් සමාජයට එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා. පාරේ බැහැල යන්න බැහැ. (අ)
මේ අයට කියන්නෙ රනවිරුවො කියලද මේ අය පුනරුත්ථාපනය නොකරපු එකේ වැරැද්ද (අ)