පුරවැසියන්ගේ සියලු තොරතුරු ඇතුළත් පුරවැසි ඩිජිටල් කාඩ්පත ලබන ජනවාරි පළමු සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පුරවැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එම ඩිජිටල් කාඩ්පතේ අඩංගුව බවද කී ඇමැතිවරයා වයස අවුරුදු 14න් ඉහළ සියලු ලාංකිකයන්ට කාඩ්පත ලබාදෙන බවද කීය.
මෙරට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල්කරණය නොකිරීමෙන් දිනකට ඇමරිකා ඩොලර් මිලියන 2ක පාඩුවක් ලබන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට ආණ්ඩුව හදන්නේ රටේ ඉන්න සියලු දෙනාවම ඒ අයටත් නොත්රෙන විදියට ඩිජිටල් කරන්න වගෙයි. (නි)
දැන් ඔය කාඩ් එකකට කීයක් අයකරනවද? මේකත් රජයට ආදායමක් ගන්න කරපු සැළසුමක්ද දන්නෙ නැහැ (නි)
අනේ මෙයාලගේ ඩිජිටල්? දැක්කේ නැද්ද වයි-ෆයි, ගූගල් බැලුන්? මෙයාලා හොඳයි කටින් බතල හිටවන්න. අලුත් තාක්ෂණය එන එක හොඳයි. එ්ත් ඒවා ක්‍රියාත්මක කරන්න ලොකු සිස්ටම් එකක් ඕනෑ. ඒ පසුබිම හදන්න ඕනෑ මුලින්. ඊටපස්සේ පුළුවන් ඩිජිටල් කරන්න. එදා වේල කන්න අතේ සල්ලි නැතුව දුක්විඳින මිනිසුන්ට දෙයක් කරන්න. ඒ මිනිසුන්ට මොන ඩිජිටල්ද? එ්කත් හරියට අර පොහොර සහනාධාරය දෙන්න ඔන්ලයින් අයදුම්පතක් ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න දුන්නා වගේ. මේගොල්ලන්ගේ බොරු සෝබන වැඩ. (නි)
ත්‍රී-ඩී ආරක්ෂක ක්‍රමය යටතේ මේවා එතරම් ප්‍රශ්න නොවේ
ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. ලංකාවේ හොරකම් කරනවා කියලා මෙවැනි වැඩපිළිවෙලවල් නොකර ඉන්න එක සුදුසු නැහැ. මෙයට විරුද්ධ මත දරන අයගේ ළමයින්ගෙන් ඇහුවොත් ඒ අයට තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙය මැදපෙරදිග විතරක් නොව වෙනත් දියුණු රටවලත් තියනවා. මේ මඟින් බොහෝ හොරකම් අවම කරගන්න පුළුවන්. අපි රජය කරන හැම දෙයකටම විරුද්ධනොවී මේ මඟින් වන හොඳදේත් පිළිගන්න ඕනෑ (නි)
සජීව, දහම්, ත්‍රී-ඩී මුරපද කියලා ජාතියක් ලෝකේ හදලා තියෙන්නේ එකට තමයි. (නි)
ඉතින් මුරපද පැහැරගන්න ඇයි මුරපද අහුවෙන්න තියන්නේ? (නි)
අර ගූගල් බැලුන් ඇරියා වගේ වෙයිද දන්නේ නැහැ (නි)
මේකත් අර ඉන්ටර්නෙට් බැලුන් වගේද දන්නේ නැහැ. (බ)
මේ ක්‍රමය ඉතා හොදය කුවේට් වල ඉන්න අයටත් මේ පහසුව දැනෙනවා අපි ප්‍රමාදේ (බ)
මෙය 666 නොවේ. බය නොවන්න.මෙය ගැන ජනතාව දැනුවත් කරන්න. දුම්රියට යකඩ යකා කියුවේ බයට. බර කරත්තය දැන් පාවිච්චි කළ හැකිද ? (බ)
ඉමේශ්, පැහැරගත්තොත් මුරපදය ගන්නා එක මහ ලොකු දෙයක්ද? බයවෙන්න එපා. මේකත් ගූගල් බැලුම වගේ වෙයි (නි)
අනේ ඉමේෂ්, පවු අනේ ඔයා! ඔයාගේ මොළේ නම් පත්තරයක් කියවන්න තරම්වත් දියුණුවෙලා නැහැ. (නි)
කොච්චරක් අය කරනවද දන්නේ නැහැ ඕක නිකුත් කරන්න. නියම දේ නම් සියලු දේ හැදුනුම් පතට ඇතුළු කිරීම නොවෙයි, හැම කෙනෙකුටම සමාජ ආරක්ෂක අංකයක් දීමයි කළයුත්තේ. එම කාඩ් පත් අංකය රජය සමග කරන කටයුතු වලදී භාවිත කළ යුතු අතර, හැදුනුම්පත හදුනාගැනීම සදහා භාවිත කළහැකියි. සමාජ ආරක්ෂණ අංකය කෙනෙකුගේ උප්පත්තියේදීම දියයුතුයි. මෙම කාඩ්පත් අංකය තමන් මතක තබා ගත යුතුයි.(අ)
නාලකගේ දැනුම ලියලා තියෙන දේවල් වලින් තේරෙනවා. අඩුමතරමේ විජය ළමා පත්තරේවත් කියවන්න පුරුදු වෙන්න. ලෝකය ගැන දැනුම වැඩි කරගන්න. පාස්වර්ඩ් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ ඔයාගේ ඔය ප්‍රශ්නය විසඳන්න තමයි. (නි)
මෙම කාඩ් එක පුරවැසියන්ගේ නිදහසට තර්ජනයක් විය නොහැකිද? (නි)
සෑම අයෙකුටම රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කර දියයුතුයි. මක්නිසාද යත් දෙනුලබන කිසියම් ආධාරයක් හෝ දීමනාවක් ලබාගත්තාදැයි සොයාගැනීම සඳහාය. (නි)
වැඩිය හොඳයි ගෙදරින් එළියට බහිනකොට බෙල්ලේ එල්ලාගෙනම යන්න පුළුවන් විස්තර ඇතුළත් පොතක් හදලා දෙනවා නම්. (නි)
සිරිපුරසිරි, ඕක හොඳයි මැදපෙරදිග නීතිය ලංකාවේ තිබුනා නම්. (නි)
සිරිපුර සිරි, මැදපෙරදිග රටවල හොරකම් වලට දෙන දැඩි දඬුවම් නිසා හොරකම් අඩුයි. නමුත් ලංකාවේ මෙම ක්‍රම ක්‍රියාත්මක කළනොහැක. අඩුම තරමේ තාක්ෂණය අතින් ඉතාම දියුණු ජර්මනියේ පවා හැඳුනුම්පතේ මෙවැනි වැදගත් තොරතුරු අඩංගු කරන්නේ නැත. (නි)
ඔක්කොම දත්ත එක කාඩ්පතක රැස් කරන්න එපා. එතකොට එම කාඩ්පත් හිමියා පැහැරගෙන රහස් අංකය දැනගෙන මරා වළලා හොරු බැංකු වල තිබෙන සල්ලිත් අරගනිවී. රුධිර ගණය දැනගෙන වකුගඩු වැනි ඉන්ද්‍රයයන් ගළවා ගනීවි. පාස්පෝර්ට් හදාගෙන රටත් යාවි. කරුණාකර හැමෝටම සෝෂල් සිකියුරිටි අංකයක් පමණක් ලබාදෙන්න (නි)
මේක ඉතා හොඳ වැඩක්. මම සේවය කරන රටේ මේකට කියන්නේ සිවිල් හැඳුනුම්පත කියලා. මෙහි සම්පුර්ණ නම, උපන් දිනය, ජාතිය, ලේ වර්ගය, රැකියාව, රැකියාව කරන ස්ථානය, පදිංචි ස්ථානය ආදී තොරතුරු අඩංගු වෙනවා. ඊට අමතරව පොලිසියේදී සහ ගුවන් තොටුපලේදි ඇඟිලි සළකුණු පරීක්ෂා කිරීමටත්, බැංකු, රෝහල් ආදී සියළුම සේවා වලටත්, සිම් කාඩ්පත්, ගෙවීමේ පහසු ක්‍රමයට භාණ්ඩ ලබා ගැනීමටත් ඉතාමත්ම පහසුයි. (නි)
මම සේවය කරන මැද පෙරදිග රටේ මෙවැනි කාඩ් පතක් භාවිතා වෙනවා. අවුරුදු 16 ට වැඩිනම් දරුවන්ට පවා එය ලබා දෙනවා. පැයක් වගේ කාලයක් ඇතුලත පොලිස් දෙපාර්තමේන්තුවෙන් එය ලබා ගන්න පුළුවන්. ඉන්පසු බැංකු, රෝහල්, ආදී සියළුම සේවා වලට භාවිතා වෙන්නෙ ඒ කාඩ් පත. ගුවන් තොටුපලේදි දිග පෝලිම් වල නොහිට ඊ-ගේට්ටුව හරහා තත්පර ගානකින් යන්න එන්න පුළුවන්. (රේ)
ලංකාවේ ඩිජිටල්, තොරතුරු තාක්ෂණය කියලා දාන්නේම ගොන් පාර්ට්. දියුණු රටවලවත් මෙහෙම මෝඩ චූන් නැහැ.(රේ)
මේක මෝඩ වැඩක්. මේක ඉස්සුවොත් මුළු හැඳුනුම්පතම කොපි කරලා බැංකුවේ සල්ලිත් අරන්, මෙඩිකල් රිපොර්ට්ස් වෙනස් කරලා පාස්පෝර්ට් අරන් වෙන රටකට යයි. ඇමෙරිකාවේ ගියා නේද? අහල නැද්ද සෝෂල් සේකුරිටි නම්බර් කියල එකක්. රාජ්‍ය දත්ත ගිණුමක් හදල නොම්මරය පමණක් මහජනතාවට දෙන්න.(රේ)