IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සම මත පලු මතුවීම මැජික් එකක් නොවේ

විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පිළිතුරු දෙයි


640_StressedAccountantකසුන්ගේ ප්‍රශ්නය ට පිළිතුර

ඔබගේ ගැටළුව ප්‍රසිද්ධියේ පළ කිරීමට නොහැකි බැවින් මෙහි පළ කරන්නේ නැත. මෙය සාමාන්‍ය සිද්ධියකි. තමන්ගේ ඉන්ද්‍රියයන් හා අත, පය ඇතුළු සිරුරේ කොටස්වල විශාලත්වය තීරණය වන්නේ උපතිනි. නැතිනම් ඒවා වර්ධනය වීමේ දී සංකූලතා ද ඇතිවේ. ඔබ මෙය මානසික වදයක් කරගත යුතු නැත. ළඟම සිටින කායික වෛද්‍යවරයකු හමුවී ඔබේ ගැටළුව විවෘතව පවසන්න.  එය ඔබගේ ශාරිරික ගැටළුවක් නොවන බව පැවසුවහොත් මානසික ප්‍රතිකාර සඳහා ළඟම ඇති රජයේ රෝහලේ මානසික වෛද්‍ය සායනයට හෝ විශේෂඥ මනෝ වෛද්‍යවයරකු හමුවට හෝ යන්න. අන් අය ඔබේ ඉන්ද්‍රියයන් ගැන පවසන කරුණු සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමෙන් වළකින්න.


Concerමම  අවුරුදු 30ක විවාහක කාන්තාවකි. මගේ ඉකිළි ප්‍රදේශය කළු වී කැසිල්ලක් ඇතිවෙයි. ෆාමසියකට කියූ විට දිලීර රෝගයක් බව පවසා ආලේපනක් දුන්න ද එයින් නිට්ටාවට සුවවූයේ නැත. ආලේපනය භාවිතා කරණ විට අඩුවී යළි එය ඇතිවේ. මේ සඳහා ප්‍රතිකාරයක් අවශ්‍යයි.

  • නිමාලි -

පිළිතුර - ඉකිළි ප්‍රදේශය කළු පැහැවීමත් කැසීක් හටගැනීමත් බොහෝ දෙනකුට පවතින ගැටළුවකි. දහඩිය දැමීම හා යට ඇඳුම් අපිරිසිදු වීම හේතුවෙන් ද මේ තත්ත්වය හටගනී. මේ නිසා පිරිසිදුවට සිටීමත් පිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීමත් ඉතා වැදගත්ය. කෙසේ වෙතත් වෙළඳ පොළේ ඇති ආලේපන ගැල්වීමෙන් ස්ථිර විසඳුමක් සොයා ගැනීමට නොහැකිවනු ඇත. ඇතැම්විට වෙනත් ආසාදන තත්ත්වයන්ට ලක්වීමෙන් තත්ත්වය වඩාත් දරුණු වීමට ද ඉඩ ඇත. රෝහලක චර්ම රෝග සායනයට හෝ විශේෂඥ චර්ම රෝග වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු ක්‍රමයයි.


65524_grinning_pilot_man_flying_a_red_planeවිදේශගතව සිටින මම වසරකට මාසයක් පමණ නිවාඩු ලබා පැමිණෙන්නෙමි. වයස අවුරුදු 34කි. ලිංගික එක්වීමක දී මා විනාඩියකින් පමණ සුරතාන්තයට පත්වීම හේතුවෙන් ලිංගික සතුටක් නොලැබේ. මෙය මට මහත් පීඩාවකි. දැනට වසර එකහමාරක පමණ මගේ ජනනේන්ද්‍රිය සෘජුවීම ද සිදු නොවේ. මේ සඳහා ප්‍රතිකාරයක් තිබේ ද ? මෙය මානසික හෝ කායික රෝගයක් ද යන්න මා නොදනී.

-ඉන්දික-

පිළිතුර - ලිංගික එක්වීමක දී සුරතාන්තය සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මානසික තත්ත්වය, නිරෝගීබව ආදී කරුණු රැසක් ඒ සඳහා බලපායි. ඔබට ඇති ගැටළුව සඳහා පළමුවෙන් මෞත්‍ර ලිංගික වෛද්‍යවරයකු හමුවන්න. ඔබට ඇති ගැටළුව සම්බන්ධයෙන් පළමු තීරණය ගතයුත්තේ එම වෛද්‍යවරයා විසිනි. කායික ගැටළුවක් නැතැයි එම වෛද්‍යවරයා තීරණය කරන්නේ නම් ඔබට මානසික ගැටළුවක් ඇත්දැයි තීරණය කිරීමට ළඟම ඇති රෝහලක මානසික වෛද්‍ය සායනයට ගොස් ප්‍රතිකාර සඳහා යොමුවන්න.


ප්‍utiරශ්නය - මගේ වයස අවුරුදු 20කි. රාත්‍රියේ දී දැඩි මුත්‍ර දැවිල්ලක් හට ගනී. දිනපතා මළ පහවීමක් ද සිදුනොවේ. මෙය දැඩි පිඩාවක් ගෙන දෙන්නක් වී ඇත.

පිළිතුර - දිනපතා හොඳින් වතුර බොන්න. එවිට මුත්‍ර දැවිල්ල අඩුවනු ඇත. එසේ කිරීමෙන්  සුවයක් නොලැබෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් අනුව යූ.එෆ්.ආර්. නමැති සරල මුත්‍රා පරීක්ෂණය කරගෙන ඒ අනුව පරික්ෂා කිරීම අවශ්‍ය වේ.

මල බද්ධයට ද ප්‍රතිකාරයක් වන්නේ දිනපතා හොඳින් ජලය පානය කිරීමයි. ඊට අමතරව ශරීරය වෙහෙසවන ව්‍යායාම ද අවශ්‍යය. අවම වශයෙන් දිනකට කිලෝ මීටර තුනක් හෝ අවිද යන්න. නැතිනම් ක්‍රිඩාවක නිරත වීම අත්‍යාවශ්‍යය. දෛනික ආහාරයට ඉදුණු කෙසෙල්, එළවළු, ගස්ලබු වැනි දේ එක්කැර ගැනීම අවශ්‍යය.

දිනකට දෙකකට වරක් යෝගට් හෝ මිදුණු කිරී ටිකක් කෑමට ගැනීම සුදුසුය. වැසිකිළියට යාමට නිශ්චිත වේලාවක් තෝරාගන්න.


Idiopathic-Urticariaප්‍රශ්නය - මගේ ඇඟේ විටින් විට පලු මතුවේ. ඇඟේ සෑම තැනකම ඇතිවන මේ පලු දැඩි කැසීමකින් ද යුක්තය. සම මතුපිට තුටකින් ඉරක් හෝ අකුරක් හෝ ලිවූ විට එැන ද එසවී පිම්බී ඒ හැඩේටම පලු මතුවේ. විශේෂඥ වෛද්‍ය උපදෙස් ගත් විට ප්‍රතිකාර නියම කෙරුණි. එසේ වුව ද බෙහෙත් නතර කළ විට යළි ඒ තත්ත්වය ඇතිවෙයි. 

පිළිතුර - සම මතුපිට තුඩකින් ඉරක් ඇඳීමෙන් පසු එතැන පලු මතුවීම ආශ්චර්යක් හෝ මැජික් එකක් නොවේ. එය Chronic urticaria නමැති රෝගයේ එක් ලක්ෂණයකි. මෙය හඳුන්වන්නේ Dermatographia හෙවත් සම මතුපිට ලිවීම යනුවෙනි. මේ රෝගයට බෙහෙත් තිබේ. බොහේ විට බෙහෙත් නතර කළ විට රෝගය නැවත දක්නට ලැබෙයි. මේ රෝගයේ ස්වභාවය එයයි. දිගුකල් පවතින රෝගයකි. මේ සඳහා ළඟම ඇති රෝහලක සමේ රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න.


shakyguy-shakinessප්‍රශ්නය - මගේ වයස අවුරුදු 47කි. අත් දෙකේම ඇඟිලි නිතර නිතර වෙව්ලයි. මේ ගැටළුව ඇතිවී දැන් වසර 20ට ආසන්නය. කිසි දිනක මත්පැන් හෝ සිගරැට් පානය කැර නැත. වෛද්‍යවරු පවසන්නේ මට රෝගයක් නැති බවයි. එසේ වුව ද ඇඟිලි වෙව්ලීම මගේ සිතට මහත් වදයකි. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද ? 

පිළිතුර - ඔබේ ගැටළුවට පිළිතුරු දීමට අපහසුය. වඩාත්ම සුදුසු වන්නේ වෛද්‍යවරයකු හමුවී විස්තරය පවසා සාමාන්‍ය කායික පරීක්ෂණයක් කර ගැනීමයි.


sudden-deafness1ප්‍රශ්නය - මගේ වයස අවුරුදු 49කි. කාලයක සිට කන් ඇසීම අඩුය. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද ?

පිළිතුර - ඔබේ ගැටළුව ඉතා සරලය. වයස අවුරුදු 49ක් නම් ඔබේ කන් ඇසීම දුර්වල වී ඇත්තේ වයසට යාමෙන් නොවන බව පැහැදිලිය. එයට වෙනත් හේතුවක් බලපායි. ළඟම ඇති රෝහලේ අදාල සායනයට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.


picture-26ප්‍රශ්නය - මගේ වෘෂණ කෝෂ නිතරම තෙත් ගතියකින් පවතියි. කලක් මත්පැන් බහුලව භාවිතා කළ ද දැන් එය නතර කැර ඇත. මගේ ගැටළුව සඳහා උපදෙස් පතමි. මගේ වයස අවුරුද 53කි. 

පිළිතුර - වෘෂණ කෝෂ නිතර තෙත් ගතියකින් පවතිනවා නම් ඒ ඩහදිය විය යුතුය. නැතිනම් ඒ සඳහා Eczema නමැති සමේ රෝගයකින් ස්‍රාවය වන ද්‍රව්‍යයක් විය යුතුය. තෙත් ගතියට හේතුව ඩහදිය නම් අවශ්‍යවන්නේ සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම හා පිරිසිදුව සිටීමයි. සමේ රෝගයක් තිබේ යැයි සැකයක් තිබේ නම් වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරන්න.


Overwhelmed law studentප්‍රශ්නය - මම 25 හැවිරිදි අවිවාහක තරුණියකි. මගේ ගැටළුව නම් මළ පහ කිරීමේ දී සහ ඉන් පසු විනාඩි 30ක් පමණ ගතවන තුරු ගුදමාර්ගයේ දැවිල්ලක් හටගැනීමයි. ගුදයේ කෙළවර කුඩා ගැටිත්තක් ද ස්පර්ශ වේ. මේ අර්ශස් රෝගය ද නැතිනම් වෙනත් තත්ත්වයක් ද ? මේ සඳහා ප්‍රතිකාරයක් දැන්විය හැකි ද ?

පිළිතුර - ඔබගේ රෝගය අර්ශස් රෝගය ද කියා නිශ්චිතව දැන ගැනීමට ළඟම ඇති රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සායනයට ගොස් පරීක්ෂාකරවා ගන්න. එය අර්ශස් රෝගය හෝ වෙනත් තත්ත්වයක් දැයි කියා තීරණය කළ හැකි වන්නේ එවැනි පරීක්ෂණයකිනි. ප්‍රතිකාරය ලබාදිය හැකිවන්නේ රෝගයේ ව්‍යුහය හා පවතින අදියර අනුවය. මළ බද්ධය සඳහා බෙහෙත් ගැනීමේ සිට ස්ථානිකව ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම, අර්ශස් ගැටිතිවලට බෙහෙත් විදීම සහ අර්ශස් ගැටිති සැත්කමකින් කපා ඉවත්කිරීම දක්වා විවිධ ආකාරය ගනී.

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 



අදහස් (6)

සම මත පලු මතුවීම මැජික් එකක් නොවේ

සදරුවන් Saturday, 05 June 2021 06:27 AM

ඇඟේ පලුදානවා.. එකපාරට අැවිත් කසනවා එකපාරට නැති වෙනවා. මාස 05ක් විතර බෙහෙත් ගන්නවා.. චර්මරෝග පිළිබඳ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් බොද්දී නැතිවෙනවා බෙහෙත් ඉවර වුණාම ආයේ හැදෙනවා. ලේ වල ප්‍රශ්නෙකුත් නෑ කියලා කියනවා.. මේකට මොකද කරන්න ඕනේ? මොකද්ද විසඳුම..!!!

:       0       2

ඉෂනි Sunday, 12 September 2021 12:02 AM

මගේ ඇඟේ පලු දානවා සම ඇතුළතින් ලොකුවට දැනෙනවා. ටික දවසක් යනකොට පැසවලා කළු පාට පැල්ලම් එනවා... ඇඟ හැමතැනම තියෙනවා. වෛද්‍යතුමනි, මේකට විසඳුම කුමක්ද?

:       0       1

Maneesha Friday, 09 September 2022 01:19 AM

මම දැනට ඩුබායිවල ජීවත් වෙන්නේ. වෛද්‍යතුමනි මෙහේ ආවට පස්සේ මගේ ඇගේ නිතර පලු දානව. පිරිටන් බිව්වම අඩු වෙනව. බෙහෙත් ගත්තත් බෙහෙත් ඉවර උන ගමන් ආයෙ හැදෙනවා. එයට ප්‍රතිකර්මයක් තිබේද?

:       0       0

හෂිනි Wednesday, 05 October 2022 10:09 PM

මගෙ හම පොඩ්ඩක් හරි හීරීමක් උනොත් ඒ හීරුනු හැඩයටම පලු එනවා, කටුවකින් හීරුවත් එහෙමයි , මට බර උස්සන්න බැ මගෙ ඇගිලි ඉදිමෙනවා , ඒ ඉදිමෙන වෙලාවෙදි කැසිල්ලක් එක්ක වේදනාවක් එනවා, අඩුම තරමෙ සෙරප්පු නැතුව ඇවිදින්නත් අමාරුයි,

:       0       0

නදුන් Saturday, 04 March 2023 02:54 AM

මීට සති දෙකකට පෙර මම අනුරාධපුර ඉඳන් ගෙදර ආවේ. ගෙදර ආ දවසේ ඉඳන් කකුල් පිට කසන්න ගත්තා. ඒක ටික ටික වැඩි වුණා.. දැන් පිට එතරම් කසන බවක් නැතත් අත් සහ බඩ කකුල් කැසීමක් තිබේ. රතුපාටට පලු දමන අතර ටිකකින් නැතිවී යයි. කසන ස්තාන හැම තැනකම් පලි හෝ බිබිලක් හෝ බිබිල් බහුලව දමයි. ආයුර්වේද බෙහෙත් ගත් අතර යම් ශිරප් එකක් හා බෙහෙත් පෙති කිහිපයක් දුන්නා. මේ නිසා මානසිකව බිද වැටී ඇත. රාත්‍රියට බොහෝ දුරට පලු හෝ බිබිලි. ඇති වේ. පිටෙහි බොහෝ කලෙක සිට සුදු දිලෙසෙන ලප කැළැල් මෙන් කිහිපයක්ද ඇත.

:       0       2

Lakshika senarathna Tuesday, 28 November 2023 08:47 AM

දැන් සතියක ඉදන් මගේ එක ඇසක් වටේ කුඩා දාඩිය බිබිලි වගේ බිබිලි වගයක් දාලා තියෙනවා.එවා එන්න එන්න වැඩි වෙනවා.වෙලාවකට එවා කසනවා.මූනෙ නිසා එය මහත් අපහසුවක්.මම එකට මොකද කරන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 116 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1850 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2725 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2049 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 531 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site