පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් සෑම් විජේසිංහ (93) මහතා අද (31) සවස අභාවප්‍රාප්ත විය.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔම්බුස්ට්මන්වරයාද විය.
මාතර කිරින්ද ගැටමාන්නේ උපත ලැබු විජේසිංහ මහතා ඉඩම් හිමි වැවිලිකරුවකු වු ගැටමාන්නේ ඩී ඒ එස් විජේසිංහ මහතාගේ පුත්‍රෙයකි.
මාතර රාහුල විද්‍යාලය,කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබු ඔහු නීතී වීවේදීයෙකි,උපාධිධරයෙකි.
අවසන් කටයුතු සඳුදා සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
(වීඩියෝ දර්ශනය - විශ්ව ගැමුණු ප්‍රියංකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිතුමනි ?ඔබ තුමා වැනි උගත් නිහතමානී මිනිසුන් අපට අහිමිවීම ජාතියේම ,අවාසනාවකි පුද්ගලිකවම හදුනාගැනීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් සේ සලකමි , ඔබට නිවන් සුවය පතමි (අ),
ඔබ තුමාට නිවන් සුව ලැබේවා. (නදී)
මෙතුමාගේ අභාවය කණගාටුවට කරුණක් මෙන්ම මෙවැනි පළපුරුදු නිලධාරියකු රටට අහිමිවීම ඉමහත් පාඩුවකි. එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
"බුද්ධිමතෙකුගේ නික්මයෑම" (නි)
අග්‍රගණ්‍ය යථාර්ථවාදී නියම "මහත්මයෙක්". ඉතාමත් අවංක රාජ්‍ය සේවකයෙක් වූ මෙතුමන් වැනි අපක්ෂපාති නියම "මහත්වරුන්" අද රාජ්‍ය සේවයේ නොමැතිවීම රටේ අභාග්‍යයක්. (නි)
ඔබතුමාට නිවන්පුර රුවන් දොරටු විවර වේවා! (නි)
ඔබට නිවන් සුව ! (නි)
ආදර්ශවත් ලෙස ජීවත්වූ මහත්මයෙක්. මොක් සුව ලැබේවා! (නි)
කොහොමත් අපේ මුතුන් මිත්තන් දැන උගත්කමින් පරිපුර්ණ මිනිස්සු.මේ දැන් ඉන්න කාඩ්බෝඩ් මහත්වරු වගේ නෙමෙයි.ඔබතුමාට නිවන් සුව. (නි)
ඔබට නිවන් සුව (නදී)
ලංකා දෙරණ ඔපවත් කල ඔබතුමාට නිවන් සුව පතමි !! (නදී)
ඔබතුමාට නිවන් සුව පතමි (නදී)
ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයාට නිවන් සුව ලැබේවා. (ස)
මොහුගේ නික්ම යෑම ගැන මම බොහෝ කණගාටු වෙමි (නි)