IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති

(සුජිත් හේවාජුලිගේ)

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.

ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ අතර උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී..වී විග්නේෂ්වරන් මහතා නායකත්වය දරන තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂය ඇතුළු උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ හතරක් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා තීරණය කළේය.

 



අදහස් (8)

සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති

Jagath Friday, 26 July 2024 09:27 PM

ඔබතුමන්ලා මාලිමාව සමඟ එකතු වන්න. මාලිමාව යනු කණ්ඩායමක්. එය එක පුද්ගලයෙක් හෝ පවුලකට හෝ එක ජාතියකට සීමා වූවක් නොවේ. සියලුම ජාතීන්ට සමගිව ගමනක් යන්න හැකිවේවි.

:       230       101

මාවිල්මඩ වජිර හිමි Friday, 26 July 2024 09:27 PM

ගොන් සජියාට නම් උදව් කරන්න එපා. බැරි වේලාවත් උතුරේ ඡන්ද වලින් දින්නොත් දකුණේ අපිට තමයි පරිප්පුව කන්න වෙන්නේ...!

:       137       117

BamunuarachchiSaturday, 27 July 2024 07:08 AM

ඒ වගේම 1971 සිට අද වෙනතුරුම රටේ සංවර්ධනය අඩාල කරපු ජෙප්පන්ට (මාලිමාව නමින් කැලේ මාරුකල කොටින්ට) දෙන්නත් එපා රනිලුත් රටට වැඩක් කර නැතැයි හිතෙනවා නම් අනෙක් කැමති කෙනෙකුට දීලා බලන්න අපි හැමදාම අත් හදා බැලීමේ දක්ෂතා තියෙන අයනේ මෙවරත් ගෝඨාභය වගේ අලුත්ම එකෙකුට දීලා තවත් වටිනා කාලයක් කා දැමීමට කටයුතු කරමුකෝ

:       34       93

PohottuvaSaturday, 27 July 2024 07:34 PM

පොහොට්ටුව තමයි හරියටම කළේ... ආර්ථිකය කාපු පල්හොරුන්ට නම් දෙන්න එපා.

:       16       2

චතුර ඉසුරු Saturday, 27 July 2024 03:29 AM

රනිල් මහත්තයට සහය දෙන්න වෙන කවුරුත් නැහැ මේ වෙලාවෙ අනිත් උන් ඔක්කොමල කයිවාරු කාරයො විතරයි

:       39       82

Nishan Saturday, 27 July 2024 04:58 AM

ජෙප්පෝ දෙමළ ඡන්ද හිඟාකන හැටි දැක්කම හිනා යනවා. ඒත් කියන්න තියෙන්නේ උතුරු නැගෙනහිරවත් වතුකරේවත් ඡන්ද ජෙප්පන්ට නෑ.

:       34       92

Indhika Saturday, 27 July 2024 05:10 AM

සිංහල අපිට නැති ද්‍රවිඩ අයට විතරක් තියෙන ගැටළු ටික කියන්න පුලුවන්ද?

:       38       90

HafeelSaturday, 27 July 2024 05:04 PM

Indhika, ඒක තමයි මමත් අහන ප්‍රශ්නය. මේ රටේ සිංහල ජනතාව විදින බුක්තිය, වරප්‍රසාද ඇතුළු අනිකුත් සියලු දේවල්වලින් කුමක්ද මේ රටේ ද්‍රවිඩ, මුස්ලිම් සහ කතෝලික ජනතාව නොවිඳින්නේ? මේ රටේ පොදුවෙන් කාටත් තියන ප්‍රශ්න තමයි ආර්ථික, සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහන සහ රැකී රක්ෂා. අවංකවම කියනවා නම්, ද්‍රවිඩ ජනතාවත් එහෙම අමුතුවෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. සමහර ද්‍රවිඩ දේශපාලකයින් තමයි ඔවුන්ගේ පැවැත්මකට නොවිසඳන අනවශ්‍ය දේවල් ඉල්ලන්නේ... ඒ වගේම තමයි මුස්ලිම් ජනතාවත් එහෙම අනවශ්‍ය දේවල් ඉල්ලන්නේ නැහැ... හැබැයි මුස්ලිම් ජනතාවගේ නම විකුණමින් අසාද් සාලි සහ හිස්බුල්ලා ඔවුන්ගේ පැවත්මකට අනවශ්‍ය දේවල් ඉල්ලන්නේ. මේක තමයි ඇත්ත...!

:       43       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 610 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1730 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site