ත‍්‍රිකුණාමලය සාම්පූර්හි යෝජිත ගල් අඟුරු බලාගාරය ඉදි නොකරන බව නීතිපති අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
බලාගාරය ඉදිකිරීමට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්,ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා මේ බව අධිකරණයට දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් සුබසිංහ තමන්ගේ නොදන්නාකම පෙන්නුවාට කරන්න දෙයක් නැහැ . ජනවාරි ඉඳන් කටුනායක ගුවන් තොටුපල වහන්නේ නැහැ . දහවල් කාලයට ගුවන් ගමන් සිදුවෙන්නේ නැහැ අලුත් ගුවන් පථයක් ඉදිකිරීමේ කටයුතු සිදුවෙන නිසා . ඒ වුනාට මත්තල ඒ වෙනුවෙන් පාවිච්චි වෙන්නේ නැහැ , සිදුවෙන්නේ සියලු ගුවන් සමාගම් ලංකාවට ගොඩබසින සහ ලංකාවෙන් පිටත්වෙන වෙලාවල් රාත්‍රී කාලයට වෙනස් කිරීම පමණයි . මත්තල ගුවන් තොටුපල පාවිච්චි කිරීමට ගුවන් සමාගම්වල එකඟතාවයක් නැහැ . ඒ ඇයි කියල දිනේෂ් සුබසිංහ කියන ගොබ්බයා ඇරුණුකොට අනිත් අය දන්නවා . (අ)
චාමර ඔයා හරි 2020දි හදයි ණය ගෙවලා ඉවර වුණාම (බ)
2005 හේ දී මහින්ද මහත්තය ආවේ නැත්නම් අපිට නොරෙච්චෝලෙත් නැහැ . දැන් අපි බලමු අලුත් විදුලි ජනනයට මොකද්ද විසදුම කියල .මීට වඩා පරිසර හානි පොර්ට් සිටියෙන් වෙනවා නේද (බ)
අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ. කොහොමත් බලාගාරේ හදාගන්න සල්ලි නැතුවනේ හිටියේ. අනාගත විදුලි අවශ්‍යතාව සපුරන්න සැලසුමක් තියෙනවද? (ම)
කාරියවසම්, එතකොට මිනිස්සු උඩ ඉඳන් පැරෂුට් වලින් බිමට බහින්නද තීරණය වෙන්නේ? (බ)
දිනේෂ් සුබසින්හ., ඔය කිව්වට මත්තලට ගුවන් යාන හරවන්න බැහැ. ගොඩක් ගුවන්සේවා කැමති නැහැ මත්තලට යන්න. අන්තිමේදී ඉන්දියාවේ පිහිට තමා.(රේ)
ලිපියේ තියෙන්නේ සම්පුර් ගල් අඟුරු බලාගාරය ගැනය බොහෝදෙනෙක් කටුනායකයි මත්තලි ගැන කියවනවා ..ඊට ඇති විකල්පය පරමාණුක බලාගාරයක් පිහිටුවීමය (අ)
රටේ සංවර්දනය දොර ගලා යනවා .. ඉස්සර පත්තරයක් බැලුවොත් මොකක් හරි සංවර්දන වැඩක් දැන් එකට එක්කෝ කව්රු හරි එකකේ පාරේ මරලා නැත් නම් උසාවියේ.. නැත් නම් කරගන යන වැඩත් නවතනවා ... පතපු වෙනස හරිම සන්තෝසයි (අ)
පුද්ගලික බලාගාරවලට හබන් කුකුලන්ට මගුල් වගේලු (අ)
රූපසිංහ ජේ ආර්ට විද්‍යාගාර වලටයි , වැසිකිලිවලටයි , පාරවල්වලටයි තමන්ගේ නම දා ගැනීමේ රෝගයක් තිබුනේ නැහැ . ජයවර්ධනපුර කියල නම දැම්මේ කෝට්ටේට කලින් පාවිච්චි කරපු නම නැවත ස්ථාපිත කිරීමයි. ලංකාවේ පරිපාලන අගනගරය කොළඹින් ඉවතට ගෙනයාමේ ඉතාමත් දුරදර්ශී වැඩපිළිවෙලක ප්‍රතිපලයකුයි ජයවර්ධනපුරය බිහිවීම . පටන් ගත්තු දා ඉඳලම සාර්ථක ප්‍රතිපල රටට ගෙනා විශිෂ්ට ව්‍යාපෘතියක් ඒක . මත්තල ගුවන් තොටුපල කියන්නේ එහෙම්පිටින්ම අසාර්ථක ව්‍යාපෘතියක්. මේ රටට දෙවැනි ගුවන් තොටුපලක අවශ්‍යතාවය තිබුනට මත්තල කියන්නේ ඒ සඳහා කිසිසේත්ම සුදුසු ස්ථානය නෙමෙයි (අ)
ඉතින් ඕක කියන්න නඩු දාල, විනිසුරු මඩුල්ලක් හදල, අහනකන් ම හිටියද? ලංකාවේ රාජ්‍ය සේවයේ තියෙන්නේ ඔලුව වටේ අත දාල නහය අල්ලන එකමයි...! (ර)
දිනේෂ් සුභසිංහ: කටුනායක අලුත්වැඩියාවට වහනකොට ගුවන් යානා මත්තලට බස්වන තීරණයක් තවම අරගෙන නැහැ... (අ)
මත්තලින් අාදායමක් එන්න තව ගොඩක් දේවල් කරන්න තියෙනව.ඒකට තව කාලයකුත් යනව. රූපසිංහ කියනව වගේ ඉදිරි අාණ්ඩු වලට තමයි ඒ වගකීම එන්නෙ.මදක් හිතන්න මොන ගැටලු තිබුනත් නොරොච්චෝලෙ අද නොතිබුනානම් රට කොතරම් අර්බුදයකට යනවද.ඒ නිසා කරන්න තියෙන්නෙ පරණ අාණ්ඩුවලට බැන බැන ඉන්නෙ නැතිව සාම්පූර් වලට විකල්පයක් හොයන එකයි. නැතිනම් වෙන්නෙ 2018 දී රට නැවතත් විශාල විදුලි අර්බුදයකට යන එක පමණයි.(අ)
ආ ඒ පැත්තෙන් එන යෝජනා කොහොමත් සමති (අ)
ගණන් ගන්න එපා ඕව ගම අංගොඩ නේ. රෝහලෙන් පැනපු කෙනෙක් වෙන්න ඇති. (අ)
හොඳයි මේක නැවත්තුවා නම් අනාගත විදුලි අවශ්‍යතාවයට ගැලපෙන අලුත් විකල්පේ මොකද්ද? වීරයෝ වගේ ව්‍යපෘති නවත්තන එකේ නෙවේ වැඩේ එක සුදුසු නැත්නම් එකට ගැලපෙන වෙන වැඩ පිළිවෙළකුත් කල්නොයවම ඉදිරිපත් කරනවා නම් රටට සුබදායකයි. නැත්නම් ආයෙත් රටම අඳුරේ. (අ)
ජේ.ආර්. ජයවර්ධන මහතා පරිපාලන අගනුවර හැටියට ජයවර්ධන පුරයට එයාගේ නම පවත්වන්නත් එක්කල ගෙන ගියා කියල විතරක් හිටියේ නැහැ නේද? ඊට අවශ්‍යය වුයේ සංස්ථා දෙපාර්තමේන්තු, අමාත්‍යංශ ගෙනිච්චා නේද? එනිසා එම පටන්ගත් ක්‍ර්‍රියාව සාර්ථක වුණා නේද? එකට ආණ්ඩුව මාරු වුණා කියල විරුද්ධ පක්ෂය බලය ඇවිත් අකුල් හෙලුවාද, අපි මේ විදියට ගෙනාපුවා නැවත තිබු තැනට අරගෙන යනවා කියල. නැති නම් සුදු අලි කියල අතපිහ දමා ගත්තද? අනික මත්තලින් ඵල ප්‍රයෝජන ලබා දීමට යටිතල පහසුකම් ලබා දීමට කාලය තිබනද? (අ)
අංගොඩ ලාල් ඔයා ගැලපෙන්නේ අංගොඩටම තමයි. අද මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් කියල කියන්නනේ රනිල් අගමැතිතුමා විතරයි. ජනවාරි මාසේ ඉදන් කටුනායක අලුත්වැඩියාවට වහනකොට ඔයාලට ගුවන්යානා බස්වන තැනක් තියනවද මත්තල නැත්නම්. ඉන්දියාවට දෙවැනි ගුවන් තොටුපලකට සල්ලි ගෙවන්න වෙන්නේ නැති හිතේ අමාරුවට තමයි ඕව කියන්නේ (අ)
කොහොමටත් ඒ පළාතේ ඉන්න අය ඒ පළාතට ආදරෙයි. (අ)
රංග ඕකට ඔයතරම් කලබල වෙන්න එපා . වැදගත් වන්නේ ප්‍රමාද වී හෝ නිවැරදි තීරණයට එළඹීම නේද ? මීට ඉස්සර එහෙම වුනේ නැහැනේ . එහෙම වුනානම් අද සුදු අලියෙක් වෙලා තියෙන මත්තල ගුවන් තොටුපල ඉදිවෙන්නේ නැහැනේද ? (අ)