IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සම්බන්ධන් හකීම්ට අත වනයි

නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්‍ෂයට ආරාධනා  කරමින්   නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රමට ලිපියක් යැවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි. විපක්‍ෂය වශයෙන්  ඔහු සඳහන් කරනුයේ ආසන 11ක් දිනාගත් තමිල් අරසු කච්චි පක්‍ෂය, ආසන7 ක් දිනාගත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ආසන 4ක් දිනාගත්  එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ පක්‍ෂ තුනට ආසන 22 ක් හිමිවී ඇත.රජයට ආසන 14ක්ද වීරවංශ මහතාගේ  ජාතික නිදහස් පෙරමුණට ආසනයක්ද හිමිවී ඇත. රජය සමග සන්ධාගතවී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රජයට සහය දෙතොත් රජයට ආසන 22 ක් හිමිවේ. නැගෙනහිර මුළු ආසන සංඛ්‍යාව 37කි. මේ අනුව තීරණාත්මක සාධකය වනුයේ ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග ජනාධිපති උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිගේ විශේෂ ලිපියක් රැගෙන කොළඹදී  මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවී පැයකට වැඩි කාලයක් සාකච්ඡා කෙළේය. සම්බන්දන් මහතාද ඔහුට දුරකථනයෙන් කතාකැර කොන්දේසි විරහිතව කි‍්‍රයා කරමුයි යෝජනා කැර ඇත. හකීම් මහතා දෙපාර්ශ්වයටම පවසා ඇත්තේ සඳුදා නැගෙනහිරදි පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය හමුවීමෙන් පසුව වචනයක් දෙන බවයි.



අදහස් (0)

සම්බන්ධන් හකීම්ට අත වනයි

මයික් Monday, 10 September 2012 05:00 AM

ඔන්න පටන් ගත්තා. ඕකතමයි හැමදාම වෙන්නේ. ලංකාවේ දේශපාලනය එක්තරා ආකාරයක හිගා කෑමක්. (නි)

:       0       0

රණා Monday, 10 September 2012 01:13 PM

කොහොමත් හකීම් මහතා TNA එක‍ට එකතු වෙන එකක් නෑ...(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:32 PM

සම්බන්ධන් එක්ක කිසිම සම්බන්ධයක් වානා. (නි)

:       0       0

වරුණ Monday, 10 September 2012 07:22 AM

මේ‍ගොල්ලෝ ඇවිත් කට්ටියව නටවයි..(ස)

:       0       0

බණ්ඩා Monday, 10 September 2012 01:40 PM

දැන් අපි හකීම් කියන විදියටද කරන්න ඕනෑ (නි)

:       0       0

සිසිර Monday, 10 September 2012 01:53 PM

ප්‍රධාන පක්ෂ 2 එකතු උණානම් හොඳයි ‍නේද .(ස)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 10 September 2012 07:46 AM

ජෙසුස්මි, ඔබ දන්නේ ලංකාවේ ඇතුළත තත්වය පමණි. ඔබ කියන හැටියට වුණොත් එහි වාසිය ලැබෙන්නේ, පිටරටවල් වල ඉන්න කොටි හිතවාදීන්ටයි. ඔවුන්ගේ ප්‍රචාරයට මේක උදවුවක් වෙනවා. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 10 September 2012 02:09 PM

මම හිතන්නේ හකීම් මහතා රජය පැත්තට තමයි සහය දෙන්නේ..(ස)

:       0       0

රංග Monday, 10 September 2012 09:18 AM

දෙමළ සංධානයට බලය ලැබුණොත් හොඳයි. කොටි හිතවාදින්ද එවිට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට අනුගත වීම සිදුවනවා. .(ස)

:       0       0

ඔසන් Monday, 10 September 2012 02:52 PM

ගේ ලගින් යනකොට වෙන්න ඇති (දී)

:       0       0

මායා Monday, 10 September 2012 09:59 AM

මම නම් හිතන්නේ දැන් කරන්න තිබෙන හොදම දේ එක්සත් ජාතික පක්‍ෂය ආසන හතර සමග රජයට එකතු වී ආණ්ඩුවක් පිහිටු වීමයි. එතකොට ආසන හතක් දිනාගත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් ආසන 11ක් දිනාගත් තමිල් අරස්සු කච්චි පක්‍ෂයට සහය දුන්නත් ප්‍රශ්නයක් නැත. ඊට අමතරව එමගින් සුඵ ජාතික පක්ෂ වල සහයද අවශ්‍ය නැත. (නි)

:       0       0

සනත් Monday, 10 September 2012 03:13 PM

මොනවා කරන්න ද දන්නේ නැහැ (දී)

:       0       0

ෂාන් Monday, 10 September 2012 10:18 AM

මේකත් බලන්න සුළු ජාතියක් එක්ක ඉරිසියාව තමයි තාම තියෙන්නේ.(නදී)

:       0       0

මාර්ක් හරිස්චන්ද්‍ර Monday, 10 September 2012 10:02 PM

මේ වෙලාවේ අවස්ථාවාදීන්ට ඉඩ නොදිය යුතුයි. මුස්ලිම් කොන්ග්‍රසය දෙමළ සන්ධානයට සහය දෙනවානම්, රජයෙන් සහ අනෙක් පළාත් සභා වලිනුත් ඔවුන් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

මානා Tuesday, 11 September 2012 12:18 PM

ඔයා යන්න හකීම්. කා ළගට ගියත් හකීම් නම් ගොඩ. අපි තාම මෙතන. (නි)

:       0       0

චමල් Sunday, 09 September 2012 08:16 PM

හැමදාම වුණේ බහුතර සිංහලයන්ට සුලු ජාතීන් පස්සේ යන්න වුණූ එකයි. (නි)

:       0       0

ජේසුස්මි Sunday, 09 September 2012 08:21 PM

මම නම් කියන්නේ මේ වතාවේ බලය දෙමළ සන්ධානයට ලැබෙනවානම් හොඳයි. එතකොට අපිට බලාගන්න පුළුවන් ඔවුන් කොහොමද පළාතක් පාලනය කරන්නේ කියලා.පොලිස් සහ ඉඩම් බලතල නැති නිසා කාටවත් බයවෙන්න දෙයක් නැහැ. අපිට බලාගන්න පුළුවන් අනිත් පළාත් වලට වඩා නැගෙනහිර පළාතේ පාලනය වෙනස් ද , දුර්වලද , දියුණුද කියලා ? ඒ වගේම ඔවුන් ලබාගන්නා වරප්‍රසාද , දීමනා මොනවද කියලත්, ජනතාවට කොහොමද සළකන්නේ කියලත්, පළාත් සභාවකින් පළාතක් සංවර්ධනය කරන්න පුලුවන්ද කියලත්. මම හිතන්නේ මේ වෙලාවේ දෙමළ මුස්ලිම් දෙගොල්ල එකතුවෙලා නැගෙනහිර බලය ගත්තොත් ඔවුන්ගේ උපරිමයෙන් එහේ සංවර්ධනය කරයි. (නි)

:       0       0

සිරි Sunday, 09 September 2012 08:23 PM

රටේ අනාගතය වෙනුවෙන් මම හකීම් සර්ට එකතු වෙනවා. (නි)

:       0       0

ඇරිස් Tuesday, 11 September 2012 05:28 PM

දෙමළ සන්ධානයත් ආණ්ඩුවට එකතු වුණොත් නරකද? (නි)

:       0       0

යොහාන් Monday, 10 September 2012 11:13 AM

කෙසේ වෙතත් ආපහු ජිනීවා යයි...(ස)

:       0       0

සේනානායක Monday, 10 September 2012 11:47 AM

සම්බන්ධය නම් කඩන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Monday, 10 September 2012 11:50 AM

ජේසුමී, ඔබට බරක්පතලක් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

කුමාර Monday, 10 September 2012 11:50 AM

ජේසුස්මි, ඔය පක්ෂ දෙක එකතු වුණොත් වෙන විනාශය ඔයාට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ගයා Sunday, 09 September 2012 10:51 PM

පළාත් සබා වෙන්ද (අ)

:       0       0

අරුණ Monday, 10 September 2012 12:12 PM

කොහෙන් ඉල්ලුවත් කොහෙට පැන්නත් මෙයා ගොඩ....(ස)

:       0       0

තුසිත Monday, 10 September 2012 12:38 AM

මේ වෙලාවේ තමයි රට ගැන හිතන්න ඕනෑ (නි)

:       0       0

සිල්වා Monday, 10 September 2012 01:46 AM

අපේ කට්ටිය හැමදාම කඹ ඇද ඇද ඉන්දැද්දි එයාලා ලස්සනට එයාලගේ වැඩේ කරනවා. (නි)

:       0       0

දිලන්කා Monday, 10 September 2012 04:34 AM

හකීම් මහත්තයෝ, දැන්වත් ඔයා‍ලගේ බලය පෙන්වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 29 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2289 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1828 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 636 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site