අංගොඩ හිඹුටාන පංචවත්ත 262/2 ඊ ලිපිනයේ පදිංචි එල්.ජී.ගාමිණී වික්‍රමසිංහ මහතා දරුණු හෘද රෝගයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීමට හදිසි සැත්කමක් කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත.
වික්‍රමසිංහ මහතාගේ වැඩිල් දරුවා උපතින්ම ආබාධිතය. හෘද රෝගය නිසා සැමියාට රැකියාවක් කළ නොහැකි බව බිරිය රෝහිණී දමයන්ති කියන්නීය.
වසර 29ක් තිස්සේ කුලී නිවෙස්වල වෙසෙන ඔවුන්ට සැත්කම සඳහා අවැසි රුපියල් ලක්ෂ හතර හමාරක මුදලින් රුපියල් ලක්ෂ තුනක් සොයාගැනීමට උපකාර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ජනාධිපති අරමුදලින් ඉතිරි රුපියල් ලක්ෂ එක හමාරක මුදල ලැබීමට නියමිතය.
හැටන් නැෂනල් බැංකුවේ උතුරු තලංගම කොස්වත්ත ශාඛාවේ 085020271016 ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ අධාර ලබාදෙන ලෙසත් වැඩිදුර විස්තර 0711530717 අංකයෙන් ලබාගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසරණයා දේශපාලකයෙක් උනානම් හෙටම සින්ගපුරුවට යන්න තිබුණා. (ර)
අනේ මට මෙවැනි දෙයකට වත් උදවු කිරීමට අතේ මුදලක් නැහැනේ .(බ)
මම හෙටම අතේ තියන ගානක් දානවා.. මොකද ටික ටික හරි එකතු වෙයිනේ... (ර)
හැමෝම අපි හැකි අයුරින් උදව් කරලා ඒ දරුපව්ල ගොඩ දමා ගන්න අත දෙමු ඒ පින් අපි කරා පැමිණේ වී අපේ දරුවන්ට නිරෝගී ජීවිත ලැබේවායි ප්‍රාර්ථනා කර ..මේ ජීවිතෙත් ගොඩගන්න උදව් කරමු . අපි හැමෝම . එකතුවී .!! (බ)
අැන්තනී, දුක්වෙන්න එපා. ඔබේ සිතුවිලි ඔබට පිනක් අත්කරදේවි. (නි)
ඇන්තනි, උදව්වක් කිරීමට සිතක් පහළවෙන එකත් උතුම් දෙයක් (නි)
මගේ මුදල හෙටම යවනවා. මමත් 2006 වසරේ සැත්කමකින් ජීවිතය බේරාගත්තා. බුදු සරණයි! (නි)