IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සෝමාලියා සාගතෙන් දෙලක්ෂ හැටදාහක් මරුවාට

සෝමාලියාවේ සාගතයෙන් අඩු ගණනේ දෙලක්ෂ හැට දහසක් කුස ගින්නෙන් මැරෙන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි.

ඉන් අඩක්ම වයස අවුරුදු පහට අඩු දරුවෝය.

2010 ඔක්තෝබරයේ සිට පවතින දැඩි සාගතයත් නියඟයත් ඊට හේතුවයි.

එක්කෝටි තිස් ලක්ෂයක් ජනයා මේ නියඟයෙන් පීඩාවට ලක් වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනුයේ සොමාලි ජනතාව බේරා ගැනීම සඳහා කළ වැඩ ප්‍රමාණය අල්ප බවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එම වාර්තාව ඉදිරිපත් කරයි.

1992 සාගතයේදී මිය ගිය ගණන දෙලක්ෂ විසි දහසකි.

දිනපතාම සිය ගණන් මැරී වැටෙන බවත්, හරියටම එවැනි දර්ශන සාක්කිකරුවකු නැති නාළුවක් බවත් මේ සාගතය එරට වසර 25කදී ඇති වූ දරුණුම සාගතය බවත්, මුල් අනතුරු ඇඟවීම් ගැන අන්තර් ජාතික ප්‍රජාව සැලකිලිමත් වූයේ නම් බොහෝ ජීවිත බේරා ගත හැකිව තිබූ බවත් එම වාර්තාව සඳහන් කරයි.

දකුණු හා මධ්‍යම සෝමාලියාවේ ජන ගහනයෙන් සියයට පහක් ද, ළමයින්ගෙන් සියයට දහයක් ද මේ සාගතයෙන් මරුමුවට පත් වූහ.

ළමයින් පස් දෙනකුගෙන්ම එක් අයකු බැවින් මරුමුවට පත් වී ඇත.

 



අදහස් (0)

සෝමාලියා සාගතෙන් දෙලක්ෂ හැටදාහක් මරුවාට

අමිල Saturday, 04 May 2013 10:13 AM

සියලු ලෝ වැසි සත්වයන්ට සැනසිල්ල වේවා කියලා අපි භාවනා කලාට අපේ රටෙන් තේ කොල ඩිංගක් වත් මේ අසරණ මිනිස්සුන්ට යවන්නෙ නැහැ නෙව.. .(ස)

:       0       0

සමීර සාලින්ද Saturday, 04 May 2013 11:10 AM

අතිරේකව වැඩි අහර මුහුදුබත් කරනවා. නැත්නම් සත්ත්ව ආහාරවලට ගන්නවා. මෙහෙම බලනකොට ඒ ජනතාවට ඒවා දුන්ො නම් කොච්චර මානුශීයද? අනික් මිනිසා ගැන හිතන්න ශක්තියක් තියෙන්නේ අපේ සිංහල මිනිස්සුන්ට පමණි (නි)

:       0       0

රොහන් Saturday, 04 May 2013 11:10 AM

ඔය ඔක්කොම අල්ලාහ්ගේ පුරවැසියෝ නේද? ඉතින් එයාටම කියලා කන්න ටිකක් මවලා දුන්නා නම් ඉවරනේ.. (නි)

:       0       0

කුමාර Saturday, 04 May 2013 11:20 AM

මන් ලිබියාවේ වැඩ කලා. ලිබියාව ලොව තෙල් තියන රටවල් 10 ඇතුලත තියන රටක්. හැබැයි සෙන්ටිග්‍රේඩ් 55 උෂ්නත්වෙන් මිනිස්සු ඉන්නේ කුදරන් වල. ඒකාදිපති ගඩාෆි අවුරුදු 40 විතර හොරකම් කරලා රත්තරන් වලින් ප්ලේන් එකක් හදා ගත්ත රුසියාවට කියල. මේ මානසික රෝගියා එලවන්න ඇමරිකාවට නොයා සදරුවන් කියන විදියට ලංකාවෙන්ද උදවු ගන්නේ .(නදී)

:       0       0

චූලා Friday, 03 May 2013 08:08 PM

බටහිර විරෝදී අල්කයිඩා ගැත්තෝ කියන විදියට මෙතන වරද තියෙන්නේ බටහිරද එතකොට. ඇයි මේ මිනිස්සු චන්දෙ දීල පත් කර ගත්තු දුෂිත පාලකයෝ හරි හොදයිද එතකොට.(නදී)

:       0       0

මුරුගන් Friday, 03 May 2013 08:10 PM

මේ මිනිස්සුන්ට මේ විදියට සලකන්නේ මේ මිනිස්සු අපි වගේම පත් කරගන්න දුෂිත පාලකයෝ. මේ මිනිස්සු තමා මේවට වගකියන්ට ඕනා .මේ රටේ තියන දියමන්ති,තෙල් හුරගන කන්නේ පාලකයෝ.(නදී)

:       0       0

සුපුන් Friday, 03 May 2013 08:11 PM

ඇමරිකාව සියලු වැඩ පසෙකලා මේ අය කියන විදියට සෝමාලියාවට සල්ලි දෙන්න කෑම ගන්න කියලා.මොකෝ මේ අය ඇමරිකන්ද එතකොට.සොමාලියන් නෙමෙයිද? (නි)

:       0       0

මහේෂ්වරන් Friday, 03 May 2013 08:12 PM

අන්න සදරුවන්, අපට සුනාමි ගහපු වෙලාවේ අපට සල්ලි කොච්චර ලැබුනද? මොකෝ වුණේ? ඒකෙනුත් කට්ටියක් පෝසත් වුණා. මෙතනත් ඕක තමයි වැඩේ.ඔහෙට පුළුවන් නම් උදවු කරන්න.ඔයත් කැමති නම් අන්තර්ජාලෙන් සල්ලි අරින්න. (නි)

:       0       0

නීලා Friday, 03 May 2013 08:14 PM

රොබෙට් මුගාබේගේ මේ පාර උපන්දිනේට ලක්ෂ 60 වියදම් කළාලු.අපේ අයට දෙවැනි නැහැ.මේ රටවල් වලට මෙහෙම හෙනගැහිලා තියෙන්නේ දුශිත පාලකයන්ට හැමදාම රැවටෙන නිසා.අපි වගේ තමා.ඕකට වෙන රටවල් මොකෝ කරන්නේ. (නි)

:       0       0

ලසන්ත Friday, 03 May 2013 08:15 PM

සදරුවන් කියන්නකෝ චීනෙට දෙන්න කියලා බලන්න.ලෝකේ දෙවැනි ආර්ථික බලවතා නොවැ.රුසියාවටත් ඕනෑ නම් කියලා බලන්න.මේ රටවල ඡන්දදායකයෝ පත් කරගත්තු පාලකයෝ එයාලට සලකන විදිහ තමා ඔය.ඕකට චිනේවත් ඇමරිකාවවත් පලි නැහැනේ. (නි)

:       0       0

ජෝයි Friday, 03 May 2013 08:17 PM

මෙතන අය කියන විදිහට ලොකු රටවල් තමන්ගේ රටවල දියුණුව පසෙකලා මේ හොර ගුහාවල ඉන්න කපටි නායකයන්ට උදවු කරන්ට ඕනා එතකොට. ඇයි එයාල හොරකන් කරන අප්‍රිකාවේ දියමන්ති,රත්තරන්, තෙල් . ඒ සල්ලි කොහෙද යන්නේ එතකොට.(නදී)

:       0       0

පාල Friday, 03 May 2013 08:18 PM

අප්‍රිකාවේ ඇතැම් දියමන්ති නිදි ලංකාවට වඩා ලොකුයි. ඒවා ගසාගෙන කන්නේ පාලකයෝ. මෙහෙම වෙලාවක ලෝකේ වටේ දුක කියා කියා යනවා. හැම තැනම හොරු පත් කරන්නේ ඒ රටේ මිනිස්සු. මේවට මන් නම් දුක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

තාරක Friday, 03 May 2013 08:39 PM

මංජුගේ කතාව ඇත්තම ඇත්ත.(නදී)

:       0       0

ආරියසිරි Friday, 03 May 2013 08:48 PM

ලෝකේ සම්පත් සමව බෙදිලා යනවා නම් මෙවැනි දුක් කතා දකින්න නැති වෙයි.(නදී)

:       0       0

හසිත Friday, 03 May 2013 09:02 PM

පෙන්නේ නැද්ද අරාබි ජාතිය නාස්තිකරන සල්ලි. මේවා දුප්පත් මුස්ලිම් රටවලට දෙන්න බැරිද ? (නදී)

:       0       0

සම්පත් Saturday, 04 May 2013 12:54 PM

මෙයාලගේ දෙවියන්ව මට අහු වුනොත්.... (නි)

:       0       0

මනෝජ් Friday, 03 May 2013 09:31 PM

මුහුදු කොල්ලකාරයෝ ඉන්න රටනේ. උදවු කරන්ට යන්ට බය ඇති.(නදී)

:       0       0

ඩී. උපුල් Saturday, 04 May 2013 01:04 PM

අමිල, ඇයි අපි පිටරටවලින් ගිනි පොලියට ණයට අරගෙන දුප්පත් රටවලට ආධාර දෙන්නේ එයාලගේ පාරවල් හදාගන්න..(ස)

:       0       0

කමල් Saturday, 04 May 2013 01:08 PM

ලෝකේ වැඩියෙන්ම මුදල් ගැවසෙන්නේ ඉස්ලාම් මිනිස්සු අතේනේ. ඇයි ඒ අයට උදව් කරන්න බැරි? .(ස)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 11:28 PM

පර ගැතියනි, එක එක රටවල ජනතාවගේ බුද්දි මට්ටම වෙනස්. උදාහරණ, ලිබියාවට එක ඇමෙරිකානු සෙබළෙක්වත් යවන්නේ නැතුව ලිබියා නායකයා මරා දැම්ම. රට ඇතුලේ කොටවනවා. තන්හාවේ ගිලිලා ඉන්න අය දිගට හරහට මරාගන්නවා. ඔවුන්ට අපි අනුකම්පා කරලා පුළුවන් විදියට තේරුම් කරලා දෙන්ඩ ඕන. සතෙකුට උනත් තිත්ත බෙහෙතක් දෙන්නේ වැල මදුල අස්සේ හංගල කියල කතාවක් තියෙනවා. එතකොට දිරවන්න ලේසියි. නැතුව සුද්දන්ට කඩේ යාම නොවෙයි කල යුත්තේ.‘(නදී)

:       0       0

චමින්ද Friday, 03 May 2013 03:54 PM

මහලොකුවට හැම රටකම ප්‍රශ්න වලට ඇඟිලි ගහන ඇමරිකාව මේ වගේ අහිංසක මිනිසුන්ට පිහිට වෙනවා නම් කොතරම් ජීවිත ආරක්ෂා වේවිද? (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 11:35 PM

ඔය කෑගහන සියලු දෙනාත් යන්නේ දුකටමයි.නිවනින් මෙහා සදාකාලික වූ ස්ථිර වූ සැපතක් නැහැ. (නි)

:       0       0

ලහිරු Saturday, 04 May 2013 12:18 AM

හැමදේම මැවුවයි කියන දෙවියන් වහන්සේට බැරිද දන්නෙ නැහැ උදවුවක් කරන්න (නි)

:       0       0

සම්පත් Friday, 03 May 2013 04:24 PM

මේ ගොල්ලන්ගේ දෙවියන්ට පෙනෙන්නේ අරාබිය විතරද? (නි)

:       0       0

අනුරාධ Friday, 03 May 2013 04:31 PM

ඇති හැකි උදවිය සෝබන වැඩ නොකර සිහිබුද්ධියෙන් ලෝකය දිහා බලනවා නම් මෙවැනි දේවල් අවම කරගත හැකියි. පවුල් කඩාකප්පල් කරන්න,අනුන් කොටවන්න,ත්‍රස්තවාදය වපුරන්න වගේ දේවල් වලට සමහර අය මොනතරම් නම් මුදල් වියදම් කරනවද? (නි)

:       0       0

සදරුවන් Saturday, 04 May 2013 03:35 AM

චූලා, ඇමරිකාව කියන්නේ අල්කයිඩා හරාම් කියලා. කොටි ඒක හලාල් කියලා අපිට එවයි. ප්‍රශ්නේ ඔයාට නැටිට පෑගිලා.(නදී)

:       0       0

සමන්ත පෙරමුණ Friday, 03 May 2013 04:58 PM

තියන ඇත්තෝ කති,බොති,නටති... මේවා දකිනකොට දුකයි. හිතෙන දේ අපමණයි,සංසාර ගමන බොහොම දුකයි. (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 05:10 PM

කෝ අපේ පරගැතිතෝ ටික? රොකට් අරින්න කලින් පර්යේෂණ කරන්න කලින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අසරණයන්ට පිහිට වීම උතුම් ගුණයක්. (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 05:21 PM

මහා බෝසතාණෝ තමන් සතු සැපත අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසුනා.ඔය සැප විඳින අයත් පෙරලි පෙරලි යන්නේ දුකටමයි.ලෞකික හැම සැපයක්ම පෙරලෙන ස්වභාවයකයි තියෙන්නේ.පෙරලෙන්නේ දුකටමයි. ඒ වගේ නෙමෙයි සංසිදීම් සැපය.එකේ පෙරලෙන්න දෙයක් නෑ. ඒ නිසා සැපයි.අන්න හොඳට තේරුම් ගන්න. (නි)

:       0       0

මංජු Friday, 03 May 2013 05:41 PM

පෙර ආත්ම වල කළ අකුසල නිසා තමයි මිතුරනි එවැනි රටවල ඉපදී දුක් විදින්නේ (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 06:32 PM

මංජු, ඔයා එහෙනම් ගිය ආත්මෙ ගොඩක් පිං කරලා ඇති. දුක් විදින අහිඅංසකයන්ට තවත් අපහාස කරන්න එපා. (නි)

:       0       0

හේරත් Friday, 03 May 2013 07:11 PM

සල්ලිකාර රටවල් ඩ්‍රෝනා හදනවා. මිසයිල් හදනවා.රටවල් අවුලුවනවා. යුද්ධ කරනවා. උපත් පාලනය කරනවා. අනික් කොනේ අපාය මිහිපිට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 1 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 2 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 13 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 48 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 55 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2326 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site