සෝමාලියාවේ සාගතයෙන් අඩු ගණනේ දෙලක්ෂ හැට දහසක් කුස ගින්නෙන් මැරෙන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි.
ඉන් අඩක්ම වයස අවුරුදු පහට අඩු දරුවෝය.
2010 ඔක්තෝබරයේ සිට පවතින දැඩි සාගතයත් නියඟයත් ඊට හේතුවයි.
එක්කෝටි තිස් ලක්ෂයක් ජනයා මේ නියඟයෙන් පීඩාවට ලක් වූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනුයේ සොමාලි ජනතාව බේරා ගැනීම සඳහා කළ වැඩ ප්‍රමාණය අල්ප බවයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එම වාර්තාව ඉදිරිපත් කරයි.
1992 සාගතයේදී මිය ගිය ගණන දෙලක්ෂ විසි දහසකි.
දිනපතාම සිය ගණන් මැරී වැටෙන බවත්, හරියටම එවැනි දර්ශන සාක්කිකරුවකු නැති නාළුවක් බවත් මේ සාගතය එරට වසර 25කදී ඇති වූ දරුණුම සාගතය බවත්, මුල් අනතුරු ඇඟවීම් ගැන අන්තර් ජාතික ප්‍රජාව සැලකිලිමත් වූයේ නම් බොහෝ ජීවිත බේරා ගත හැකිව තිබූ බවත් එම වාර්තාව සඳහන් කරයි.
දකුණු හා මධ්‍යම සෝමාලියාවේ ජන ගහනයෙන් සියයට පහක් ද, ළමයින්ගෙන් සියයට දහයක් ද මේ සාගතයෙන් මරුමුවට පත් වූහ.
ළමයින් පස් දෙනකුගෙන්ම එක් අයකු බැවින් මරුමුවට පත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රිකාවේ ඇතැම් දියමන්ති නිදි ලංකාවට වඩා ලොකුයි. ඒවා ගසාගෙන කන්නේ පාලකයෝ. මෙහෙම වෙලාවක ලෝකේ වටේ දුක කියා කියා යනවා. හැම තැනම හොරු පත් කරන්නේ ඒ රටේ මිනිස්සු. මේවට මන් නම් දුක් වෙන්නේ නැහැ.(නදී)
ලෝකේ වැඩියෙන්ම මුදල් ගැවසෙන්නේ ඉස්ලාම් මිනිස්සු අතේනේ. ඇයි ඒ අයට උදව් කරන්න බැරි? .(ස)
අමිල, ඇයි අපි පිටරටවලින් ගිනි පොලියට ණයට අරගෙන දුප්පත් රටවලට ආධාර දෙන්නේ එයාලගේ පාරවල් හදාගන්න..(ස)
මෙයාලගේ දෙවියන්ව මට අහු වුනොත්.... (නි)
මන් ලිබියාවේ වැඩ කලා. ලිබියාව ලොව තෙල් තියන රටවල් 10 ඇතුලත තියන රටක්. හැබැයි සෙන්ටිග්‍රේඩ් 55 උෂ්නත්වෙන් මිනිස්සු ඉන්නේ කුදරන් වල. ඒකාදිපති ගඩාෆි අවුරුදු 40 විතර හොරකම් කරලා රත්තරන් වලින් ප්ලේන් එකක් හදා ගත්ත රුසියාවට කියල. මේ මානසික රෝගියා එලවන්න ඇමරිකාවට නොයා සදරුවන් කියන විදියට ලංකාවෙන්ද උදවු ගන්නේ .(නදී)
ඔය ඔක්කොම අල්ලාහ්ගේ පුරවැසියෝ නේද? ඉතින් එයාටම කියලා කන්න ටිකක් මවලා දුන්නා නම් ඉවරනේ.. (නි)
අතිරේකව වැඩි අහර මුහුදුබත් කරනවා. නැත්නම් සත්ත්ව ආහාරවලට ගන්නවා. මෙහෙම බලනකොට ඒ ජනතාවට ඒවා දුන්ො නම් කොච්චර මානුශීයද? අනික් මිනිසා ගැන හිතන්න ශක්තියක් තියෙන්නේ අපේ සිංහල මිනිස්සුන්ට පමණි (නි)
සියලු ලෝ වැසි සත්වයන්ට සැනසිල්ල වේවා කියලා අපි භාවනා කලාට අපේ රටෙන් තේ කොල ඩිංගක් වත් මේ අසරණ මිනිස්සුන්ට යවන්නෙ නැහැ නෙව.. .(ස)
චූලා, ඇමරිකාව කියන්නේ අල්කයිඩා හරාම් කියලා. කොටි ඒක හලාල් කියලා අපිට එවයි. ප්‍රශ්නේ ඔයාට නැටිට පෑගිලා.(නදී)
හැමදේම මැවුවයි කියන දෙවියන් වහන්සේට බැරිද දන්නෙ නැහැ උදවුවක් කරන්න (නි)
ඔය කෑගහන සියලු දෙනාත් යන්නේ දුකටමයි.නිවනින් මෙහා සදාකාලික වූ ස්ථිර වූ සැපතක් නැහැ. (නි)
පර ගැතියනි, එක එක රටවල ජනතාවගේ බුද්දි මට්ටම වෙනස්. උදාහරණ, ලිබියාවට එක ඇමෙරිකානු සෙබළෙක්වත් යවන්නේ නැතුව ලිබියා නායකයා මරා දැම්ම. රට ඇතුලේ කොටවනවා. තන්හාවේ ගිලිලා ඉන්න අය දිගට හරහට මරාගන්නවා. ඔවුන්ට අපි අනුකම්පා කරලා පුළුවන් විදියට තේරුම් කරලා දෙන්ඩ ඕන. සතෙකුට උනත් තිත්ත බෙහෙතක් දෙන්නේ වැල මදුල අස්සේ හංගල කියල කතාවක් තියෙනවා. එතකොට දිරවන්න ලේසියි. නැතුව සුද්දන්ට කඩේ යාම නොවෙයි කල යුත්තේ.‘(නදී)
මුහුදු කොල්ලකාරයෝ ඉන්න රටනේ. උදවු කරන්ට යන්ට බය ඇති.(නදී)
පෙන්නේ නැද්ද අරාබි ජාතිය නාස්තිකරන සල්ලි. මේවා දුප්පත් මුස්ලිම් රටවලට දෙන්න බැරිද ? (නදී)
ලෝකේ සම්පත් සමව බෙදිලා යනවා නම් මෙවැනි දුක් කතා දකින්න නැති වෙයි.(නදී)
මංජුගේ කතාව ඇත්තම ඇත්ත.(නදී)
මහලොකුවට හැම රටකම ප්‍රශ්න වලට ඇඟිලි ගහන ඇමරිකාව මේ වගේ අහිංසක මිනිසුන්ට පිහිට වෙනවා නම් කොතරම් ජීවිත ආරක්ෂා වේවිද? (නි)
මෙතන අය කියන විදිහට ලොකු රටවල් තමන්ගේ රටවල දියුණුව පසෙකලා මේ හොර ගුහාවල ඉන්න කපටි නායකයන්ට උදවු කරන්ට ඕනා එතකොට. ඇයි එයාල හොරකන් කරන අප්‍රිකාවේ දියමන්ති,රත්තරන්, තෙල් . ඒ සල්ලි කොහෙද යන්නේ එතකොට.(නදී)
සදරුවන් කියන්නකෝ චීනෙට දෙන්න කියලා බලන්න.ලෝකේ දෙවැනි ආර්ථික බලවතා නොවැ.රුසියාවටත් ඕනෑ නම් කියලා බලන්න.මේ රටවල ඡන්දදායකයෝ පත් කරගත්තු පාලකයෝ එයාලට සලකන විදිහ තමා ඔය.ඕකට චිනේවත් ඇමරිකාවවත් පලි නැහැනේ. (නි)
රොබෙට් මුගාබේගේ මේ පාර උපන්දිනේට ලක්ෂ 60 වියදම් කළාලු.අපේ අයට දෙවැනි නැහැ.මේ රටවල් වලට මෙහෙම හෙනගැහිලා තියෙන්නේ දුශිත පාලකයන්ට හැමදාම රැවටෙන නිසා.අපි වගේ තමා.ඕකට වෙන රටවල් මොකෝ කරන්නේ. (නි)
අන්න සදරුවන්, අපට සුනාමි ගහපු වෙලාවේ අපට සල්ලි කොච්චර ලැබුනද? මොකෝ වුණේ? ඒකෙනුත් කට්ටියක් පෝසත් වුණා. මෙතනත් ඕක තමයි වැඩේ.ඔහෙට පුළුවන් නම් උදවු කරන්න.ඔයත් කැමති නම් අන්තර්ජාලෙන් සල්ලි අරින්න. (නි)
ඇමරිකාව සියලු වැඩ පසෙකලා මේ අය කියන විදියට සෝමාලියාවට සල්ලි දෙන්න කෑම ගන්න කියලා.මොකෝ මේ අය ඇමරිකන්ද එතකොට.සොමාලියන් නෙමෙයිද? (නි)
මේ මිනිස්සුන්ට මේ විදියට සලකන්නේ මේ මිනිස්සු අපි වගේම පත් කරගන්න දුෂිත පාලකයෝ. මේ මිනිස්සු තමා මේවට වගකියන්ට ඕනා .මේ රටේ තියන දියමන්ති,තෙල් හුරගන කන්නේ පාලකයෝ.(නදී)
බටහිර විරෝදී අල්කයිඩා ගැත්තෝ කියන විදියට මෙතන වරද තියෙන්නේ බටහිරද එතකොට. ඇයි මේ මිනිස්සු චන්දෙ දීල පත් කර ගත්තු දුෂිත පාලකයෝ හරි හොදයිද එතකොට.(නදී)
සල්ලිකාර රටවල් ඩ්‍රෝනා හදනවා. මිසයිල් හදනවා.රටවල් අවුලුවනවා. යුද්ධ කරනවා. උපත් පාලනය කරනවා. අනික් කොනේ අපාය මිහිපිට. (නි)
මංජු, ඔයා එහෙනම් ගිය ආත්මෙ ගොඩක් පිං කරලා ඇති. දුක් විදින අහිඅංසකයන්ට තවත් අපහාස කරන්න එපා. (නි)
පෙර ආත්ම වල කළ අකුසල නිසා තමයි මිතුරනි එවැනි රටවල ඉපදී දුක් විදින්නේ (නි)
මහා බෝසතාණෝ තමන් සතු සැපත අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසුනා.ඔය සැප විඳින අයත් පෙරලි පෙරලි යන්නේ දුකටමයි.ලෞකික හැම සැපයක්ම පෙරලෙන ස්වභාවයකයි තියෙන්නේ.පෙරලෙන්නේ දුකටමයි. ඒ වගේ නෙමෙයි සංසිදීම් සැපය.එකේ පෙරලෙන්න දෙයක් නෑ. ඒ නිසා සැපයි.අන්න හොඳට තේරුම් ගන්න. (නි)
කෝ අපේ පරගැතිතෝ ටික? රොකට් අරින්න කලින් පර්යේෂණ කරන්න කලින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අසරණයන්ට පිහිට වීම උතුම් ගුණයක්. (නි)
තියන ඇත්තෝ කති,බොති,නටති... මේවා දකිනකොට දුකයි. හිතෙන දේ අපමණයි,සංසාර ගමන බොහොම දුකයි. (නි)
ඇති හැකි උදවිය සෝබන වැඩ නොකර සිහිබුද්ධියෙන් ලෝකය දිහා බලනවා නම් මෙවැනි දේවල් අවම කරගත හැකියි. පවුල් කඩාකප්පල් කරන්න,අනුන් කොටවන්න,ත්‍රස්තවාදය වපුරන්න වගේ දේවල් වලට සමහර අය මොනතරම් නම් මුදල් වියදම් කරනවද? (නි)
මේ ගොල්ලන්ගේ දෙවියන්ට පෙනෙන්නේ අරාබිය විතරද? (නි)