ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 73 වැනි වියේ පසුවිය.
පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ අමරසිංහ මහතා කඩුවෙල පිහිටි සහෝදරයකුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි පවසයි.
සෝමවංශ අමරසිංහ මහතා 1990 සිට 2014 වසර දක්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැරීය. 2014 වසරේදී එම පක්ෂයෙන් ඉවත්වූ ඒ මහතා ජනතා සේවක පක්ෂය පිහිටුවා ගත්තේය.
ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ලේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ අමරසිංහ මහතා 88-89 කාලයෙන් පසු විදේශගතව සිට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැංවීමට දායක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් විමුක්තිය පෑ ඔබ අද අපෙන් වෙන්වී, තම නව ආත්මයට මා නමස්කාර කරමි, නිවන කරා යාමට අප පින් අනුමෝදන් කරමු. (ම)
නිවන් සුව පතමි! (නි)
ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා! රට වෙනුවෙන් හඬක් නැඟූ මහත්මයෙක්. (නි)
හිතට ලොකු දුකක් ඇතිවුණා (නි)
සෝමවංශ සහෝදරයාට යහපත් සසර ගමනක් පතමු..! ඔබට නිවන් සුව.! (නි)
දේශපාලන දර්ශනයක් වෙනුවෙන් පෙනීසිටි තැනැත්තෙක්. ඔබට නිවන් සුව! (නි)
උසස් ගුණාංග තිබූ මහත්මයෙක් (නි)
මටත් ගොඩක් කණගාටුයි. ඔබට නිවන් සුව! (නි)
සැබෑ ජවිපෙ අවසන් සමුරායිවරයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
දේශපාලනයේ පරාජිත චරිතයක් මොකද තම සාමාජිකයන් මහමග මැරී වැටෙද්දී තම ජීවිතය රැකගැනීමට පලාගිය අසාර්ථක හා බියගුළු නායකයෙක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත , ඔබට නිවන් සුව පතමි (බ)
බලවත් ශෝකය, නිවන් සැප පතමි (බ)
ඉතා කනගාටුයි...ඔබතුමාට නිවන් සුව....හැබැයි එදා ෆොන්සේකාට කඩේ යමින් කළ කොම්පියුටර් ජිල්මාට් කතාවනම් කවදාවත් මැරෙන්නේ නැහැ. (බ)
මොහු අන්තිම කාලයේ හැසිරුණු කරපු දේශපාලනය කෙසේ වෙතත් , කලක් ජන හද දිනා ගත කෙනක් , නිවන් සුව පතමි (බ)
කිසිම වැඩක් නැති , රටට වැඩක් නැති දේශපාලකයෝ . කට විතරයි , ප්‍රතිපත්ති නෑ. නමුත් නිවන් සුව පතමි (බ)
ආදරණිය නායකයානනි ඔබෙි ජිවිතේ අවසාන අවධියේ දි දේශපාලන වශයෙන් ජරා ජිර්ණ වුවත් සැබෑ නායකයානනි ..අපේ ආදරණීය පක්ෂයට දිරිය දුන් ඔබට නිවන්සුව පතමි (ම)
සත්‍ය වශයෙන්ම නිර්ධනයින් වෙනුවෙන් නොවෙනස්ව සටන් වැදුන සෙන්පතියෙකි ඔබ. නැතිවී ගිය ජේවීපීය ට නැවත පණදීම ඔබ කළ අති උදාර කර්තව්‍යයකි. මතවාද තුළ ජේවීපීය හැරගියද ඔබ පක්ෂයට රටට නිර්ධන පන්තියට කළ සේවාව සදා අමරණීයයි. (නි)
මොනවා වුණත් කොන්දක් තිබුන නියම මිනිසෙක් (නි)
සෝමවංශ අමරසිංහ සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබෙන් පසුව විමුක්තියක් ජනතාවට නොලැබෙනු ඇත. ප්‍රිය සහෝදරය, ඔබට නිවන් සුවය පතමි. (නි)
ඔබ සත්‍ය දර්ශනයට අපි ගරුකළෙමු. දේශයේ ගමන්මඟ, ජන සිතුවිලි වෙනස්කළේ ඔබයි. ඔබට නිවන් සුව! (නි)
සහෝදරයා, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ සමාදානයේ සැතපේවා..(අ)
අමරසිංහ සහෝදරයට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුවය පතමු! (නි)
ඔබතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි. (අ)
මෙතුමා ජවිපෙ සහෝදරයන්ව අමතක කරලා එංගලන්තයට පැනගෙන ජීවිතේ බේරා ගත්ත නේද .. (අ)
මෙතුමාගේ නායකත්වය යටතේ තමයි ජවිපෙ විසින් චන්ද්‍රිකා-මහින්ද එකතුව ගෙනාපු සුනාමි සහන මණ්ඩලේ වගේ දේශද්‍රෝහී ක්‍රියා පරාජය කලේ. එදා එහෙම නොකලානම් අද උදාරගී ගයන්න තරම් රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක පරාජය උනනිසා ඒකෙ තිබුන භයානක ප්‍රතිපල ජනතාවට දැනුනේ නැහැ. එනිසා " කිසිම වැඩක් නැති , රටට වැඩක් නැති දේශපාලකයෝ . කට විතරයි , ප්‍රතිපත්ති නෑ" වගේ නුගත් කතා නොකිය ඉන්නවනම් තමයි හොඳ. ඔබ සදා වීරයෙක්. ඔබට විප්ලවීය ආචාරය..!!! (අ)
නිවන් සැප ලැබේවා.....! (නි)
නිවන් සැප ලැබේවා! උතුරු නැගෙනහිර යුද්ධයට ශක්තිය දුන්නේ ඔබයි (නි)
මරණය යනු මේ ලොව සියල්ලටම පොදු ධර්මතාවයකි (නි)
රටේ නොමැකෙන නමක් තබා ගිය චරිතයක් (නි)
එතුමාට නිවන් සුව ලැබේවා! (නි)
එතුමාට නිවන් සුව ලැබේවා! (නි)
මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් අවංකවම හඬක් ගෙනගිය ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව. (නි)
ජීවත්වන ටික කාලෙටනේ මේ හැමදෙයක්ම. කරපු කියපු දෙයක් තමයි අන්තිමේදී ඉතිරි වෙන්නේ. නිවන් සුව පතමි! (නි)
දේශපාලන මතිමතාන්තර මොනවා වුණත් තව කාලයක් ඉන්න තිබුණ කෙනෙක්. තම ජිවිතයම පොදු ජන සේවයට කැපකළ කෙනෙක් . මගේ බලවත් ශෝකය මෙයින් පළ කරමි. (ම)
රෝහණ විජේවීර සහෝදරයා අනුගමනය කල අවසන් නායකයා. එතුමාට නිවන් සුව ලැබේවා (ම)
අපි කවුරුත් තේරුම්ගෙන ජීවත්වෙන්න ඕනෑ මරණය කාටත් පොදු බව. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව! ජනතා විමුක්ති පෙරමුණේම සිටියා නම් අද ඔහුට පක්ෂ සමාජිකත්වයෙන් ලැබෙන ගරුබුහුමන් කෙතරම්දැයි සිතාගත නොහැක. (නි)
නිවන් සැප ලැබේවා! (නි)
මොන විවේචන තිබුනත් ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් බිහිකළේ ඹබයි. ඔබ නැතිවීම පාඩුවක්. ඔබට නිවන් සුව...! (නි)
දයාබර සිරි අයියේ, ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ මියගියද ඔබේ නාමය සදා අමරණිය වනු ඇත. එතුමාට නිවන් සුව ලැබේවා......! (නි)
එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
මරණය නම් අභියෝගය කිසිවෙකුට ජයගත නොහැක (නි)
සෝමවංශ අමරසිංහ සහෝදරයට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව පතමි...!!!!!!! (නි)
අපි දන්නා විදියට මෙතුමා හොඳ නීරෝගී කෙනෙක්. ජීවිතේ හැටි බලමුකෝ. එතුමාට නිවන් සුව පතමු! (නි)
හෙළ අඹරේ තවත් රත් පැහැයක් නිවී ගියා. මිනිසෙක් නිර්ධනයෙක් ලෙසින් ඉපිද, නිර්ධනයෙක් ලෙසින් සටන් වැදී, නිර්ධනයෙක් ලෙසින් මියගිය වගයි. වත්මන් කුහක දේශපාලන මතිමතාන්තර අමතකකොට ධනය හෝ නිලතල පසුපස හඹා නොගිය රතු නායකයෙක් නමින් පිදෙන උතුම් විප්ලවීය ආචාරය ඔබට පිරිනමමි සොහොයුර! (නි)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සැප ලැබේවා.....!!! (නි)
සියල්ල අනිත්‍යයි. සෝමවංශ සහෝදරයාට යහපත් සසර ගමනක් පතමු. (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
කණගාටුදායක පුවතක්! (නි)
කාලයක් අපේ හිතේ රැඳී තියෙයි ඔබතුමාගේ නම. නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව පතමි...!! (නි)
ශ්‍රී ලාංකීය විප්ලවීය දේශපාලනයේ නොමැකෙන සටහනක් තැබූ නායකයාණෙනි, ඔබට අපගේ විප්ලවීය උපහාරය! (නි)