ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අවසන් කටයුතු පක්ෂය මැදිහත් වීමෙන් උපරිම ගෞරව සහිතව සිදු කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
පසුගිය වසරේදී මතවාදී ගැටුමක් නිසා පක්ෂයෙන් ඉවත් වුවද ඔහු හිටපු නායක රෝහණ විජේවීර සහෝදරයාගේ මරණයෙන් පසු පක්ෂය නැවත නඟා සිටුවීමේ සිට පක්ෂය ජනතාව අතරට ගෙන යෑමට සුවිශේෂී කාර්යයක් කළ බව ද ලාල්කාන්ත මහතා පැවසීය.
‘ඔහු මේ රටේ අනෙක් දේශපාලකයන් වගේ වුණේ නැහැ. සෑමවිටම ජනතාව වෙනුවෙන් අරගල කළා. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. සෝමවංශ අමරසිංහ මහතා 1965 දී පක්ෂය ආරම්භ කළ අවස්ථාවේදීත්, 1971 කැරැල්ලෙන් පසු 1989 කැරැල්ලෙන් හා එවකට නායක රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පසු ඔහු පක්ෂය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් කළා‘ යැයිද ලාල්කාන්තා මහතා කීය.
පක්ෂය ලෙස අමරසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කරන බවද අවසන් කටයුතු පක්ෂය මැදිහත් වීමෙන් සිදු කිරීමටත් හැකි උපරිම ගෞරව දැක්වීමටත් තීරණය කර ඇති බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උත්තමාචාරය (අ)
ඔහු ඇත්තෙන්ම විශිෂ්ට නායකයෙක් (නි)
අද ඉන්න දේශපාලකයෝ හා සසඳනවිට ඔහු ඒ සැමට වඩා ඉදිරියෙන් ජනතාවව අතර සිටි කෙනෙක්. ඔහු පක්ෂ නායකත්වය නිසි වෙලාවට තරුණ නායකයෙකුට දුන්නා. සරල චාම් ජීවිතයක් ගත කළා. මෙවන් ආදර්ශවත් නායකයන් අප අගය කළයුතුයි. ඔහුට මම නිවන් සුව පතමි! (නි)
ඔය කියන මතවාදී ගැටුම මොකක්ද කියලා කිව්වා නම් අපි තීරණය කරන්නම් කවුද හරි කියා (නි)
මරණයකදී මිනිසුන්ගේ වැරදි සෙවීම නුගුණයක් විය හැකි දෙයක් වුවද මොහුගේ අතීතය පිළිබඳව නම් අපට ඇත්තේ දැඩි කළකිරීමක්. (නි)
ඔව් ඒ මරණයේ කටයුතු උපරිම ගෞරවයෙන් කළයුතුයි. (නි)
සෝමවංශ සහෝදරයට උපරිම ගෞරවය දැක්වීම ජවිපෙ යුතුකමක් (නි)
හොඳ දේශපාලඥයෙක් (නි)
එ්ක කළයුතු දෙයක්. මම එ්ක අගය කරනවා. ස්තුතියි ලාල්.
ඉතින් එ්ක එහෙම වෙන්න ඕනෑ දෙයක්නේ. සෝමවංශ මහතා හිටපු නායකතුමානේ. (නි)
සෑමවිටම ජනතාව වෙනුවෙන් පෙනීසිටි නායකයෙක්. ඔහුට උපරිම ගෞරවය හිමිවේවි. නායකයාණනි, ඔබට නිවන් සුව (නි)
විජේවීර සහොදරය ඝාතනය කළාද ඒ කවුද කළේ? දැන්වත් පරීක්ෂණයක් කර සොයා වරදකරුවන්ට දඩුවම් දෙන්න (බ)
ජ.වී.පෙ. ගත් තීරණය ඉතාම නිවැරදි එකක්. එය අගය කළ යුතුයි.(ම)
සෝමවංශ අමරසිංහ මහතාණන්ට නිවන් සැප ලැබේවා! (නි)
ඔන්න මිනිස්සු. අපේ ගෞරවය! (නි)
ඉතාමත් වටිනා අදහසක් (නි)
මෙම තීරණය ඉහළින්ම අගය කරනවා (නි)