IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


සීයක් හිස් අතින් එති

ඉසුරු සොයා කුවේට් ගොස් නිසි වැටුප් නොලැබීම, හාම්පුතුන්ගේ අතවර, ශාරිරික වද හිංසා ආදියට ලක් වූ ගෘහ සේවකාවෝ 78 දෙනෙක් ද පිරිමි විසි දෙදෙනෙක් ද, අද අලුයම හිස් අතින් ආහ. කෙස් කළඹ බලෙන් කපා දැමුණු අය ද, ඇඟට උණු තෙල් දමා පිළිස්සුම් තුවාල ලද අය ද, කාමාතුරයන්ගෙන් බේරීම සඳහා පැන ගිය අය ද ඒ අතර වූහ. කුවේට් රජයේ මුදලින් ආ මේ අයට යළි අරාබියේ රැකියාවට යාමට නොහැකිය. තවත් ගෘහ සේවිකාවෝ 471 දෙ‍දෙනක්  ද , සේවකයෝ 40 දෙනෙක් ද ගමරට බලා ඒමේ සුදානමින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බාරයේ සිටිති.



අදහස් (0)

සීයක් හිස් අතින් එති

සිසර කුමාර - saudiya Monday, 05 December 2011 11:33 AM

හැමදාම අපේ අපි අහිංසක සහෝදරියන් ගැන කතා කරනවා විතරයි. තවමත් නිසි පිළියමක් දෙන්නට බැරි වීම කණගාටු තත්ත්වයක්

:       0       0

ආතා Monday, 05 December 2011 11:43 AM

ඇති ඔයින් බේරිලා ආවා

:       0       0

නාමල් Monday, 05 December 2011 11:59 AM

මම දැන් අවුරුදු නවයක් විදෙස්ගතව වැඩ කරනවා. මගේ අද්දැකීම් අනුව කාන්ත පක්ෂය බොහොමයක් අතවර වලට ලක්වෙනවා සමහර අයට කාටවත් කියන්න බැහැ. තවත් සමහරු අතවර වලින් පසුව ගණිකාවන් බවට හැරෙනවා. තවත් සමහරු වැඩ කරන්න බැරිකමට ගෙදරින් පැන ඇවිත් සරණ පතනවා කගේ හරි, එය කරන්නෙත් තවත් අමාරුවේ දාන එක. මගේ අදහස කාන්තාවන් මෙම මෙහෙකාර සේවයට එනඑක වහාම නතර කරන්න ඕනි. අපේ පිරිමින්ට කොන්ද පන නැහැ ගැනිට කන්නබොන්න දෙන්නත්.

:       0       0

ටෝනි Monday, 05 December 2011 11:43 AM

ලංකාවෙන් සවුදි වගේ රටවලට සේවිකාවන් යවන එක නැවැත්තුවම හරි. තව රටවල් තියෙන්නේ ගිහින් වැඩ කරන්න. අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන එක නවතී එතකොට

:       0       0

ෆායිස් Monday, 05 December 2011 12:41 PM

සහෝදරවරුනේ අපේ සහෝදරියන් ගෘහ සේව‍යේ රස්සාවට යවන්න එපා. මේ හැමටම කරන ආයාචනයක්

:       0       0

සුනිල් පෙරේරා Monday, 05 December 2011 12:45 PM

අපේ රන් දිවයින ඔබට පිහිටවනු ඇත. අමනුස්සයන්ගේ අමන දේශයන්ට යන අයගෙ නෙත් ඇරේවා

:       0       0

ෂෙල්ටන් Monday, 05 December 2011 12:29 PM

බලධාරීන්ට පෙනෙන්නේ නැද්ද? අහිංසක කාන්තාවන් විදින දුක

:       0       0

ajcool Monday, 05 December 2011 01:34 PM

මේ අපේ ර‍ටේ අහිංසක මනුස්සයෝ. මෙයාලට රජය උදවු කරන්න ඕනෙ. මින් පසු කිසිම ලාංකිකයකු වහල් සේවයට යවන්න එපා කරුණාකරලා

:       0       0

උපර්ද්‍රා මෙන්ඩිස් Monday, 05 December 2011 01:10 PM

රජය මේ අයට කිසියම් සහනයක් ලබාදිය යුතුයි

:       0       0

රේගා Monday, 05 December 2011 01:11 PM

මේවා විය යුතු දේවල් නෙමෙයි. නමුත් කාට කියන්නද? ගෘහ සේවයට රට යවන එක ආණ්ඩුව නවත්තන්නෙත් නෑ, කාන්තාවන් නොගිහින් ඉන්නෙත් නෑ

:       0       0

නාපා Monday, 05 December 2011 01:18 PM

මේ ගැන ජනාධිපතිතුමා අවධානය යොමු කළ යුතුයි

:       0       0

මංචනායක DOHA QATAR. Monday, 05 December 2011 03:26 PM

අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙම රටවලදී අත්වන දරුණු වද හිංසා ගැන කණගාටුයි. මේවට අපේ තානාපති කාර්යාල සහ විදේශ සේවා කාර්යාංශය වගකිවයුතුයි.

:       0       0

රොහාන් Monday, 05 December 2011 03:33 PM

පව් අසරණ අය

:       0       0

සංජීව Monday, 05 December 2011 03:54 PM

අනේ මන්දා ඇයි මේවට රජයෙන් මොකුත් කරන්නෙ නැත්තේ?

:       0       0

ජී.එච්. සිරිනිමල් [dubia] Monday, 05 December 2011 03:52 PM

පව් දුප්පත් මිනිස්සු

:       0       0

පුරෝහිත Monday, 05 December 2011 04:08 PM

පව්, මේ වගේ අහිංසක මිනිස්සු. මේ අයට මෙහෙම අපරාදයක් කළ ඒජන්සිවල අයට කුමක් කළ යුතුද?????

:       0       0

සුමන මනන්දූව Monday, 05 December 2011 04:57 PM

මමත් ජීවත් වෙන්නේ මැදපෙරදිග මේ රටවලටනම් ලංකාවේ කාන්තාවන් එන එක නවත්වන්නම ඕනෙ

:       0       0

කුමාර D. Monday, 05 December 2011 05:38 PM

අපේ ගෘහ සේවිකාවන්ට මැදපෙරදිග දස වද දෙනවා. ඇන ගහනවා කපනවා මරනවා කොටනවා. මෙදපෙරදිග හාම්පුතාලට බැනල වැඩක් නැහැ. ගෘහ සේවිකාවන් මැදපෙරදිග යවන එක නතර කරලා ඔවුන්ට හොඳ රැකියාවක් ලංකාවේ ඉඳන් කරන්න වැඩපිළිවෙලක් හදන්න පාලකයන්ගේ ඇස ඇරෙන්නේ කවදද ?

:       0       0

අසිත Monday, 05 December 2011 05:50 PM

මම ඉන්නෙත් කුවේට් වල. අයි හැමදාම අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ විදියට වෙන්නේ? අයි අපේ බලධාරීන්ට බැරි කුවේට්වල තියෙන පිලිපීන් තානාපති කාර්යාලය වගේ වැඩ කරන්න. වගකිවයුතු නිලධාරීන් ඉන්නේ නිදා ගෙනද? හැමදාම මේ වගේ දේවල් ප්‍රවෘත්ති වල දාලා හරියයිද? මේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද?

:       0       0

අජිත් අතපත්තු Monday, 05 December 2011 06:48 PM

අතිගරු ජනාධිපතිතුමනි, අපේ රටට ඉසුරු ගෙනෙන අපේ දිරිය කාන්තාවන් රැකගමු.

:       0       0

සම්පත් Monday, 05 December 2011 07:57 PM

මේවා කොපමණ දැක්කත් අපේ අය යන්නෙ ඔය රට වලටම නේද?

:       0       0

සම්පත් Monday, 05 December 2011 07:57 PM

මේවා කොපමණ දැක්කත් අපේ රටේ අය යන්නේ ඔය රටවලටමනෙ.

:       0       0

බුද්ධික - ඕමාන් Monday, 05 December 2011 09:07 PM

කරුණාකාරලා ගෘහසේවිකාවන් විදිහට රට එන්න එපා.

:       0       0

උමේෂ් Monday, 05 December 2011 09:13 PM

මේක හරිම අපරාධයක් ගරු ජනාධිපතිතුමනි. අපේ කාන්තාවන් පිටරටවල ගෘහ සේවයට යවන එක නවත්වන්න. ඔබතුමාට පින්...

:       0       0

හේමමාලා Monday, 05 December 2011 09:07 PM

හැමදාම ඇහෙන්නෙ එකම දේ. තානාපතිවරු ඉන්නෙ මොකටද?

:       0       0

රත්නෙ Monday, 05 December 2011 10:40 PM

හරිම කණගාටුයි. අපේ අයට මෙහෙම වෙන එක දැක්කහම

:       0       0

සුදේශ් Monday, 05 December 2011 10:21 PM

ප්‍රෞඩ ජාතියක් ගැන කතා කරන අපි අපේ කාන්තාවන් පිටරටට සල්ලි වලට යවන එක හරිද?

:       0       0

බාරොන් Monday, 05 December 2011 11:28 PM

මේ අයට සහනයක් හැටියට රස්සාවල් මෙහෙන් ලබා දිය යුතුයි.

:       0       0

සමීර සිල්වා Monday, 05 December 2011 11:39 PM

ඇයි මේ වගේ රටවලට අපේ කාන්තාවන් යවන්නේ?

:       0       0

ලෙස්ලි පෙරේරා Tuesday, 06 December 2011 12:09 AM

විදේශ විනිය නැතිවෙන හින්ද රජය නිශ්ෂබ්දයි

:       0       0

ගාමිනී Tuesday, 06 December 2011 12:48 AM

මේ අපේ ප්‍රධාන විදේශ විනිමය උපයන්නන්. ලොකු අය කියන්නේ එහෙමයි. පව්

:       0       0

සුරේෂ් Tuesday, 06 December 2011 12:20 AM

මම අවුරුදු හතරක් දෝහ වල ඉන්නේ. කාන්තාවන් මැපෙරදිග එවන්න එපා. කොච්චර හොද අය ආවත් අසරණ වෙනවාමයි. අපි අපේ ඇස්වලින් මේව දැකල තියනවා. ආපේ ජනාධිපතිතුමා මේ ගැන සොයා බැලිය යුතුයි.

:       0       0

නුවන් කුමාර Tuesday, 06 December 2011 04:41 AM

මේ අපේ අහිංසක මිනිස්සු හම්බ කරන මුදල් වලින් වාහන රේස් යනවා

:       0       0

wazeer Tuesday, 06 December 2011 05:07 AM

අපේ තානාපති කාර්යාලවල අය තමයි මේවට වග කියන්න ඕන. මම ඉන්නේ ඩුබායිවල. මෙහෙත් තානාපතිකාර්යාලවල අය වැඩක් නැහැ.

:       0       0

සදරුවන් අමිල ශ්‍රීනාත් Tuesday, 06 December 2011 06:32 AM

මම ඉන්නෙත් ක්වේට්වල. මේවට සියල්ලෝම වගකිවයුතුයි.

:       0       0

වික්‍රමබාහු Tuesday, 06 December 2011 06:58 AM

මේවා දැන දැනත් දැක දැකත් ඒ පස්සේ යන එක නේ අපි කරන්නේ. ඒ මදිවාට ඒ වගේ අමිනිස් ජාතීන්ට අපේ රටේ ඉහල තැන් ලබා දෙනවා.

:       0       0

husni Tuesday, 06 December 2011 08:31 AM

මේ ගැන රජය නිසි පිළිවෙතක් පිළිපදින්න ඕන ඉතා ඉක්මනින්.

:       0       0

අතුල Tuesday, 06 December 2011 09:38 AM

මම වැඩකරන්නේ ක්වේට්වල. මම අපේ රටේ අම්මල තාත්තල සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙහෙම දුක් විදින්න කාවවත් මේවගේ රටකට එවන්න එපා.

:       0       0

චින්තක Tuesday, 06 December 2011 10:35 AM

පව් අසරණ මිනිස්සු. මේවට නිසි පිළියමක් ගත්තෙ නැත්නම් තව තවත් මේවා සිද්ද වෙනවා. නැති බැරි කමට රට යන අය.

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 December 2011 10:06 AM

මමත් ඉන්නේ මැදපෙරදිග. අපේ රට් අහිංසක කාන්තාවෝ මේ රටවලට එවන පිරිමින්ගෙ වැරද.

:       0       0

චරිත Tuesday, 06 December 2011 11:08 AM

විදේශ සේවා නියුක්ති එකෙන් ගන්න සල්ලි කෝ? ඒවා අහිංසකයන්ට දෙන්නෙ නැද්ද?

:       0       0

චන්දිම Tuesday, 06 December 2011 11:13 AM

ලංකාවේ කාන්තාවන් විදේශගතවන්නේ එක ප්‍රශ්ණයක් නිසා. ඒ මුදල්. මුදල් හොයාගෙන විදේශගතවන ඒ කාන්තාවන් ආපසු එන්නේ තවත් ප්‍රශ්ණ ගනනාවක් තම පවුල්වලට පමණක් නොව රටටද එකතු කරමින්.

:       0       0

srima_dubai Tuesday, 06 December 2011 12:06 PM

මේකට වග කියන්න ඕන එම්බසි එක.

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Tuesday, 06 December 2011 02:23 PM

මගෙ අදහසත් අර නාමල් මහතා කියපු දේම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 822 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 848 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 362 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 891 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 249 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1820 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 72 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site