මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පිරිසක් අද (5) කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවූහ.
ඔවුහු සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් හා කළු පැහැති පටි පැළඳ මුව ආවරණය කරගෙන විරෝධය දැක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසාදරී, ලංකාවේ රජයේ විද්‍යා උපාධිධාරීන් ඊ.පී.ආර්.එම් විභාගය කරන්නේ නැහැ. ඔවුන්ට උපාධියෙන් පසු කෙළින්ම ලියාපදිංචිය ලැබෙද්දී පිටරටින් හෝ සයිටම් එකෙන් උපාධිය ලබන අයට ඇයි තවත් විභාග කරන්න කියන්නේ (නි)
ඔය ඇත්තෝ දන්නවද ඔය සයිටම් ළමයි කාගේ කව්ද කියලා? අපේ ජාතිය උපතින්ම මෝඩයි. කරන්න දෙයක් නැහැ. දොස්තරලා නෙමෙයි අපිට තමා විඳවන්න වෙන්නේ (නි)
පිටරටට යන සල්ලි නවතාගන්න සයිටම් එක හොඳයි. ලංකාවේ ළමයි පිටරට ගිහින් ඉගෙනගෙන ඇවිල්ලා විභාග කරලා වැඩකරනකොට මෙයාලට ප්‍රශ්නයක් නැහැ (නි)
යන්තම් විභාග පාස් වුන අය සල්ලි වලින් හැම දෙයක්ම ගන්න හදන්නේ. (හේ)
දැන් කවදා හරි මේ අයගේ ළමයෙකුට සරසවියට ලකුණු මදි වුනොත් මොකද දන්නේ නැහැ කරන්නේ. කුඹුරු කොටන්න යවනවා කියලා නම් කියන්න එපා. (හේ)
මේ අය දැක්කම දුක හිතෙනවා.(හේ)
නිමල්කා,රසාදරී ඔබ දේපල සමගම එකග වෙමි නිපුන කියන විදියට විෂයන් තුනක් යන්තම් පාස් වෙච්ච අයටත් ඔය විභාගය සමත් වෙලා වෛද්‍ය වරු වෙන්න පුලුවන්නම් අපිට ප්‍රශ්නයක් නැහැ . නොදන්නා නිසා අහන්නේ ඔය සයිටම් එකේ අයට ජීව විද්‍යා අංශයෙන් විෂයන් තුනක් පාස් නැති අයත් ඉන්නවා කියන්නේ බොරු වෙන්න ඇති නේද ?(හේ)
එකනෙමේ, ඊයේ දොස්තර ගොල්ලෝ දැවැන්ත වැඩවර්ජනයක් කලානේ? ලෙඩ්ඩුන් වෙනුවෙන් ඒ කල උදාර සේවය නිසා වෙනදාටත් වඩා හොඳට චැනල් සෙන්ටර් එකේ වැඩ කටයුතු සිදු උනා. ඔය වෛද්‍ය බබාලත් ලොකු කට්ටිය කියන දේ හොඳට අහලා දිගටම වර්ජනයේ යෙදෙන්න. දියුණු වෙන ජාතියක් විදිහට ඔන්න ඔහොම තමයි හිතන්න ඕනා. අනික පඳුරකට ගලක් ගැහුවාම විසිවෙන්න තරම් දොස්තරලා රටකට මොකටද?ඔය චැනල් සෙන්ටර් ගාස්තුව අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් වෙන්න ඕනා. අන්න එතකොට තමයි අපමණ අගයක් දැනෙන්නේ??පුලුවන්නම් අර යසොදරගේ මොන්ටිසෝරි පන්තියේ යාළුවො ටිකකුත් ඉන්නවලු, ඒ අය වත් ඕකට එකතු කරගෙන අකණ්ඩව දිගටම වර්ජන කරන්න.
එකනෙමේ, ඊයේ දොස්තර ගොල්ලෝ දැවැන්ත වැඩවර්ජනයක් කලානේ? ලෙඩ්ඩුන් වෙනුවෙන් ඒ කල උදාර සේවය නිසා වෙනදාටත් වඩා හොඳට චැනල් සෙන්ටර් එකේ වැඩ කටයුතු සිදු උනා. ඔය වෛද්‍ය බබාලත් ලොකු කට්ටිය කියන දේ හොඳට අහලා දිගටම වර්ජනයේ යෙදෙන්න. දියුණු වෙන ජාතියක් විදිහට ඔන්න ඔහොම තමයි හිතන්න ඕනා. අනික පඳුරකට ගලක් ගැහුවාම විසිවෙන්න තරම් දොස්තරලා රටකට මොකටද?ඔය චැනල් සෙන්ටර් ගාස්තුව අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් වෙන්න ඕනා. අන්න එතකොට තමයි අපමණ අගයක් දැනෙන්නේ??පුලුවන්නම් අර යසොදරගේ මොන්ටිසෝරි පන්තියේ යාළුවො ටිකකුත් ඉන්නවලු, ඒ අය වත් ඕකට එකතු කරගෙන අකණ්ඩව දිගටම වර්ජන කරන්න.
ලංකාව ඇතුළේ තවත් කට්ටියක් ඉගෙනගන්නවා බලාඉන්න බැරි කුහකයෝ. පිටරට උපාධිය හොඳයිද?
මුදල් තිබු පමණින් වෛද්‍යවරයෙකු විය නොහැකිය. සයිටම් ආයතනයේ බොහෝ දෙනා රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට යාමට තබා අසලින් යාමටවත් ලකුණු නොමැති අයයි. එවැනි අය වෛද්‍යවරුන් වීමේ සිහිනය පැත්තක තබා ඒ මුදලින් ව්‍යාපාරයක් හෝ අරඹන ලෙස ඉල්ලා සිටිමි. මේ අය ගැන දුක් වෙන අයගෙන් මට අහන්න තියෙන්නේ ඇයි ඔය කියන අධ්‍යාපනයේ අවස්තාව තමන් නිර්මාණය කර නොදීපු ආණ්ඩුව දෙක මේ අයගෙන් හම්බකරගන්න නෙවිල් කියන මුදලාලි කෙනෙකුට දුන්නේ?
සයිටම් කට්ටියට ලියාපදිංචිය දෙනවට මම නම් කැමති නෑ. හදිස්සියකට බෙහෙතක් ගන්න ගිය වෙලාවක සයිටම් දොස්තර කෙනෙක් හිටියොත් විනාශයි නේ. (බ)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
පුද්ගලික චැනල් සේවා වලටත් විරෝධතා කරන්න. (නි)
සල්ලි ගෙවලා උපාධි දෙන වෛද්‍ය විද්‍යාලවල අසමත්වන සිසුන් ඉන්නවාද? නොදන්නා නිසයි අහන්නේ (නි)
රසාදරී, මෙතන නිකම් පිස්සු දොඩවන්න එපා. ඔබ ඔය කියන ඊආර්පීඑම් විභාගය ලියන්න, සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඉඩ දෙනවද? රෝගීන්ව ඇපයට තබා වර්ජනය කරන, දොස්තරලා සැබෑ වෛද්‍යවරුද? ළිඳේ ඉන්න ගෙම්බෝ ටික හිතාගෙන ඉන්නේ ඒ අය පමණක් කෙරුමෝ කියලයි. (නි)
සත්‍ය, ඉන්දියාවේ දොස්තරලා ඇමරිකාවෙත් ඉන්නවා. මට මෙහෙදී ප්‍රථිකාර කරලත් තිබෙනවා. ඔවුන්ගේ වරදක් නැහැ. ලංකාවේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල බොහෝ දොස්තරලට වඩා ඔවුන් හොඳයි. (නි)
අඳුරේ අතපත ගා මල් වල පාට කියන මහත්වරුනි, වෛද්‍ය සිසුන්ට හෝ වෛද්‍යවරුන්ට තමන්ගේ ඒකාධිකාරය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැත. මෙහි ප්‍රශ්නය ඇත්තේ වෛද්‍ය ක්ෂේත්‍රයට මෙම සිසුන්ට ඇතුළත්වීමට ඇති සුදුසුකම් හා හැකියාව පිළිබඳවයි. අවසානයේ ඔබ රැවටී ඇති බව තේරුම් ගන්නාවිට පෙරහැර ගොස් අවසානය. (නි)
පුද්ගලික විශ්ව විද්යාල වල පාස්වෙන හැටි කවුරුත් දනිති. අපි නොදන්න ලයිව්..... (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ (නි)
අනාගතයෙදි බෙහෙත් ගන්න යන්න කලින් හොයලා බලන්න වෙනවා දොස්තර විභාගය පාස්වෙලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද සයිටම් වලින්ද කියලා? සල්ලි දිලා මැරෙන්න බැහැනේ. (නි)
වුණක් හෙම්බිස්සාවක් හැරෙන්න වෙනත් ශල්‍ය කර්මයක් වැනි ලෙඩක් තියෙන කෙනෙක් ගුවන් පතක් අරගෙන ලංකාවට දුවන්නේ ලංකාවේ දොස්තරලගේ වටිනාකම දන්නා නිසයි. මේ යන විදිහට ඉදිරියේදී ලංකාවට දුවන එකේ තේරුම් නැති වේවි. (ර)
මේවා නිකන් විහිලු. දොස්තර සංගමයට මොකක්ද තිබෙන අයිතිය රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න. ලෝකේ සෑම රටකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා. ලංකාවේ විතරයි එහෙම නැති එකම රට මම හිතන්නේ. මේක තමයි සිංහලයාගේ කුහකකම. නියාමනය කළාම ප්‍රශ්නයක් තියනවා නම් එක සුදුසු ප්‍රමිතියට හදලා මේ ආයතනයෙන් ඉගෙනගන්න ළමයින්ට ඉඩ දියයුතුයි. (නි)
මෙතන අදහස් දාන අයට එක දරුවෙකුට රුපියල් ලක්ෂ 65 දීල උගන්වන්න පුළුවන් කමක් තියෙන උදවිය කියල මම දැනගෙන හිටියේ නැහැ.මට සමා වෙන්න. (බ)
විකුම් රංගන, ඒ විභාගේ ලියන්න නොදෙන්නේ එතරම්වත් සුදුසුකම් සයිටම් එකට නැති නිසා වෙන්න ඇති. චරිනි, ලෝකේ හැම රටකම වගේ වෙන රටකින් වෛද්‍ය උපාධිය අරන් එන අයට එරටේ තිබෙන සුසුදුසුකම් මනින විභාගයකට මුහුණදිය යුතුයි. අන්තර්ජාලයේ හොයලා බලන්න (නි)
සයිටම් වගේ ඒවා නැතිකරනවා වෙනුවට ඒවා සුදුසු ප්‍රමිතියකට ගොඩනගා දෙන්න කියලා කියන්නේ නැත්තේ ඇයි. එතනයි මෙම විරෝධ වල රහස තිබෙන්නේ. පරස්පරවිරෝධී අදහස් ඇති ආණ්ඩු දෙකක්ම මේ සම්බන්ධව එකඟවී කටයුතු කරන්නේ මන්ද? මේවා රටට උවමනා නිසා. (නි)
තිලක් ඩුබායි, මේක යහපාලන ආණ්ඩුව කියලා දැනගත්තොත් හොඳයි (නි)
මේ තිලක් ඩුබායි හෙම්බිරිස්සාවටත් ටිකට් එකක් අරගෙන එන්නේ මුල්ලේරියාවේ රෝහලට වෙන්න ඇති නේද? ලංකාවෙත් ඔහොම අය ඉන්නවා සිංගප්පුරු දුවන. සමහරවිට එහෙත් ඇත්තේ මෙහෙ තියන මුල්ලේරියාව වගේ එකක්ද දන්නේ නැහැ. (නි)
මේ වගේ උද්ඝෝෂණ වලට මහජනතාව එරෙහි වෙන්න ඕනෑ (නි)
ඩුබායි තිලක්ට තියෙන්නේ නිකම් උණක් නෙමෙයි, ඔහු මොළේ උණකාරයෙක් වගෙයි. ඔය වගේ අයට හරියන්නේ මුල්ලේරියා රෝහල විතරයි. (නි)
උපාධිය විභාගයක් නොකරම සල්ලි දීලා ගන්න පුළුවන් කිව්වත් එ්කටත් හොඳයි කියන මට්ටමේ මෝඩ රැළකුත් අද ලංකාවේ ඉන්නවා කියලා දැනගත්තේ උඩින් තියෙන අදහස් දැක්කහම. නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් උගන්වන එකම නෙමෙයි. නිදහස් අධ්‍යාපනයෙන් එළියට එන දරුවට සාධාරණ තරඟයකට මුහුණදී රැකියාවක් ලබාගැනීමේ නිදහසත් තිබිය යුතුයි. උසස්පෙළ එස් 3ක් ගත් කෙනත් සල්ලිදීලා දොස්තර වෙනවා නම් එතන තිබෙන නිදහස් අධ්‍යාපනයෙන් ඇති වැඩේ මොකක්ද (නි)
වෛද්‍ය උපාධියත් මොන්ටිසෝරි ඩිප්ලෝමා ගානට දාන්නද හදන්නේ? (නි)
මාලබේ මේ රෝහලට පැමිණෙන විශේෂඥ වෛද්‍ය වරු ටික කොහේ අයද කියලා වෙබ් සයිට් එකට ගිහින් බලාගන්න. එතකොට තේරෙයි යථාර්තය මොකක්ද කියලා. ඔය කියන රජයේ විශ්ව විද්යාල වල ඉගෙන ගත්තු දොස්තරලා තමයි එතන ඉන්නේ. (ර)
මම නම් කියන්නේ අධ්‍යාපනය නොමිලේ දෙන එක නවත්තන්න ඕනි. උගන්නන හැම අකුරක් ගානෙම සල්ලි අය කරන්න ඕනි. සල්ලි තියන අය ඉගෙන ගනීවි. අනිත් අය වෙන මොනවා හරි කරාවි. මම මගේ උසස් අධ්‍යාපනය උපාධියෙන් කෙළවර කළේ මහ ජනයාගේ බදු මුදලින්. මගේ ළමයින්ට එහෙම කරන්න ඕනි නෑ. මට පුළුවන් එයාලට වියදම් කරන්න. අනිත් අයගේ ළමයි මට අදාළ නෑ. මගේ අදහස නිවැරදියි නේද මිත්‍රවරුනි? (බ)
මේ වෙන කවුරුවත් නෙවෙයි පුංචි කාලේ අල්ලපු පුටුවේ ළමයාට මකන කෑල්ලවත් පාවිච්චි කරන්න දෙන්න එපා කියලා දෙමව්පියන් කුහක කම ඔලුවට දමපු නුතන පරම්පරාවේ ළමයින්. අනේ රටට ගිය කලක්. ! (බ)
මොකද මේ තිලක් ඩුබායි නැට්ට ගිනි අරගෙන වගේ මෙතන බෙරිහන් දෙන්නේ? (ර)
යශෝධරා.මොන්ටිසෝරි ඩිප්ලෝමා කරපු කෙනෙක්නෙ රට පාලනය කළේ.ඉතින් මොන්ටිසෝරි ඩිප්ලෝමා කරලා දොස්තර කෙනෙක් වීමේ වරදක් තියෙනවද? (බ)
සම්පත් පෙරේරා. අනිවාර්යෙන්ම යහපාලනයෙන් ඉෂ්ට වෙන්න ඕනේ ඒකයි. (බ)
මේ විෂබීජය දාපු පටන් ගත්තු එකාගේ මාලිගාව වටලන්න තියෙන්නේ. (බ)
ජයසිරි.හිටපු කෙනාට පුදුම හදිසියක්නේ තිබුනේ. සල්ලි කුට්ටිය ගිණුමට කලට වෙලාවට වැටෙනවානම් රටට හෙණ ගැහැව්වත් කමක් නැහැ කියල තියරියනේ අනුගමනය කළේ. දැන් විෂබීජය ඔඩු දුවල ඉවරයි. (බ)
සුනිමල් ඔයාගේ කතාවට මසුරන් ඉතා හොදයි . නිදහස් අධ්‍යාපනය, යුක්තිය කියන්නේ තමන් කැමති ලෙස වෛද්‍ය උපාධියත් ගැනීම නේද ? අනේ මෙහෙම කුහකයෝ රැල ගෙදරම යැවිය යුතුයි (බ)
මේ අයගේ මුහුණු හොදින් බලාගන්න. මොවුන් ගාවට පසුකලකදී බෙහෙත් ගැනීමට යාමෙන් වළකින්න (නි)
එරන්දි, විශ්ව විද්‍යාල පනතට අනුව උසස්පෙළ එස්-3 ලබපු කෙනෙක් පවා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුස්සෙක්. 'ඒ' ගත්ත අය පමණක් වෛද්‍ය විද්‍යාලයට ගන්නේ ඉඩ පහසුකම් සීමිත නිසා. නැතුව ඒ අයට පමණයි දොස්තරවරු වෙන්න බුද්ධියක් ඇත්තේ කියා දෙයක් නැහැ. (නි)
රජයේ වෛද්‍ය ඒකාධිකාරයට පහර වදිනවාට ඇති අකමැත්තයි මේ අයට තියෙන්නේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, මැලේසියාව වගේ රටවලත් තියෙනවා. මෙය වෘත්තීය කුහකකම පමණයි (නි)
වෙන රටවල ගිහින් වෛද්‍ය උපාධි ගත්තට මෙහෙ ආවොත් ආයෙත් තව විභාග ලියන්න ඕනෑ. (නි)
සල්ලි ඇති අය උපාධි ගත්තට කමක් නැහැ. නමුත් වෛද්‍ය උපාධිය කියන්නේ ජිවිත එක්ක කරන සටනක් නිසා එය නියම උගතුන්ට පමණක් දිය යුතුයි. (නි)
රජයේ වෛද්‍ය ඒකාධිකාරයට එරෙහිව අපිත් එළියට බහින්න කාලය හරි වගෙයි (නි)
මහේෂ්, ඔබගේ අදහස හරි. එ්ක තමා වියයුත්තේ මෙරට ඉදිරියට යාමට නම් (නි)
ඉන්දියාවට ගිහින් උපාධිය ගන්න මොන ඉහළ සුදුසුකම්ද? (නි)
එතකොට පුද්ගලික චැනල් සේවා හොඳද දොස්තරලට? (නි)
මේ සයිටම් එකේ ඉන්න අය ඔක්කොම උසස්පෙළ ඉහළින්ම විද්‍යා අංශයෙන් සමත් අයද, ඔවුන්ගේ සුදුසුකම් මොනවද? සයිටම් එකේ අදාළ ප්‍රමිතිය තියෙනවද? මේවා කව්ද සොයන්නේ? හුදෙක් සල්ලි පමණක් සුදුසුකම නොවිය යුතුය. (නි)
වැඩි පිරිසක් මෙම විරෝධතා මාලාවේ ඇති අන්තර්ගතය නොදැන සිටීම කණගාටුදායක කරුණක්. ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය නොවන හෝ වෙනත් රටකින් වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති අයකුට වෛද්‍ය වෘත්තිය සඳහා පවතින සම්මත ක්‍රමවේදය නම් තම රටෙහි ඇති යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමයි. අප රටෙහිද තත්වය එයයි. විදේශ රට වලින් වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණෙන සිසුන් මේ සඳහා ඉදිරිපත්ව එයින් සමත් වන සිසුන් පමණක් අපරටේ වෛද්‍ය වෘත්තිය සඳහා සුදුසුකම් ලබයි. සයිටම් ආයතනය මඟින් පිටවන සිසුන් සඳහාත් මෙය අදාල වියයුතු නොවේද? (නි)
දින පනහක් නෙමෙයි අවුරුදු දෙක තුනක්වත් හිරේ දමා දඬුවම් දියයුතුයි. නවකවදය දෙන අයට දඬුවම් දී ඔවුන්ගේ නම් ප්‍රසිද්ධකර රැකියාවක්වත් ලබාගැනීමට නොහැකිවන ලෙස කටයුතු කළයුතුයි (නි)
සුනිමල් ඔයාගේ කතාව 1000% හරි. ඔවුන්ගේ එ්කාධිකාරය පරාජය කළයුතුයි (නි)
නීතියක් තියෙනවා නම් ලෙඩ්ඩු ඇපේට තියල වර්ජනය කරන උන්දැලා ඔහොම සෙල්ලම් කරනවද ? ලෝක ධර්මේ හැටියටනම් ඉතින් තමුන්ගේ දරුවොන්ට තමයි ඊයේ බේත් නැතුව මිනිස්සු සාප කර ඒවා පලදෙන්නේ. (බ)
ජෙවීපී කවදත් තරුණයන් ඉගෙන ගැනුමට විරුද්ධ නිසා මෙය ඔවුන්ගේ තරුණයන් බිල්ලට දෙන තවත් වැඩක් වෛද්‍ය සංගමයත් ඔවුන්ගේ අත කොලුවක් (බ)
රුසියාවේ/ චීනයේ/මැලේසියාවේ ගිහින් අපේ විදේශ විනිමය වැයකරලා වෛද්‍ය උපාධිය ගන්න අයට කිසිම විරෝධතා නැහැ . අනේ මෙහෙම කුහකයෝ රැලක්. (නි)
රටේ මුදල් එළියට යන එක හරිද? (නි)
ලංකාව ඇතුළේ තවත් කට්ටියක් ඉගෙනගන්නවා බලාඉන්න බැරි කුහකයෝ. පිටරට උපාධිය හොඳයිද? (නි)
අධ්‍යාපනය සැමගේ අයිතියක්. එබැවින් යමෙකුට මුදල් දේ හෝ අධ්‍යාපනය ලැබිය හැකි නම් ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න. වෛද්‍යවරුන්ගේ තර්ජන හුදෙක් ජනතා සුවසෙත පිණිස නොව ඔහුන්ගේ එ්කාධිකාරය රැකගැනීම සඳහාය. ගුණාත්මකබව රැකගැනීමට කළයුත්තේ අවශ්‍ය ප්‍රමිති නිර්දේශකර පරිපාලන ක්‍රියාවලියක් ස්ථාපනය කිරීමයි (නි)
තව කෙනෙකුගේ අධ්‍යාපනය නවතන්න කියන එකද නිදහස් අධ්‍යාපනය, යුක්තිය කියන්නේ? (නි)
එහෙව් තැනින් ඉගෙන ගන්න අයට අබ සරණයි.(හේ)
නිමල්කා, දන්නවද ලංකාවේ අනෙකුත් වෛද්‍ය පීඨ වලින් පිටවන අයත් ඒ සී ටී 16 විභාගය සමත් වියයුතු බව? ලංකාවේ වෛද්‍ය පීඨ බොහොමයකින් උපාධි ගන්න අය එයට පෙනීසිට නැහැ. එසේ නම් හොඳම දෙය ඊට පෙනීනොසිටි සියලු අයගේ ලියාපදිංචිය අහෝසි කිරීමයි. එසේ නොකර වර්ජන කරන්නේ කගේ කාගේත් කිල්ලෝටවල හුණු ඇති නිසයි. (නි)
මේකේ අවසානයක් දකින්න නම් ලැබෙන්නෙම නැති හැඩයි (නි)
මාත් එක්ක රැකියාව කරන ඉන්දියාවේ යහළුවන්ගේ දරුවෝ මුදල් යහමින් වියදම් කරලා ඉන්දියාවේ දොස්තරලා වෙන්න ඉගෙනගන්නවා. උපාධිය ගත් ගමන් මැදපෙරදිගට එවනවා. දෙවියන්ගේම පිහිටයි. (නි)
මෙම විරෝධතාවය 100%ක් සාධාරණයි. (නි)
ඔක්කෝටම කලින් ළමයින්ගෙන් සල්ලි අරන් වෛද්‍ය උපාධිය පටන්ගන්න කලින් මේ ප්‍රශ්න විසඳාගෙනයි මේක කරන්න තිබුනේ. නමුත් කවුරුහරි ඉක්මනට පටන් ගත්තා හරියට වෙන දෙයක් නොදැන. එතැනයි වරද. (නි)
අනේ මන්දා කවුරු නිවැරදිද කියලා (නි)
ඇයි මේ ප්‍රශ්නය රජයට මැදිහත්වෙලා විසඳන්න බැරි? (නි)
අපේ රටේ සාපෙළ අසමත් බහුතරයක් අය පෙර පාසැල් දාගන්නවා. උසස්පෙළ අසමත් අය වෛද්‍ය විද්‍යාල වලට යනවා. (නි)
නමට වෛද්‍යවරු බිහිවෙලා වැඩක් නැහැ. සුදුසකම් ඇති දක්ෂ වෛද්‍යවරුනුය් ඕනේ.(හේ)
සරසවි සිසුන් සිසුවියන් 9 ක් දින 50ක් රිමාන්ඩ් කරලා, ජාතික විශ්ව විද්‍යාල රටට එපා නම් සයිටම් වගේ ඒවා දාමුද. (නි)
එස්-3 ලබපු අය විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුස්සෙක් නම් නෙමෙයි. සම්මාන දෙකකුත් තියෙන්න ඕනේ නේද? (හේ)
සල්ලි ගෙවලා වෛදය උපාධිය අරන් දුන්නට ඒ අයගෙ අම්මා තාත්තාවත් බෙහෙත් ගන්න නම් යන එක්ක නැහැ. මොකද පැටිකිරිය දන්න නිසා. වෙන වෘත්තින් වගේ නෙමෙයි වැරදුනොත් අඩි 6 ක් පොලොව යට නිසා ටිකක් භයානකයි (හේ)
සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල වසා දමා රජයේ විශ්වා විද්‍යාල ළමුන්ට සාධරණය ඉෂ්ට විය යුතුයි. (හේ)
මේ අදහස් පළ කරන්නවුන් අධ්‍යාපන අනාගතය පිළිබඳ හැගීමක් නැති අය (බ)
නිමල්කා කියන දේ හරි. මේකේ ඇත්ත තත්වේ මිනිස්සු දන්නේ නැ. පිටරට උපාධි අරගෙන එන අය මෙඩිකල් කවුන්සිල් එකෙන් තියන ඊආර්පීඑම් විභාගය සමත් වුනොත් පමණයි වෛද්‍ය වරයෙක් විදියට සුදුසුකම් ලබන්නේ. නමුත් සයිටම් එකේ සුදුස්සන්ට මේ විභාගය නොලියා මෙඩිකල් කවුන්සිල් අනුමැතිය ලබා දීමට යාම තමයි මෙතන තිබෙන ගැටලුව. (බ)
මෙතන නිදහස සෞඛ්‍යයේ මළගම කියල මිනි පෙට්ටියක් තියනවා. නිදහස් සෞඛ්‍ය මළේ පුද්ගලික හොස්පිටල් නිසා.ඒවයේ ඉන්නෙත් ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වල පිනට ඉගෙනගත් ඔබලා වගේම දොස්තරලා. ඉස්සල්ලම පුද්ගලික හොස්පිටල් වහලා හිටපල්ලා. (බ)
වෛද්‍ය සංගමයයේ උවමනාව සයිටම් තුලින් හා එට්කා හරහා තමාගේ රැකියාවට එල්ල වන බාධකය නැති කර ගැනීම. ඒකාධිකාරයක් පවත්වා ගැනීමයි. තමාගේම රැකියාවට එකතුවීමට උත්සාහ කරන කොටසකගේ අයිතිය නැති කිරීමයි. ඔය කියන අයගේ රුසියාව,නේපාලය,චීනය රටවලට ගිහින් උපෙළ ඒ 3ක් ගත්ත අයත් වෛද්‍ය උපාධිය අරගෙන ලංකාවට ඇවිත් රජයේ රෝහල්වල සේවය කරන්නේ. (බ)
උසස් පෙළ සමත් නැති අයටත් වෛද්‍ය උපාධිය දීමයි මෙතැන ප්‍රශ්නය (බ)
අපේ රටේ වෛද්‍යවරුන්ගේ මතය පුද්ගලික රෝහල් පුළුවන් තරම් අරින්නත්, වෛද්‍යවරු බිහිවෙන එක අඩුකරන්නත්ය. එතකොට ඒ අයගේ ඉල්ලුම වැඩිවෙනවා. (නි)