IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සයිනොපාම් ගත්තොත් දිගටම කොරෝනාවට වැට

(සුජිත් හේවාජුලිගේ)

සයිනොපාම් එන්නත ලබා ගත්  පුද්ගලයන්ගේ ශරීරයේ කොරෝනා  වයිරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය  අඛණ්ඩව දක්නට ලැබෙන  බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන  අංශය   කළ පරීක්ෂණයකින්  තොරතුරු අනාවරණයවී ඇත.

සයිනොපාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන  සති 12 ක් ගිය පසුවද  ශරීරයන්හි  ටී සෛල   කොරෝනා වයිරසය  ආගන්තුක දේහයක් ලෙස සලකා සාර්ථක ලෙස    ප්‍රතිචාර  දක්වා තිබූ බවද එම පරීක්ෂණය මගින් හෙළිදරව්වී ඇත.

මේ පරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරන  එම  අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය  චන්දිම ජීවන්දර මහතා  සඳහන් කරන්නේ සියලුම වයස් කාණ්ඩවලට  එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය කල්යත්ම  අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

වයිරසයට එරෙහිව ප්‍රතිදේහ ජනනය වීම විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ  කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවද එම  පරීක්ෂණය මගින් තහවුරුවී ඇත.

කෙසේ වෙතත්  ප්‍රතිශක්තිය දුර්වලවීම හමුවේ රෝහල් ගත කිරීම සහ රෝගය බරපතළ තත්වයට පත්වීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව එම  පර්යේෂණ කණ්ඩායමේ අදහසවී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශය  සයිනොපාම් එන්නත මගින් ප්‍රතිදේහ ජනනයවීම සහ  එම  එන්නත ගත් පුද්ගලයන්ගේ ශරීරයන්හි   ටී සෛල කොරෝනා  වයිරසයට එරෙහිව දක්වන  ප්‍රතිචාර පිළිබඳව  මෙම පරීක්ෂණය මගින් සොයා බැලිණ.



අදහස් (6)

සයිනොපාම් ගත්තොත් දිගටම කොරෝනාවට වැට

Prabha Tuesday, 19 October 2021 04:00 PM

වයිරස් එක හැදුව කට්ටියම තමා බෙහෙත් දන්නේ

:       0       1

de silva Tuesday, 19 October 2021 06:26 PM

මුලින්ම පොදු ප්‍රවාහන සේවා, රජයේ කාර්යාල වල සේවා ලබාගන්න එන වයස 50ට වැඩි පුද්ගලයන්ට දෙසැම්බර් මාසේ සිට එන්නත්කරණය අනිවාර්ය කරන්න.

:       0       4

බද්රානි Tuesday, 19 October 2021 06:40 PM

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් චීන සමාගමකට පවරලා වත්ද?

:       11       9

Demuni Uduwara Tuesday, 19 October 2021 07:56 PM

එකම විශ්ව විද්‍යාලයෙන් නැවත නැවත විකාශනයක් !

:       7       5

ජනතාව Tuesday, 19 October 2021 09:25 PM

මේ විදියට වරින් වර ප්‍රකාශ දුන්නත් මේ එන්නත ගත් අයටත් රෝගය වැලදුණා. ෆයිසර් බූස්ටර් එන්නත අවශ්‍ය නැහැ කියන්න කරන උත්සහයක්ද අපි දන්නෙ නැහැ. හැබැයි හරි විදියෙ එන්නත් ගහල සියල්ලෝ නගා සිටවා ගත්තොත් මිස ෆයිසර් දෙන්න ලෝභකම් කරන්න ගිහින් කොරෝනා අපිට නැගිටින්න බැරි තරම් පහර දෙන්න ඉඩ තියනවා.

:       9       5

69lakshaya Wednesday, 20 October 2021 12:48 AM

ඕක අර WHO එකේ ඉන්න අයට කියන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1607 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 510 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3372 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 467 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 926 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2838 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1768 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site