IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සොයිසා ඝාතනයේ දෙදෙනෙක් රඳවා ගැනෙති : හයක් රිමාන්ඩ්

අනුරාධපුර පැනෝරාමා රාත‍්‍රි සමාජ ශාලාවේ අයිතිකරු වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කර එම සමාජ ශාලාවේ  කළමනාකරු  ඇතුළු තවත් පිරිසකට බරපතල තුවාල සිදු කර දේපල හානි කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙක් නොවැම්බර් මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උමේෂ් ශානක කලංසුරිය මහතා  නියෝග කළේය.

වසන්ත සොයිසා කරාටේ ශූරයෙකි.

ඉතිරි සැකකරුවෝ දෙදෙනෙක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරිමට මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට අධිකරණයේ අවසරය දුන්නේය.

අනුරාධපුර උදය මාවත බී.එම්.චාරුක මධුෂාන් සහ අනුරාධපුර ජයසිරිපුර පාරින්ද මේනක ගුණතිලක රඳවා ගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත් අනුරාධපුර, දහයියාගම කේ.දිල්රුක් චරිත පෙරේරා, අනුරාධපුර, කුඩාපාලාඩිකුලමේ ජේ.එම්.ඩී.මධුසංඛ කරුණාරත්න, අනුරාධපුර, මිහිදුපුර එම්. කුෂාන් චරිත පෙරේරා, අනුරාධපුර පුබුදු මාවතේ එස්.කේ.ඩබ්.චමින්ද පුෂ්ප කුමාර සිල්වා,  අනුරාධපුර, වදාකඩ, ශ‍්‍රාවස්තිපුර එම්.ජී.ගයාන් ලක්මාල් සහ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ගල්වඩුවාගම ආර්.එම්.විරාජ් චතුරංග යන සැකරුවන් අතරින් වැඩි දෙනකු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක සැකකරුවෝය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයවීමි අංශයේ ස්ථානාධිපති උප පොලිස්  පරික්ෂක එචි.එමි.යසරත්න මහතා සදහන් කලේ පසුගිය 24 දා රාත‍්‍රියේ විස්සකට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් මැර කණ්ඩායමක් අනුරාධපුර කඩ 50, මුදිතා මාවතේ පැනොරාමා රාත‍්‍රි සමාජ ශාලාවට කඩාවැදි එහි දේපළවලට බරපතල ලෙස හානි සිදු කර ඇතැයිද කියති.

මෙම පහර දීමෙන් සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තවත් කිහිප දෙනකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවද කියා සිටි උප පොලිස් පරික්ෂක  යසරත්න මහතා  සිද්ධියෙන් පැය 24 ක් යන්නට මත්තෙන් සැකකරුවන් අට දෙනකු අත් අඩංගුවට ගැනිමට අනුරාධපුර පොලිසියට හැකිවිනැයිද කීය. මෙම අපරාධය සිදු කිරීමට සැකකරුවන් යොදා ගත් බවට සැක කෙරෙන පොරෝ තලයක්, යකඩ බටයක්, ලී පොලූ කිහිපයක්, ටිපර් රථයක්, මෝටර් රථයක් සහ ත‍්‍රිරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බවද අධිකරණයට සැළ කළ යසරත්න මහතා  මෙම සංවිධානාත්මක අපරාධයේ ප‍්‍රධාන සැකකරුද සැලසුම්කරුද බවට සැක කෙරෙන  යුධ හමුදා විශේෂ බලකායෙන් පැන ගිය  සෙබළකු ඇතුළු තවත් සැකකරුවන් 15 දෙනකුට අධික සංඛ්‍යාවක්  අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇතැයිද කීවේය.

websoyza_20151027M2U04051_0001



අදහස් (0)

සොයිසා ඝාතනයේ දෙදෙනෙක් රඳවා ගැනෙති : හයක් රිමාන්ඩ්

පිටිගල Wednesday, 28 October 2015 05:05 AM

ප්‍රකාශයක් සටහන් කර ගැනීමට වැඩි දෙයක් කිසිම අපරාධයක හෝ හොරකමක චූදිතයෙකුට කරන්නේ නැහැ. නීතියත් පොලිසියත් දෙකම එකයි. ඉස්සර නම් ආයුධ පෙන්නන්නවත් එක්ක ගියා. දැන් එ්කත් නැහැ.මිනිස්සු අපරාධ කරන්න බය නැහැ. අරක්කු ටිකක් බොන්න දීල අන්න අරූව මරපන් කිව්වම මරන්න පැකිලෙන්නේ නැත්තේ මේ නීතියේ තියෙන නිවට කම නිසා නොවෙයිද? (බ)

:       0       0

මනෝ Tuesday, 27 October 2015 01:12 PM

මම දන්නා විදියට අනුරපුර තිබුන එකම බලපත්‍ර නැති රාත්‍රී සමාජ ශාලාව මේය. පස්සේ තමා මෙයාලට බලපත්‍ර දුන්නේ දේශපාලකයෝ. එයාලට කතිරේ ගැහුවේ ඔහේ අයම තමා. මේක පූජා භූමියක්. දිට්ට ධම්ම වේදනීය කර්මයක් වගේ. නිවන් සැප ලැබේවා. (බ)

:       0       0

නසාර් Tuesday, 27 October 2015 04:16 PM

කෙසේ වුනත් මේ අය පොලු අරන් ආවේ අම්මා තාත්තා ගේ බුදලේ වගේ උපරිම දඩුවම් දිය යුතුයි (බ)

:       0       0

සරත් Wednesday, 28 October 2015 06:57 AM

මේ වගේ අය නිසා අන්තිමේදී අනාථ වෙන්නේ අහිංසක බිරිඳ සහ දරුවන්. මේවා කරන්න කලින් නිකමට මෙයාලා ගැන හිතුවද? දැන් මෙයාලට මොකද වෙන්නේ? මොනතරම් දුක් ගොඩක්ද? (නි)

:       0       0

වසන්ජය Tuesday, 27 October 2015 08:30 PM

ශ්‍රී මහා බෝසමිඳුන් රෝපණයෙන් පුජනීයත්වයට පත්වූ, ගොවිතැනින් ධාර්මික දිවිපෙවෙත් ගතකරන අහිංසක ජනයා සිටින අනුරපුරයට නයිට්‌ ක්ලබ් සංස්කෘතියක් රැගෙන එනවාට අපි නම් අකමැතියි (නි)

:       0       0

විකුම් Tuesday, 27 October 2015 10:44 PM

දැන් මුහුණු වහගෙන යන්නේ සමාජයට මුහුණදෙන්න ලැජ්ජාවට වෙන්න ඇති (නි)

:       0       0

විජේපාල Wednesday, 28 October 2015 03:28 AM

මොවුන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

අතුල Wednesday, 28 October 2015 03:39 AM

අනෙක් අයටත් පාඩමක් වෙන්න මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2392 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 382 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 471 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 420 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 737 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 427 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site