IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


'සියළු බර ජනතාවගේ හිසමත'

(ඩයනා උදයංගනී)

අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි නිදහසෙන් පසු පළමු වතාවට රට බංකොලොත් වීමට යන බව කී මන්ත්‍රීවරයා කිරිපිටි, ගෑස්, භූමිතෙල් මෙන්ම විදුලිය නැති රටක් වීමේ භයානක අනතුරට රට ගමන් කරමින් ඇතැයි සඳහන් කළේය.

රට ගලවාගැනීමේ වැඩපිළිවෙල නුදුරේදීම ජාතිය හමුවට ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව කී චම්පික රණවක මහතා මෙම තත්වයෙන් රට මුදා ගැනීමට එක් වන්නැයි ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ දූෂණයට යටත් නොවූ දේශපාලකයින්ගෙන්, රට කරවා පුරුදු නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් කෝටි 150 ක පමණ විදේශ වත්කමක් බව කී මන්ත්‍රීවරයා එළඹෙන වසරේ මුල් මාස කිහිපය, අතිශය තීරණාත්මක වනු ඇතැයි සඳහන් කළේය.

එම ප්‍රමාණයත් යහපාලන රජය සමයේ ගොඩනගා ගත් සංචිතවල ඉතිරිය බව කී මන්ත්‍රීවරයා 2022 වසරේ ගෙවිය යුතු සමස්ත ණය බර පමණක් ඩොලර් කෝටි 700 කට අධික බව ද කීවේය.



අදහස් (11)

'සියළු බර ජනතාවගේ හිසමත'

ajith Wednesday, 15 December 2021 05:29 PM

අර මහපාරෙ වාහන අනතුරකින් අසරණ වූ තරුණයාගේ වගකීමත් මේ වනවිට දරන්නේ ඔහුගේ දුප්පත් දෙමව්පියන් විසිනි. වගකිව යුත්තෝ නිහඬව සිටියි.

:       22       14

RawanaWednesday, 15 December 2021 05:55 PM

යන්නේ කොහෙද මල්ලෙ පොල්, රට ගොඩ ගත හැක්කේ පාඨලී ප්‍රමුඛ සංධානයකට පමණි

:       8       8

lalThursday, 16 December 2021 06:56 AM

අපේ මිනිස්සු බහුතරය කියන දෙය වටහා ගන්නේ නැහැ. කියන දේ ඇත්තනම් ඒක පිළිගන්න. පසුව වෙනත් විවේචන කරන්න. හෝද හෝද මඩේ දැම්මට තියෙන එකම චෝදනාව රිය අනතුර. එය දේශපාලනයෙන් තොර දෙයක්. රට ගොඩගන්නනම් මෙවැනි මොළ අනුර වැනි අවංක දක්ෂ නිර්භිත මොළ සමග එකතු විය යුතුයි.

:       1       3

මහසෙන් Wednesday, 15 December 2021 05:34 PM

මෙන්න වෙන්න ජනපති, ඊළඟ කෙනා. රට කරවා පුරුදු දූෂන චෝදනා නැති පක්ෂ විපක්ෂ අයට ආරාධනා කරන්නේ අනික් වෙන්න ජනපති ළඟ ඉන්න අය.. පිරිසිදුම අය නෙවේද? අම්මේ රටට ආදරේ කට්ට්ය දැන් වැහි වැහැලා.

:       12       13

abWednesday, 15 December 2021 08:12 PM

පොරවාගෙන සිටින සාලුව පිරිසිදුවට අතුල්ලා නැත. පිරිසිදු නැත.

:       2       4

fairoosWednesday, 15 December 2021 08:15 PM

වහල්ලු ඉතින් රාජපක්ෂවරුන් මොනදේ කළත් හරි කියන මතයේ තමයි ඉන්නේ... මේ ආණ්ඩුව රටට සාපයක්..!!! 

:       7       11

SUNIL MILANO Wednesday, 15 December 2021 07:56 PM

එලොවත් නැති, මෙලොවත් නැති මිනිස්සු... හරි නම් මෙයා ඉන්න ඕනෑ ඇතුලේ... !

:       3       1

Soma dubayi Wednesday, 15 December 2021 08:44 PM

ජනතාවට ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ මහත්තයෝ... !

:       15       6

යෝගා Wednesday, 15 December 2021 08:52 PM

රට ගලවාගන්න කතා කරන්න ඉස්සෙල්ලා තමුන් ශීලාචාර මනුස්සයෙක් වෙන්න බලන්න...

:       9       14

RaveendraThursday, 16 December 2021 06:11 AM

ඔබගේ අදහස් 100% නිවැරදිය. මෙලොව තිබෙන "සරලම න්‍යායාය වන තමන් තමන්ට අවංකද" යන න්‍යාය නොදත් මහදැන මුත්තෙක් නේද මේ රටට ආදරේ වගේ තප්පුලන්නේ. දේශපාලුවන් 226 දෙනාම කොච්චර පව්කාරයන්ද.....??

:       1       5

Bamunuarachchi Thursday, 16 December 2021 04:16 PM

නැතුව කවද්ද අපේ බර ඔහෙලගේ ඔලුවලට ගත්තේ...? ඔහෙලා කලේ බර අපේ ඔලුවට තිබ්බ එකයි..

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 445 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 218 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 711 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 920 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 514 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 600 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site