IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්

(යොහාන් භාසුර)

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආසන්නයෙන් ද, මහ මළුව වෙත පිවිසීමට නියමිත බවත් පොලිස් අධිකාරී ඩී. සී. ඩී. ඉලංගකෝන් මහතා පැවසීය.

මාතලේ, කුරුණෑගල සහ මඩවල දෙස සිට පැමිණෙන බැතිමතුන්ට පහසුවෙන් ඩී. එස්. සේනානායක වීදිය දෙසින් තිබෙන පෝලිමට ඇතුළු වීමට හැකි බවත් ඒ මහතා කීය.

කොළඹ හෝ නුවරඑළිය දෙස සිට පැමිණෙන බැතිමතුන්ට රතු බෝක්කුව හන්දියෙන් ආරම්භ වන පෝලිමට සම්බන්ධ විය හැකි බවත් එම පෝලිම අම්පිටිය දෙසින් ආරම්භ වී රතු බෝක්කුව හන්දියෙන් දෙකට බෙදෙන අතර එක පෝළිමක් වමට හැරී මල්වතු මහා විහාරය අසලින් වේල්ස් පාක් දක්වා පැමිණ ජෝයි බොට්ටුව අසලින් ක්වීන්ස් හෝටලය ඉදිරිපිටට පැමිණෙන බවත් ඒ මහතා පැවසීය.

එතැනින් දකුණට පැමිණ මහමායා ප්‍රාථමික විද්‍යාලය අසළින් අවන්හළ අසළ උල්පැලන්ගේ ඉදිරියෙන් මාලිගාවෙන් පිටතින් වැව අයින දෙසින් ක්වීන්ස් හෝටලය දෙසට පැමිණෙන අතර රතු බෝක්කුව හන්දියේ ඇති පෝලිමට පහසුවක් සම්බන්ධ සියහැකි බව ද ඒ මහතා කීය.

මහනුවර නගරයේ ගැටඹේ ප්‍රදේශයේ සිට විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, පේරාදෙණිය මාර්ගය, කටුගස්තොට දෙසෙට ඩී. එස්. සේනානායක මාවත, තිලක් රත්නායක වීදිය, තැන්නෙකුඹුර මාර්ගය ඇතුළු මහනුවර නගරයේ ඇතුළත ඇති සියලුම මාර්ග සහ අතුරු මාර්ගවල වාහන නැවැත්වීම තහනම් බවත් නගර සභාවෙන් ඉදිකර තිබෙන රථගාල, කරළිය රථ ගාල සහ සහස්උයන රථගාල පමණක් සැහැල්ලු රථවාහනවලට ප්‍රයෝජනයට ගැනීමට හැකි බවත් ඒ මහතා පැවසීය.

නගරය තුළ සිට ක්‍රියාත්මක වන කෙටි දුර ගමන් බස් රථ මහනුවර නගරය තුළ නැවැත්වීමට ඉඩ නොලැබෙන අතර බෝගම්බර බස් පර්යන්තයෙන් ආරම්භ වන දුර ගමන් සේවා බස් රථ හැරුණු විට එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත, යටිනුවර වීදිය යන මාර්ගවල පමණක් දුර ගමන් සේවා බස් රථ කිහිපයක් නැවැත්විය හැකි බවත් එම බස් රථවල ගමන් වාරය ආරම්භ වීමට විනාඩි දහයකට පෙර අදාළ ස්ථානවලට ළඟාවී මගීන් රැගෙන නගරටයන් පිටවී යා යුතු බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ සිට ගැටඹේ දෙසට පැමිණේ නම් ගැටඹේ වටරවුමේදී වාහන නතර කරන අතර සැහැල්ලු වාහන සඳහා ගැටඹේ ක්‍රීඩාංගනය ද, මගී බස් රථ සඳහා ගන්නෝරුව මාර්ගයේ ද, වාහන ගාල්කිරීමට පහසුකම් සළසා ඇති බවත් කුරුණෑගල මාර්ගයේ පැමිණෙන වාහන හතරේ කණුවේ දී ද, මඩවල පාරේ සිට පැමිණෙන වාහන මහින්ද රාජපක්ෂ රඟහල අසලදී ද, නවත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මාතලේ දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන මහනුවර නගරයේ මහයියාව බිංගෙයින් රා කඩේ හන්දිය දක්වා පැමිණ පී.ටී. රාජන් ක්‍රීඩාංගනයේ නැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව කී පොලිස් අධිකාරීවරයා මාතලේ දෙසින් පැමිණෙන බස් රථ ද කුරුණෑගල මාර්ගයට හා මඩවල මාර්ගයට ගොස් නැවැත්වීමේ පහසුකම් සළසා ඇති බව ද පැවසීය.

එසේ පැමිණෙන ජනතාව විශේෂ බස් රථවලින් මහනුවර නගරයට ප්‍රවාහන කරන බවත් හන්තාන සඳගිරි මහා සෑය මාර්ගය පිළිබඳ නොදන්නා බස් රථ පැමිණි විට විශාල තදබදයක් ඇති වන බැවින් හන්තාන සඳගිරි මහා සෑය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් සඳහා ද විශේෂ බස් රථ සේවයක් සැළසුම් කර ඇති බවත් ඔහු කීය.

එම නිසා කටුගස්තොට සිට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලීසිය ඉදිරියට පැමිණ අවශ්‍ය දෙසකට ගමන් කළ හැකි බවත් සෙසු සැහැල්ලු වාහන ඩී. එස්. සේනානායක වීදිය, හරස් වීදිය දක්වා පැමිණ, හරස් වීදියෙන් පහළට ගොස් කොටුගොඩැල්ල වීදියෙන් දකුණට හැරී දළදා වීදියෙන් වමට පැමිණ, කේ.සී.සී. මාර්ගයෙන් ටොරින්ටන් දක්වා පැමිණ යා හැකි බවත් ඒ මහතා පැවසීය.

මහියංගනය දෙසින් පැමිණෙන වාහන බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිටින් නවත්වා බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ නැවැත්වීමට සූදානම් කර අතර බදුල්ල දෙසින් පැමිණෙන වාහන තැන්නෙකුඹුරෙදී නවත්වා එතැන් සිට විශේෂ බස් රථවලින් ප්‍රවාහනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

අම්පිටිය බෝගස අසලදී වහන නවත්වා අසළ ක්‍රීඩාංගනයේ වාහන ගාල් කිරීමේ පහසුකම් සලසා ඇති අතර පොලිසිය ක්‍රියාත්මක කරන රථවාහන සැලැස්මට අනුගතවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කඩුගන්නාවේ සහ කටුගස්තොට සිට එම දිනවල දක්වා සෑම විනාඩි 45 කට වරක්ම මහනුවර දක්වා දුම්රියව සේවයක් ක්‍රියාත්ම වන බවත් ඔහු කීය. 



අදහස් (1)

‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්

Asela Thursday, 17 April 2025 08:40 PM

පාස්කු දිනයට සමගාමීව දන්ත ධාතු ප්‍රදර්ශනය සංවිධානය කිරීම ගැන මට අනාරක්ෂිත බවක් දැනෙනවා කියලා මම හිතන්නේ. සමහර විට මම වැරැදියි. අපි ආරක්ෂාව ගැන සෑහීමකට පත් වෙනවාද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 214 0

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 415 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 26 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 97 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 568 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 1217 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 422 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 424 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site