රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලා එය නොදුන්නැයි හොරම්පැල්ලේ තම ඉඩම් කොටස් දෙකකට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා විසින් නීති විරෝධී ලෙස ගන්නා ලදැයි කියන කේවියට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා නිල්පනාගොඩ ව්‍යාපාරික චින්තක පඬුවාවල මහතා මිනුවන්ගොඩ දිසා අධිකරණයේ නඩු දෙකක් පවරා ඇත. නියෝජ්‍ය ඇමැති උසාවියේ පෙනී නොසිටියේය. ඔහුට සිතාසි බාරදීමට ද නොහැකිවූ බව පිස්කල් නිලධරයෝ කීහ. අතිරේක දිසා විනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියෝග කෙළේ ආදේශික ක්‍රමය යටතේ ඔහු පදිංචි නිවසේ නොතිසි අලවන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර කුමන පක්ෂයකට අයිති වුණත් අපරාධකරුවන්ට නිසි දඩුවම් දෙන්න. (නි)
හට බය අර කොරියානු ජාතිකයන් දෙදෙනාට උන දේ මෙයාට උනානම් අපේ රටට මොනවා වෙයිද?(නු)
මෙහෙම අයට වැරදිලාවත් අනතුරක් වෙන්නේ නැහැනේ. ඇයි ඒ? (නි)
අදහස් දැක්වුවා කියල වැඩක් තියෙනවද?. ගිය වාරේ වගේම තව ටික දවසකින් කියයි අනේ මෙයා එහෙම කෙනෙක් නෙවෙයි අපිට තියෙන හොදම සරන තමයි කියල.(ස)
නරකද අර කහවත්තේ අයගෙන් උපදෙසක් ගත්තානම් (ස)
මෙහෙම නොකළානම් තමයි පුදුමේ. (නි)
ලංකාවට කාගේ සරණක්ද.......ආසියාවේ ආශ්චර්‍ය (ස)
සරණ මිනිස්සු අසරණ කරනවානේ (ස)
එයාව දැන් තියෙන බලතල වලින් ඉවත් කරන්න. (නි)
ඔයාලා ඕන දෙයක් කරන්න . මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ (ස)
දැන් කට්ටියම සදාන් හුසේන්ම මතක් කරගන්න. (නි)
පව් නැති බැරි කමට කීයක්හරි හොයාගන්න යන්න ඇති , ඒකටත් හෙනහුරා පැනපි (ස)
මේ තරම් ලොක්කෙක් වෙන්න ඕන නැහැ. සමහරු මහාපරිමාණ වංචාවලට වරෙන්තු ලබලත් ඔය මාද්‍ය ප්‍රධානීන් එන රැස්වීම් වල අගේට රූපවාහිනී කැමරා ඉස්සරහ පෙනී ඉන්නේ. කෝ ඉතින් යුක්තිය ඉටුවෙනවා? (ස)
මේ වගේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනි (ස)
මේ ගොල්ලෝ කවදාහරි සොබාදහමෙන් පාඩමක් ඉගෙනගන්න එක නම් නියතයි (ස)
මෙයාත් කැළණියෙ එක්කෙනාගේ නායකයෙක්ද?(නු)
මේ දේවදත්තයාට බාර රටයී (ස)
ගරැ කතානායක තුමාට බාරදෙන්න.. මාස තුනක් යන්න කලින් බාරදෙනවා.. දැං හැම ඇමතිතුමෙක්ම කතානායකව විකුණලනේ බේරෙන්න හදන්නෙ..!(නු)
බලන්න. පාර්ලිමේන්තු ඇමතිවරයෙකු කප්පම් ඉල්ලන්න පෙළඹෙවුවා නම් සාමාන්‍ය ජනතාවට, ඔය වගේ වැඩ කොහොම කරයිද? (නි)
ගෙදර දොරේ අලවන්න අවශ්‍ය නැහැ. නොතේසිය අදාළ පුද්ගලයින්ට බාර දෙන්න. එයාලා ඒක ගානට බාරදෙයි. මොකද අර කෙනෙක් ගියේ අධිවේගේ අධිවේගයෙන්ම ගියේ කලින් අහවලාව දැනුවත් කරලනේ. සැ.යු. අනේ මේ නොදන්නා නිසයි අහන්නේ. මොකද්ද ඒ නියෝජ්‍ය ඇමතිගේ නම? (නි)
ලබනපාරත් මෙයාම එයි ජනතාවගේ පිහිටෙන්..!(නු)
මෙයාගේ නියෝජ්‍ය ඇමතිතුමාගේ ගෙදර ඇලෙව්වනම් හරි.. ලබන පාර නම් මෙයාට අපසරණ තමයි..!(නු)
මේක එයාගේ පළමු එක නෙමෙයිනේ..!(නු)
මේවාට විසදුම් දෙන්න පිරිස සූදානමෙන් ඉන්නේ..!(නු)
පාර්ලිමේන්තුවෙ දොරේ ගැහුවනම් දකීවි..!(නු)
සරණ අසරණ වෙලා වගෙයි අපිට හිතෙන්නේ (නු)
ලබනපාරත් මතක ඇතිව කතිරෙ ගහන්න නැතිනම් වැඩේ පව්නේ..!(නු)
අනේ මෙහෙමත් අයද ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ..!(නු)
ජනාධිපතිතුමනි. මෙයා එක්කෙනෙක් විතරයි. මේ අයත් එක්ක ආශ්චර්ය්‍යට යන්න පුළුවන් වෙයිද? (නු)
සරණ අසරණ වැඩ කරන්නේ නැහැ.ඇමති වරුන්ට කොටි 2 කියන්නේ සුළු මුදලක්නේ..අයි මෙහෙම ලැජ්ජා වෙන්නේ...(නු)