(රෝෂන් තුෂාර)

වසර 16ක සිර දඬුවම් විඳිමින් සිටින සිය සැමියාට එරෙහිව විභාග වන තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවම් ලබා ගැනීමට මහාධීකරණ "ආරච්චිට" අල්ලස් ලබාදුන්නේ යැයි කියන හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ සහ අල්ලස් ලබා ගත් "ආරච්චි" ලබන 30 දක්වා යළි රිමාන්ඩ්  ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

ඇප දීමට තරම් කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකු වන ගලගෙදර ආරච්චිලාගේ චරිත් කුමාර සහ හිටපු අමාත්‍ය බිරිඳ චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සැකකරුවන් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අල්ලස් පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමසාරිස්වරයා සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන්ට ඇප නියම කිරීමේ දී සුවිශේෂී කරුණු තිබිය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් නොමැතිව ඉදිරිපත් කළ තුන්වෙනි සැකකාර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයකු වු රාජපක්ෂ මුදලිගේ ජනිත ප්‍රසාද් සමරනායක ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද දන්වා සිටියේය.

අ