නිට්ටඹුව හොරගොල්ලේ නිවාස සංකීර්ණයකට ඇතුළු වී රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අලාභයක් සිදු කිරීමේ නඩුවේ සැකකරුවන් වන ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රදේශිය සභවේ සභාපති ගිහාන් චින්තක අද අධිකරණයේ පෙනී නොසිටි නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඇම් වයි ඇම් ඉර්ෂඩීන් මහතා අද වරෙන්තු නිකුත් කළේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අශෝක වීරක්කොඩි, බී ඇස් කේ බුලත්සිංහල, එරික් සුසන්ත, ප්‍රදීප් මධුරංග, කාවින්ද එදිරිතිලක, චන්දික දුෂ්‍යන්ත, ලීල් ගුණසිංහ, උපාලි සරත් කුමාර, අරුණ වරුසපෙරුම, අසිත මාන්නප්පෙරුම, අමර ලංකා තෙන්නකෝන්, හනීපා මොහොමඩ් නුලව්ප්ර්, මොහොමඩ් නෂිබ්දීන් හා තරංග ප්‍රභාත් යන සෙසු සැකකරුවෝ පහළොස් දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ විස්තර ගම්පහ ජනතාවට රහසක් නොවේ. අනේ හරිම වැදගත් මහත්මයෙක්? (නදී)
රටක යම් පුද්ගලයෙක් දුෂණයන්, මංකොල්ලයන් කර තිබුනොත් කිසිම රක්ෂාවක් කිරීමට සුදුස්සෙක් වෙන්නේ නැහැ.විශේෂයෙන් රජයේ සේවයට ගන්නෙම නැහැ.අනේ ඒකට අපේ ලංකාවේ! (නි)
මොන වැඩේ කළත් ඔවුන්ට නම් බයවෙන්න හේතුවක් නැහැ (නි)
විනිසුරුතුමාට කරදරයක් නම් වෙන්න එපා (නදී)
රටේ ඉහළම තැන සිට ලොක්කන් පවා වරෙන්තු කාරයින් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටින රටක වරෙන්තුවේ ඇති බලය මොකක්ද (නදී)
දේශපාලන පිළිල මුළුමුනින්ම දේශපාලනයෙන් ඉවත්කර දැමිය යුතු කාලය එළඹ ඇත. (නදී)
ගම්පහට තියන අපලයක් තමයි (නදී)
කවුද අල්ලන්නේ ඔට්ටුවක් අල්ලමුද (නදී)
මෙයාල වගේ අය තමා මේ ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ. ගම්පහ තවත් එක්කෙනෙක් ඉන්නේ දැන් නම් බුදු වෙන්න වගේ හදනවා බන කියා කියා එත් එයා කවුද කියල අපි දන්නවා. ඕව මොනවද පබාලත් දිනුවේ ගම්පහින්නේ. (නදී)
හෙට විනිසුරුතුමාට මාරුවක් දෙයිද? (නදී)
මිනිසුන්ට මුල අමතක වෙන්නත්, හැමදාම නත්තල් නැහැ කියලා මතක් වෙන්නත් 20 අවුරුද්දක් ඇති. 1994 දී මේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් වල හිටියේ චුටි බබාලා. දැන් අවරුදු 20 -25 තරුණයෝ. ඒ තාත්තලාටත් පුතලාටත් අනිත්‍ය බව ඉගෙනගන්න කාලය දැන් හරි. මේ රටේ මිනිස්සු ජීවත්වෙන අමාරුව මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. (නි)
මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනා (නදී)
කාටවුණත් ඔහොම තමයි වැරැද්දක් කළා නම් (නි)
බලමුකෝ ඉස්සරහට වෙන දේ.... (නි)
වීරසිංහ මහත්තයෝ, අනේ අපි මේ සාමාන්‍ය මිනිස්සු හැටියට කොච්චර ප්‍රාර්ථනා කරනවද ඔහොම ප්‍රාතිහාර්ය සිද්ධවෙන්න කියලා, නේද? (නි)
බොහෝදෙනාගේ නම් ඔවුන්ගේ චරිතය සමඟ ගැළපෙන්නේ නැහැ නේද? (නි)
වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න (නි)
කළ කළ දේ පළ පළ දේ... (නි)