ලබන වසරේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට ලබුදූව සිරිධම්ම විදුහල්පති නිහාල් ගුරුසිංහ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් ලබන 21 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. අල්ලස් හෝ දූෂණ කොමිසම පැමිණිල්ල ඉදිරිපත් කළේය. දරුවාගේ මව ලෙස පෙනී සිටි අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරිණියකගෙන් ඔහු අල්ලස් ලබාගත් බවද අධිකරණයේදී කියැවිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පිරිහීම ගුරු දෙගුරුන් ලඟටම ඇවිල්ලා. අනේ අපේ දරුවන්ගේ අනාගතය (නදී)
එරංග ගේ කටට සීනි දාන්න වටිනවා කියපු කතාවට (අ)
ඉතා දක්ෂ විදුහල්පතිතුමෙක් මෙම විදුහලේ සේවය කලා ප්‍රේමසිරි ඈපා කියලා. ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ නිර්දේශයට ළමයි නොගත්ත පවෙන් එතුමාව බොරු චෝදනා මත මාරු කලා. මේ වගේ හොර ගෙඩියෝ තමයි ඒ අයට හොඳ. (නදී)
මේ විදුහල්පතිතුමට මෙහෙම වෙන්න ඕනේ. මීට කලින් වැඩකරපු බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලය විනාශ කළා (නදී)
මේ වගේ ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පතිවරුත් ඉන්නවද ? (නදී)
මේ විදිවට ගාල්ලේ ගොඩක් පාසැල්වලත් විදුහල්පතිවරුන්, විදුහල්පතිනියන් අල්ලස් ගන්නවා කියා කව්රුත් කියනවා. ළමයාගෙන් පලි ගනියි කියා කව්රුත් ඒ බව කියන්නේ නැහැ. (නදී)
උපාලිගේ කතාව සහතිකම ඇත්ත නොවෙයි. මෙයාලා නිකම් අර කිව්වා වගේ පොඩි කූනිස්සන් විතරයි. තෝරු මෝරු විතරක් නොවෙයි, නිල් තල්මස්සුත් ඉන්නවා. (නි)
උපාලිගේ කතාව සහතික ඇත්ත. (නි)
ඒ වගේම ප්‍රකට කාන්තා විදුහලක හිටපු නියෝජ්‍ය විදුහල්පතිනියනුත් එහෙමම තමයි. අත්දැකීම් වලින් කියන්නේ (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
ගාල්ලේ අනෙක් පාසල් ගැනත් සොයන්න. (නි)
අධ්‍යාපන ඇමති තුමනි ගාල්ලේ අනෙක් පාසල්වල විදුහල්පති/ පතිනියන් ගැන අවධානයෙන් හිටියොත් හොදයි...........(අ)
මේ පොඩි මුදලක් නිසා මුළු ජීවිතයම විනශකර ගත්තා. මහත්තයෝ, ඔබතුමාගේ බුද්ධිමත්කමෙන් වැඩක් නැහැනේ. තවත් අල්ලස් ගන්න ඉන්න මහත්වරු ඉන්නවා නම් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
අපොයි මේ මගේ පාසැල නේද ? ආදි සිසුවෙක් විදියට ඇත්තටම කම්පා වෙනවා. (නදී)
ඔබට පුලුවන්ද නැවත ඔබේ සිසු දරුවන්ගේ මුහුණු බලන්න (නදී)
මෙහෙම අහුවෙන්නේ 1% ක් විතර.. දෙමව්පියෝ පැමිණිලි කරන්නේ නැහැ දරුවා ගැන හිතලා. අල්ලස් කොමිසමට නීතිමය බලයක් නැහැ පැමිණිල්ලක් නැතුව පරීක්ෂණයක් කරන්න. පොලිසියට ලොකුම පගා කාරයෝ කියල කවුරුත් බැන්නට පොලිසිය නෙමෙයි අංක එක. මෙන්න කට්ටිය! (නදී)
මේ සිදුවීම ලබන වසරෙදි පලවෙනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරන්න බලාපොරොත්තු වන සියලුම දෙමාපියන්ට හොඳ ආදර්ශයක්. ප්‍රසිද්ධ පාසැල් පගාව ගන්නෙ ආදි ශිෂ්‍ය සංගම් වල ඉන්නා විදුහල්පති නියෝජිතයන් මගින්. (අ)
මෙහෙම ගන්න අය ඕනෙ තරම් ඉන්නවා. කීවත් වගේ මෙතුමා මේ වැඩේට එච්චර පුරුදු නෑ වගේ. නැත්නම් කොහොමද ඔය රුපියල් තිස්දහ හත්ලිස්දහ ගන්න මිනිස්සු ලොකු මිල අදික වාහන පාවිච්චි කරන්නේ ? කොහොම උනත් ටිකක් දුකයි. මේවා නිසා මෙයාගේ දරුවෙකුටත් පාරේ යන්න බැරිවෙනවා. (නදී)
දවසක් ළමයෙකුගේ මාළුපාන් ගෙඩියක් කෑවා යි චෝදනාවට මොහු වේවැල කැඩෙන තුරු තවත් ළමයෙකුට තලා තිබෙන්නත් පුළුවන්.(අ)
මගේ යාලුවෙකුගේ නෑදෑයෙක් මේ විදුහල්පති. මගේ ළමයෙක් පාසලට දාන්න යාළුවා එක්ක කතා කරහම එයා කිව්වේ අපෝ මෙයා නීතියට වැඩකරන කෙනෙක් ඒක නිසා අපේ ළමයෙක් වත් දාන්න බැහැ කියලා. කොහොමද නීති කාරයාගේ වැඩ? තව ඉන්නව ගාල්ලේ (නදී)
මේක මේ පාසැලට විතරද ලංකාවේ හැම ඉස්කොලයක්ම මෙහෙම තමයි. දුප්පතා පාසල් හැර යනවා. දරුවෙක් පාසැලකට දාගන්න ක්‍රමයක් නැති රටක අධ්‍යාපන ඇමතිලා කුමටද? (නදී)
කලට වෙලාවට මුදල් ටික අඩු නැතිව වග කිව යුතු පුද්ගලයන්ට ගෙව්වා නම් ඔහොම වින්නැහියක් සිද්ද වෙන්නේ නැහැනේ. (නදී)
"හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ" . විදුහල්පති තුමනි ඔබට පුලුවන්ද නැවත ඔබේ සිසු දරුවන්ගේ මුහුණු බලන්න, රටට මුහුණ දෙන්න? (නදී)
ගුරුසිංහ මහත්තයගෙ පුහුණුව හොදටම මදි. නිදහස් වෙලා ඇවිල්ල ආයෙත් පත්වීම ලැබුනොත් මට දන්වන්න ඔය වගේ දහගුනයක් හොයන විදුහල්පතිවරු මම දන්නවා ඔබට ඒ අය යටතේ අහුවෙන්නේ නැතිව වැඩේ කරන හැටි ඉගෙන ගන්න පුලුවන්. (නදී)
අද ලංකාවේ මුදල් නොදී දාන්න පුළුවන් රජයේ මහා විදුහලක් හෝ මද්‍ය මහා විදුහලක් තියෙනවා නම් කරුණාකරලා මට දන්වන්න. දන්වන කෙනාට රුපියල් ලක්ෂයක් මම දෙමි. (නදී)
අද වෙනකොට දරුවෙක් පාසලකට දා ගන්න ලක්ෂ ගණනින් ගෙවන්න ඕනේ. 5 වසර ශිෂ්‍යත්වය ගැනත් විශාල බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ.163 දක්වා ඉහල නංවාල තියෙන්නේ දරුවන්ට තිබෙන අදරේට නම් නෙමෙයි. (නදී)