උතුරු මැද වකුගඩු රෝගී පවුල් 400කට වියළි සලාක හා අධ්‍යාපන උපකරණ ලබා දීම දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමයේ පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ (සිරි සමන්තභද්‍ර හිමි) ප්‍රධානත්වයෙන් මැදිරිගිරියේ දී සිදු කැරිණි.
එක් පවුලක් සඳහා පාසල් දරුවන්ට රුපියල් 1500ක පොත් පත් හා නිල ඇඳුම් රෙදිද, දෙමාපියන්ට රුපියල් දෙදහසක බඩු මල්ලක් සමඟ රුපියල් පන්සියයක් ද පිරිනැමිනි.
සිරි සදහම් ආශ්රමයේ කැපකරු දායක සභාව හා විධායක කමිටුව මේ සත්කාරයට මුල් විය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ අැහුවමයි දැක්කමයි රහත් වුනයි කියන අය මෙවැනි දේ කරනවා, අපිටත් ඔවුන් අවබෝධ කළ සසරින් එතෙරවීමේ මග කියාදීම පසෙකින් තියල. (බ)
අපේ ප්‍රණාමය ඔබ වහන්සේට. (ර)
ලංකාවේ කුඩා පිරිසක ගේ එකතුවෙන් මෙච්චර දේවල් කරනවානම් ඇයි අනිත් අයට බැරි..(ම)
මම ඉස්සර මේ ස්වාමින් වහන්සේට නොසෑහෙන්න බැන්නා. පස්සේ අන්තර්ජාලයේ තිබුණ ඔක්කොම වගේ දේශනා ඇහුවා. ඇත්තටම මට වැරදුනා. උන්වහන්සේ කියන දේ හරි. අපි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. පළකිරීම පිළිබඳව ලංකාදීප තරිඳු ජයවර්ධනටත් කාර්ය මණ්ඩලයටත් බොහොම පින්! අපි හොඳ දේවල් වලට උදවු කරන්න ඕනෑ. (නි)
කෙසේ වුවත් අහිංසක ජනයාට යම් සහනයක්. (ර)
ඊළඟ පාර මේ වගේ වැඩක් කරනවා නම් කියන්න. අපි පොත් අරගෙන දෙන්නම්. (නි)
කාශ්‍යප - අපෝ ඔයා ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ ඔහොම කතා කරන්න එපා . උන් වහන්සේ කියන නිවන් මග දන්නෙත් නෑ. අහලත් නෑ . රහතුන් කොයි වගේද දන්නෙත් නෑ . මොන ආගමේද ඔයා? (ස)
උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරලා එකතු වුණ දේවල් වලින් තමා මේ වගේ පින්කම් කරන්නේ ..(ම)
සියල්ල අතහරින්න මනසින් කිසිවකට බලාපොරොත්තු ඇතිනොකර ගන්න ස්වභාදහමේ පණිවිඩය ගැන හිතන්න (ම)
අනේ, යහපාලගේ කතා අපිට නම් වහ. මතු භවයේ හෝ මිනිසත් බව ලැබුවොත් සත්පුරුෂයෙක් වීමට මෙවැනි පින් කරන්න. (ම)
අතහැරීම පුරුදුකිරීමට මෙය හොද දෙයක්.ඔබවහන්සේ පෙන්නන සිතුවිලි අත්හැරීම පුරුදුවන්නේනම් හැමටම නිවන්.(ම)
මේවට සල්ලි කොහෙන්ද...? (ස)
මේකනම් ලොකු පින්කමක්, අගය කරන්න ඕනේ.(හේ)
පිවිතුරු යහපාල , හොඳ වැඩක් කරනකොට උදව් කරන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. (හේ)
උන්වහන්සේලා කරන සියල්ල යහපත්.(හේ)
චෛත්‍යය වටේ පලතුරු ගොඩ ගහනවාට වඩා මෙය කොතරම් උතුම් ද! පොළොන්නරුවේ බෞද්ධ පවුල් ගොඩක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. මෙන්න මේවා තමයි සැබෑම බුද්ධ පූජාව. උතුම් වැඩක් කරනකොට දෙවියොත් උදව් කරනවා.(හේ)
මේ දේ තමයි සිද්ධ වෙන්න ඕනේ.(හේ)
ලොකු පින්කමක් හාමුදුරුවනේ (නි)
අනේ යහපාල,ඡන්දෙට සිල් රෙදි බෙදනකොට ඇහුවද? නයිට් රේස් එක තියනකොට ඇහුවද?කවුරු වුණත් අධ්‍යාපනයට උදවු කළ එක ලොකු පිනක් (නි)
ඔබවහන්සේගේ සමහර ක්‍රියා අනුමත කිරීමට නොහැකි වුවත් මෙවැනි ක්‍රියාවන් හරි උතුම් හාමුදුරුවනේ. අන්‍ය ආගමික ක්‍රියාවන් හෙළා දකිනවාට වැඩිය අපිට පුළුවන් විදියට බෞද්ධයන්ට උදවු කිරීම හරි වැදගත්. ඔබවහන්සේට බොහෝම පින්! සම්මා සම්බුදු සරණයි. (නි)
කොච්චර ලොකු පින්කමක්ද? (නි)