IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සිරිපා හිමේ තනිවූ පහකට ගුවන් හමුදා පිහිටයි

සිරිපා වන්දනාවේ ගොස් සිටියදී නල්ලතන්නිය රක්ෂිතයේ අතරමංවූ  කාන්තාවන් දෙදෙනකු ඇතුළු වන්දනාකරුවන් පස් දෙනකු දවසකට පසු සොයාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

බෙල් 412 හෙලිකොප්ටර් යානයකින් කළ සෝදිසියකින් පසු නල්ලතන්නියෙන් මේ පිරිස සොයාගත් බව වාර්තාවේ.

ලක්ෂපාන වතුයායෙන් ශ්‍රී පාද අඩවියට ඇතුළු වී ඇති එම පිරිස අඟහරුවාදා (13) පෙරවරුවේ අතුරුදන්වී ඇතැයි දැනගන්නට ලැබී ඇත. එහි සිටි සිව් දෙනෙක් නුගේගොඩ පදිංචිකරුවෝ වෙති. අනෙක් තැනැත්තා ලක්ෂපාන වතුයායේ සේවකයෙක් බව පොලිසිය පවසයි.

image_1481688849-8bc99fa0cc image_1481700201-4a40e9e005

ඡායාරූප - ගුවන් හමුදාව

IMG_20151227_085115

ඡායාරූපය - මනෝජ් ප්‍රියදර්ශන



අදහස් (0)

සිරිපා හිමේ තනිවූ පහකට ගුවන් හමුදා පිහිටයි

අසෝක Thursday, 15 December 2016 09:05 AM

මිනිසුන්ගේ බදු වලින් අයකරල රජයෙන් පඩි වශයෙන් ලබාගෙන ඔවුන් ජිවත් වෙන්නෙත් මහජන මුදලින්. ඉතින් අමාරුවේ වැටුනම පිහිට වෙන්න තමයි ඔවුන් ඉන්නේ. මේකේ අදහස් බැලුවම හැම එකටම අය කරන්න අය කරන්න කියල කෑගහන අයට ඇයි බැරි රටපාලනය කරන ය ඉදිරියට ගිහිල්ල කෑ ගහන්න. මේවා ගේ අය හින්ද තමයි නිකම් ලැබුණු හැම දේටම දැන් මිලක් ගෙවන්නත් වෙලා තියෙන්නේ. (ර)

:       0       0

රණසිංහ Wednesday, 14 December 2016 05:59 PM

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පිළිගත් මාර්ග පහසුකම් තිබෙද්දිත් මිනිස්සු මොකටද මේ වගේ අනතුරුදායක දේවල් කරන්නේ. පණ්ඩිතකම විහින් අමාරුවේ වැටිලා. (නි)

:       0       0

උපාලි Saturday, 17 December 2016 09:35 AM

ගුවන් හමුදාවට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

පද්මිණි Wednesday, 14 December 2016 06:12 PM

රටක හමුදාවක් තිබෙන්නේ ආපදා අවස්ථාවක පුරවැසියන් ආරක්ෂා කිරීමටයි. හමුදාවට ප්‍රණාමය. පිරිසට නිරෝගී සුව!! (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 14 December 2016 06:58 PM

ද සිල්වත් හරි, බණ්ඩාරත් හරි. ඉතින් ගුවන් හමුදාවටත් ප්‍රණාමය පුද කරමු. (නි)

:       0       0

හෙසාන් Wednesday, 14 December 2016 08:31 PM

බැරිවෙලාවත් එ් අය සොයාගන්න බැරිවුණා නම් කී දෙනෙක් පාරට බැහැලා ඇද්ද උද්ඝෝෂණයට. කොටසක් විපක්ෂයටත් තව කොටසක් ආණ්ඩුවටත් දොස් කියන්නේ. මෝස්තරයක් වෙලානේ එ්ක දැන්. කොහෙන් කොහොම වුණත් හමුදා නිල දරුවන්මනේ පිහිටවුණේ (නි)

:       0       0

රාජේශ්ඛන්නා Wednesday, 14 December 2016 10:26 PM

නිවන් දකිනතුරුම මේ සංසාරේ අතරමං වී ඇවිදින අපිට කරදරයක් වු විට හදවතින්ම උදව් කරන අයට එම සත්ක්‍රියාවන්ම සංසාරයෙන් එගොඩවීමට අත්වැළක් වේවා! (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 December 2016 12:23 AM

බන්දුල, කට නොවෙයි මේගොල්ලෝ වැඩයි වරද්දාගෙන තිබෙන්නේ. (නි)

:       0       0

නිපුන් Thursday, 15 December 2016 12:52 AM

බණ්ඩාර, දන්නා දෙයක් කතා කරන්න. කෙනෙක් කැලයක අතරමංවුණොත් ඒ අයව බේරා ගැනීම ආරක්ෂක අංශවල වගකීමක්. ගුවන් හමුදාවේ නඩත්තුවට මේ අයත් බදු ගෙවනවා. සමහර රටවල අතරමං වුණ මිනිසුන්ව බේරාගන්න වෙනමම හමුදා අනුඛණ්ඩ පවා තිබෙනවා (නි)

:       0       0

රසික Thursday, 15 December 2016 12:55 AM

ලංකා, ඒ අය ලාංකික පුරවැසියෝ. කරදරේකට වැටුනම ආරක්ෂක අංශ වල උදව් ලබාගන්න එයාලට අයිතියක් තියනවා. ඔයාගේ ගෙදරට හොරෙක් පැනලා පොලීසියට කතාකළාම පොලිසිය හොරා අල්ලලා බිල ඔයාට දීලද යන්නේ? නැත්නම් හොරාගෙන් අය කරනවද? එතකොට යුද්ධයට ගිය වියදම කාගෙන්ද අය කරන්නේ? ප්‍රභාකරන්ගෙන්ද? නැත්නම් අහිංසක දෙමළ ජනතාවගෙන්ද? (නි)

:       0       0

මැදමුලනේ නිලූ Thursday, 15 December 2016 01:17 AM

දියුණු රටවල් වල නම් මේවා සාමාන්‍ය දේවල්. සමහරුන්ගේ අදහස් වලින් පෙනෙන්නේ එයාලට කවදාවත් වැරදෙන්නේ නැහැ වගේ. (නි)

:       0       0

මදුක Thursday, 15 December 2016 02:34 AM

සාමාන්‍ය දෙයක්. කාටත් වරදිනවා. කරදයක් නොවී බේරුන එක ලොකු දෙයක් (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 15 December 2016 03:22 AM

නිපුන්, කරදරයක් වුණාම උදව් කරන්න ඕනෑ. උදව් කරන්න මෙන්ම උදව් ලබාගන්නත් අයිතියක් තියෙනවා. සිරිපා වන්දනාවේ ගියා නම් අනිකුත් බැතිමතුන් වගේ නියම මාර්ගයේ යන්න තිබුනා. (නි)

:       0       0

දිමුත් Thursday, 15 December 2016 04:55 AM

නොදැන ගියොත් අතරමග කියන්නේ ඕක තමයි. (ර)

:       0       0

සිරි Thursday, 15 December 2016 05:10 AM

මග හොඳට තිබේනම්, යන්න දෑසත් පෙනේනම්, කීම බැදිවල යන්නේ, මංමුලාවූ අයෙකු සේ... (ර)

:       0       0

ගයාන් ප්‍රියන්ත Thursday, 15 December 2016 05:12 AM

මෙයලා නීතියෙන් තහනම් දෙයක් කරල නෙමෙය්නෙ.මේ වගෙ වෙලාවල මිනිස්සු බේර ගන්න එක හමුදාවෙ වගකීමක්.වෙන රටවල මෙවගෙ දේවල් සාමාන්‍යයි (ර)

:       0       0

යුහාන් (වියෙට්නාම්) Thursday, 15 December 2016 05:42 AM

ලංකාව කියන්නෙ ගොඩක් පුංචි රටක්. එ්කෙත් සිරීපාදය කියනන්නෙ හැමෝටම පෙනෙන තැනක්. අපි මේ පිටරටවල් වල ඇවිල්ලත් හැමතැනම යනවා. එත් කවදාවත් අතරමංවෙලා නැහැ. අපේ රටේ ඉන්නෙ ගොඩක් අය මේ වගේ තමයි. තමුන්ගෙ රටේ පොඩි තැනකට ගිහිල්ලත් අතරමං නොවී එන්න බැරිනම් තවත් කවර කතාද. (නි)

:       0       0

නන්දන Thursday, 15 December 2016 06:00 AM

හැමෝම යන පාරේ නොගිහින් අභියෝගයක් බාරගත් මේ අයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

මොහමෙඩ් ලෆීර් Wednesday, 14 December 2016 10:57 AM

ආපදාවකින් තොරව මින්සුන් මුදවා ගැනිමට උපකාරවූ ගුවන් හමුදාවට අපගේ උත්තමාචාරය (බ)

:       0       0

හියුගෝ Wednesday, 14 December 2016 11:02 AM

සමන් දෙවි පිහිටයි. (බ)

:       0       0

චානක Thursday, 15 December 2016 06:25 AM

ගුවන් හමුදාපතිට මගේ උත්තමාචාරය !!!! (ර)

:       0       0

බමුණුසිංහ Wednesday, 14 December 2016 11:36 AM

මේ ගොල්ලෝ සොයන්න ගිය වියදම මේගොල්ලන්ගේ අය කර ගන්න ඕනේ. ගිය පාරේම එන්නේ නැතිව කලේ ලගින්න ගිහිල්ල (අ)

:       0       0

සරත් Thursday, 15 December 2016 06:39 AM

මේකේ සමහරු අදහස් දාලා තියෙන්නේ මේ අය ලොකු වරදක් කල වගේ. පොඩ්ඩක්වත් හිතල බැලුවද තමනුත් අසරණ වුණු වෙලාවක මොකද වෙන්නේ කියලා. එහෙමනම් රජයෙන් ලැබෙන අනිත් පොදු පහසුකම් වලටත් අයකරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ. (ර)

:       0       0

මනෝජ් Thursday, 15 December 2016 07:09 PM

කරදරයක් නොවී මෙහෙම බේරුන එක වාසනාවක් (නි)

:       0       0

බන්දුල Wednesday, 14 December 2016 11:47 AM

ඕක තමා කියන්නේ සිරිපා කරුණා කරන කොට කට වරද්ද ගත්තොත් වැඩ වරදිනවා කියල (බ)

:       0       0

ලංකා Wednesday, 14 December 2016 12:09 PM

මේවට ගිය වියදම මේ අයගෙන් අයකර ගන්න. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 14 December 2016 12:12 PM

මේ සිරිපාදේ වදින්න ගිහින් නොවේ විනෝදෙට කැලේ ඇවිදින්න ගිය ගමනක් , කරුණාකර ගුවන් හමුදාවට වැය වුන මුදල මේ ගොල්ල ගෙන් අය කරගන්න , සිරිපාදේ වදින්න ඕනේ නම් අනිකුත් බැතිමතුන් වගේ නියම මාර්ගයේ යන්න තිබුන .(බ)

:       0       0

රොමේෂ් Wednesday, 14 December 2016 12:17 PM

මොන මොන දේවතාවෝ වැඩඋන්නත් අවසානයේ පිහිටට එන්නේ ජාතියේ මුර දේවතාවෝ තමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රණාමය ..!!! (බ)

:       0       0

සෙනරත් Wednesday, 14 December 2016 01:29 PM

කාගෙවත් නමක් සඳහන් කරලා නැත්තේ වන්දනා නඩයක් නොවෙන නිසාද? (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 14 December 2016 01:32 PM

මේවගේ පණ්ඩිතකම් කරලා හමුදාව අපහසුතාවයට පත්කළාට , අනිවර්යේනම් නඩු දාලා , දඩුවම් දෙන්න වටිනවා .මෙයාල සිරිපා වදින්න ගිහින් නැහැ, විනෝදෙට කැලේ ගිහින් තියෙනේ. (බ)

:       0       0

දර්ශන Wednesday, 14 December 2016 05:11 AM

කරදරයක් නොවුණ එක ලොකු දෙයක් (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 16 December 2016 12:42 AM

සිරිපාදයට රැහැන් මඟක් හැදුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 14 December 2016 04:25 PM

ගුවන් හමුදාවට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 401 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 252 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 205 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 660 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 135 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site