රත්නපුර නගරයේ වීදි කතකට පහරදුන්නැයි වැඩ තහනමට ලක්කළ පොලිස් සැරයන් සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් රත්නපුර ත්‍රී රෝද රියදුරෝ පිරිසක් අද නගරයේ ඔරලෝසු කණුව අසල උද්ඝෝෂණයක් ඇරඹූහ. හිමිවරු හත් අට නමක්ද ඊට වැඩම කර සිටියහ. උද්ඝෝෂකයන්ගේ ස්ථාවරය වූයේ පොලිස් සැරයන්ට යළි සේවය ලබාදිය යුතු බවයි. පොලිස් සැරයන් වීදි කාන්තාවට දිගට හරහට පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ පළවීමෙන් පසු පොලිසිය ක්‍රියාත්මක විය. පහරදීම නිසා එම කාන්තාවට තුවාල සිදුවිය. ඇය පොලිසියෙන් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රතිචාර දක්වො තිබෙන කීප දෙනෙක් හැර අනෙක් සියලුම දෙනා ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. වචනයට හෝ සියලු දෙනාම කාන්තා හිංසනය ගැන මහත් හැඟීමකින් යුතුව බොරුවට හෝ කතා කර තිබෙන බව පේනවා. නමුත් මේ ලංකාවේම අයදත් හිතෙනවා. මට හිතෙනවා සමහරවිට මේ අර පෝයකටවත් පන්සල් යන්නෙ නැතුව අපි හොඳ බෞද්ධයෝ කියා උජාරුවෙන් කතා කරන අයද කියලත්. මම ලංකාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන අධ්‍යනයක් කරලා තියෙනවා. අනෙක සමහර අය මේකෙන් පොලිසියත් එක්ක තියෙන තරහත් පෙන්වා තිබෙනවා. කාන්තා ප්‍රචණ්ඩත්වයට වඩා ඒක තමා ලොකුවට තියෙන්නෙ. (නි)
මොනවා වුණත් ඔය පොලිස් රාළහාමිව ගෙදර යවන්න පුළුවන් නම් තමා හරි. ඔහොම ගහනවද කාන්තාවකට? (නි)
මම නම් හරියට පියවි ඇසෙන් මේ සිදුවීම දැක්කේ නැති නිසා ඒ ගැන අදහස් දාන්න යන්නේ නැහැ. හැබැයි මගේ මිතුරෙක් රත්නපුරේදී දවසක් රාත්‍රී කාලයේ බිරිද ළඟ තියෙන ෆාමසියකට ගිහින් එනතුරු ඔහුගේ කාර් එක නවත්වාගෙන ඉන්න වෙලේ එක කාන්තාවක් ඇවිල්ලා බලෙන්ම වාහනයේ දොර ඇරලා ගනුදෙනුවකට සූදානම් වෙන්න ඇවිල්ලා. එතකොටම බිරිය ඇවිල්ලා. ත්‍රීරෝද රථ රියදුරන් මැදිහත් වෙලා අර ගැහැණිය එලවලා දාලා. පස්සේ මගේ මිතුරාගේ බිරියට සිද්ධිය පහදලා දීලා. කොහොමත් ඒ බිරිය බොහොම බුද්ධිමත්. එයා තවමත් හිනාවෙනවා ඒකට. (නි)
මොන වැරැද්ද කළත් පොලිසියට පුලුවන්ද මිනිසුන්ට ගහන්න? පොලීසියට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න. ගහපු නිලධාරියාට අම්මෙක් සහෝදරියක් නැද්ද? (නි)
මොන වැරදිකාරයට වුණත් මෙහෙම බිමදාගෙන ගහන්න පුලුවන්ද? (නි)
මේ සාජන් මහතා විතරක් නෙමෙයි, කොයිකවුරු වුණත් මේ ගැහැණු කෙනා භාවිතාකළ වචන අහගෙන හිටියා නම් මෙයාට දඬුවම් දෙනවා. (නි)
රටක නීතියක් තියෙනවා. එය කාටත් එකවගේ වියයුතුයි. මේ මුලික අයිතිවාසිකම් කියන්නේ මොනවද, පොලිසිය කියන ආයතනය තියෙන්නේ ඇයි, එයට හිමි කාර්යය මොකක්ද කියලා නොදන්නා පිරිසක් පාරට බැස්සා කියලා ඒවා වෙනස් කරන්න රජයකට බැහැ. (නි)
සමන්ත කියන විදියට දන්නෙ නැත්නම් සද්ද නැතුව ඉන්න. බාගෙට දැනගෙන පණ්ඩිත අදහස් දමනවා. වීඩියෝ එකේ තියෙන්නේ කතාව බාගයයිනෙ (නි)
බලමු කවුද කියලා ගිනිතියාගන්නේ? (නි)
හොඳයි අමාලි, හිතන්න ගුටිකෑවේ ඔයා කියලා. එතකොටත් අර රාළහාමි හරිද? (නි)
මේ පොලිස් නිලධාරියා මේ විදියට ගහපු එකත් වැරදියි. කාටවත් එහෙම ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ගහන්න බැහැ. රටේ නීතියක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ගණිකා වෘත්තියත් මෙහෙම ප්‍රසිද්ධියේ කරන්න බැහැ. (ඉහළ සමාජයේ අයට හැර.) ඒකත් නීතිවිරෝධියි. (නි)
කිසිම කෙනෙකුට බැහැ එහෙම පහරදීමක් කරන්න. විශේෂයෙන්ම කාන්තාවකට (නි)
හැමදාම පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණ කළ අය මේක පිටුපසත් ඇති (නි)
සමන්ත රත්නපුරේ උදවිය දන්නා දේ අපි නොදන්නවා වෙන්න පුළුවන්. ඒ ගැහැනු කෙනාගේ පුද්ගලික තොරතුරු මේ ප්‍රවෘත්තියේ නැහැ.මෙතන පෙනෙන්නට තිබෙන වරද තමයි නගරයක් මැද නිල ඇදුමක් හැද ගත් නිලධාරියෙක් කාන්තාවකට බිම දමාගෙන අමානුෂික අයුරින් පහරදීම. (අ)
මේක වැරදි දේට උඩගෙඩිදීමක්. එදා වාරියපොළ සිද්ධියටත් මේ වගේ මිනිස්සු ගත්තේ හිංසනයට ලක් වූ ගැහැණු ළමයාගේ පැත්ත නෙමෙයි. (නි)
පොලිසිය කියන්නේ ජනතාවට දඬුවම් දෙන්න පුළුවන් ආයතනයක් නෙමෙයි.පොලිසියට එහෙම කරන්න නීතියෙන් කිසිම අවස්ථාවක් නැහැ. හැකියාවක් නැහැ. පොලිසියට පුළුවන් සහ හැකි එකම දේ නම් වරදක් කළ අයෙක් හෝ සැකකරුවෙක් අල්ලාගැනීම සහ අධිකරණයට ඉදිරිපත්කරන තෙක් පොලිස් අත්අඩංගුවේ තබාගැනීම පමණයි (නි)
පොලිසිය වැඩ පෙන්නන්නේ අසරණ මිනිසුන්ට තමයි. ජනතාවට පෙරට එන්න කාලය හරි. (නි)
කාන්තාවන් දෙන්නෙක් රණ්ඩු කළා නම් ළඟපාත කාන්තා නිලධාරිනියක් හිටියේ නැද්ද? රාළහාමි නීතිය අතට ගත් එක කොහොමත් වැරදියි (නි)
මමනම් පුදුම වෙන්නේ නැහැ ත්‍රීරෝද මල්ලිලාගේ උද්ඝෝෂණය ගැන. ඒ ගොල්ලන්ගේ ලෝකයේ තියෙන්නේ වෙනම නීතියක්. විශේෂයෙන් පාරේ යනකොට. (නි)
ඒ කාන්තාව වැරැද්දක් කළා නම් , රැකියාව නීතිවිරෝධී නම් අත්අඩංගුවට ගන්නනේ තිබුනේ. අනික, මේ හාමුදුරුවරු මොනවද මෙතන කරන්නේ? (නි)
හිමිවරුන් මීට සම්බන්ධවීම ගැන කණගාටුයි (නි)
එම කාන්තාවගේ චරිතය නරකයි කියලා හිතමුකෝ. ඒ වුණාට ප්‍රසිද්ධියේ බිමදාගෙන ගැහැණු කෙනෙකුට පහර දෙන්න අයිතියක් නැහැ (නි)
අමාලි, ඔබතුමිය අර ගුටිකාපු ස්ත්‍රියට අපහාස කරනවා වගේ. හිතන්නකෝ ඔබතුමිය බොහෝම වැරදි වැඩක් කළා කියලා. ඒත් ඔබතුමිය කැමතිද මහ පාරේ දෙනෝදාහක් ඉස්සරහ අඩුම ගානේ නොසරුප් වචනයක්වත් අහන්න. මිනීමරුවෙකුට වුණත් සළකන්න විදිහක් තියෙනවා.නීතිය අතට ගන්න කාටවත් බැහැ. කරුණාකර මේ සිද්ධිය ගැන සාධාරන ඇසකින් බලන්න. (නි)
ඔය උද්ඝෝෂණ කළ පිරිස අතර මානව හිමිකම් ගැන දැනුමක් ඇති එක්කෙනෙක්වත් නොමැති වීම ගැන අතිශයින් කණගාටු වෙමි. (නි)
සීල ද සිල්වා, මම ගුටිකාපු ස්ත්‍රියට විතරක් නොව පොලිස් නිලධාරියාටත් අපහාස කරනවා. මොකද මේ රටේ නීතියට අපහාස කරනවට. මෙතන පොලිසිය කරන්නේ පාලු ගෙයි වළං බිඳින එක. ඒ කාන්තාව කරන්නේ කදුළු වලින් තමන්ගේ වරද වහගන්න හදන එක. (නි)
මේ උද්ගෝෂණ වලට සම්බන්ධවෙලා ඉන්න අය ප්‍රතිපත්තිගරුක හොඳ පුද්ගලයන් වෙන්ට බැහැ කියලයි මම නම් කියන්නේ. සාජන්ටත් අසාධාරණයක් වුණා නම් ඒයාටත් නීතියේ ප්‍රතිපාදන තියෙනවා තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට යන්න. නීතිය ක්‍රියාත්මක කරන උදවියට නිදහසේ තම කටයුතු කරන්ට ඉඩදෙන එකයි හොඳ. නැත්නම් පාර්ශව දෙකේම කණ්ඩායම් උද්ඝෝෂණය කර කර ඉඳීවි. මුළු ලෝකයටම විහිළු සපයන තැනක් බවට රත්නපුරය පත්වේවි. (නි)
ත්‍රීරෝද ගැන පැත්තක තියමුකෝ. සාජන් කාන්තාවගෙන් අර ඉල්ලීම කළේ කවුරු වෙනුවෙන්ද කියලා මහජනතාව තේරුම් ගතයුතුයි (නි)
පොලිසිය අන්තිම වැරදියි. මම පිළිගන්නවා. නමුත් මෙතන ලොකුවට මේ කාන්තාවගේ පැත්ත අරගෙන අදහස් දාන කාන්තාවන් නිකමටවත් හිතනවද මේ මනුස්සයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මම දරුවන් රැකගන්න ගණිකා වෘත්තිය කරනවා කියලා ප්‍රසිද්ධියේ කියපු එකෙන් මේ මනුස්සයාගේ දරුවන්ටයි කාන්තා පරපුරටයි වුණ අවනම්බුව ගැන? ඇයි මේ කාන්තාවන් මේ මනුස්සයාව එක එක්කෙනා විකුණාගෙන කන එකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ? පොලිසියේ වරද ගැන විතරයි කතා කරන්නේ. (නි)
මෙම සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. පොලිස් සැරයන්වරයා කළ කටයුත්ත කිසිසේත්ම අනුමත කළ නොහැකියි. එමෙන්ම මෙම වීදී කාන්තාව විසින් ප්‍රකාශ කරන්නනට යෙදෙන කරුණු පිළිබඳවද දෙවරක් සිතිය යුතුයි. (නි)
නුඹලාගේ කෙනෙකුට මෙහෙම වුණා නම් නුඹලා ඔහොමකරනවද.(අ)
හිමිවරුන්ට 12 ට කලින් යන්න වෙයි. දානෙට. (අ)
මෙයාල දෙව්දත් තෙරගේ කට්ටියද ? නැත්නම් බුදුරදුන්ගේ අවසාන ශ්‍රාවකයා වූ සුභද්ද භික්ෂුවගේ එක්කෙනෙක්ද ? බුදු දහම මෙයාල විනාශ කරනවා . (අ)
විදුලි බිල වැඩිකරන්න කියල උද්ඝෝෂණ කළ රටේ මේක මොන කජ්ජක්ද? මොවුන්ගේ කෙනෙකුට මෙහෙම පහරදුන්නා නම් මෙහෙම කරයිද? (නි)
සරත් චන්ද්‍රගේ කතාවට මමත් එකගයි බික්ෂූන්ට සුදුදු නැති කාර්යයක් මේක අමානුශික විදියට පහර දෙන්නේ ගෑනියෙකුට. තමන්ගේ අම්මත් ගෑනියෙක් වග නොතේරුන මිනිහෙක් වෙනුවෙන් ගෙදර බුදුන් අම්මා යන වගත් අමතක කරලා(අ)
මෙතන අදහස් දාන කිසිකෙනෙක්වත් මමවත් තාම පහර දීපු සැරයන්ගේ පැත්තෙන් කියන්න තියන කතාව ඇහුවේ නැනේ. කවුද දන්නේ මෙයා කියන එකේ අනිත් පැත්තද වුනේ කියල. (අ)
මම නම් මේ උද්ඝෝෂණයට විරුද්ධයි (නි)
ත්‍රීරෝද රියදුරෝ පාරේ තම ත්‍රීරෝද රිය ධාවනය කරන්නෙත් ඔය වගේ ඉල්ලීම් කරන ආකාරයටම තමා. නැත්නම් මොන වරද කළත් කෙනෙකුට ගහපු කෙනෙක් නිදහස් කරන්න කියලා ඉල්ලන්නේ කවුද? දඬුවම් නියම කරන්නේ උසාවියෙන් (නි)
රටට ගිය කලක්! (නි)
මේ කාන්තාවට පහර දෙන්න කාටවත් අයිතියක් ඇද්ද? කුමන වරදක් කළත් නීතිය අතටගෙන පහර දෙන්න පුලුවන්ද? මේක කාගේ නීතියක්ද? (නි)
ඒ කාන්තාව මොන වැරැද්දක් කළත් ඇයව බිම පෙරළාගෙන පහරදුන් එක නම් වැරදියි (නි)
උඩ අදහස් දැමූ එක්කෙනෙක්වත් රත්නපුරේ නෙමෙයි. ඔය ගුටිකාපු දවසේ තව කාන්තාවක් එක්ක දෙනෝදාහක් මැද්දේ බැනගද්දී තමයි සාජන් එපා කිව්වා කියලා එයත් එක්කත් ඇවිලුනේ. රත්නපුරේ කඩ හිමියන්ගෙන් ඇහුවා නම් ඇත්ත තත්වය අවබෝධ කරගන්න පුළුවන්. (නි)
කාගේ අතින් වෑරද්දක් සිද්ධ වුණත් නීතිය අතට අරගෙන ප්‍රසිද්ධියේ ගැහැනියෙකුට බිමදාගෙන තලන එක අනුමත කරන්න බැහැ (නි)
මාර කට්ටියක් නේ උද්ගෝෂණය කරන්නේ. හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ .මොන තරම් ලෝක හොරෙක් වුණත් එහෙම ප්‍රසිද්ධියේ පහර දීම ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැහැ.(අ)
අමාලි, අපිට කාගෙවත් පැත්තක් වැඩක් නැහැ. කොයිතරම් වැරදිකාරයෙකුට වුණත් දඩුවමක් දෙන්න අධිකරණයකට හැර පොලිසියටවත්, වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. කවුරුහරි එහෙම කරනවා නම් ඒක නීතිවිරෝධියි. ඒ වගේම කාන්තාවකට ගහන්න නෙමෙයි, වචනයකින්, හැසිරීමකින්වත් කරදර කරන්න බැහැ ලංකාවේ නීතියේ හැටියට. (නි)
අමාලි, මේකේ වීඩියෝ පටය කලින් තිබුනනේ. ඒකට අනුව නම් මේ පොලිස් නිලධාරියාට කිසිම සමාවක් දෙන්න බැහැ. ඒ තරම්ම යි පහරදුන්නේ. (නි)
මේ කාන්තාව දඩමීමා කරගන තමන්ගේ අරමුණු ඉටුකරගන්න හදන නඩ ගැන නම් කණගාටුයි. ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේදි පවා තමන් ගණිකාවක් කියලා ලෝකෙටම කිවූ මෙයා අන්තිමට වැරදිකාරයා වෙලා නවතීවි. එතකොට ඔය කවුරුත් නැහැ (නි)
පොලිසිය ඉතින් පැත්තකින් තියමුකො. හිමිවරුන් මොකද දන්නෙ නැහැ මේ පාරෙ රස්තියාදු වෙන්නෙ? (නි)
මේ කතාවෙ ඇත්ත දන්නේ රත්නපුරයේ අය විතරයි. ඇත්ත දන්නෙ නැත්නම් සද්ද නැතුව ඉන්න..! (නි)
මොනම හේතුවක් යටතේවත්, ලෝකයේ අන්තිම අපරාධකාර ගැහැණියකටවත්, පොලිස් නිල ඇඳුමින් ඉඳගෙන තඩිබාන්න නීතිමය වශයෙනුත් සදාචාරමය අතිනුත් අයිතියක් නැහැ. මේකට පක්ෂව භික්ෂුන් එකතුවීම ගැන නම් දුකයි (නි)
අමාලි, මොන පැත්තක් වුණත් එහෙම ගහන්න බැහැ. මිනීමැරුමක් කළත් එහෙම තමයි (නි)
මොකක්ද අප්පේ මේ සිද්ධවෙන්නේ? (නි)
මොහාන්, මම කියන්නේ නැහැ ගහපු එක හරි කියලා. නමුත් අපේ රටේ නීතියේ හැටියට ගණිකා වෘත්තියේ යෙදීමත් වැරදියි. කිසියම් කෙනෙකුට පහරදීමත් වැරදියි. නඩුවක් අහන්නෙත් දෙපැත්තේම සාක්ෂි කැඳවලා කියන එකයි මම කියන්න යන්නේ. මේ වැරදි දෙකම සාධාරණීකරණය කරන්න බැහැ (නි)
මම නම් කියන්නේ මේ දෙන්නාගේ ප්‍රශ්නය මේ දෙන්නාට නීතියෙන් විසඳාගන්න ඇරලා මේ දේවල් දැන්වත් නවත්වන්න කියලා. පිටුපස ඉන්න අය තමන්ගේ පටු වාසි තකා තමයි මේ මනුස්සයාව නටවන්නේ. මේ සැරයන්වරයාටත් දරුවන් ඇතිනේ. මේ දෙන්නගෙම දරුවන් මේවට සම්බන්ධ නැහැනේ. නමුත් දැන් අපහාස විඳින්නේ කවුද? (නි)
අමාලි, ඔයා මොන පදනමකින්ද මේ කාන්තාවට එහෙම කියන්නේ? (නි)
අමාලි, ඔයාට මොළයක් නැද්ද ??මොන පැත්තක් වුණත් එහෙම ගහන්න බැහැ. රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ඇගේ රස්සාව කුමත් වුණත් තීරණ ගැනීම සහ වරදට දඩුවම් දෙන්නේ අධිකරණයෙන්. පොලීසියට නීතිය අතට ගන්න බැහැ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා මේ නඩුවෙන් බලාගන්න පුලුවන් !! (නි)
සමන්ත එහෙම කියන්නේ කොහොමද? නීතිය මුලු රටටම අදාලයි. රත්නපුරයට වෙන නීතියක් කොහෙන්ද? හිඟාකෑමත් එහෙනම් නීතිවිරෝධියි. එහෙම කියලා මිනිසුන්ට ගහන්න දෙන්න බැහැ. (නි)