( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද(8) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය මහතා විසින් මේ බව දැනුම් දෙන ලදී.
රාජ්‍ය බුද්ධි අංශය් ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගැන තමා සිදු කළ ප්‍රකශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් , එය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානය බාර මීසම් පාලක , පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (08) සලකා බැලූ අවස්ථාවේදී නීතිපති මේ බව කියා සිටියේය.
විජිත් මළල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී .දෙහිදෙණිය යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවිණි.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන් අබේසූරිය මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වනතුරු පියතුමන්ව අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ලිඛිතව නීතිපති ට දැනුම් දුන් බවය.
ඒ අනුව මේ අවස්ථාවේදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අත්අඩංගුවට නොගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයා දැනුම් දුන් බවද අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කීය.
මෙහිදී විනිසුරු මඩුල්ල නීතිපති වෙත දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු සදහා පියතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය නම් එය කල් වේලා ඇතිව පියතුමන්ට දන්වන ලෙසය.
ඒ අනුව මෙම පෙත්සම ලබන අප්‍රේල් 20 වැනිදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවීමට නියමිතය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ කොට්ටාසයේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක , අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න , නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .තිලකරත්න , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ , නීතිපති ඇතුළු හත් දෙනෙකු නම් කරන ලැබ සිටිති.
පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූවන් සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ලාංකිකයෙකු අසන ලද ප්‍රශ්නයකට තමා දුන් ප්‍රකාශය හේතුවෙන් ජාතික සමගියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියමින් හා එමගින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේට අපහාසයක් සිදු වී ඇති බව සදහන් කරමින් තමාට එරෙහිව පැමිණිල්ලක් සිදු කර ඇති බවද පෙත්සම්කාර සිරිල් ගාමීණී ප්‍රනාන්දු මහතා සිය පෙත්සමෙන් කියා සිටියහ.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කළ එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙසද පොලිස්පතිවරයා තමාට දැනුම් දී ඇතැයි බවත් පෙත්සම්කාර සිරිල් ගාමීණී ප්‍රනාන්දු මහතා පෙත්සමේ සදහන් කළහ.
යම්හෙයකින් පෙත්සම්කරු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියහොත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සිය පත්සමෙන් කියා සිටිති.
මෙම තත්ත්වය තුළ තමන්ගේ ආසන්නතම මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , අධිකරණයට සුදුසු වන්දි මුදලක් ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අධිකරණයෙන් ඉල්ලා සිටීයහ.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි
mihira Monday, 08 November 2021 11:41 AM
අත්අඩංගුවට ගන් නෑ නෙවේ ගන්න බැහැ .පුලුවන්නම් අරන් පෙන්නන්න .ආණ්ඩුව බය උනා උසාවියට ආ සෙනගින්
BamunuarachchiTuesday, 09 November 2021 08:45 AM
ඒ කියන්නේ රටේ 1956 ට කලින් තිබුන, සිංහල බෞද්ධයා තමන්ගේම රටේ 3 වෙනි පුරවැසියන් කල, කතෝලික බලවේගය නැවත පටන් ගත්තාද?
කිරි පුතා Monday, 08 November 2021 11:41 AM
කවුරු කවුරුත් තම තම පෞද්ගලික න්‍යාය පත් ක්‍රියාත්මක කරන්න හදනකොට කටවල් පරිස්සම් කරගත යුතුයි.
sharm warn Monday, 08 November 2021 12:45 PM
මේක පුදුම විගඩමක් උනා නේ .අපරාදය කරපු එවුන් අල්ලන්න කෙනෙක් නැහැ .මහා මොලකරු කියන්නේ දේව හස්තයක් කියලද අපිට කියන්න හදන්නේ ?මේ පියතුමා හරි වෙන පියතුමෙක් හරි වෙන සිවිල් වැසියෙක් හරි ඒ අපරාධය ගැන කතා කලා කියලා ඔවුන්ට විරුද්ධව නීතියෙන් අකටයුතුකමක් කරන්නකෝ බලන්න කොහෙන් කෙලවර වෙයිද බලන්න
Manjula Monday, 08 November 2021 01:13 PM
කොහේද පුද්ගලික වෙන්නේ... මොකෝ සිරිල් ගාමිණී පියතුමාගේ පවුලේ අය මැරුණද...
malindaMonday, 08 November 2021 01:46 PM
එතුමාගේ කවුරුත් මරුනේ නැති බව ඇත්ත ,නමුත් එතුමා පෙනී සිටින්නේ මැරුණු සහ තුවාල වුනු අයගේ අයිතීන් වෙනුවෙන් සාධාරණය වෙනුවෙන්
ජන හඩ Monday, 08 November 2021 01:54 PM
පුදුම වෙන්න දෙයක් නෑ. දූෂිත රටක ආර්ථිකය සුණු විසුනු වෙලා යන්න ආසන්නයේ සාධාරණය පේන තෙක් මානයකවත් නොපෙනීම යනු සමාජ පරිහාණියේ ප්‍රධාන ලකුණුයි. කලකට පෙර අප්‍රිකානු රටවල තිබූ සමාජ පරිහානිය වෙත තමා අපි පල්ලම් බැහැගෙන යන්නෙ. බොරුවට ජාතිවාදය අවුස්සන එක නවත්තලා සමාජ සාධාරණය සෙවීම කළ යුතුයි කියන එක දියුණු රටවලට ගිය ටික දෙනෙකුටවත් තේරෙනව නම් හොදයි. මාස කිහිපයකටම රටේ කාන්තාවන් 1500 ක් ආගිය අතක් නෑ කියන්නෙ එම පවුල්වල දරුවන් සමාජ විරෝධීන්වීමට ඉඩ කඩ වැඩියි කියන එක නෙමෙයිද?
Don perera Monday, 08 November 2021 02:19 PM
කිරි පුතාගේ නම වෙනස් කරගන්න කාලය හරි ,දැන් ප්ලේන්ටි පුතා වෙමු
සිරිබිරිස් Monday, 08 November 2021 03:07 PM
අපිට තාමත් අධිකරණ ගැන විශ්වාසයි... දිගටම එය එසේ වීමට කවුරු කවුරුත් වග බලා ගත්තොත් හොඳයි...
ගමේ එකාලා Monday, 08 November 2021 06:28 PM
අත්අඩන්ගුවට ගන්න ඕනේ පාස්කු ප්‍රහාරය මෙහෙයවපු අය. එහෙම නැතුව යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු ඇත්ත කතා කරපු පියතුමා නෙවෙයි.
BamunuarachchiWednesday, 10 November 2021 04:48 PM
දන්න බම්බුවක් කතා කරන්න හලෝ. මෙහෙයවපු අය බෝම්බත් සමග මැරුණා මහමොලකාරයා කරන්න ඕනෙ දේ පොතේ ලියා... දැනට අවුරුදු 1400කට පෙර මැරුණා. ප්‍රහාරය වෙන දිනය, වෙලාව ,ස්ථාන දැනගෙනත් ප්‍රහාරයෙන් රට බෙරගන්න බැරිවුණු ගොබ්බ ආණ්ඩුවක් නේද තිබුණේ? පාස්කු ප්‍රහාරය හොයන්න කාරක සභා, කොමිෂන් දෙකක්ම පත් කලේ ඔහෙලගේ ආණ්ඩු නේද? ඒවායේ ප්‍රතිඵල තමයි ඔය. ඒවාට අනුව නඩු පවරලා තිබෙනවා. ඒ ගොල්ලන්ම බෝම්බ ගහන්න ඉඩ දුන්නු ඒ ගොල්ලන්ම කොමිෂන් පත් කළා... අපි හිනාවෙවී බලන් ඉන්නවා. අපි දඟලන්නේ අහවල් දේකටද? අපේ ආණ්ඩු කොමිෂන් දැම්මේ නැහැ...
Bamunuarachchi Wednesday, 10 November 2021 04:37 PM
ඒ ඇයි... වෙනම නීතියක්ද?දෙඩෙව්වා නම් කියපු දේවල් සනාථ කරන්න කියන්න. ක්‍රිස්තියානි කියන්නේ පාදිලිකෙනෙක් කියන ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළිගන්න කොටසක්. ඔහු ඊට වගකිව යුතුයි...