IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සර්වඥ ධාතු මාසයක් ලංකාවේ

මියන්මාරයේ මැණ්ඩලේ කෞතුකාගාරයේ සංරක්ෂිත කර තිබූ   බුුදු  රජාණන් වහන්සේගේ  ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එහි  සිට  තායි ගුවන්සේවයට  අයත් ටී.ජී 307  දරන ගුවන්යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ප‍්‍රභූ පර්යන්තයෙන්  අද  අළුයම දිවයිනට වැඩම කළහ.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ජනතා ප‍්‍රදර්ශණය සඳහා  දිවයින පුරා ස්ථාන දහ නවයකට වැඩම කරනු  ලබන අතර  මින් මෙරට  ශ‍්‍රී ලාංකික බැතිමතුන්ට වෙසක් මාසය පුරාවටම   සර්වඥ ධාතූන් වහන්සේලාට වන්දනා මාන කිරීමේ අවස්ථාව උදාවෙයි.

සර්වඥ ධාතුන් වහන්සේලා සමග  මියන්මාරයේ නයනා වුන් තා හිමියෝ ප‍්‍රමුඛ  දුත පිරිසක්ද ඊයේ එම ගුවන්යානයෙන් මෙරටට වැඩම කළහ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්  ගුවන්තොටුපොල ප‍්‍රභූ පර්යන්තයේදී  මෙරටට වැඩම කළ  සර්වඥ ධාතූන් වහන්සේලා බාරගත් අතර ඒ සමග පැමිණි දුත පිරිසද  ඉතා ගෞරවාන්විතව පිළිගත්තේය.

ඉන් අනතුරුව  අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගුවන්තොටුපල ප‍්‍රභූ පර්යන්තයේ සකස් කළ විශේෂ කුටියක සර්වඥ ධාතූන්  වහන්සේලා තැන්පත් කළ අතර පසුව සියළු  දෙනාම එක්ව  ආගමික වතාවන් සිදු කළහ.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා  දිවයිනට වැඩම කරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ සභාපති සහ ශ‍්‍රී  සම්බෝධි දහම් පාසල් විදුහල්පති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝද මියන්මාරයට වැඩම කර තිබණි.  මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශයේ  සම්බන්ධීකරණ ලේකම් තුසිත ගල්ලොලූව මහතාද මෙහි  සම්බන්ධීකරණ කටයුතු  සඳහා මියන්මාරයට ගොස් තිබිණි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය  කරු ජයසුරිය මහතාද, පළාත් සභා අමාත්‍ය දයා ගමගේ මහතාද,  විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිලධාරීහු රැසක් පැමිණ සිටියහ.

 1 2 3 4 5 DSC_7198 DSC_7207 DSC_7336

 

 



අදහස් (0)

සර්වඥ ධාතු මාසයක් ලංකාවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 535 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 506 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 152 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1498 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1132 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site