සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් 11 වැනි දායින් පසු ප්රකාශකයක් කරන බව දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර ශ්‍රී කල්යාන වංශ මහා නිකායේ මහනායක හිමියෝ ප්‍රකාශ අද (8) කළහ.
ත්‍රිකුණාමලයේ සිට බස්වලින් ආ පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට ඊයේ (8) උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් විමසූ විට මහා නායක හිමියෝ එසේ කීහ.
අපවත් වී වදාල සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු මෙත්තාරාම හිමියෝ විහාරධිපති ලෙස පත් කරනු ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රශ්නයක් නිරවුල් ලෙස විසඳා ගැනීමට අපට ඇති නොහැකියාව පෙන්නුම් කරන තවත් අවස්ථාවක් මේ. (බ)
බුදු දහමේ කියලාදෙන මුලික සංකල්ප සියල්ල අමතක කර, දේපල වස්තු තණ්හාවෙන් කරන මෙවැනි උද්ගෝෂණ දුටුවිට බොහොම කනගටුවක් ඇතිවෙනවා. ජනාධිපතිතුමාවත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසදුවොත් හොදයි. (ර)
පින්වත් උපාසක උපාසිකාවනි, තම තමන්ගේ කාර්යභාරය සහ එහි සීමාවන් හරියට දැනගන්න. එය නොදන්නවා නම් බෞද්ධයාගේ අත්පොත අතට ගන්න. බෞද්ධයෙක් වෙන්න පෙර, සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද දැනගන්න. සිව්වනක් පිරිසේ මේ විකාර දකිද්දී ඉහමොළ රත්වෙනවා (නි)
මෙතන අන්‍යාගමිකයන්ගේ සම්බන්ධය මොකක්ද? මේක බුද්ධාගමේම දෙකොටසක් අතර ප්‍රශ්නයක් නේද? හැම එකටම වෙන කවුරුහරි අදාල නැති කට්ටිය ගාවාගන්නවා (නි)
අද අපේ බාල පරපුරට ආදර්ශයට ගතහැකි දේශපාලන නායකයින් මෙන්ම හාමුදුරුවරුන්ද ඉතාම විරලයි. හැම තැනම තණ්හාව. (නි)
බුදුන් වහන්සේ මොන පන්සලේ විහාරාධිපතිද? ජේතවනාරාමයේ ? වේළුවනාරාමයේ? ඉසිපතනාරාමයේ? ඇයි මේ වගේ ප්‍රශ්න ඇතිකර ගන්නේ?
තණ්හාය ජායති ශෝකෝ. අපිවත් බණක් කියමු. (නි)
\"තණ්හාය ජායති සෝකෝ\" කියනවනේ. අනේ හාමුදුරුවනේ ඉඩකඩම් රැකගන්න අරගල කරන්න එපා. ආගමට නැබුරුව මිනිසුන්ට හොඳමග කියාදෙන්න වැඩක් කරන්න.(ම)
බෞද්ධයා සතු වෙහෙර විහාර රැකීම තණ්හාවක් නොවෙයි (නි)
සිංහල බෞද්ධයාට ඇස් ඇරෙන්න තවත් කලක් යයි. (නි)