IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'සිරස කුමරිය' හරහා පැමිණ 'Miss International World' තරගයට යන 'හර්ෂි'

2016-06-16-ent-44

2012 වසරේදී නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි හර්ෂි එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාවේ මියාම් නගරයට පිටත්ව යාමට නියමිතව ඇත. ඒ "මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ්" රූපරාජිනි තරගය සඳහාය. රටවල් රැසක තරගකාරියන් බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් වන මෙම තරගය පිළිබඳව "සාරවිට" අපට හර්ෂි මෙලෙස පැවසුවාය.

 

2016-06-16-ent-35මෙම තරගය ගැන මුලින්ම අපි කතාකරමු?

ඔක්තෝබර් මාසයෙ ඇමෙරිකාවේ මියාම් නගරයේ තමයි මේ තරගය පැවැත්වෙන්නෙ. ලැබෙන ආරංචිවලට අනුව මේ තරගයට ශ්‍රී ලංකාව සමගින් රටවල් බොහෝ ප්‍රමාණයක තරගකාරියන් සහභාගි වෙනවා. මේක මගේ පළමු ජාත්‍යන්තර රූපරාජිනි තරගාවලිය. ඉතින් මේ වගේ ලෝක මට්ටමින් පැවැත්වෙන තරගාවලියකට මගේ මවුරට නියෝජනය කරමින් ඉදිරිපත් වෙන්න ලැබුණ එක මට ලොකු සතුටක්. ඉතින් මගේ බලාපොරොත්තුව තමයි මේ තරගයෙන් යම් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ලබාදීම. ඔක්තෝබර් මාසයේ මේ තරගය පැවැත්වුණත් ඒ සඳහා මම ලබන අගෝස්තුවේදී පිටත් වෙනවා.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ?

2012 අවුරුද්දේ. නිරූපිකාවක් විදිහට වැඩකරන අතරේ "චැනල් සී" නාළිකාවට සම්බන්ධ වෙලා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කළා. ඒ හරහා විවිධ ක්ෂේත්‍රවල සිටින බොහෝ පිරිසක් හඳුනාගන්න ලැබුණා. ඊට පස්සෙ ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේම ටෙලිනාට්‍යයවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්න කලින් මම "සිරස කුමරිය" තරගයට ඉදිරිපත් වුණා. එහි අවසන් තරගකාරියන් හය දෙනා අතරට එන්නට මට පුළුවන් වුණා.

 

හර්ෂි දැනට දායක වෙලා තියෙන ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍යය මොනවද?

දැනට මියුසික් වීඩියෝ 5ක විතර වැඩ කරලා තියෙනවා. ඒ අතර ගොඩක්ම ජනප්‍රිය වුණේ "සිරස සුපර් ස්ටාර්" තරගයෙන් ගායන ක්ෂේත්‍රයට ආපු ගාමිණී සුසිරිවර්ධනගේ "දන්නවාද මං දුකින්" කියන රූප රචනාව. හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "ආටක නාටක" හාස්‍යමය ටෙලිනාට්‍යයටත්, රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "සබ්බ සකලා මනා" ටෙලිනාට්‍යයටත්, TVC හා මැලිබන් වගේ ජනප්‍රිය වෙළෙඳ දැන්වීම්වලටත් මම දැනට සහභාගි වෙලා තියෙනවා.

 

දැන් ඔබ නිරූපිකාවක්ද, රංගන ශිල්පිනියක්ද? නැත්නම් නිවේදිකාවක්ද?

නිරූපිකාවක් හා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. විනෝදයට වගේ තමයි රංගනය පැත්තට යොමු වෙන්නෙ. ඉදිරියෙදී රූපලාවණ්‍ය ශිල්පිනියක විදිහටත් මගේම කියලා ව්‍යාපාරයකට යොමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිරූපිකාවක් විදිහට මොනවද හර්ෂිගේ තියෙන ඉලක්ක?

නිරූපිකාවක් විදිහට ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. "මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ්" වැනි ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරන්න ලැබීම මගේ තිබුණ ලොකු ඉලක්කයක්. දැන් නම් ඒ ඉලක්කය මට සපුරාගන්න ලැබිලා තියෙනවා. ඉදිරියෙදි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හා රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් නමක් හදාගෙන ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා. තවත් මාසයකින් දෙකකින් විතර කොළඹ ප්‍රදේශයේ මගේම කියලා රූපලාවණ්‍යාගාරයක් පවත්වන්නත් මම සැලසුම් කරමින් ඉන්නවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඉසුරු පෙරේරා

 

2016-06-16-ent-43
2016-06-16-ent-42
2016-06-16-ent-41
2016-06-16-ent-40
2016-06-16-ent-39
2016-06-16-ent-38
2016-06-16-ent-37
2016-06-16-ent-36
2016-06-16-ent-34

 



අදහස් (0)

'සිරස කුමරිය' හරහා පැමිණ 'Miss International World' තරගයට යන 'හර්ෂි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 457 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 853 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 204 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 745 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1428 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 565 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site