IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මේ අතර ආයතනය  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  2020 සිට ලැබිය යුතු පාඨමාලා ගාස්තු රුපියල් අසූ අට දහසක්   අය කරගෙන නැතැයිද එහි  දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය



අදහස් (4)

සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක්

sakra Wednesday, 16 April 2025 02:12 AM

විශ්ව විද්‍යාල කියන්නේ තවත් එක හොර ගුහාවක්. ලක්ෂ ගත්තාට ඕකේ ඉන්න ඇදුරන්ගෙන් කොටසක් ඉන්නේ කුමන හෝ දේශපාලන වේදිකාවල. තව කොටසක් ඉගැන්වීම පැත්තක තියලා business හෝ tuition කරනවා. වැඩිදුර අධ්‍යාපන හෝ sabbatical නිවාඩු අරගෙන කරන්නෙත් business. කිසිම රජයකට කොන්දක් නැහැ මේවාට හරි හැටි ක්‍රියාකරන්න. අවංකව වැඩ කරන වි.වි ආචාර්යවරු හෝ අනධ්‍යන සේවකයින් ඉන්නවා නම් ඒ 0.000001 විතර තමයි...

:       0       0

himalThursday, 17 April 2025 09:54 AM

ඔයා මේ දශම ගාණ ගණනය කරපු ක්‍රමවේදය දාන්න පුළුවන්ද? මොකද ඔයා මේ පුවතවත් වටහාගෙන නෑ. ආචාර්යවරයෙකු විදේශගත වනවිට ඇපකරුවන් ඇතුළුව බැඳුම්කරයක් අත්සන් කරනවා. ඒ ආචාර්යවරයා රට ගිහින් ආවේ නැත්නම්, ඇපකරුවන් ගෙවන්නෙත් නැත්නම්, නඩු පවරා ඒ අලාභය අය කරගන්න කටයුතු කරන එක තමයි විසඳුම. නඩු පවරලා ඇත්නම් ඒ නඩුවේ තීන්දුව එනතුරු කරන්න දෙයක් නෑ.

:       0       0

Dilshan Wednesday, 16 April 2025 08:57 AM

අනුරගේ ආණ්ඩුව තිබ්බා නම් අවුරුදු 50කට හිරේ දායි නේද?

:       0       0

Lalla Wednesday, 16 April 2025 09:11 AM

රටේ දුප්පත්කම විකුණාගෙන කන හොර උගත්තු, පාහරයෝ. අදාල වෘත්තීය සමිතිවල නායකයින්ට මේවා නොපෙනුණාට රටටම පේනවා. ශාපය හත්මුතු පරපුරටම අදාල වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 135 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 13 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 71 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 464 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 1039 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 687 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 419 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site