IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සරස්වතිය වැඩහිඳින දියඇල්ලට නම් තුනයි

2016-12-15-ent-23

තවලන්තැන්නෙන් දෙපැත්තට හැරිලා ප්‍රධාන නගර දෙකකට යන්න පුළුවන්. එකක් තලවකැලේ, අනෙක නුවරඑළිය. තවලන්තැන්නෙන් තලවකැලේට යන්න තියෙන පාරේ ගියාම තමයි පූඬලුඔය කුඩා නගරය මුණගැහෙන්නේ. පූඬලුඔය නගරය පහුකරලා තව කිලෝමීටරයක් විතර ගියාම තියෙනවා වම් අත පැත්තට පාරක්. මේ පාර තමයි එකම පාර අර උඩින් කිව්ව තවලන්තැන්න - නුවරඑළිය මාර්ගයත් තවලන්තැන්න - තලවකැලේ මාර්ගයත් දෙක එකට එකතු කරන. දැන් අපිට මේ මාර්ගය වැදගත් ඒ නිසාද.. නෑ. මේ පූඬලුඔය - නුවරඑළිය මාර්ගයේ තමයි අද අපි බලන්න යන අපූරැ දියඇල්ල තියෙන්නේ. මේකටත් නම් තුනක් තියෙනවා. කට්ටියක් මේක පූඬලුඔය ඇල්ල කියලා කියනවා. තව කට්ටියක් මේකට ඩන්සිනන් ඇල්ල කියලා කියනවා. තවත් පිරිසක් මේකට ෂීන් ඇල්ල කියලා කියනවා. කොහොම හරි, මේ තමයි පූඬලු ඔයෙන් නිර්මාණය වුණු අපූරැ ඩන්සිනන් ඇල්ල.

2016-12-15-ent-21කිව්වා වගේ, මේක පූඬලු ඔයෙන් නිර්මාණය වුණ නිසා මේකට පූඬලු ඔය ඇල්ල කියලා කියනවා. මේ ඇල්ල දෙපැත්තේ තියෙන්නේ විශාල තේ වතු දෙකක්. එකක් ඩන්සිනන් වත්ත. අනෙක තමයි ෂීන් වත්ත. මෙන්න මේ වතු දෙකේ නම් නිසා තමයි ඇල්ලට අනිත් නම් හම්බවෙලා තියෙන්නේ. මේ ඇල්ල අසලම තිබෙන හින්දු දේවාලය හා දේවාලයේ එක් සරස්වතී පිළිමයක් දියඇල්ල මැද තබා තිබීම කියන දේවල් නිසාත් ඇල්ලට සුවිශේෂිත්වයක් ලැබිලා තියෙනවා. එක අතකට ඒක එක්තරා පූජනීයත්වයක්. කොහොම හරි මේ පූඬලු ඔය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ ඇල්ලත් අපි ගිය සතියේ ගිය කඩියන්ලෙන ඇල්ල වගේ තට්ටු තුනකට තමයි පිහිටලා තියෙන්නේ. ඇල්ලේ තට්ටු තුනෙන් ඉහළම තට්ටුව, ඒ කියන්නේ පූඬලුඔය - නුවරඑළිය මාර්ගයේ යද්දි පෙනෙන කොටස තමයි උසින් අඩුම නමුත් ලස්සනම කොටස. ඒ කොටස සාමාන්‍ය ඇල්ලකට වඩා පළලින් වැඩියි. හැබැයි උසින් අඩුයි.

ඇල්ලේ ඉතිරි කොටස් දෙකත් එක්කම ගත්තාම මේක අඩි 330ක් පමණ උසින් යුක්තයි කියලා තමයි පොතේ තියෙන්නේ. ඈත ඉඳලා බැලුවාම ඇල්ලේ තට්ටු තුන් හා පළවෙනි - දෙවෙනි තට්ටු මැදින් වැටිලා තියෙන ප්‍රධාන මාර්ගය අපූරැවට දකින්න පුළුවන්. මෙරට මෙන්ම විදෙස් රටවල සිට එන සංචාරකයින්ගෙනුත් විශාල ආකර්ෂණයක් මේ ඇල්ලට තියෙනවා. ඇත්තටම සොබාදහමේ හරිම අපූරැ නිර්මාණයක් වූ මේ පූඬලු ඔය ඇල්ල දකින්නට වරක් හෝ ඔබ යායුතුයි කියන එකයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

 

 ප්‍රසාද්

 

2016-12-15-ent-29
2016-12-15-ent-27
2016-12-15-ent-26
2016-12-15-ent-24
2016-12-15-ent-22
2016-12-15-ent-25



අදහස් (0)

සරස්වතිය වැඩහිඳින දියඇල්ලට නම් තුනයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 346 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 529 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 327 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 268 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 855 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site