IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සරසවියට 4900ක් වැඩිපුර

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සකස් කළ යෝජනා හතරකින් යුත් වාර්තාවක්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තාවේ ඇතුළත් තුන්වන ක්‍රමවේදයට අනුව වැඩිපුර සිසුන් 4928 දෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය. මේ අනුව 27000කට ආසන්න සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් හිමිවනු ඇත. ඒ අනුව ලබන දහවෙනිදාට පෙර දිස්ත්‍රික් හා ජාතික මට්ටම ද නැවත සකසා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය. ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරයගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්ච මණ්ඩලයක් මේ නියෝගය කළේය.



අදහස් (0)

සරසවියට 4900ක් වැඩිපුර

ජයන්ත - ඉබ්බාගමුව Monday, 03 September 2012 02:52 PM

නෑ, මේක වෙන දෙයක් නොවේ. ගුන්ඩුවක් විතරයි. දෙනවා, කරනවා කියපු හැම දේකම දින දීලා තියෙන්නේ ඉදිරියටනේ...(ස)

:       0       0

කෙවින් Monday, 03 September 2012 02:55 PM

ඔය වැඩ වලින් අසරණ වෙන්නේ අහිංසක ළමයි (දී)

:       0       0

ශ්‍රීසර Tuesday, 04 September 2012 07:56 AM

ඒක නෙමෙයි මම මේ බැලුවේ... සායක් ගවුමක් අඳින එක කෙල්ලෙක් දැන් ලංකාවේ හොයාගන්න නෑ වගේ. බොරුද ඉතිං ආශ්චර්ය කියන්නේ.(ස)

:       0       0

ලුම්බිණි Tuesday, 04 September 2012 08:03 AM

මගේ ප්‍රාර්ථනාව මතු ජාති ජාතිත් මේ රටේම ඉපදෙන්න වාසනාව ලැබේවා කියලයි. (ස)

:       0       0

ලාල් Tuesday, 04 September 2012 08:33 AM

සුනේත්‍රාගේ ප්‍රකාශය හරි බුද්ධිමත්. (ස)

:       0       0

ලක්ෂිත Tuesday, 04 September 2012 08:47 AM

මේක වෙන දෙයක් නෙවෙයි . කියන්නේ නම් වැඩිපුර ගන්නවා කියලා . ඒත් අන්තිමට බලනකොට ගන්න ගානම තමයි අපි බලමුකෝ. වැඩිපුර ගත්තොත් මාගේ ප්‍රණාමය බලධාරීන්ට (ස)

:       0       0

බර්ටි Tuesday, 04 September 2012 09:01 AM

4900 කැම්පස්වල කොයින්ද ඉඩ‍‍‍....(ස)

:       0       0

අතුල Monday, 03 September 2012 03:47 PM

වැඩිපුර ගත්තා වගේම අවශ්‍ය නේවාසිකාගාර,අධ්‍යාපන පහසුකම් සියල්ල දෙන්න ඕන..නැත්නම් ඊළගට එන අරගල අති භයානකයි..(ස)

:       0       0

ලේකම්ගේ Monday, 03 September 2012 03:50 PM

මේ මොන දේ හරි සාධාරණ පරිදි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කලොත් හොඳයි.තරුණ දරුවන්ගෙ කාලය නිකන්ම දිය වෙලා යනවා.හැබයි අපේ රටේ වමේ දකුණේ කියලා නැහැ බොහොමයක්ම නායකයන්ගෙ දරුවො ඉගෙන ගන්නෙ නම් පිට රට වල. කාලය,තත්වය,ධනය, රැකියාව මේ ඔක්කොම ඒ ගොල්ලන්ට නිරන්තරයෙන්ම ලැබෙනවා.ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ සාමාන්‍ය පීඩිත පංතියෙ දෙමාව්පියන් සහ ඔවුන්ගෙ දරුවොයි...(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 04 September 2012 09:31 AM

මේ දරුවන් ගේ අනාගතය සාර්තක වේවා ! දළදා සමිදු පිහිටෙන් රැක දේවා (ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 04:03 PM

අපරාදේ අපි A/L කරපු කාලේ මේ වගේ මේ වගේ පිස්සුවක් නැටුවේ නෑනේ..එහෙම උනානම් අපිත් කැම්පස් ගිහින්..(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 04:12 PM

රිස්වාන්, මේක සවුදිය වගේ නෙමෙයි. පුටුව උඩ පණ ගියත් ලංකාවේ අය ඉල්ලා අස්වෙනවා ‍බොරු. (නි)

:       0       0

නිරාන් Monday, 03 September 2012 04:13 PM

වගකිව යුතු බලධාරීනි, තියෙන දෙයක් හකුලා‍ගෙන දැන්ම ගෙදර යන්න...(ස)

:       0       0

කුසුම් Monday, 03 September 2012 04:18 PM

ඉහළ උසාවියට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ජගත් Monday, 03 September 2012 04:34 PM

දැන් ඔය ඔක්කොම ගන්න පුලුවන් වෙන්නෙ කැම්පස් ඇරියොත්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා ආචාර්‍ය වරුන්ගේ ප්‍රශ්නේ විසඳන්න වේවි. (ස)

:       0       0

සුනේත්‍රා Monday, 03 September 2012 04:34 PM

සම් කෑල්ලකින් තොප්පි එකකුත් මහන්න පුළුවන්, හතකුන් මහන්න පුළුවන්. වන්නේ තොප්පිය පුංචි වීම පමණයි. (නි)

:       0       0

පද්මි Tuesday, 04 September 2012 10:50 AM

මේක බොරු කතාවක්..!! ඔයවිදියට අරගෙන ළමයින්ට නවාතැන් පහසුකම් දෙන්න තියෙනවාද? ඒ දරුවන්ට දුක් විදින්න වෙයි..!!(නු)

:       0       0

මංජු Monday, 03 September 2012 04:46 PM

විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම පිළිබඳව සලකා බැලීමේදී ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙරට විශ්ව විද්‍යා‍ල පද්ධතිය තුළ පවතින්නේද යන්න පිළිබඳවද සුළු වශයෙන් හෝ අවධානය යොමු කර යුතුව තිබිණ. මන්දයත් විශ්‍ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන සිසුන් වශයෙන් ඒ තුළ මේ වන විටත් ප්‍රමාණවත් යටිතල පහසුකම් වත් සැපයීමට නොහැකි වීමයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 04 September 2012 06:44 PM

අනේ අනිච්චං සන්දුක්ඛේ. (නි)

:       0       0

මාධව Tuesday, 04 September 2012 11:21 AM

මෙය කළ හැකි වුවත් මෙයින් එක් විශ්වවිද්‍යාලීය සිසුවෙකුට ඇති යටිතල පහසුකම් තවත් අඩුවේ.(ස)

:       0       0

රුවන් Monday, 03 September 2012 05:16 PM

ලංකාවේ අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කසුන් Tuesday, 04 September 2012 11:32 AM

*අනවශ්‍ය අය වහාම තනතුරු වලින් පහකල යුතුයි. *වැඩිපුර ඇතුලත්කරගත්තා වගේ නෙමෙයි සියලුම සිසුන්ටට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. *රාජ්‍ය විශ්වවිද්‍යාල තවදුරටත් දියුණුකළ යුතුයි. (ස)

:       0       0

විජේන්ද්‍ර Monday, 03 September 2012 05:26 PM

බොහෝ ලාංකීය සම්පත් දැනටත් පාවිච්චියට ගන්නෙ නැහැ (නි)

:       0       0

රණා Tuesday, 04 September 2012 12:40 PM

මට ආසයි ආයෙත් පාසල් යන්න ...(ස)

:       0       0

අනුර Monday, 03 September 2012 07:46 PM

බලන්න කොයිතරම් ලස්සනට ශාන්තව ඉදගෙන ඉන්නවද කියලා. (නි)

:       0       0

රොහාන් Monday, 03 September 2012 07:57 PM

දැන්වත් ලංකාවේ මිනිස්සුන්ට මොළය පෑදෙයිද? (නි)

:       0       0

ආශ්චර්යය බින් Monday, 03 September 2012 08:03 PM

2012 ආශ්චර්යය ව්‍යාපෘතිය - 1. පහේ ශිෂ්‍යත්වයේ ආශ්චර්යය 2. උසස් පෙළ ආශ්චර්යය 3. විශ්ව විද්‍යාලවල ආශ්චර්යය 4. අධ්‍යාපනයේ ආශ්චර්යය 5. මැතිවරණ ආශ්චර්යය 6. රුපියලේ ආශ්චර්යය 7. සර්වඥධාතු ආශ්චර්යය 8. එස්.එල්.පී.එල්.ආශ්චර්යය 2013 ආශ්චර්යය ව්‍යාපෘතිය- ආශ්චර්යයේ පෙරගමන්කරු ශ්‍රී ලංකාවයි. ඇමෙරිකාව,ජපානය,චීනය....ලංකාවේ ආශ්චර්යය ගැන පුදුම වී ටියුෂන් ගැනීමට එයි. (නි)

:       0       0

ගයා වන්නි Monday, 03 September 2012 08:28 PM

වැඩිපුර ගන්න සිසුන්ට ඩෙස් පුටු.. පොල්අතු අරගෙන එන්න කියන්නෙ නැද්ද?(නු)

:       0       0

නිරන් Tuesday, 04 September 2012 01:37 PM

උසස්පෙළ ළමයිනුත් දැං ලේසි නැහැ.. උසාවිම යනවා.. හොදයි හොදයි...රටට ගිය කල..!!(නු)

:       0       0

නදීශ Monday, 03 September 2012 09:13 PM

මල්ලිලා නංගිලා එන්න.ගොඩක් හොදයි වැඩිපුර ගත්ත එක.අපි නම් යනවා මේ සැරේ.ඒත් ඔයාලා පුළුවන්නම් අවශ්‍ය පහසුකම් වැඩි කරන්න කියලත් ඉල්ලන්න.මොකද අපි මේ හිටිය ටිකට වත් හරියට පහසුකම් තිබුණේ නැහැ.ඉතින් තව පහසුකම් වැඩි නොකර තව ගත්තම වෙන වැඩේ හිතා ගන්න බැහැ. (නි)

:       0       0

සුදත් Monday, 03 September 2012 09:12 PM

පාසලෙන් මහ පාරට, මහ පාරෙන් අධිකරණයට, අධිකරණයෙන් කඳවුරට, කඳවුරෙන් සරසවියට. අපේ කාලෙ වගේ නෙමේ, දැන් ළමයින්ට හොඳ අත් දැකීම් ලැබෙනවානෙ කැම්පස් යන්න කලින්. (නි)

:       0       0

අයේෂ් Monday, 03 September 2012 09:27 PM

ඔය 4900 ගන්න විශ්ව විද්‍යාල අරින්න එපැයි, තාම වහලනේ. ඔය 27000 ට සැහෙන්න කාලයක් බලන් ඉන්න වෙයි. අයියෝ සල්ලි! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 02:02 PM

ඉඩ මදිනම් රෑට දේශන තියන්න....(ස)

:       0       0

මිගාර Thursday, 06 September 2012 01:21 PM

නායකත්ව පුහුණුවට යන වියදම තවත් වැඩිවෙයි වගේ.ඊට වඩා හොදයි ඒක නවත්තල ඒකට යන කෝටි ගාණක සල්ලි වලින් ඇතුලත් කරගන්න සිසුන්ට නේවාසිකාගාර හැදුවනම්,(නු)

:       0       0

සිරිවර්ධන Tuesday, 04 September 2012 02:28 PM

අනේ මේ දරුවන්ට විශ්ව විද්‍යාලයට යන්න ඉස්සෙලාම නවක වදය ලැබිල වගේ. දැන් ගියාට පස්සෙත්..(නු)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 11:25 PM

මගේ ප්‍රණාමය...(ස)

:       0       0

කුෂී Wednesday, 05 September 2012 12:42 PM

අනේ අපි කාට කරපු වැරැද්දකටද අපිට සරසවි වරම් අහිමිවුණේ? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 03 September 2012 02:39 PM

ලැජ්ජාවක් නැති බලධාරියනි දැන්වත් ඉල්ලා අස් වෙන්න..(ස)

:       0       0

ප්‍රවීන් Monday, 03 September 2012 02:40 PM

මාරුවට තියෙයි (දී)

:       0       0

කපිල Monday, 03 September 2012 02:44 PM

හැම අවුරුද්දෙම Z-score වැරද්දුව නම් වැඩි පුර ළමයිට කැම්පස් යන්න පුළුවන්, ඒක නිසා බන්දුලට හා එස්.බී.ට උත්තමාචාරය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1312 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 118 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 811 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1137 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 317 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 678 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 208 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site