2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සකස් කළ යෝජනා හතරකින් යුත් වාර්තාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද අධිකරණයට ඉදිරිපත් කළේය.
එම වාර්තාවේ ඇතුළත් තුන්වන ක්‍රමවේදයට අනුව වැඩිපුර සිසුන් 4928 දෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.
මේ අනුව 27000කට ආසන්න සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් හිමිවනු ඇත.
ඒ අනුව ලබන දහවෙනිදාට පෙර දිස්ත්‍රික් හා ජාතික මට්ටම ද නැවත සකසා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරයගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්ච මණ්ඩලයක් මේ නියෝගය කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොරු කතාවක්..!! ඔයවිදියට අරගෙන ළමයින්ට නවාතැන් පහසුකම් දෙන්න තියෙනවාද? ඒ දරුවන්ට දුක් විදින්න වෙයි..!!(නු)
පාසලෙන් මහ පාරට, මහ පාරෙන් අධිකරණයට, අධිකරණයෙන් කඳවුරට, කඳවුරෙන් සරසවියට. අපේ කාලෙ වගේ නෙමේ, දැන් ළමයින්ට හොඳ අත් දැකීම් ලැබෙනවානෙ කැම්පස් යන්න කලින්. (නි)
ඔය 4900 ගන්න විශ්ව විද්‍යාල අරින්න එපැයි, තාම වහලනේ. ඔය 27000 ට සැහෙන්න කාලයක් බලන් ඉන්න වෙයි. අයියෝ සල්ලි! (නි)
මගේ ප්‍රණාමය...(ස)
ඒක නෙමෙයි මම මේ බැලුවේ... සායක් ගවුමක් අඳින එක කෙල්ලෙක් දැන් ලංකාවේ හොයාගන්න නෑ වගේ. බොරුද ඉතිං ආශ්චර්ය කියන්නේ.(ස)
මගේ ප්‍රාර්ථනාව මතු ජාති ජාතිත් මේ රටේම ඉපදෙන්න වාසනාව ලැබේවා කියලයි. (ස)
සුනේත්‍රාගේ ප්‍රකාශය හරි බුද්ධිමත්. (ස)
මේක වෙන දෙයක් නෙවෙයි . කියන්නේ නම් වැඩිපුර ගන්නවා කියලා . ඒත් අන්තිමට බලනකොට ගන්න ගානම තමයි අපි බලමුකෝ. වැඩිපුර ගත්තොත් මාගේ ප්‍රණාමය බලධාරීන්ට (ස)
4900 කැම්පස්වල කොයින්ද ඉඩ....(ස)
මේ දරුවන් ගේ අනාගතය සාර්තක වේවා ! දළදා සමිදු පිහිටෙන් රැක දේවා (ස)
මල්ලිලා නංගිලා එන්න.ගොඩක් හොදයි වැඩිපුර ගත්ත එක.අපි නම් යනවා මේ සැරේ.ඒත් ඔයාලා පුළුවන්නම් අවශ්‍ය පහසුකම් වැඩි කරන්න කියලත් ඉල්ලන්න.මොකද අපි මේ හිටිය ටිකට වත් හරියට පහසුකම් තිබුණේ නැහැ.ඉතින් තව පහසුකම් වැඩි නොකර තව ගත්තම වෙන වැඩේ හිතා ගන්න බැහැ. (නි)
මෙය කළ හැකි වුවත් මෙයින් එක් විශ්වවිද්‍යාලීය සිසුවෙකුට ඇති යටිතල පහසුකම් තවත් අඩුවේ.(ස)
*අනවශ්‍ය අය වහාම තනතුරු වලින් පහකල යුතුයි. *වැඩිපුර ඇතුලත්කරගත්තා වගේ නෙමෙයි සියලුම සිසුන්ටට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. *රාජ්‍ය විශ්වවිද්‍යාල තවදුරටත් දියුණුකළ යුතුයි. (ස)
මට ආසයි ආයෙත් පාසල් යන්න ...(ස)
උසස්පෙළ ළමයිනුත් දැං ලේසි නැහැ.. උසාවිම යනවා.. හොදයි හොදයි...රටට ගිය කල..!!(නු)
ඉඩ මදිනම් රෑට දේශන තියන්න....(ස)
අනේ මේ දරුවන්ට විශ්ව විද්‍යාලයට යන්න ඉස්සෙලාම නවක වදය ලැබිල වගේ. දැන් ගියාට පස්සෙත්..(නු)
අනේ අනිච්චං සන්දුක්ඛේ. (නි)
අනේ අපි කාට කරපු වැරැද්දකටද අපිට සරසවි වරම් අහිමිවුණේ? (නි)
නායකත්ව පුහුණුවට යන වියදම තවත් වැඩිවෙයි වගේ.ඊට වඩා හොදයි ඒක නවත්තල ඒකට යන කෝටි ගාණක සල්ලි වලින් ඇතුලත් කරගන්න සිසුන්ට නේවාසිකාගාර හැදුවනම්,(නු)
ඉහළ උසාවියට අපේ ප්‍රණාමය! (නි)
මාරුවට තියෙයි (දී)
හැම අවුරුද්දෙම Z-score වැරද්දුව නම් වැඩි පුර ළමයිට කැම්පස් යන්න පුළුවන්, ඒක නිසා බන්දුලට හා එස්.බී.ට උත්තමාචාරය (දී)
නෑ, මේක වෙන දෙයක් නොවේ. ගුන්ඩුවක් විතරයි. දෙනවා, කරනවා කියපු හැම දේකම දින දීලා තියෙන්නේ ඉදිරියටනේ...(ස)
ඔය වැඩ වලින් අසරණ වෙන්නේ අහිංසක ළමයි (දී)
වැඩිපුර ගත්තා වගේම අවශ්‍ය නේවාසිකාගාර,අධ්‍යාපන පහසුකම් සියල්ල දෙන්න ඕන..නැත්නම් ඊළගට එන අරගල අති භයානකයි..(ස)
මේ මොන දේ හරි සාධාරණ පරිදි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කලොත් හොඳයි.තරුණ දරුවන්ගෙ කාලය නිකන්ම දිය වෙලා යනවා.හැබයි අපේ රටේ වමේ දකුණේ කියලා නැහැ බොහොමයක්ම නායකයන්ගෙ දරුවො ඉගෙන ගන්නෙ නම් පිට රට වල. කාලය,තත්වය,ධනය, රැකියාව මේ ඔක්කොම ඒ ගොල්ලන්ට නිරන්තරයෙන්ම ලැබෙනවා.ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ සාමාන්‍ය පීඩිත පංතියෙ දෙමාව්පියන් සහ ඔවුන්ගෙ දරුවොයි...(ස)
අපරාදේ අපි A/L කරපු කාලේ මේ වගේ මේ වගේ පිස්සුවක් නැටුවේ නෑනේ..එහෙම උනානම් අපිත් කැම්පස් ගිහින්..(ස)
රිස්වාන්, මේක සවුදිය වගේ නෙමෙයි. පුටුව උඩ පණ ගියත් ලංකාවේ අය ඉල්ලා අස්වෙනවා බොරු. (නි)
වගකිව යුතු බලධාරීනි, තියෙන දෙයක් හකුලාගෙන දැන්ම ගෙදර යන්න...(ස)
ලැජ්ජාවක් නැති බලධාරියනි දැන්වත් ඉල්ලා අස් වෙන්න..(ස)
දැන් ඔය ඔක්කොම ගන්න පුලුවන් වෙන්නෙ කැම්පස් ඇරියොත්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා ආචාර්‍ය වරුන්ගේ ප්‍රශ්නේ විසඳන්න වේවි. (ස)
සම් කෑල්ලකින් තොප්පි එකකුත් මහන්න පුළුවන්, හතකුන් මහන්න පුළුවන්. වන්නේ තොප්පිය පුංචි වීම පමණයි. (නි)
විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම පිළිබඳව සලකා බැලීමේදී ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින්නේද යන්න පිළිබඳවද සුළු වශයෙන් හෝ අවධානය යොමු කර යුතුව තිබිණ. මන්දයත් විශ්‍ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන සිසුන් වශයෙන් ඒ තුළ මේ වන විටත් ප්‍රමාණවත් යටිතල පහසුකම් වත් සැපයීමට නොහැකි වීමයි. (නි)
ලංකාවේ අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි. (නි)
බොහෝ ලාංකීය සම්පත් දැනටත් පාවිච්චියට ගන්නෙ නැහැ (නි)
බලන්න කොයිතරම් ලස්සනට ශාන්තව ඉදගෙන ඉන්නවද කියලා. (නි)
දැන්වත් ලංකාවේ මිනිස්සුන්ට මොළය පෑදෙයිද? (නි)
2012 ආශ්චර්යය ව්‍යාපෘතිය - 1. පහේ ශිෂ්‍යත්වයේ ආශ්චර්යය 2. උසස් පෙළ ආශ්චර්යය 3. විශ්ව විද්‍යාලවල ආශ්චර්යය 4. අධ්‍යාපනයේ ආශ්චර්යය 5. මැතිවරණ ආශ්චර්යය 6. රුපියලේ ආශ්චර්යය 7. සර්වඥධාතු ආශ්චර්යය 8. එස්.එල්.පී.එල්.ආශ්චර්යය 2013 ආශ්චර්යය ව්‍යාපෘතිය- ආශ්චර්යයේ පෙරගමන්කරු ශ්‍රී ලංකාවයි. ඇමෙරිකාව,ජපානය,චීනය....ලංකාවේ ආශ්චර්යය ගැන පුදුම වී ටියුෂන් ගැනීමට එයි. (නි)
වැඩිපුර ගන්න සිසුන්ට ඩෙස් පුටු.. පොල්අතු අරගෙන එන්න කියන්නෙ නැද්ද?(නු)