‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නොවෙයි. ඇයි මගේ අහිංසක පුතාට මෙහෙම කළේ ඇයි ? මේ අපරාධය කළේ?‘ යැයි යාපන විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජය කුමාර් සුලක්ෂන් සිසුවාගේ මව විජයකුමාර් බේබිනායකී මහත්මිය හැඬූ කඳුලින් කීවාය.
සුලක්ෂන් සහ ඔහුගේ මිතුරකු වූ එම විශ්ව විද්‍යාලයයේම දේශපාලන විද්‍යා සිසුවකුවන නඩරාසා කජන් බ්‍රහස්පතින්දා (21) රාත්‍රී යාපනය කොකුවිල් කුලප්පිට්ටිහිදී රිය අනතුරකින් මිය ගියැයි මුලින් වාර්තා වූ අතර එක් සිසුවකු මිය ගියේ වෙඩි තැබීමකින් බව පසුව අනාවරණය විය.
සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය. විශ්ව විද්‍යාල සිසුහු ද, ඔහුගේ මිතුරෝ සහ අසල්වාසීහු ද ඔහුගේ නිවස වටා රොක්වී සිටියහ.
සුලක්ෂන්ගේ දේහය ළඟට වී හඬා වැළපෙන ඔහුගේ මව බේබිනායකී මෙසේ ද කීවාය.
‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. අපට සිකුරාදා පාන්දර දෙකට විතර දුරකතන ඇමතුමක් ආවා පුතා ඇක්සිටන්ට් වෙලා කියලා. අපි රෝහලට ගියා. සිකියුරිටිගෙන් ඇහුවාම පුතා කෝ කියලා මෝචරිය පෙන්නුවා. වටේ හිටපු අය කිව්වා එයාට බෙහෙත් කරනවා ඔයාලා ගෙදර යන්න කියලා. අපට බය නැතිව ඉන්න කිව්වා. ඉන් පස්සේ උදේ මහත්තයා කතා කරලයි කිව්වේ පුතා නැති වෙලා කියලා.
මගේ පුතා ත්‍රස්තවාදියෙක් නෙමයි. හොඳ ළමයෙක්.මට මගේ පුතා ගෙනත් දෙන්න කියන්න. වෙන මොනවත් ඕන නෑ. ‘ යැයි බේබිනායකී කීවාය.
සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් හදාරණ සහෝදරයන් දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.
සුලක්ෂන් රගපෑමට හා කථිකත්වයට දක්ෂ බව ඔහුගේ මිතුරෝ සහ සහෝදරයෝ කියති. 2015 පැවැති චිත්‍රපට තරගයකින් ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ද වීරයාට රගපෑවේ සුලක්ෂන්ය.
ඔහුගේ ළඟම මිතුරෙක් සුලක්ෂන් ගැන මෙසේ කීවේය. (නම හෙළි කිරීමට අකමැති නිසා නම සදහන් නොකරමු.)
සුලක්ෂන් හැමෝම එක්ක හොදින් මිත්රශීලීව සිටි පුද්ගලයෙක්. සුලක්ෂන් කිව්වාම මේ පැත්තේ හැමෝම දන්නවා. සුලක්ෂන් කිව්වාම විශ්ව විද්‍යාලයයේ හැමෝම දන්නවා. රගපෑමට දක්ෂයි. හොද කථිකත්වයක් තියෙනවා. කවි ලියන්න පුළුවන්. හැම දේකටම දක්ෂයි.
ඔහු රිය අනතුරකට ලක් වූ බව අපට ආරංචි වුණේ පාන්දර දෙකට විතර. අපි ගියාම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. ඔහු මිය ගිය බව දන්නේ ජනමාධ්‍යවලින්. ඔහුට වෙඩි තියලා කියලා මරණ පරීක්ෂණයේදී කිව්වා. පොලිසියට පුළුවන්ද එහෙම වෙඩි තියන්න? පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කළාද? මේ මරණ දෙකම අපට සැකයි.‘‘ යැයි මිතුරා කීවේය.
සුලක්ෂන්ගේ අවසන් කටයුතු සදුදා (24) දහවල් සිදු කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා යාලුවනි! පොලිස් අණ නොතකා යනවට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ ත්‍රස්ත මර්දන හදිසි නීතිය යටතේ මිස සාමාන්‍ය නීතිය පාවිච්චි කරමින් නෙමෙයි. ත්‍රස්ත මර්දන හදිසි නීතිය ඉවත්කර සෑහෙන කල් (නි)
මැරුණු අයට අපහාස කරන්න එපා නොදන්න එව්වා කතා කරලා. පොලිසිය මේක රිය අනතරක් කරන්න හැදුවා කියලා ඇස් පනා පිට ඔප්පු වෙලා ඉවරයි. (ම)
අවේලාවේ වීදි සංචාරය පරාබව ලකුණක් (බ)
නීතියට ගරු කළා ඔහොම වෙන්නේ නැත (ම)
පොලිස් අණ නොතකා දිව්වද නැතිනම් වෙඩි තියල ඒක වහගන්න මෙහෙම කියනවද කවුද දන්නේ??? අපි නොදන්නා ශ්‍රී ලංකා පොලිසිය!!!! අනේද කියන්නේ!! ඔය කිව්වට මේ දවස්වල ඇමෙරිකාවේ පොලිසියත් හැසිරෙන්නේ ඔය විදියටම තමා! කළු ජාතිකයන්ට එක එක චෝදනා කරලා වෙඩි තියනවා! (ම)
අණ නොතකා පල යාම වෙඩි තැබීමක් තරමටම බරපතල කරුණක් නොවේ. (හේ)
අණ නොතකා පළා යාම වෙඩි තැබීමක් තරමටම බරපතල කරුණක් නොවේ. පොලිසිය මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. එය උතුරේද දකුණේද වෙනසක් දැකිය යුතු නොවේ.(හේ)
ජෝයි, එහෙනම් තුවක්කු දීලා රාජකාරියට දාන්නේ කරේ එල්ලාගන්න වෙන දෙන්න දෙයක් නැති නිසාද
අතුල, හෙමින් හෙමින් වෛරයක් බවට පත්වෙලා තිබෙන නිසයි අපි මෙහෙම ලියන්නේ. (නි)
එතකොට අණ නොතකා ගියොත් දැන් පොලිසියට මොකුත් කරන්න බැරිද? (නි)
ඔය කියන තරම් හොඳ ළමයෙක් නම් ඇයි නීතිගරුක නොවුණේ. එහෙම වුණා නම් මෙවැනි දේවල් ඇතිවෙන්නේ නැහැ. කවුරු කිවුවත් නැතත් හැම ජීවිතයක්ම වටිනවා. ඒ අය හිතන්න ඕනෑ 2009 පෙර ගෙවුව කාලය ගැන. කවුරුත් කොච්චර බයෙන්ද ජීවත්වුණේ. අපි කවුරු වුණත් නීතිය කියන එකට යටත්. (නි)
මොහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ත්‍රස්තවාදියෙක් නොවේ. ඇත්ත. නමුත් ත්‍රස්තවාදින් වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කොපමණ ඉන්නවාද. (නි)
මේ මරණ දෙකම අපට සැකයි කියන මිතුරාට අපි කියන්නේ, පොලිස් අණ නොතකා යනකොට පොලිසියට සැක සිතුනා කියලයි (නි)
ගොඩක් අය මේ ගැන බලන්නේ ඉතාමත් අසාධාරන විදිහට. කාගේ හෝ දරුවෙක් මේ තත්වයට ගෙනෙන්න දෙමව්පියන් මොනතරම් පරිත්‍යාගයක් කරනවද? එක වෙඩි පහරකින් මෙහෙම ඉතා වටිනා ජීවිත විනාශ කරන එක මොනතරම් අපරාධයක්ද? මේ වගේ දේවල් මානුෂිකව බලන්න ඕනෑ. මෙහෙම දෙයක් තමුන්ගේ කෙනෙකුට වුණානම් ඔය දොස් කියන අය අද මෙහෙම ලියාවිද? මේ වගේ දේවල් තමයි රටක හෙමින් හෙමින් වෛරයක් බවට පත්වෙලා මහා ඛේදවාචක බවට පත්වෙන්නේ (නි)
හොඳ වුනාට බීලා පොලිස් අණ නොතකා බයික් එක ධාවනය කළේ නැත්තන් තවමත් ඉන්නවනේ. මරණය ගැන අපිටත් දුක තමා. හැබැයි වරදට මුල ඔහුමයි (බ)
පොලිසියේ අණ නොපිළිපැද්දොත් අපිට වුණත් නීතියේ වෙනසක් නැහැ
කොහේ වුණත් අණ නොතකා ගියොත් වෙඩිතැබීම් සිදුකරන්න වෙනවා. වැරැද්දක් නැත්නම් අැයි පැනලා යන්නේ. මෙයාල තාම රටේ නීතියට ගරු කරන්නේ නැහැ. අපිට පෙනෙන්නේ එහෙමයි. යාපනය කියන්නෙත් මේ රටේ කොටසක් (නි)
මෑතක සිට උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ හැසිරීම 83 ට කලින් කොටින්ගේ හැසිරීමට සමානකම් කියනවා ,පොලිස් අණ නොතකන දකුණේ උදවියට පොලීසිය වෙඩි තියනවනම් උතුරේත් මෙය වෙනස් වෙන්න ඕනේ නැහැ. පොලිසියෙන් නවත්තන්න කියනකොට චන්ඩි වෙන්න හදන්නේ මොනවා හරි තියෙන නිසානේ (බ)
මේ වගේ ප්‍රශ්න හැකිතරම් සාමකාමීව විසඳාගන්න එකයි නුවණට හුරු (නි)
අහිමිවීමේ දුක දැනෙන්නේ ජීවත්ව සිටින්නන්ටයි (නි)
මොනවා වුණත් අහිංසක අම්මා මොනවා කරන්නද? මේ වැඩෙන් නිකන් ඉන්න අහිංසකයෝත් දරුණු වෙනවා. ලංකාවේ පොලිසිය ගැන අපි නොදන්නවැයි? (නි)
මේ සිද්ධි සාධාරණීකරණය වන ලෙස අදහස් දක්වන අයට කියන්න තිබෙන්නේ, අද ඔහුට වුණ දේ හෙට ඔබටත් විය හැකි බවයි. (නි)
හොඳ පවුල් ඉතිහාසයක් තියෙනවා. මෙයාගේ එක සොයුරෙක් අතුරුදහන් වෙලාලු, මල් කඩන්න ගිහිල්ලා වෙන්න ඇති (බ)
පොලිස් අණ පිළිපැද්දේ නෑ. ඒකයි වුණේ (බ)
පොලිස් අණ නොතකා යන අයට මහා බ්‍රිතාන්‍යය ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ සියලු රටවල වෙඩි තබනවා .ලන්ඩන් දුම්රියපොළේ දුවපු බ්‍රසිල් කෙනෙකුටත් වෙඩි තිබ්බ .(බ)
නීතියට ගරු නොකරන එකාගෙ මොකක්ද තිබෙන හොදේ?කොහේ වුනත් කොතන වුනත් නීතියට ගරු නොකරන එකා ත්‍රස්තයෙක් උන්ට වෙඩි තැබිය යුතුයි (බ)
පොලිසියේ අණ නොපිළිපැද්දොත් අපටත් ඔහොම තමයි වෙනසක් නැහැ (බ)