නිට්ටඹුවේ සිසුවියක විසින් පුටුවක් මත සිරස් අතට තැබුණු බව කියන යකඩ කූරක් සිසුවකුගේ ඇඟේ ඇනී රෝහල් ගත කළ බව නිට්ටඹුව පොලීසිය කියයි.
යකඩ කූර සමඟ සිසුවා වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවක් අගල් හයක් පමණ මුත්‍රාශය ආසන්නයටම යකඩ කූර ඇතුළු වී තිබු බවත් වෛද්‍යවරු කියති.
යකඩ කූරක් තිබෙන බව නොදැන සිසුවා පුටුවේ වාඩි වන්නට ඇතැයි පොලීසිය කියයි.
එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් විමසු විට ඇය කියා සිටියේ එය විහිළුවක් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඉස්කෝලේ ගියා මේවගේ මාරාන්තික වැඩ කලේ නැහැ (දී)
මොනවද මේ ළමයින්ට වෙලා තියෙන්නේ? (නි)
දැන් මේකට පළිගන්න මොනවා කරයිද දන්නෙ නැහැ. එහෙම නොවේවා කියලා පතනවා (නි)
මේක විහිලුවට ගන්න එපා (දී)
මම නිට්ටඹුවේ පදිංචි කාරයෙක් උනානම්, ඔය පාසලේ ළමයෙක් ලවාම ඔය වැඩේ කළ නැහැදිච්ච කෙල්ලට එම විහිලුවම කරවනවා. (දී)
නියෝජ්‍ය විදුහල්පතිනියගේ කාර්ය භාරය මෙය නොවෙයි (දී)
ළමයි ළමයි එකතු උනාම දන්නේ නැද්ද (දී)
අඟල් 8 කියන්නේ සෙල්ලන් නැහැ (දී)
මේකට වන්දියක් ගෙවන්න වෙයි ඒ ළමයාට (දී)
සිහි බුද්ධිය නැතුව වැඩ කරන කොට මෙහෙම වෙනවා (දී)
අඟල් හයක් ඇතුළට යන එක සුළු දෙයක්ද? (නි)
ඇති ඔයින් ගියා (දී)
ඔක්කොමත් හරි මැඩම්ගේ කතාව තමයි මට ඇල්ලුවේ නැත්තේ (දී)
මමත් දවසක් ළමයෙක් ඉඳ ගන්නකොට පුටුව අයින් කළා (දී)
මේක එක සාමාන්‍ය සිද්දියක් විතරයි (දී)
මේවා ඇස් රතු වෙන විහිලු (දී)
මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
මේකට දඩුවම් දුන්නොත් මේ ළමයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කඩා කප්පල් වෙන්න ඉඩ තියෙනවා (දී)
උරේශාගේ කතාව මම 100%පිලි ගන්නවා (දී)
දුරදිග නොබලා කරන මෙවන් වැඩ වලින් මනුෂ්‍ය ජිවිතයක් උනත් නැති වෙන්න ඉඩ තිබ්බා (දී)
වරකාපොලද කොහෙද මන්ද අර චණ්ඩි කෙල්ල විහිළුව දිරවන්නෙ නැතුව නටපු දාංගලේ දැක්කනේද? පිරිමි කරහම වැරද්දකුත් ගැහැණු කරහම විහිළුවකුත් වෙන එක හඳුනගන්න ඒ දෙකේ සීමා මායිම් පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ බවලත් ප්‍රඥාවන්තයන්. නොදන්න නිසයි අහන්නේ හොඳේ. (ස)
මෙතන ඉන්න සමහර අයට නම් අතීතයක් නැහැ වගේ. ඇත්තටම අපිත් ඕවා කරලා තියෙනවා. ඕක පාසල් මට්ටමෙන් විසඳුනාම හොඳටම ඇති. (නි)
ඇත්තටම මේක විහිළුවක් වෙන්න ඇති. නමුත් විහිළුවේ ප්‍රතිපලය හිතල නෑ. විහිලුව කරන්න ඇත්තෙත්, සමහරවිට සුහදත්වය නිසා වෙන්න පුළුවන්. අවවාද කරා නම් ඇති. දැනටමත් කෙල්ල දුක් වෙනවා ඇති උණු දේට. (දී)
මාරාන්තික තුවාලයක් උනාම විහිළුවක් ලු එකත් විහිලුවක්ද (දී)
උප විදුහල්පතිනිය ගැන පරීක්ෂණයක් තියන්න (දී)
විදුහල්පතිගේ මොලේ අමාරුවක් ද බලන්න.(අ)
නියෝජ්‍ය විදුහල්පතිතුමියට ඕක ඉතින් හැමදාම කරන සුළු වැඩක් වෙන්න ඇති. අඟල් 8 එයාට දැනෙන්නේවත් නැතුව ඇති. එකනේ මේකට කිසිම වගකීමක් නැතිව විහිළුවක් විතරයි කියන්නේ. ළමයින්ගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම මේක විහිලුවට කරපු වැඩක් වෙන්නත් ඇති. එත් මේ ළමයාගේ පෙනුමෙන් නම් මේ වගේ විහිලුවක බරපතලකම තේරුම් ගන්න පුළුවන් වයසක කෙනෙක් බවයි පෙන්නේ. ගැණු ළමයට මේ පිරිමි ළමයාගෙන් මීට කලින් මේහා සමාන කිසියම් දෙයක් සිද්ධ වෙලා තියෙනවද කියලත් හොයන්න වෙයි මන් හිතන්නේ....(ස)
ලගදීම ඔය ගැහැණු ලමයාගේ පුටුවෙත් ඔයවගේම ඇනයක් සෙට් කරලා විහිලුවට විහිළුවෙන්ම උත්තර දුන්නනම් වැඩේ ඉවරනේ,නේද. (දී)
මෙහෙමත් විහිළු (දී)
නවතම තතු මොකද්ද මේ පුවතේ (දී)
නියෝජ්‍ය විදුහල්පතිනියගේ කතාව දැක්කාම පොඩි කේන්තියක් එනවා නේද (දී)
අවාසනාවන්ත පුවතක් (නි)
අඟල් 8 ක් සුළු දෙයක් නම් දිග අගල් 10 ක් 12 ක් වුණා නම් මොනවා කියයිද දන්නේ නැහැ. (නි)
නියෝජ්‍ය විදුහල්පතිනිය හා අදාල සිසුවියගේ මනස පරීක්ෂා කළ යුතුයි.මෙික දුෂ්ඨ චෙිතනාවක්. (නදී)
මෙය විහිළුවක් කියලා කියන හැම කෙනෙකුටම මම විරෝධය පළකරනවා.මේ සිද්ධිය නිසා මේ දරුවාගේ ජීවිතය නැති වෙන්න තිබුනා. ජීවිතටම බලපාන ප්‍රතිඵලයකට මුහුණ දෙන්න තිබුනා.ළමයෙක් වුණත් දැනගන්න ඕනෑ තමන් කරන විහිළුවෙන් අනික් කෙනාට මොන විදිහේ දෙයක් වෙයිද කියලා හිතන්න. මේ ළමයා පුංචි ළමයෙක් නෙමෙයි. මේ නොතේරෙන වයසක් නෙමෙයි. ගුරුවරු දෙමවුපියන් මින්පසු කිසිම දිනක කිසිම ළමයෙකු අතින් මෙවැනි දෙයක් නොවන විදිහට මේ පණිවිඩය අනෙක් ළමයින්ටත් දෙන්න ඕනෑ. (නි)
මේ සමහර කියමන් දැක්කම මටත් හිතෙනවා ගොඩක් දෙනෙක් මුල අමතක කරලා කියලා. පාසල් කාලයක්, "තරුණ මදයක්" එයාලට තිබුනේ නැතුව ඇති. අනේ කාලේ වනේ වාසේ! (නි)
හොඳයි, මේක සාමාන්‍ය විහිළුවක් කියලා කියන අයගේ ළමයෙකුට හෝ පවුලේ කෙනෙකුට වුණා නම් මොකද කියන්නේ? (නි)
මේකේ අදහස් දාන අයගේ දැනුම ගැන කවර කතාද? මේ පුංචි ළමයින්ගේ පන්තියක් නෙමෙයි කියලා පෙනෙනවා. මේ වයසේ ළමයෙකුට හිතන්න බැරිද යකඩ උලක් උඩ වාඩිවුණහම මොකද වෙන්නේ කියලා. (නි)
දැන් හුඟක් අය කතා කරන විදියට ඒ ගොල්ලෝ පාසලේදී කිසිම වැරදි වැඩක් කළේ නැති අය වගෙයි. නියෝජ්‍ය විදුහල්පතිතුමියට වෙන වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ, පුටු වල උල් තියන ළමයින් ගැන හොයන්න ගියොත්. ප්‍රශ්නය වාරියපොළදී වගේ දුරදිග යන්න නොදී වැළැක්වීමට එතුමිය උත්සාහ කිරීම ගැන ස්තූතිය පුද කළ යුතුයි (නි)
මේවා මාරාන්තික විහිලු (දී)
විහිලු කරන්න කලින් දෙපාරක් හිතන්න දුවේ (දී)
හර්ෂ සහ දයජ්ට මමත් එකඟයි , මේගැන අනවශ්‍ය කතිකාවක් හදන්න උවමනා නැහැ .(දී)
මේක පොඩි විහිළුවක් .අපි පොඩ්ඩක් හිතලා බලමුද අපි කරපුවා ඉස්කෝලේ යනකොට. ඒ ජිවිතේදී අපි මහා දේවල් හිතුවේ නැහැ . ඒ වෙලාවේ හිතට එනදේ කරා. මේක ළමයට ලොකු ප්‍රස්නයක් කරන්න ඕනි නැහැ. පොඩ්ඩක් අවවාද කලාම ඇති. (දී)
මේ පන්ති කමරයේ ගුරුවරු නැද්ද? (දී)
ඉස්කෝලේ ගිය හම දන්නවා මෙහෙම විහිළුවක් තියෙනවා කියල. අපේකලේ තිබ්බේ පැන්සල . අද එක වෙනස්වෙලා. අවබෝදය හා ගැටලුවට විසදුම තමයි වැදගත්. (දී)
මේක ඇත්තටම විහිළුවක් වෙන්න ඇති..අපිත් ඉස්කෝලේ යන කලේ ඔහොම කලානේ..එක අනිත් අය තේරුම් ගන්න ඕනි..ඒ වරදේ ස්භාවය කියල දීල, නැවත එහෙම දේවල් වෙන එක නවත්තන්න විතරයි ඕනි..නැත්නම් අනවශ්‍ය ලෙස පීඩනයකට ලක් කරන එක හොද නැ.. (දී)
මේ දැරියටම වරද පවරන්න බැහැ නේද (දී)
ඔව් නේද චමින්ද (දී)
අනේ මන්ද අද කලේ ළමයින්ගේ විහිළු !!!! (දී)
වාසනාවකට කරදරයක් වුණේ නැහැනේ.දරුවන් දෙන්නම ආරක්ෂා කර ගත යුතුයි. ඒ සිසුවිය මේ ගැන හොඳටම පසු තැවෙනවා ඇති. සිසුවාට ඉක්මන් සුවය ලැබේවා ! (අ)
තව පොඩ්ඩක් එහෙට මෙහෙට උනා නම් ඔක්කොම ඉවරයි (දී)
මේ සිසුවියට තදින් අවවාද කරලා ගුරුවරු මෙයා ගැන සෙවිල්ලෙන් සිටිය යුතුය සමහරවිට මානසික ප්‍රස්නයක් සිසුවියට ඇති මේ වාගේ දරුණු වැඩ කරන්න. (දී)
විහිලු වලට කල යුතු දේවලුත් තියෙනවා,නොකළ යුතු දේවලුත් තියෙනවා.ඒ සිසුවාට මීට වඩා කරදයක් වුනා නම් දයාජයි,උඩරට මැණිකෙයි මොකද කියන්නේ...? මෙයා නම් සාමාන්‍ය සිසුවියක් නෙවෙයි නැන්දම්මා කෙනෙක්.කොල්ලෝ කරන්නෙත් නැහැ, මෙවැනි භයානක විහිළුවක් නම්. (දී)
උඩරට මැණිකේ, යකඩ කුරක් ඇනගෙන බලන්නකෝ, කොහොමද සනීපෙ කියලා. (දී)
මේ සිසුවියට දඬුවම් කල යුතුයි. නැත්නම් ඉදිරි පරපුරට පාඩමක් කියා දිය නොහැක.(දී)
ඔහොම ඒවා අපිත් ඉස්කෝලේ යනකාලේ කලානේ , ඒවා හරි අහිංසක විහිලු. මමත් දයජගේ අදහසට එකගයි .(දී)
ගෑනු ලමයි කරන එවා සේරම විහිලු. පිරිමි ලමයෙක් කරොත් වෑරදි. මෙම සිද්දිය සම්බන්ඩ ව එම පාසලේ සිසුවියට අමතරව විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනිය පන්ති බාර ගුරුවරයාත් නිතිය හමුවට ඉදිරි පත් කරන්න ඔනි. (දී)
අපේ කාලෙත් ඔහොම විහිළුවක් තිබුනා (දී)
සැබවින්ම එය විහිළුවක් විය හැක.මේ සිසුවාට ඉක්මන් සුවය පතන අතර සිසුවියටද වැරැද්ද පිළිබඳව අවබෝධයක් ලබා දුන්නත්, අනවශ්‍ය ලෙස පීඩනයක් නොදිය යුතුය.එනම් ඔවුන් දෙදෙනාම සිසු දරුවන්ය.දෙදෙනාම රැක බලා ගත යුතුය. (දී)
මේ වැඩේම උනානම් ඒ අනෙක් ළමයටත් (දී)
ඔය වගේ වැඩ කරන්නේ උපතින්ම නපුරු කුහක කාන්තාවන් (දී)
හොඳ සෙල්ලම (දී)
මොකාක් හෝ පරණ තරහක් තියෙන්න ඇති (දී)
මමත් ඉස්කෝලේ යනකාලේ ඉස්සරහ පුටුවේ පිරිමි ළමය ට ඔය විදියට උල් කල පැන්සලක් තිබ්බ හැබැයි ඔය තරම් දරුණු ලෙස තුවාල වුනේ නම් නැහැ . ඒ ළමය මම හිතන්නේ නැහැ අඩුම තරමේ ගෙදරවත් ගිහින් කිව්වා කියල . දශක හතරක් ගිහිල්ලත් අපි දෙන්නගේ යාළුකම තවමත් තියනවා . මේව ඒතරම් ලොකු අපරාධ නොවෙයි .(අ) .
මමත් ඔහොම කරලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ දෙපාරක්. මෙතන කොමන්ට් දාන සමහරුන්ට පාසල් කාලයක් තිබිල නෑ වගේ එහෙම. පුටුවේ පැන් පැන්සල් තියන එක මුහුණට පැත්තෙන් පන්සලක් අල්ලලා මේ බලපන් කියල තට්ටු දාන එක රබර් පටි වලින් ඉරටු කැලි පැන් බට වගේ ඒවා විදින එක සාමාන්‍ය දේවල් ඒ කාලේ. අනතුරුත් වෙනවා මෙහෙම, ගුටිත් කනවා, එ්කයි ළමාකාලේ කියන්නේ. නඩුකියන්න තරම් දේකට යන එක අනුවන කමක්. ඒ ළමයි යාලුවෙයි ටික දවසකින්. ළමයි නේ . (අ)
කොල්ලෙක් කෙල්ලෙක්ට ඔහොම විහිලුවක් කලා නම් බලාගන්න තිබුන.(දී)
මේ ළමයා මලා නම් මොකද කියන්නේ (දී)
යකඩ කූරනිසා සිසුවිය මරුනම් බලා ගන්න තිබ්බා විහිළුවේ තරම (දී)
විහිළුවක් නම් තමා. එත් ටිකක් සැර වැඩියි වගේ. අායෙත් ඔය සිසුවියගෙන් ඔවැනි වැරද්දක් කවදාවත් වෙන්නේ නෑ.(අ)
නියෝජ්‍ය විදුහල්පතිනියගේ මොකුත් මොලේ අමාරුවක් එහෙම තියෙනවද දන් නැහැ.අගල් අටක විතර කුරක් විදුහල්පතිනියටත් ඇතුළු වුනානම් තේරේවි විහිළුවේ තරම කොහොමද කියලා. මේ වගේ අයටනේ, නියෝජ්‍ය විදුහල්පතිනිය තනතුරු දීලා තියෙන්නේ..... සමහර විට සිසුවිය නෑකෙනෙක් වෙන්න ඇති.....බලන් ගියහම පුදුම සිසුවියෝ තමයි අද කාලේ ඉන්නේ. (දී)
නියෝජ්‍ය විදුහල්පතිනිය ගිහින් තියෙන්නේ මොන්ටිසෝරියටද? (දී)
මෙහෙම දේවල් නොවේවා. (අ)
මේ වගේ වැඩ ඕනේ තරම් විහිලුවට කරනවා. මේක විහිළුව වැරදුන අවස්ථාවක්... ලිංවල ඉන්න ගෙම්බෝ වගේ පොත විතරක් අතේ තියන් කිසිම සමාජ අාශ්‍රයක් නැතිව පාසල් ගිය අයට නම් ඕක බර පතල අපරාධයක් වගේ පෙනෙයි. තමයි. තමන්ගේ හිත්වල තියෙන කුහක අදහස් වලින් හැම සිසුවෙක් දිහාම බලන්න එපා..(අ)
ළමයින්ගේ දඟ වැඩනේ මේ (දී)
නියෝජ්‍ය විදුහල්පතිනිය ඒ කල ප්‍රකාශය ගැන තව පාරක් හිතන්න වෙනවා (දී)
අම්මපා මෙහෙම නියෝජ්‍ය විදුහල්පතිනි වරු (දී)
මේ වැඩේ නියෝජ්‍ය විදුහල්පතිනියට උනා නම් (දී)
වාසනාවකට කරදරයක් උනේ නැහැනේ.දරුවන් දෙන්නම ආරක්ෂා කර ගත යුතුයි. ඒ සිසුවිය මේ ගැන හොඳටම පසු තැවෙනවා ඇති. සිසුවාට ඉක්මන් සුවය ලැබේවා ! (දී)