කොස්ගම සාලවේ ගිනි අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ නිවාස සඳහා නිවාස කුලිය ද ව්‍යාපාර ප්‍රතිපූර්ණයද වන මාසික රුපියල් 50,000 දීමනාව අනූ දෙදෙනෙක් සඳහා අද ප්‍රදානය කැරිණි.
සීතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාර මාපා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ දීමනාව ලබාදීම සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය.
ජායාරූප - බුද්ධික කුමාරසිරි
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![DSCN5409[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSCN54091.png)
![DSCN5410[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSCN54101.png)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය දෙන සල්ලි ජනතිපතිගේවත්, අගමැතිගේවත්, මහින්දගේවත්, කිසිදු දේශපාලකයෙගේවත් නොවේ. දුප්පත් ජනතාවට දීම සදහා බදු ගෙවන්නන් රජයට දුන් මුදල්ය. සාලාවේ අහිංසක ජනතාවට හමුදාවෙන් සහ රජයෙන් සිදුවූ කරදරයට රජය ඔවුන්ගේ නිවාස වලට ගොස් මේ ජනතාවගේ මුදල් දිය යුතුය. උත්සව තබා, එම අහිංසකයන් 92 කට රුපියල් ලක්ෂ 46ක් වන්දි ගෙවීම ත්‍යාග ප්‍රදානෝත්සවයක් බවට පත් කිරීම ලජ්ජා විය යුතුය. ඇමති වරුන්ට කාර් ගන්න රුපියල් ලක්ෂ 11,800 හෝ මිලියන 1,180ක් දීමට මෙවන් උත්සවයක් තබා ඇමතිවරුන් පිනවීමට උත්සව තබා ඔවුන් පිනවා මාධ්‍ය සංදර්ශන තැබීම වඩාත් යෝග්‍යය. (බ)
මේ වැඩේ වැරදි නමුත් කලින් වරාය විවෘත කරන උත්සවයට කෝටි ගණන් වියදම් කරනකොට කව්රුත් කිසි දෙයක් කීවේ නැහැ (බ)
ලලිත් වරායයි මෙතැනයි දෙකක් . සුජීවගේ කතාව ට ඇස් ඇරෙනවා (බ)
ලලිත්, අලුතෙන්ම වරායක් ආරම්භ කරනකොට උත්සව තැබීම වරදක් ලෙස මා නොදකිමි. නමුත් ඇමතියන්ට ලක්ෂ 11,800 ක කාර් ගන්න වාදයක් ඇති කාලයක ලක්ෂ 46ක් රජයෙන් සහ හමුදාවෙන් කරදර වූ පවුල් 92 කට දීම සඳහි උත්සව තැබීම දුක්ඛිත කරුණකි.(බ)
කුලිය දුන්නට, කුලියට ගන්න ගෙවල් හොයාගන්නේ කොහෙන්ද? (නි)
ලලිත්ලා වගේ අය හින්ද තමයි රටට අද මේ ටික වුණේ. නැත්තන් වුණ හැටියට වුණා නම් රට අද හොඳ තැනක (නි)
සුජීව, විපුල,වික්‍රම, මේකේ කොහෙද දල තියෙන්නේ උත්සවයක් ගැන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්සුන්ට සල්ලි බෙදලා දුන්නා කියලා මේකේ තියෙන්නේ ලලිත් වගේ අය නෙමෙයි තමුන්ලා වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (බ)
ජනතාව පීඩිතවෙලා ඉන්න අවස්ථාවක නිලධාරීන්ගේ උජාරුව නම් මමත් අනුමත කරන්නේ නැහැ (නි)
එතකොට ගංවතුරෙන් අවතැන් වූ අප ගැන කවුද සළකන්නේ? මාසික කුලියත් නැහැ, සහනාධාරයකුත් නැහැ. අපහට ලබා දෙනවා යැයි කිව්ව සහනාධාර කෝ? අද වෙනතුරු සතයක්වත් අපට ලැබුනේ නැහැ. කවුරුත් ඔය සිද්ධිය ගැන කතා කරන්නෙත් නැහැ දැන්. ඔය සිද්ධිය සාලාව පිපිරීමෙන් යටට දාලා. අපි අසරණවෙලා ඉන්නේ. අපේ පැත්තත් පොඩ්ඩක් බලන්න (නි)
තිවංක, ඔයා ආණ්ඩුවට කඩේ ගියාට, මම මේ පිළිබඳව පෞද්ගලිකව දන්නේ මගේ පවුල් වලට සාලාවේ සිද්ධියෙන් කරදර වූ හේතුවෙනි. අපේ නිවෙස් නැවතත් පිළිසකර කරගන්නවා මිස, රැස්වීම් උත්සව වලට සහභාගී වී පින්තූර පත්තර වල දාගන්න අවශ්‍යතාවක් අපට නැත. අපේ පවුල 92 කට ලක්ෂ 46 ක් දුන් බව සත්‍යයකි. එය ලංකාවේ බදුගෙවන්නන්ගේ මුදල්ය. ඔබ ආණ්ඩුවට කඩේ යනකම්, එය ඔබට තෙරන්නේ නැත. (නි)
සුජීව, මට ආණ්ඩුවට හෝ කා වෙනුවෙන්වත් කඩේ යන්න අවශ්‍යතායක් නැත. ඔබ කියපු දෙයට උතරයක් මම දුන්නේ. නමුත් දැන් ඔයා කතා කරන්නේ නිකන් කොහෙද යන්නේ මල්ලේ පොල් වගෙයි. මං කිවුවේ එතැන් උත්සවයක් තියනවා කියලා කොහෙද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔව් මිනිසුන්ගේ බදු මුදල් වලින් වෙන්න ඇති ඒ ලක්ෂ 92 වෙන්කළේ. එ්ක වෙන්න පුළුවන්. කිසිම ආණ්ඩුවක් සල්ලි ගස් හැදුවේ නැහැනේ. තමුන්ට දෙයක් වුණා නම් එ්ක කවුරුත් හිතා මතා කරපු දෙයක් නෙමෙයි වෙන්න ඇතිනේ. ලැබුන දේ සතුටින් බාරගත්තා නම් ඉවරනේ (නි)
තිවංක, ඔයාට ඇස් දෙකක් තියනවා නම් පින්තූර දෙස බලන්න. බදුගෙවන්නන්ගේ මුදල් බෙදාදීම මාධ්‍ය සංදර්ශනයක් නොවේද? (නි)
තිවංක, සුජීව කියන්නේ සත්‍යයක්. නැවතත් කියවන්න. (නි)
සුජීව, ශාන මන් දකින්නේ මේ දේ ඔයාල දකින විදිහට නොවෙයි වැදගත් වෙන්නේ කොහොම හරි මිනිස්සුන්ට උදව් කරපු එක. මේ තැන මොන ආණ්ඩුව හිටියත් එයාලා මිට වැඩා ක්‍රමයක් අනුගමනය කරයි කියලා හිතන්න බෑ. (ර)