සාලාව සිදුවීම නිසා ප්‍රදේශයේ ජීවත්වන අහිංසක මහජනතාවට විශාල දේපළ හානියක් සිදුවූ බවත් වටිනා ජීවිතයක් අහිමි වූ බවත් ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති ලෙස තම බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී ද සිල්වා මහතා අද (10) සාලාව කඳවුරේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
දේපලවලට සිදුවූ හානිය සම්බන්ධයෙන්ද තමා කනගාටුවන බව පැවසූ හමුදාපතිවරයා මෙතරම් විශාල විනාශයක් සිදුව තිබියදී සාලාව ජනතාව ඉතා ඉවසීමෙන් කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් තම ස්තූතිය ප්‍රකාශ කරන බවත් කීවේය.
දේපළ වලට සිදුවූ හානිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට රජයේ ක්‍රියාවලිය සහ යුද හමුදාවේද උපරිම සහාය දෙන බවට පොරොන්දු වන බවද හමුදාපතිවරයා පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් අපි ඉදිරිපත් වියයුතුයි (නි)
අනේ මන්දා ඉතින් මේවට මොනවා කියන්නද කියලා (නි)
මෙම කතාවේ තිබෙන ගැඹුර හිතලා බලන්න. හැම වෙලාවකම ත්‍රිවිධ හමුදාවට උදව් කරන්න. ඉතා ඉක්මනින් පිළිසකර කිරීම් කරගෙන යාමට සහයෝගය දෙන්න (නි)
යුද්ධය වෙනුවෙන් කළ මෙහෙවර නිසා තමයි අපි ඉවසීමෙන් ඉන්නේ. (නි)
මේක ගැන අර අහවලා නම් කියයි අපේ රටේ දැන් යුද්ධයක් නැති නිසා ඕවා විනාශ වුණාට කමක් නැහැ කියලා (නි)
ප්‍රියාන් හරි. එයා මෙහෙ අය නම් ගින්නෙන් මළාද ඉන්නවද කියලවත් ගිහින් බැලුවේ නැහැ. (නි)
ඉක්මනින් මේ සාලාව ප්‍රදේශය යථා තත්ත්වයට ගන්න.(හේ)
මම අහලා වරදක් වුනානම් ලංකාවේ කෙනෙක් ඉල්ලා අස්වෙනවා.(හේ)
ඉක්මනින් අහිංසක මිනිසුන්ට ඉන්න මේ ගෙවල් ටික හදලා දෙන්න.(හේ)
එන පොට හොද නෑ.(හේ)
ශෝකය පල කරාම ඔක්කොම හරි , (හේ)
හරිනම් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. (හේ)
ශෝකය පළකර පමණක් මදි (නි)
අපිටත් හරිම දුකයි. මෙවන් දේවල් නොවීමට ඉදිරියේ්දී වගබලාගත යුතුයි (නි)
මෙතුමා මෙච්චර දවසක් කොහෙද හිටියේ? හදිස්සියේම දවස් ගානකට පස්සේ ඇයි ශෝකය පළකරන්නේ. වෙන රටකනම් මෙලහකට තනතුරෙනුත් ඉල්ලා අස්වෙලා. (නි)
ඔබතුමා අවංකව රාජකාරි කරන කෙනෙක් (නි)
තම වරද පිළිගැනීමට නිහතමානී වීම යුතුකමකි (නි)
අපේ අයට මේකත් තව ටික දවසකින් අමතකවෙලා යයි (නි)
ඉන්දියාවේ අවි ගබඩා පිපුරුම සහ මේ පිපිරීම අතර නැද්ද කිසි සම්බන්ධතාවයක් එහෙම. (නි)
අපේ පණ බේරුනා. අපිට ඉවසන්න පුලුවන් (නි)
හැබැයි අර හැමදේටම විශේෂ ප්‍රකාශ කරන කෙනා නම් මොකුත්ම කිවුවේ නැහැ නේද? (නි)
මේවා රැකගන්න තමයි මෙතුමන්ලා ඉන්නේ (නි)
ඇත්තටම අපිටත් හරිම දුකයි මේ විනාශය ගැන (නි)
මහත්මා ගුණ ඇති මිනිසුන් එහෙම තමයි. වරදක් වුණා නම් සමාව ගන්න එක හොඳ දෙයක්. මේ විපතින් අසරණ වූ මිනිසුන්ට සහන සලසනවා වගේම මේ විනාශය සිදු වූ ආකාරය ගැනත් රටට තොරතුරු හෙළි කළොත් හමුදාපති ලෙස ඔබගේ ප්‍රතිරූපයට හොඳයි නේද? (නි)
ඔබතුමා වැදගත් නිලධාරියෙක් බව අපි දන්නවා (නි)
තව සුමානයක් යනකොට රටේ මිනිසුන්ට ඔය සිදුවීම අමතකවෙලාත් යයි. (නි)
මේ අනතුර ගැන අද මුළු ලංකාවම ශෝකවෙනවා (නි)