සාලාව යුද හමුදා පතරොම් ගබඩාව පිපිරීමෙන් විනාශවූ නිවාස අලුත් වැඩියා කිරීම යුද හමුදාව අද ඇරැඹීය.
යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජනරාල් ධනංජය කරුණාරත්න, ඉංජිනේරු සේවා අධ්යක්ෂ ආර්.පෙරමුණේ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් පහක් ගෙවල් අලුත්වැඩියා කිරීම සිදුකරති.
ඡායාරූප - යුද හමුදා මාධ්‍ය අංශය
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකිනෙකාට චෝදනා නොකර වෙච්ච විපත ගැන කතාබහ කරමු.මෙයින් අසීමිත සතුටක් ලබන පිරිසකුත් ඉන්න බව මතක තබා ගන්න.(ම)
මේක කාගේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නේ නැහැ. නමුත් වත්මන් රජය මේවට ගාවාගන්න කලින් අපි හැමෝම හොයා බලා තීරණ ගන්න ඕනෑ (නි)
වැට් වල මහජන ශාපයද මේ? (නි)
කොළඹ බෝම්බ පුපුරන කොට ජැකී හිටියේ කොහෙද.? (ර)
ආරක්ෂක ලේකම් සහ හමුදාපති ඉල්ලා අස්වෙනු.(හේ)
එක දෙයකින් වුණ විනාශයක්.(හේ)
විමල් ජාතිවාදී නම් උතුරු පළාත් මහ ඇමැති සහ විරුද්ධ පක්ෂ නායකයා කොහොම අයද දන්නේ නැහැ නේද? මම මේ නිකමට අහන්නේ.....(බ)
ගංවතුර ගලනවා , නාය යනවා , බෝම්බ පුපුරනවා පොල් ගහපුවගේ පලවිපාක තමයි ඕවා දෙවියෝ පක්ෂ පාට බලන්නේ නෑ (බ)
උන්ඩේ බරපතල කම තේරෙනවද ? විමල් ලා අවුස්සන ජාතිවාදයේ බරපතලකම තේරෙනවද , පේනවද ? (බ)
දෙවියන්ගේ කැමැත්ත අනුව සියලු දේ වෙනවා ..(හේ)
යුද්දයක බියකරු බව කෙතරම් විය හැකිද?ප්රභාකරන් දකුණට කලෙත් අපි උතුරට කලෙත් මෙවන් විනාශයක්ද?ලොව කිසි තැනක මෙම ආයුධ භාවිතයට ඉඩ හසරක් නොමවේවා.(ම)
මේ මොන අපරාධයක්ද? යුද්දේ කාලේවත් අපේ පළාත් වල මෙහෙම දේවල් වුනේ නැහැ. (හේ)
මේක නිසා ලබන සතියේ ඉඳලා බදු වැඩි කරයිද මන්දා (නි)
උතුරේ මිනිස්සු අවුරුදු ගානක් මෙවැනි ප්රහාරයන්ට මුහුණ දුන්නා නේද? උතුරේ මිනිසුන්ගේ අනාගතය දැන් සුරක්ෂිතයි. එ් ගැන සතුටු වෙමු (නි)
විමල් කියනවා වගේ එකිනෙකාට චෝදනා නොකර දැන්වත් මන්ත්‍රී පර්මිට් අහෝසි කරන්න. (නි)
හැමෝම කියනවා වගේ බඩු මිල අඩු නොකරපු එක තමයි මේ. (නි)
මිලියන සිය ගණනක් වටිනා අවි ගබඩාවක් මහා ජනාවාසයක් මැද්දේ තිබ්බා මදිවට එ්වා නිසි වෙලාවට නඩත්තු නොකළ නිසයි මේ මහා විනාශය. (නි)
කාටවත් දොස් නොකියා ආපදාවට ලක්වූ අයට උදව් කරමු (නි)
නිම්මි, ඔයාගේ ගම කොහෙද අනේ? බය නැතුව කියන්න. ඔයත් කටින් යුද්ධ කළ කෙනෙක්ද? ඇඟේ හැමතැනම දේශපාලනය තියෙන කෙනෙක්ද? (නි)
විමල්ගේ කතාව ඇත්ත (නි)
මෙහෙම කළ යුතු , අරයා මෙහෙම කරන්න තිබුණා, අරයගෙ වගකීම කියා කියා ඉන්නේ නැතුව පාඩමක් ඉගෙනගෙන අවස්ථාවට මුහුණ දෙන එක කරමු අපි සැවොම. (බ)