IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කරයි

අද පස්වරු 7.35ට පමණ සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කළ බව මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා කියයි.

ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මාර්ගය වසා දමා තිබූ තුන්වැනි දිනය අදයි. 

සාලාව කදවුරේ පතුරොම් ගබඩාව පිපිරීමෙන් හානි වූ සියලුම නිවාස සහ ගොඩනැගිලි මාස දෙකක් ඇතුළත දී යුද හමුදා ඉංජිනේරු බළකාය යොදවා නැවතත් ඉදි කිරීමට කටයුතු කරන බව යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා ඊයේ (7) පැවසීය.

නිවාස අත හැර ගිය සියලු ප්‍රදේශවාසීන්ට ඉදිරි පැය 48 ඇතුළත දී  නැවත සිය නිවාසවලට යෑමේ අවස්ථාව සලසා දෙන බව ද මේජර් ජනරාල්වරයා කීවේය.

මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (7) පස්වරු හතට පමණ සාලාව යුද හමුදා  කවුර ආසන්නයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය.

එහි දී චන්ද ගුණතිලක මහතා මෙසේ ද පැවසීය.

ඉකුත් පස් වැනි දින සවස සිදුවූ මෙම සිදුවීමෙන් ප්‍රදේශය පුරාම උණ්ඩ සහ උණ්ඩ කැබලි විසිවීමෙන් දැනි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබුණා. යුද හමුදාව පැය 48ක කාලයක් මෙහෙයුමක් සිදු කර ආරක්ෂාව තහවුරු කරමින් ජනතාව වෙනුවෙන් අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය විවෘත කරන්න අපට හැකියාව ලැබුණා.

මෙම සිද්ධිය හේතුවෙන් නිවාස අතහැර ගිය පිරිසෙන් සියයට හැටක පමණ පිරිසකට නැවත ඔවුන්ගේ නිවාසවලට පැමිණෙන්න අපි අවශ්‍ය කටයුතු කර තිබෙනවා. ඉතිරි වී තිබෙන සියයට 40 ආරක්ෂාව තහවුරු නොකළ කුඩා බිම් ප්‍රමාණයක්. අද (08) දිනයේ සිට නැවතත් අප සෝදිසි මෙයෙම් දියත් කර ඉදිරි පැහ 48ක කාලය තුළ ඒ සියලු දෙනාට ඔවුන්ගේ නිවෙස්වලට යෑමේ අවස්ථාව ලබා දෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළදී විපතට පත් සියලු මහජනයා ඔවුන්ගේ නිවාසවල යළි පදිංචි කර ඔවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යෑමට සැලැස්වීමට. ඒ සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

මෙහෙදී මාධ්‍යවේදීන් මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතාගෙන් ඇසූ ප්‍රශ්න වලට ඒ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - මෙම සිද්ධියෙක් නිවාස කොපමණ සංඛ්‍යාවකට අලාභ හානි වෙලා තියෙනවද?

පිළිතුර - දැනට නිවාස 75කට අලාභ හානි වෙලා තියෙනවා. නමුත් තවදුරටත් සොයා බැලීම් කරනවා. ඒ තත්ත්වය වැඩි වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය - ප්‍රදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කියනවා ප්‍රදේශයේ නිවාස 300ක් පූර්ණ හානි හා නිවාස දහසක් අර්ධ හානි සිදුවී ඇති බව. ඔබේ සංඛ්‍යාලේඛණ සහ ඔවුන්ගේ සංඛ්‍යාලේඛණ අතර වෙනසක් තිබෙනවා නේද?

පිළිතුර - වෙන්න පුළුවන්. අපි කියන්නේ පැය 48ක් ඇතුළත අපි හොඳින් පරීක්ෂා කළ ස්ථානවල තත්ත්වයි. එය වෙනස් විය හැකියි.

ප්‍රශ්නය - රණවිරුගමේ ගෙවල් 107න් බොහොමයක් සම්පූර්ණයෙන් විනාශයට පත් වෙලා තිබෙනවා. ඉතිරිය ආර්ධ හානි. සම්පූර්ණයෙන් විනාශයට පත්වූ නිවාස නැවත ගොඩනගලා දෙනවද?

පිළිතුර - ඔව්. එම නිවාස සම්පූර්ණයෙන්ම නැවත ඉදි කර දෙන්න රජය තීරණය කර තිබෙනවා. එතකම් ඒ අයව කඳවුරුවල පදිංචි කරන්න තීරණය කර තිබෙනවා.

ප්‍රශ්නය - මෙම සිද්ධිය ඇතිවීමට ප්‍රධාන හේතුව කුමක්ද?

පිළිතුර - දැනට මෙය ඇතිවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනවා. එම පරීක්ෂණය අවසන් වන තුරු මෙම සිද්ධියට තුඩු දුන් හේතුව අනාවරණය කරන්න අමාරුයි.

ප්‍රශ්නය - සාලාව වත්ත කනත්ත අසල යුද හමුදාව ඩෝසර් මගින් වළවල් හාරා කිසියම් දේවල් වළ දැම්මා. ඒ මොනවාද? අවසරයක් අරගෙනද වළ දාන්නේ?

පිළිතුර - වැළලීමක් නොවෙයි එතන කළේ. තවදුරටත් නොපිපිරුණු වෙඩි ද්‍රව්‍ය සහ පතුරම් කොටස් ඒවා ආරක්ෂාකාරී ලෙස විනාශ කරන්නයි වළවල් කපලා තියෙන්නේ.

ප්‍රශ්නය - කොළපාට ගෝනිවලට දාලා කිසියම් ද්‍රව්‍යයක් ඒ වළවල්වලට දානවා අපි දැක්කා. ඒවා මොනවද කියා දැනගන්න පුළුවන්ද?

පිළිතුර - ඒවා බෙහෙත්වල කොටස් සහ පතුරම් කොටස්.

ප්‍රශ්නය - පැය කිහිපයක් පුරා හයිලෙවල් මාර්ගය වසා දමන්න මොනවද තිබුණු අනාරක්ෂිත තත්ත්වය?

පිළිතුර - මේ මාර්ගය පුරා වෙඩි ද්‍රව්‍ය, පුපුරා ගිය පතුරම්වල කොටස්, පපුරා නොගිය කොටස්  තිබුණා. ඒවා නිසා අන්තරායකර තත්ත්වයක් තිබුණා. අපි ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර සියයට සියයක් ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

ප්‍රශ්නය - මෙම පිපිරීමෙන් කදවුරට කොපමණ අලාභ හානි වෙලා තිබෙනවාද? ගොඩනැගිලි කීයකට අලාභ හානි වෙලා තිබෙනවාද?

පිළිතුර - කඳවුරේ තිබුණු ගොඩනැගිලිවලින් සමහර ගොඩනැගිලි තදබල ලෙස විනාශ වෙලා තිබෙනවා. ඉතිරිය අලුත්වැඩියා කරන්න පුළුවන් තත්ත්වයේ තිබෙනවා.

 ප්‍රශ්නය - මෙම සිදුවීමෙන් ස්වේච්ඡා බළසේනාවට අයත් ලියැවිලි රැසක් විනාශ වූ බවට තොරතුරු තිබෙනවා. එය සත්‍යයක්ද?

පිළිතුර - අපි මෙතැනදී මූලිකත්වය දුන්නේ මාර්ගය ආරක්ෂා සහිතව විවෘත කරන්නයි. ඊළඟට මූලිකත්වය දෙන්නේ ගම්මානයේ ආරක්ෂාව තහවුරු කර මහජනතාව පදිංචි කිරීමටයි. තුන්වැනියට තමයි අපේ කාර්ය වන්නේ කඳවුර පරීක්ෂා කිරීම. කඳවුරේ ආරක්ෂාව තහවුරු කර පාවිච්චියට ගන්න පුළුවන් මොනවද කියා සොයා ඉලන්නේ ඊළඟටයි.

ප්‍රශ්නය - ගම්මානයේ ආරක්ෂාව තහවුරු කරන්න තව කොපමණ කාලයක් යයිද?

පිළිතුර - ගම්මානවල ආරක්ෂාව දැනටමත් තහවුරු කර අවසන්. එළඹෙන පැය 48 ඇතුළතදී එම ගම්මානවල ඇති උණ්ඩ කොටස් ඇතුළු ද්‍රව්‍ය ඉවත් කරන්න ක්‍රියා කරනවා. සමහරවිට මෙය පැය 96 දක්වා දීර්ඝ වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය - මෙම විශාල පිපිරීමෙන් එක සොල්දාදුවෙක්ගේ ජීවිත අහිමි වූ බව වාර්තා වෙනවා. මෙවන් පිපිරීමකින් එක් සොල්දාදුවෙක් පමණක් මිය ගිය බව ඔබතුමා තහවුරු කරනවාද?

පිළිතුර - ඔව් එය වගකීමෙන් තහවුරු කරනවා. එක් සොල්දාදුවෙක්ගේ ජීවිතය පමණයි අහිමි වුණේ.

ප්‍රශ්නය - මේ සිද්ධිය වන අවස්ථාවේ හමුදාවේ කී දෙනෙක් කඳවුරේ හිටියද?

පිළිතුර - 450ක භට ප්‍රමාණයක් කඳවුරේ හිටියා. ඕනෑම හමුදා කඳවුරක මේවගේ හිදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක මේවගේ තත්ත්වයකට මුහුණ දෙන්න සැලසුම් තියෙනවා. සැලසුම් ක්‍රියාත්මක කරන්න පුහුණු වෙලා තිබෙනවා. මෙම සිද්ධිය ඇතිවූ අවස්ථාවේදීත් අපේ සෙබළුන් එම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. එය නිවැරදිව ක්‍රියාත්මක කළ නිසා තමයි මෙතරම් විශාල පිපිරීමක් සිදුවුවත් ජීවිත හානි සීමා කර ගන්න හැකි වුණේ.

ප්‍රශ්නය - මහජනතාව ගැවසෙන මෙවැනි ස්ථානයක අවි ගබඩාවක් පවත්වාගෙන යෑම භයනකයි කියා ජනතාවගේ චෝදනා තිබෙනවා. මෙම කඳවුර මේ විදියට මෙතනම ස්ථාපිත කර අවි ගබඩාව යළි පිහිටුවනවද?

පිලිතුර - මෙම කඳවුර මෙම ස්ථානයේම ස්ථාපිත කරනවා. පතුරම් ගබඩාව වෙනත් ස්ථානයක ස්ථාපිත කරන්න කටයුතු කරමින් සිටියේ. ඒ අතරතුර තමයි මෙම පිපිරීම සිදුවුණේ. මෙම ගබඩාවේ මීට වඩා පතුරොම් තිබුණා. ඒවා ක්‍රම ක්‍රමයෙන් අපි වෙනත් පතුරම් ගබඩා වෙත වරින් වර රැගෙන යමින් තිබුණා.

ප්‍රශ්නය - මෙම ගබඩාවේ තිබූ පතුරම් ඉවත් කිරීම කොපමණ කාලයක සිටද සිදු කළේ?

පිළිතුර - එය වසර දෙකක සිට සිදු වුණා.

ප්‍රශ්නය - මෙම පිපිරිම වෙනකොට හමුදාව ගම්මානවල ඉන්න ජනතාව ඉවත් කළේ ඔවුන්ගේ දේපොළ ආරක්ෂා කර දෙන බවට පොරොන්දු වෙලා. නමුත් අතහැර ගිය නිවාස රැසක් කොල්ල කාලා. යුද හමුදාපතිතුමා පැවසූ ආකාරයට ආරක්ෂාව ලබා දී නෑ නේද?

පිළිතුර - අපි කිව්ව විදියටම ආරක්ෂාව සපයා තිබෙනවා.  මෙවැනි පැමිණිලි අපටත් ලැබී තිබෙනවා. ඒ පැමිණිලි පොලිසිය විභාග කර නීතිය ක්‍රියාත්මක කරයි.

ප්‍රශ්නය - මේ සිද්ධියෙදි හමුදාව වශයෙන් ප්‍රදේශයේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර - මේ ජනතාවට මුලින්ම ස්තුති කරන්න කැමතියි. අපේ අවවාදය පිළි අරගෙන අනතුර සිදුවූ අවස්ථාවේදීම නිවාස වලින් ඉවත් වීම ගැන. ගත වූ පැය 48ක කාලය තුලදී තාවකාලික කඳවුරුවලට වෙලා ඉවසීමෙන් කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. ඒ ගැන මුළු යුද හමුදාවේම ප්‍රසාදය පළ කරනවා. අපි භූමිය කෙතරම් පරීක්ෂා කළත් තවත් කොටස් හා උණ්ඩ තිබෙන්න පුළුවන්. එහෙම තිබුණොත් අපි අවවාද කර සිටින්නේ ඒ ගැන යුද හමුදාව හෝ අදළ ආංශ දැනුම්වත් කරන ලෙසයි.

ප්‍රශ්නය - මේ සිද්ධිය සම්බන්ධයෙන් නොයෙක් මත ප්‍රචාරය වෙනවා. මාධ්‍යවේදීන් වශයෙන් මෙම කඳවුර බලන්න නිල වශයෙන් යන්න ලැබෙන්නේ කවදද?

පිළිතුර - මෙතෙක් මෙම ප්‍රදේශයට කිසිවෙකුටත් යන්න අවසර නුදුන්නේ මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්. මෙම මාර්ගය විවෘත කළ පසු මාධ්‍යයට එම ප්‍රදේශය දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය - රණවිරු ගම්මානයේ අලාභ හානි ගැන හමුදාව ඇස්තමේන්තු ගන්නවා. ගමේ මිනිස්සුත් ඉන්නවා. නමුත් මාධ්‍යයට එම ප්‍රදේශය තහනම්. මාධ්‍යවේදීන්ව හමුදාව එළවා දමනවා. එහෙම කරන්නේ ඇත්ත හානිය වසන් කරන්නද?
පිළිතුර - එහෙම කරන්නේ හානිය වහන්න නොවෙයි. එම ප්‍රදේශයට ගමන් කරන පිරිස අඩු කරන්නයි එහෙම කළේ. ආරක්ෂාව සඳහා ඇස්තමේන්තු කරන පිරිස සහ ගෘහ මූලිකයන් පමණක් එහෙම යැව්වේ.

ප්‍රශ්නය - ගම්වල නිවාස හා දේපොල හානි ගන්න ගිය මාධ්‍යවේදීන්ට බාධා එල්ල වුණා. ඒවා ඡායාරූප ගත නොකරන ලෙස නියෝගයක් දී තිබුණද?

පිළිතුර - එහෙම කරලා තිබුණා නම් වැරදි. අපි මාධ්‍යයට තහනමක් පනවා නෑ.

මෙම අවස්ථාවට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.



අදහස් (0)

සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කරයි

අතුරා Wednesday, 08 June 2016 04:26 AM

උතුරු නැගෙනහිර ලංකාවේ නෙමෙයිද තියෙන්නේ.මෙහෙ වගේම එහෙත් ඉන්නේ මිනිස්සු.(ම)

:       0       0

රොෂාන් Tuesday, 07 June 2016 02:59 PM

අවසානයේ සාලාව කඳවුර වෙනත් තැනකට ගෙන යාමට තීරනය විය ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා උතුරු නැගෙනහිර කඳවුරුත් වෙනත් තැන්වලට ගෙනයාවිද?(හේ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 08 June 2016 06:25 AM

යුද හමුදා කඳවුරු සහ ආයුධ ගබඩා රටකට අවශ්‍යම දේවල් . ඒවා කොහේ හරි ස්ථාපිත කිරීම නෙමෙයි කළ යුත්තේ . උතුරේද දකුණේද කියන එක නෙමෙයි වැදගත් මේවා සුදුසු තැන්වල සුදුසු විදියට නියම ප්‍රමිතියකට අනුව ආරක්ෂාකාරී පිළිවෙලටයි ඉදිකිරීම් විය යුත්තේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 257 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 866 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1740 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6215 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1827 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site