සාලාව කඳවුරේ ගොඩනැගිලි මුළුමනින්ම පාහේ විනාශවී ඇත. පුපුරා ගිය විවිධ ප්‍රමාණයේ උණ්ඩ තැන තැන ගොඩගසා තිබේ. එහෙම විනාශයක් යුද බිමේදීවත් දුටුවේ නැතැයි මාධ්‍යවේදියකු කීවේය. ඔහු යුද සමයේ උතුරට ගිය අයෙකි.
ඇතැම් ගොඩනැගිලිවල ඉතිරිවූ බිත්ති පිළිස්සී කළු පැහැ ගැන්වී තිබිණි.
කඳවුර අවට ගස්වල කොළ නැත. පොල් ගස්වල ඇත්තේ කඳ පමණි.
කාන්තාරයකත් එවැනි ලක්ෂණ නැති බව පෙනේ. සෙබළු ලහි ලහියේ සාලාව කඳවුර ඉදිරිපිට තහඩුවලින් ආවරණයක් සකසාගෙන යති.
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර විනාශයක් වෙලා එක්කෙනෙක් නැති වුනා කියල කොහොමද විශ්වාස කරන්නේ. (බ)
හිතාගන්න බැරිතරම් මහා විනාශයක්. අපේ රටට ලොකු පාඩුවක් (නි)
ජාතික අරක්ෂාවත් නැහැ , පරිපාලනයත් නැහැ කළමනාකරණයක් නැහැ. ඔහොම ගියොත් රටට දෙවියන්ගේම පිහිටයි (බ)
වෙනසක් (බ)
රජය ඉවක් බවක් නැතිව හමුදා නිලදාරීන් පහත් තත්වයට ඇද දමනවා .සමහරවිට විරසකවූ එම අයම මෙය කරන්න ඇති මෙම රජය අවසන් වන්නේ මුළු රටම අගාදයකට හෙලා.(ම)
පරිපාලනය, අන්තයටම පිරිහිලා කියලයි අපිට නං හිතෙන්නේ .(ම)
මේකටත් අර කට්ටිය විදේශ කුමන්ත්‍රණයක් කියලා කියාවිද දන්නේ නැහැ නේද? (බ)
හැම පැත්තකින්ම රට අරාජිකත්වයට යන බවනම් පැහැදිලියි .. (ම)
මේක ලොකු අපරාදයක්. දැන්වත් මේ ගබඩා සංකීර්ණ සුදුසු පෙදෙසක පිහිටුවන්න හැකි ඉක්මනින්. (ම)
මේක නම් ලංකා ඉතිහාසයේ විශාල ඛේදවාචකයක් (නි)
අපගේ කීර්තිමත් හමුදාව ජාත්‍යන්තරව විහිළුවකට ලක්කිරීමක් විදිහටයි මම නම් හිතන්නේ. බුද්ධි අංශයේ පිරිහීම ප්‍රධාන වශයෙන් මෙයට බලපාන්න පුළුවන්. මේ වගේ දේවල් 2005 ට කලින් සිදුවුණා. හමුදාවෙන් මෙහෙයුම් කරන්න කලින් සියලු උපායන් කලින් සතුරු හමුදාව අතට පත්වීම මෙයට සමාන වේ. (නි)
රටේ ආරක්ෂාවේ පිරිහීම නේද මේ? (නි)
ජිනීවා ගිහින් පෙන්නපුවා හැමදේම යුදකාලයේ වුණ දේවල් නෙමෙයි. මේවත් පෙන්නන්න බැරි නැහැ වැරදි විදියට (නි)
රහස් පොලීසිය ඇතුළු අනෙකුත් බුද්ධි අංශ වගේම යුද හමුදා බුද්ධි අංශත් මෙම පිපිරීමට හේතුව සොයන පරික්ෂණවලට සම්බන්ධකර ගැනීම හොඳයි නේද? (නි)
හැබැයි සමහරුන්ට මේකට නම් "පාවිච්චියට ගත නොහැකි" ඒවා කියලා නම් කියන්න බැරිවෙයිඩ
යුද්ධ නිසා වෙන විනාශය කොයිතරම්ද පේනවානේ. සාමයෙන් ඉන්න උත්සාහ කිරීම ගොඩක් වටිනවා. (නි)
මේක ආණ්ඩුවට ලොකු පරාජයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
දැන් මේවාත් සමහරු ජිනීවා ගිහින් පෙන්නයිද දන්නෙ නැහැ යුද්ධ කාලේ සිදුවුණු දේවල් වගේ. (නි)