IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සාලාව විසාලාවක් වෙයි

කොස්ගම සාලාව හමුදා කඳවුරට මීටර 300 ක් පමණ ඈතින් පිහිටි වෙල්යායක ගෙවතු ද යකුන් නැටුම් පිටියක් බවට පත්වී ඇත. ගම කෙළවර කන්ද පාමුල කුඹුරේ තැන තැන උණ්ඩ වැදීමෙන් හැරී ගිය වළවල්වල වතුර පීරි ඇත.

උණ්ඩයක් වැදී කුඹුරේ දැවන්ත ගවයෙක් වැටී මැරි සිටියි. කුඹුර කෙළවර ගෙදරක පදිංචි ආර්.ඒ.ගුණවර්ධන මහතා පැවසුවේ පීපිරිමත් සමඟ තමනට ඉවත් වන ලෙස හමුදාව දැනුම් දුන්න ද ඉන්පසු වු හානි බැලීමට පොලිසිය හෝ හමුදාවේ කිසිවකු නොපැමිණි බවයි.

‘මගේ ගේ ඉවරයි.වහළ කැඩිලා. බිත්ති කැඩිලා. වහලට වැටුණු අණ්ඩ පොළොව කඩා ගෙන ඇතුළතට ගිහිල්ලා මේ පැත්තේ ගෙවල්වලට හොරු පැනලා.  බඩු අතගාගෙන ගිහිල්ලා. මේවා බලන්න කවුරුත් නැහැ. ඒ පැත්තෙන් ඉවත්වන ලෙස හමුදාව කියා තිබෙනවා.

ගෙවලවල අඹුදරුවන් දැන් වෙනත් තැන්වලයි ඉන්නේ. අපේ ගේ බලා ගන්න මං ඉන්නවා. හැම ගෙයක්ම බලා ගන්න කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් හොරුන්ගෙන් අපේ ගෙවල් බේරගන්න බෑ.

කොස්ගම සුළු ව්‍යාපාරිකයකු වන සුනිල් නිශාන්ත පිපිරිමත් සමඟ ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමඟ දෙපයේ පිහිට පැතු බව ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය කීවේය. අද (06) ඔහු සිය ගෙය බැලීමට ආවේය. එය සුන්බුන් ගොඩක් බව දුටුවේය.

‘මගේ ගෙදර වහලට මෝටාර් බෝම්බයක් වැදිලා.දරු තුන් දෙනා නිදා සිටි කාමරයේ බිත්තියේ බිම වැටිලා’. කඳවුරේ ගිනිගත් මල්ටිබැරල්, රොකට්,කාල තුවක්කු උණ්ඩ හා රොකට් මගින් යවන බෝම්බ හා මෝටාර් බෝම්බ වැටුණු තැන්වලින් පුහුකර දැමීමට අද පොලිස් විශේෂ බළකායේ කමාන්ඩෝ භටයෝ යොදවණු ලැබුහ. ඒඑෆ්පී ජායාරූප ශිල්පියකු දුටුවේ පිපිරි නොගිය බෝම්බ හතරක්වත් ඔවුන් සොයාගත් බවයි. ඉන් එක් බෝම්බයක් අත්හැර දැමු නිවසක ගෙවත්තට වැටී තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු ඒඑෆ්පී පුවත් සේවයට පැවසුවේ වෝහාරක වෛද්‍ය විශේෂඥයන් එම පෙදෙස් පරික්ෂා කළ බවයි. ‘දැන් අපි පිපිරි නොගිය බෝම්බ මහ පාරෙන් ඉවත් කරනවා.’ අධික දුමාරය නිසා හුස්ම ගැනීමේ අපහසුවට පත්වු හා තුවාල ලැබු 50 දෙනෙක් පමණ රෝහල් ගත කරනු ලැබ සිටිති. ඉරිදා (05) පස්වරු 5.45 ට පටන් ගෙන සඳුදා සවස් වනතුරුත් පැවැති මෙම ගින්නට හේතුව මෙතෙක් හඳුනා ගෙන නැත.

රජයේ ප්‍රකාශක ඇමැති සේනාරත්න පැවසුවේ සිද්ධිය සමාලෝචනය කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වෙන බවයි. මෙය හමුදා කාරණයක් එය අනතුරක් ද කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද යන්න ඔවුන් සොයා බැලීය යුතුය.පිපිරි ගිය අවි ගබඩාවට ඈතින් පිහිටි ‘ස්වර්ණ ජයන්ති’ නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් කැඩී බීඳි ගොසිනි. දිර්ඝකාලීනව ආබාධිත වු සෙබළු ද වැන්දඹුවන් ද එම ගෙවල්වල ජිවත් වෙති. එහි ගෙවල් ගණන 180 කි. වැන්දඹුවක වන එම්.ජි.රෝහිණි පැවසුවේ කඳවුර පිපිරෙද්දී කැළණි ගඟෙන් එගොඩ වු බවයි.

ආබාධිත වුවෝ ගෙවල් 67 ක ද වැන්දඹූවෝ ගෙවල් 43 ක ද ජිවත් වුහ. ස්වර්ණ ජයන්ති ගම අද පාළු වී ගොසිනි.උණ්ඩ කෑලි කඳවුරේත් ගෙවල් වලත් විසිරි ඇත. අපේ ගමේ ගෙවල් වැඩි හරියක් විනාස වෙලා.ගමේ පදිංචි කරුවකු වු වසන්ත ප්‍රනාන්දු (45) පැවසුවේ ගම කළු දුමාරයෙන් වැසී යද්දී ගෙය අතහැර දිවු බවයි. ‘අද උදේ මම ගෙදරට ආවා. මුළු පළාතම අළු වලින් වැහිලා. මට මේ ගෙදර ආයිත් ඉන්න බැරි වෙයි.’ ඔහු දිග සුසමක් හෙළුවේය. තෙසතියකදී කොළඹ ආසන්නයේ පදිංචිකරුවනට දෙවැනි වරටත් තම ගේ දොර  හැර යෑමට  සිදු වුයේ ඉරිදාය. පසුගිය මාසයේ කැලණි ගඟ රුදුරු ලෙස පිටාර ගැලීමෙන් දෙලක්ෂයක් පමණ වැසියෝ ගේ දොර අතහැර ගියහ.සාලාව හමුදා සංකීර්ණය පිහිටියේ ද කැළණි ගඟ ආසන්නයේය. තේ,රබර් හා පොල් වගා කළ සාලාව වත්තේ එදා තුනී ලෑලි කම්හලකි. අදහමුදා කැඳවුරකි. එය හමුදාවේ රොකට් බර අවි හා උණ්ඩ ගබඩාවක් ලෙස පාවිච්චි කරයි. කොළඹ සිට දුර කිලෝමීටර  36 කි. නිතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා පැවසුවේ අවි ගබඩා දෙකකට කඩිනමින් ගිනි ඇවිලි ඇති බවයි. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක සිදුවු විශාලතම පිපිරිමයි.2009 ජුනියේ දීවවුනියාවේ  යුද අවි ගබඩාවක් පිපිරි සෙබළු කිහිප දෙනෙක් තුවාල ලැබුහ.

840476490_D1AETIINMPAB_20756296 1248896096_D1AETIINMUAA_20756297 1364441921_D1AETIINMJAA_20756293

ඡායාරූප - ඒඑෆ්පී

IMG_928266 IMG_930766 IMG_931166 IMG_942366 IMG_9281201666

ඡායාරූප - කෞශල්‍ය සමින්ද

වීඩියෝ - නුවන් සංජය



අදහස් (0)

සාලාව විසාලාවක් වෙයි

නන්ද Monday, 06 June 2016 05:48 PM

ඇයි දෙවියනේ මෙහෙම දේවල් වෙන්නේ..! කොස්ගම ප්‍රදේශයේ ඉන්නේ කොච්චර අවිහිංසක ජනතාවක්ද.. මේ අහිංසකයන්ට උපරිම අයුරින් උපකාර කිරීමට, පිහිට වීමට අදාළ අංශවලට හැකි වේවා. එවන් උපකාර ඔවුනට පිරිනැමිය යුත්තේ පිනට නොවෙයි. එවන් උදව් උපකාර ලබාගැනීමේ අයිතියක් ඔවුනට තිබෙන නිසයි. (ර)

:       0       0

රනිල් Monday, 06 June 2016 10:18 PM

රට නිදහස් කරගත් රණවිරුවන්ට අවලංගු කාසි වගේ සළකනකොට දෙවියොත් කෝප වෙනවා. ලොකු නියඟයක් තිබුනා, ඊළඟට ගංවතුර ආවා. දැන් බෝම්බත් පිපිරෙනවා. මෙහෙම ගියොත් හැම තැනම අායෙත් බෝම්බ පිපිරෙන කාලේ වැඩි අෑතක නෙමෙයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 06 June 2016 11:37 PM

මේක උතුරේ ත්‍රස්තවාදයේ අලුතෙන් එන ගිනි පුපුරක්ද දන්නේ නැහැනේ. මෙවැනි දේ අවතක්සේරු කරන්න එපා (නි)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 07 June 2016 12:56 AM

දැන් ඉතින් මේ කට්ටියත් ඉස්සෙල්ලා හිටපු කට්ටිය වගේ, පරණ අය‍ට බැණ බැණ ඉඳීවි. ඕකනේ ලංකාවේ දේශපාලනයේ හැටි (නි)

:       0       0

සිසිල් Tuesday, 07 June 2016 01:52 AM

අපේ මුදල් ඇමතිතුමාට නම් මේක බඩුමිල උස්සන්න හොඳ නිදහසට කාරණයක් වේවි (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 07 June 2016 02:20 AM

දකිනකොටත් පපුව හෝස් ගාලා යනවා (නි)

:       0       0

බිනුර Tuesday, 07 June 2016 02:20 AM

මම ඉතා ආදරයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කරදරයෙන් අසරණ වුණු ජනතාවගේ නිවාස සකස්කර දීමට අරමුදල් පිහිටුවා එයට මෙම මන්ත්‍රී පර්ම්ටි පරිතාග කරන ලෙසට. ඒක අද හැම මන්ත්‍රී කෙනෙකුගේම ජාතික යුතුකමක් ලෙසත් මම දකිනවා. (නි)

:       0       0

සදුනි Tuesday, 07 June 2016 02:26 AM

ගරු ජනාධිපතිතුමනි, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කර එම මුදලින් මෙම අසරණ ජනතාවට සහනාධාර ලබාදීමට කටයුතු කරන්න. ඒ වගේම බඩු මිලත් පොඩ්ඩක් අඩු කරන්න. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 07 June 2016 02:43 AM

දේව කෝපද, ත්‍රස්තවාදයේ අලුතෙන් එන ගිනි පුපුරක්ද දන්නේ නැහැ. කොහොම වුණත් මේක ගැන තදින් පරීක්ෂණ කරලා හොයාබලන්න ඕනෑ. නැත්තම් සාධාරණ සැකයක් ඇතිවෙනවා (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 07 June 2016 03:10 AM

මේක බොහොම සංවේදී කාරණාවක්. ගං වතුරින් සහ නාය යාම් වැනි විපත් වලින් හරියට තවම හරියට ගොඩ වෙන්ට බැරිවෙලා ඉන්න මොහොතක මේ සිදුවූ විනාශයත් බොහොම බරපතලයි. ජිවිත හානිවීම් එකයි. ඒකත් කණගාටුවට කරුණක්. දේපොළ නැතිවීම සහ සොරගැනීම් වැනි කරුණු අපව තව තවත් දුකට සහ සමාජයේ සමහර කොටස් ගැන කලකිරීමකට පත්කරනවා. (බ)

:       0       0

දහම් Tuesday, 07 June 2016 03:29 AM

අසරණ මහජනතාව මහා ආපදාවකට පත්වී ඇති අවස්ථාවක රටේ දේශපාලන නායකයින් ටයි ඇඳගෙන ඇවිත් ඒවා නරබන හැටියෙන් ඔවුන් ඒවා ගැන කොතරම් සංවේදී දපෙනේ . (ම)

:       0       0

පිරිස් Tuesday, 07 June 2016 03:31 AM

එකදිගටම ආව කරදර වලින් මේ ආණ්ඩුවට අඩුවක් නැහැ .(ම)

:       0       0

ප්‍රියන්ත නානයක්කාර Tuesday, 07 June 2016 04:00 AM

ගංවතුර නායයාම් අවි ගබඩා පිපිරීම් වසර 2500 ක් බුදුදහම පවතින රටක්?????????????????????????????(ම)

:       0       0

විපුල Tuesday, 07 June 2016 08:37 AM

කුමන්ත්‍රණකාරී වැඩක්ද දන්නේ නෑ (බ)

:       0       0

දේව් Tuesday, 07 June 2016 05:04 AM

උතුරේත් මෙහෙමලු වුණේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1052 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4199 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1312 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 763 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1089 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 723 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site