ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ධූරයට හිටපු සභාපතිවරයකු වූ අනුර සිරිවර්ධන මහතා යළි පත්කැර ඇත. ගාල්ලේ පිටිගල උපන් ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දක්ෂ පරිපාලන නිලධාරියකු ද වන සිරිවර්ධන මහතා සමූපකාර හා වෙළඳ අමාත්‍යාංශය, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩේ වැඩ කෙරෙන්නේ නැහැ වගේ හරියට පරණ මුදලාලිව ගෙන්නලා බලමු (නදී)
අනේ අපි නොදන්න අෑයෝ (නදී)
හිටපු එක්කෙනා වැඩ භාර ගන්නකොට කිව්වෙත් මේ හා සමානම ගුණ කථනයක්. මොකද එයා හදිසියේම හොඳ නැති උනේ. (නදී)
හිටිය කෙනාගේ කඩේ යාම හොද මදි වගේ. දැන් ලස්සනට පව්ලේ නාලිකාව තව තවත් පව්ලටම කඩේ යයි (නදී)
දක්ෂ පරිපාලන නිලධාරියක් (නදී)
මහා තරගෙට ආයුද මුවහත් කරන්න පටන් අරගෙන තියෙන්නේ (නදී)
අරුණ උදාවනතුරු අනුර (නදී)
එතකොට රොස්මන්ඩ් මහත්තයට මොකද වුනේ? (නදී)
කෝ අර යකඩ ගිලින්නට මොකද උනේ. (නදී)
අචිනි කියන දේමයි මටත් කියන්න තියෙන්නේ. (නදී)
කලකින් අහන්න ලැබුන ප්‍රීතිදායක ප්‍රවෘත්තියක්. අනුර සිරිවර්ධන මහත්මයා ජන හඬ හඳුනාගත්තේ පරිපාලන නිලධාරියෙක් වෙන්න කලින්. ඔබේ සේවය නැවත ලබාගන්න තරම් ස්වාධීන රුපවාහිනිය වාසනාවන්තයි. (නි)
සුබ පැතුම්! (නි)
"කලකින් අහන්න ලැබුන ප්‍රීති දායක ප්‍රවෘත්තියක්. අනුර සිරිවර්ධන මහත්මයා ජන හද (හඬ) හඳුනා ගත්තේ පරිපාලන නිලධාරියෙක් වෙන්න කලින්. විද්‍යා ලේඛකයෙකු ලෙස උපාලි සමුහ ආයතනයට සම්බන්ධව සේවය කල අවධියේත්, පසුව ස්වාධීන රුපවාහිනියේ හිටපු සාර්ථකම සභාපති ලෙසත් පෙන්නුම් කරන ලද අවංක භාවයත්, කුසලතාවයත් නිසාම මා දන්නා තරමට එකම මාධ්ය ආයතනයක දෙවතාවකම ප්‍රධානියවූ ලොව ප්‍රථම පුද්ගලයා වීමේ ගෞරවයත් මේ මහතාට හිමිවෙනවා. ඔබේ සේවය නැවත ලබා ගන්න තරම් ස්වාධීන රුපවාහිනිය වාසනා වන්තයි. (නදී)