සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (17) පැවැසීය.
මෙතෙක් කල් දෙගිඩියාවකින් කටයුතු කළ බවත් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ සෘජුව විපක්ෂයේ කාර්යභාරය කරමින් ආණ්ඩුවේ ලැජ්ජා සහගත සහ නින්දිත කටයුතුවලට විරුද්ධව හඬ නැඟිය හැකි බවත් රඹුක්වැල්ල මහතා කීවේය.
“අපට මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කරලා නැහැ. එහෙත් අපව සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව රටටම දැනුම් දීලා. සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම ගැන මා පුද්ගලිකවම සතුටු වෙනවා. විපක්ෂය ලෙස වැඩ කිරීමේදී මේ තනතුරු බාධාවක් වී තිබුණා. මෙය ඉතාම සතුටුදායක ආරංචියක්.“ යැයිද ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උත්සවයට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කර පොදු තීරණයක් ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිදී තිත්තයි කිව්වා කතාව මතක් වුණා (බ)
ඔබතුමාලගේ වැඩ ඉතින් රටම දන්නවානේ (නි)
දැන් ඉතින් නිදහස්නේ. (නි)
අනේ හැබෑට මෙහෙමත් කතා! (නි)
එදා හිටපු ජනපතිට විරුද්ධ වූ ඡන්ද අද වර්තමාන ජනපතිගෙනුත් ගිලිහී ඇති බව වටහා නොගැනීම පුදුමයකි. කෙහෙලිය මැතිතුමාගේ ප්‍රකාශය නම් අර කව්ද ඔරුව අනිත් පැත්ත පෙරලුනහම ඒ පැත්ත වඩා හොඳයි කීම වැනිය. (නි)
මිදි තිත්තයි කියපු අපේ කාලයේ කතාවක් (නි)
මේ අය රටට කළ කිසිම දෙයක නැහැ. පක්ෂයෙන් පන්නලා මදි. (නි)
ගොඩක් අය කැමතියි අලුත් පක්ෂයක් බිහිවෙනවට. අද රටේ මෙහෙමවත් විපක්ෂයක් තිබුණේ නැත්තම් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඡන්දෙ තියන්න ජනතාව තීරණය කරයි (බ)
මහජන මුදල් කෝටී ගණන් පුද්ගලික වැඩට අරගෙන එහෙම ජනතාවට කොච්චර සේවයක් කරලා තියෙනවද?(හේ)
මේ පුද්ගලයා රටට මොනවද කරලා තියෙන්නේ (හේ)
ඒ බව තේරෙනවා.(හේ)
අද රටට අවංක නායකයින් දෙපොලක්. ඉන්නවා. ඉතින් ඔබල නැතිවට හොරකම්, වංචා නැතිව මුදල් සංවර්ධනයට යොදන බව හැමෝම දන්නවා.(හේ)
දුකයි තමයි මේ වෙන දේවල් වලට.(හේ)
නරියත් කිව්වලු මිදි තිත්තයි කියලා. (නි)
ඔබතුමාගේ වචනයෙන්ම ඔන්න ඔබතුමාට හොද අවස්ථාවක් ලැබුනා ජනතාව වෙනුවෙන් දැන්වත් සේවයක් කරන්න නේද.අපිත් ගොඩක් කැමතියි ජනතාවට යමක් කරනවානම් ඔබතුමාලා. (බ)
අපිත් සතුටුයි. දැන් ඉතින් ඕන තැනකින් වැටිලා පෞද්ගලික වියදමින්ම හොද කරගන්න බැරි නැතැයි (බ)
මෙයා ජාතික වීරයෙක්. කොයිතරම් නම් ජනතාවට සේවය කරලා තියෙනවද? පක්ෂයක් නැතත් අපිට සේවය කරන්නමයි ආසාව. (නි)
අපි ගොන්නු නෙමෙයි.(හේ)
රටට කළ එක හොඳ වැඩක් කියන්න (නි)
ඇමතිකමේ ඉන්නකොට කරන්න බැරිවුණ දේවල්, මෙයා දැන් කරන්න හදනවා ජනතාවට. හිනායනවා මේවා අහලා. (නි)
පද්මිණි, නායකයින් දෙපලගේ අවංකභාවය ගැන ගැටලුවක් අපට නැත. නමුත් මේ වසර එකහමාරට කෙරුනු සංවර්ධනයක් මා හට නම් අන්වීක්ෂයෙන් ලංකාව පුරා සෝදිසි කළද තවමත් සොයාගත නොහැකි විය. සිංහල බෞද්ධයාට සිදුවන කෙනෙහිලිකම් පමණක් සියලුම තැන්වල දක්නට ඇත. (නි)
කුහකයින්ට අතීතය අමතකවෙලා. කුහකයන්ගේ හැටි ඔහොමයි. යහපාලනය නම් කොහොමත් කුහකයි (නි)
මෙයාලගේ ආණ්ඩුව කාලේ මාධ්‍ය මඟින් සේවයක් කළා. ඒවා අහලා ජනතාව මෙයාලව ගෙදර යැව්වා. ඒකතමයි කරපු හොඳම සේවය. (නි)
රටේ ජනතාව මොනවා කිවුවත් පළාතේ ජනතාව ඡන්දය දෙනවා නම් තව වෙන මොනවාද? නිකම් මෙතන උඩ පැනලා අදහස් දැම්මට වැඩක් නැහැනේ. (නි)
දැන් ඉතින් පවතින රජයට හා ශ්‍රීලනිපයට විරුද්ධව කතාකරන්නකෝ මොකද වෙන්නේ බලන්න (නි)
සංවිධායක විදියට කරපු වැඩක් නැහැ. (ර)
අපට "නරියා සහ මිදි වැල" කතාව මතක් වෙනවා. ඒ නැතත් ඔය සංවිධායක පදවිය කරදරයක් කියලා දැනුනා නම් ඔය පදවියෙන් කලින්ම ඉල්ලා අස්වෙන්න තිබුනා නේද? (නි)
මෙතුමා රටට හා ජනතාවට කළ සේවය කුමක්දැයි දන්නා කෙනෙක් කියන්නකෝ (නි)
මේ හදන්නේ පක්ෂය විනාශ කරන්නද? පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ වගේම මහජන පිළිගැනීමක් ඇති පුද්ගලයින් ඉවත් කිරීම නිසා ශ්‍රීලනිපය ප්‍රපාතයට වැටුනොත් ඔය කට්ටිය වගකියනවද? (නි)
ඔබතුමන්ලා පසුගිය කාලයේ ජනතාවට කළ සේවය ජනතාව හොඳින් දනී. වර්තමානයේ ජනතාවට කරන ලොකුම සේවය නම් තවත් රට සූරාකන්නේ නැතුව විශ්‍රාමයාමය. (නි)
එහෙනම් කලින්ම අස්වෙන්න තිබුනනේ (නි)
තනතුරින් අයින් කළාම ලැජ්ජාවට එහෙම කියනවා. එහෙනම් කලින් ඉල්ලා අස්වෙන්න තිබුනානේ. (නි)
එහෙනම් මෙච්චරකල් එල්ලිලා හිටියේ මොකද? ඉල්ලා අස්වෙන්නනේ තිබුනේ. බලමු අනිත් ඉතුරු ටික දැන්වත් ඉල්ලා අස්වෙයිද කියලා (නි)
මේ වගේ කට්ටිය අයින් කරපු එක ලොකු දෙයක්. පක්ෂය හැදෙන්නෙත් නැහැ. රට හැදෙන්නෙත් නැහැ. නමුත් මේ කට්ටිය හොඳට හැදෙනවා, මිනිසුන් මුලා කරමින් (නි)
දැන් ඉතින් කෙළින්ම සැලුන් දොරෙන්ම පිටවෙලා යන්න පුළුවන් නේද? (නි)
මහජනයාට සෙවය කරන්න ඕනෑනම් කලින් ඉල්ලා අස්වෙන්න තිබුනානේ. අනේ මෙයාලා මහජනයට කරන සේවය! (නි)
අනේ හැබෑටම, පුලුවන්නම් රට වෙනුවෙන් කළ එක වැඩක් කියන්න. (නි)
එහෙනම් ඉල්ලා අස්නොවී ඉවත් කරනතුරුම හිටියේ ඇයි? (නි)
ඔරුව පෙරලුනහම ඒ පැත්ත හොඳයි කියනවලුනෙ. (නි)
මෙයාලා ජනතාව වෙනුවෙන් මොනවද කළේ? (නි)
තවම ප්‍රශ්න නම් ඉවර නැහැ. ඒවා එක එක ඇදිලා එයි ඉස්සරහට (නි)
සංවිධායකකමකින් කෙනකු ඉවත් කරන්නේ ඔහුගේ ගුණ දැකලා නෙමෙයි, කෙළවරක් නැතුව තමා පිට පැටවුණු දුෂණ වංචා,නඩු හබ නිසා. ඒ බව තේරුම් ගැනීමට සාමාන්‍ය ජනතාව දැනුමින් පොහොසත්. (නි)
අවසාන ජවනිකාව ලෙස දේශපාලනයෙන් විශ්‍රාම ගන්න පුළුවන් (නි)
මෙයාලා හිරේ ගියත් යන්නේ සතුටින් අාචාර කර කර. මොනවා වුණත් කියන්නේ ඉන්නේ සතුටින් කියලා (නි)
ඉතින් කලින්ම ඉල්ලා අස්වෙන්න තිබුනනේ.... (නි)
අනේ හැබෑට, අපිට නම් මේ ගැන කතාකරන්නත් ලැජ්ජයි (නි)
නරියත් මිදි තිත්තයි කියලා කතාවක් කියලා තියනවාලුනේ! (නි)
ඇට නැති දිව කොයි පැත්තටත් නැමිය හැකි බව මෙයින් හොඳට සනාථ වෙනවා (නි)
පෙරලුනු පිට හොඳයි කියනවා... මට අාපසු යන්න හිතෙනවා... (නි)
අනේ මහත්තයෝ, විනෝද සමය පෙන්නන්න හදන්න එපා, දැන් අනාගත්තට පස්සේ. කලින් ඉල්ලලා අස්වෙන්න තිබුනානේ ඔයතරමට ජනතාවට සේවය කරන්න උවමනා නම්. අපි ඔහෙලා කාගේ කාගේත් කෙරුවාව දන්නවා නොවැ (නි)
කෙහෙළිය වගේ අය රටට ඕනෑ (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් උබට ඕවා හොඳ පාඩම් (නි)