සොබාදහමේ අපූරු මැවීමක් වන මිනිසාත්, ගහකොළවලින් ගහනය වූ පරිසරයත් අතර ඇත්තේ අන්‍යෝන්‍ය බැඳීමකි. ඒ බැඳීම නිසාම අපි කවුරුත් පරිසරයට, ගහකොළට, සතාසිව්පාවට ප්‍රිය කරමු.
සංචාරයට කැමති ඔබට කදිම තැනක් ලෙස ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය නම් කරන්න පුළුවන්. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය වියළි කලාපයට අයත් බැවින් වාර්ෂික නියඟයට ලක්වන මුත් නැවතත් මෝසම් සුළං වර්ෂාවෙන් අලුත් පණ ලබයි.
උඩවලව සහ යාල ජාතික වනෝද්‍යානයන්වල දක්නට ලැබෙන ජෛව විවිධත්ව ලක්ෂණ මෙහි දක්නට ලැබේ. මේ බිම් ප්‍ර‘දේශයෙහි අලි ඇතුන්, කොටියා, වලහ, මුවා ආදී ක්ෂීරපායි සතුන්ගෙන් මෙන්ම මොණරු ආදී කුරුලු විශේෂයන්ගේ වාසභූමියක් ලෙස හැඳින්වීම වරදක් නොමැත. ඒ නිසා ඔබ මෙම වනෝද්‍යානයේ සංචාරය කරනවා නම් අලුයම 5.00 ට පමණ වනෝද්‍යානය තුළට ඇතුළු වුවහොත් ඔබට බොහෝ සතුන් දැක බලාගැනීමට මෙන්ම එහි ඇති සොඳුරු ඉසව්වල පහස විඳීමේ හැකියාව තිබේ.
වෙහෙරගල ජලාශය ඉදිවීමත් සමග ලුණුගම්වෙහෙර වනපෙතට නව පරිසරයක් නිර්මාණය විය. වෙහෙරගල ජලාශය ඉදිවීමත් සමග එහි පැවැති වියළි කර්කශක තත්ත්වය සමනය වී තිබෙන අයුරු එහි සංචාරය කරන ඔබට විඳගැනීමට හැකිය.
මෙම වනෝද්‍යානයෙහි දෙස් විදෙස් සංචාරකයන්ට සංචාරය කරන්න පාරවල් ඉදි කර තිබෙන්නේ දිය පාරවල් වලට සමාන්තරවය. මේ දිය පාරවල් වන සතුන්ට සුපෝෂණ තත්ත්වයක් ඇති කර තිබෙන බැවින් ඒ අසල සතුන්ගේ ගැවසීම වැඩියි. මෙය සංචාරකයන්ට වන සතුන් බලාගැනීමට කදිම අවස්ථාවක්.
ඔබත් විවේකී දිනයක කාර්යබහුල වූ ජීවිතයෙන් මිදී ගහකොළ පිරි පරිසරයක අසිරිය විඳින්නට කැමැත්තෙන් සිටීනම් මේ වනෝද්‍යානය නැරඹීමෙන් අධ්‍යාපනය මෙන්ම පීඩාකාරී ජීවිතයට යම් පහසක් වනු නොඅනුමානයි.
ඡායාරූප/සටහන - සරසි නෙත්මිණි
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්වාභාව සෞන්දර්යෙන් පිරි ලුණුගම්වෙහෙර