මහනුවර දළඳා මාලිගාවේ මූලිකත්වය ඇතිව පාරම්පරික උඩරට නර්තනය සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා පල්ලෙකැලේ ප්‍රාසාංගික පුහුණූ ආයතනයක් ඉදිකිරීමට ඉන්දීය රජය රුපියල් මිලියන 120ක මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.
ඊට අදාළ ගිවිසුම් අද (19) බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සංස්කෘතිය රැක ගන්න නම් ඉස්සෙල්ලම කළ යුත්තේ ඉන්දියාවේ කසිකබල් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය වර්ජනය කිරීමයි.(හේ)
ඉන්දියාව ඒ අයගේ දේවල් රැකගන්න විදියක් නැතුව ඉන්නවා. මේ අයට පිස්සු.(හේ)
ඕන දෙයක් දෙනවා කිවුවොත් පැනල ගන්න අපේ අය හරිම කැමතියි. එදා ඉදන්ම කරලා තියන වැරදි නිසා අපේ සංස්කෘතිය වැනසෙනවා. හොදම උදාහරණය තමයි සුද්දා දුන්න නම්බුනාම සහ ඇදුම. ඒ වගේම තාන්න මාන්න එක්ක පරදේසින් ආගමත් දුන්න. දෑත බදලා ගත්ත ඒවායේ ප්‍රථිපල දැන් අපි විදිනවා. ඉන්දියාව මොකටද අපේ සංස්කෘතිය රකින්න හදන්නේ. ඒක නොවෙයි කරන්න ඕන අපේ සංස්කෘතිය විනාශ නොකරන එකයි. ඔය දෙන ඒක ඇතුලේ ඇති ඒ අයගේ දේවල්. අපි පරිස්සම් වියයුතුයි. (අ)
අනේ ඔවුන්ගේ නම් උදව් ගන්න එපා. ඔවුන්ගේම පැරණි දේවල් ඔවුන් විසින්ම විනාස කරමින් ඉන්නවා. ඔවුන්ගේ පැරණි සංස්කෘතියන් අපගේ උතුම් ජාතික සිරිත් සමග මුසු කරලා අවුරුදු 2000ක් තිස්සේ අපි විසින්ම තාමත් ආරක්ෂා කරගෙන යනවා. එකත් නැති කරන්න තමයි මේ හදන්නේ. (රේ)
ජනහිත, සුද්දා කියන වචනයෙන් ගම්‍යවන්නේ ඉංග්‍රීසි ජාතිකයායි. එහෙත් සුද්දෝ බලහත්කාරයෙන් හෝ දුන් දේවල් අපේ රටේ බාගයකටත් වඩා ආදරයෙන් වැළඳගෙන ඉන්නවා. අපි සිංහල යැයි සිතාගෙන ඉන්න ගොඩක් දේ පෘතුගීසි ආභාෂයෙන් ලැබුණු දේවල්. ඊට අමතරව ලන්දේසි ආභාෂය. කෙසේවෙතත් ඉන්දියාව කැමතියි අපිව යම් යම් ක්‍රම වලින් පාලනය කරන්න. (නි)
ජනහිත, ඔබේ කතාවේ ඇත්තක් තිබෙනවා (නි)
ඔය සල්ලි වලින් එහෙ වැසිකිළි ප්රශ්නය විසඳුවා නම් නේද හොඳ? (නි)
අපේම වැරදි දුර්වලකම් හින්දා තමා සුද්දා මේ රට අල්ලාගෙන ඕනෑ ඕනෑ දේවල් කළේ. නැත්නම් අපිට තිබුණනේ සුද්දට රට පාවානොදී ඉන්න. අදත් අපේ අය රට විකුණනවා. කවුරුත් අපිට ආදරේට සල්ලි දෙයි කියලා නම් හිතන්න අමාරුයි. (නි)
මේ ගැන බොහොම සතුටින් ඉන්න කෙනා දියවඩන නිලමේ තුමා වගෙයි පෙනෙන්නේ. (ම)
ඔය ආධාර මුදල ලැබෙන්නේ ඒ මධ්‍යස්ථානය ඉදි කරගන්න. ලංකාවේ පාරිශුද්ධ සංස්කෘතියක් නෑ. අවුරුද්දට කන කොකිස් ලන්දේසීන්ගෙන්. යන පාර,කෝච්චි පාර, පාලම් සුද්දා හදපුවා. රජ කාලේ දඬුවම් වෙනුවට උසාවි ක්‍රමය තියෙනවා. මේකට එරෙහිව කතා කරන අය මේ සල්ලි ගන්න එපා කියනවා නම් ඒ ගොල්ලො ගිහින් මධ්‍යස්ථානය ඉදි කරවලා දෙන්නකෝ. (අ)
මේ ලංකාදීප සහ නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පත්තර වල තිබුන පුවතක්ඉ න්දියාව ඔප්පු කරලා තියනවා සිංහලයෝ අාවේ බෙන්ගාලෙන් කියල. ලංකාවෙන් කෙරුන ඉල්ලීමකට අනුව. දැන්වත් කරුණාකරලා පාට කන්නාඩි ගලවල සත්‍යට මුහුණ දෙන්න හැදිච්ච ජාතියක් ලෙස. ඉන්දියාව හා තිබුන සම්බන්ධය හැමදාම පවතී මේ තවත් එක අවස්ථාවක් පමණයි (බ)
අපේ රටේ ඉතිරි වෙලා තියෙන සංස්කෘතියත් නැති වෙන වැඩක් මේක. ඉන්දියාව නිසා අපේ සංස්කෘතිය බින්දුවට වැටිලා තියෙන්නේ. අනේ අපොයි...! (බ)
නුවන් ඔබ ගැන මට කනගාටුයි. රාවන කියලා රජ කෙනෙක් හිටියා කියලා ඔබ දන්නේ නැතිද? බෙංගාලෙන් ආවනම් ඇයි වෙනම භාෂාවක් වෙනම අනන්‍ය අක්ෂර අපිට තියෙන්නේ. තමන්ගේ ජාතිය ගැන අභිමානයක් හිතේ නැති ඔබ වැන්නවුන් මටනම් හිරිකිතයි. (බ)
ඉන්දියාවෙන් වතුරටිකක්වත් එපා අපිට පින්සිද්ධවෙයි. (ර)