(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන පවසා රූමත් ලාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරු මෙවර උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙකි.
සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගෙන්වා ගෙන තිබූ රූමත් ලාබාල තරුණියන් ගේ නිරුවත් ඡායාරූප 15 ආසන්න සංඛ්‍යාවක් සැකකරු පරිහරණය කරන ලද පරිගණකය තුළ ගබඩා කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නම් භාවිතා කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුමක් හරහා ප්‍රසිද්ධ ආයතන වල නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා වලට කැමති රූමත් ලාබාල තරුණියන්ට අවස්ථාව ලබා දිය හැකි බව ප්‍රසිද්ධ කර ඒ සඳහා කැමති තරුණියන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව එම තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ලබාගන්නා බවට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් හරහා තොරතුරක් ලැබුණ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු ඒ සෑම තරුණියක් සමග ම සම්බන්ධ වී ඇත්තේ කෙටි පණිවිඩ හරහා බව පොලිසිය කියයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවා තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වා ගෙන
රතුගම Wednesday, 17 May 2023 06:36 AM
නිරූපණය කරන්න ගන්නවා කිව්වොත් කෙල්ලන්ට වෙන මොකුත්ම සොයන්නෙ නැහැ ඇත්තටම දුරකථන වලට ටෲකෝලර් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේහෙම එවුන් සොයන්න පුළුවන් එහෙම තොරතුරු ගන්න බැරිනම් ඉතින් නොරැවටී කලින්ම මගහරින්න පුළුවන්
කිරිපුතා Wednesday, 17 May 2023 09:31 AM
මොවුන්ට දඬුවමක් නම් අපේ රටේ ළඳ බොළඳ අර පොත්වල නෑ. දස දෙසම දැකිය හැක්කේ පිරිහීම.හොඳ නායකයෙක් පේන තෙක් මානෙක නෑ.ගුරුවරුන් ජෝෂප් ගෙ පස්සේ වැටිලා.විශ්ව විද්‍යාල වලට පැනගත්ත ළමයින් සත්තු වගේ හැසිරෙන්නෙ.කෙහෙන් හරි ගුණධර්ම හැදෙන්න ඕන.