(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ඊට අදාළ නියෝගය නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානීන්ට අද (11) නිකුත් කළේය. ඒ අනුව විමර්ශනයට සම්බන්ධ වාර්තාව හෙට (12) ඇතුළත තමන්ට ලබාදෙන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ.
අදාළ වාර්තාව ලැබුණු පසුව එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බළාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් ගොඩනැඟිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවිය පැන්න හෝටලයේ ප්‍රමිතිය දැන් සොයයි
Ruhunu Thursday, 11 May 2023 05:12 PM
තව හොයලා බලන්න ඕක ඇතුලට යන අයගේ ඇඳුම් ගැලවෙනවද කියලා .මේ වගේ කරක්
Lalla Thursday, 11 May 2023 05:19 PM
මොකක් හරි සිදුවීමක් වුනාට පසුව ප්‍රමිතිය හොයන එතෙක් ජරාවට හෝ නිදාගෙන වගකීම පැහැරහැර සිටි අදාල ආයතන ප්‍රධානීන් සේවයෙන් පහකර දැමිය යුතු නොවේද?
Bamunuarachchi Thursday, 11 May 2023 05:22 PM
පාසල් සිසුවියක් කියමින් පට්ට ගහන්න එපා. හරිහමන් පාසල් සිසුවියක් නම් දන්සල් කන්න යනවා කියා හෝටල්වල ගිහිල්ලා මත්පැන් පානය කරන්නේ නැහැ. ඇඟේ දත් පාරවල් තිබෙනවානම් ඉතිරිහරිය අපිට හිතා ගන්න පුළුවන්.
Bamunuarachchi Thursday, 11 May 2023 05:25 PM
දැනුයි ප්‍රමිතිය හොයන්නේ. ඒ තරුණිය බිමට පැන්නේ නැතිනම් ප්‍රමිතිය හොයන්නේ නැහැ. ඔය හෝටලේට දෙස්පාලුවෙකුගේ සම්බන්දයක් තිබුනොත් නිකම්ම ප්‍රමිතිය හොඳවෙයි. අපි නොදන්නා සිරි ලංකාව.
rosa Thursday, 11 May 2023 06:05 PM
අස්සයා පැනලා ගියාට පස්සෙ , ඉස්තාලේ වහන්න හදනවා... මුන්ට පිස්සු....
Chandana Thursday, 11 May 2023 06:37 PM
මරු මිනිහට වාර්තාව භාර දෙන්නේ .ගිය මාසෙත් මම දන්න කෙනෙකුගෙන් අරගෙන ආවා
lankaputha Thursday, 11 May 2023 07:50 PM
දූෂිත ඇමතිවරයෙකුට කළ යුතු දේ... ඔහු දූෂිත නොවූවත්... ඔහුගේ කාර්යභාරය කුමක්ද?
සඳුන් Thursday, 11 May 2023 10:43 PM
අන්තිමේදී බදාම අනපු බාස් හිරේ යන පාටක් පේන්නෙ .....
අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:10 AM
හෝටල් හිමිකරුවාගෙන් කප්පමක් අරගෙන වැඩේ යට ගහයි.
විසිල් Friday, 12 May 2023 07:26 AM
UDA නේද ? ටී. ඕ ලා ඉන්නේ මේකේ නේද ? හ හා. හ හා.
Bunny Preena Friday, 12 May 2023 12:16 PM
ලොකු නින්දකට පස්සේ ඇහැරිලා වගෙයි
Vira Friday, 12 May 2023 12:29 PM
ප්‍රමිතියට හැදුවා නම් කෙල්ල මැරෙන්නේ නැහැ.