IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සිසුවියන් දෙන්නා රෝහලේ

කොළඹ පෞද්ගලික පාසලක 16 හැවිරිදි සිසුවකු පැදවු බව කියන කාරයකට හුණුපිටියේදී කැලණි සරසවි ශිෂ්‍යාවන් දෙදෙනකු යටවී තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

සිසුවාට රියදුරු බලපත්‍රයක් ද නැතැයි පොලිසිය පවසයි.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සිසුවියන් දෙන්නා රෝහලේ

ෂෙහාන් පියුමාල් ප්‍රනාන්දු Thursday, 18 September 2014 09:44 AM

පොලිසිය කතාව යට ගහනවා තනිකර කාර් එක එලවපු කොල්ලට සහ වාහනේ අයිතිකරු එදිනම කිරිබත්ගොඩ පොලිසිය විසින් අැප ලබා දී තිබේ.එඩේරමුල්ලේ මාගේ නිවාසය අසල මගේ සහෝදරියට තවමත් කොළඹ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.එහෙම වෙලත් බලපත්‍ර නැති මිනිහෙකුට වහනයක් දුන්න මිනිහාවත් රිමාන්ඩ් බාරයේ තබා ගන්නේ නෑ සල්ලි දික් කරපුවහම. අනික මගේ අක්කල දෙන්න හැප්පුනේ කහ ඉරක් පනිනකොට නැතුව ඔහේ පාර පැනල නෙමේ.මේවට අපි නැගිටින්න ඕනේ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 September 2014 02:58 AM

වරද කා අත වුණත් රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම නිසා අනිවාර්යයෙන් වරද ඔහු අතටම යනවා. අනතුරක් වළක්වා ගැනීම පදිකයන්ගේත් යම් වගකීමක්. කොහොම වුණත් අවාසනාවන්ත සිදුවීමක්. සිසුවියන් දෙදෙනාට ඉක්මන් සුව පතනවා. (නි)

:       0       0

රොෂාන් Wednesday, 17 September 2014 12:55 PM

මම හිතන විදියට ඉහල තැනක් නෙමෙයි.. මොකද එහෙමනම් ඔය නිවුස් එක යන්නේ නාදුනන කාරයකට හුණුපිටියේදී කැලණි සරසවි ශිෂ්‍යාවන් දෙදෙනකු යටවී තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. (අ)

:       0       0

නිමල් ලලිත Thursday, 18 September 2014 03:15 AM

බලපත්‍ර නැති රියදුරන්ට පමණක් නොව ඔහුට රථය පැදවීමට ඉඩ දුන් අයටද දඬුවම් කළ යුතුයි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 18 September 2014 03:21 AM

මේ වගේ දේවල් අහනකොට දැඩි කළකිරීමක් තමයි ඇතිවෙන්නේ. දැරියන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ෂාන් Wednesday, 17 September 2014 03:30 PM

මොහු වයස 17ක අයෙකි. පොලීසිය විසින් නිසියාකාරයෙන් පරේෂණ සිදු කලේ නැත .පොලීසියේ සියලු දෙනා පැමිණියේ ඔහුගේ අාරක්ෂාවයටය .එක සිසුවියක් එතනම විසි වූ අතර අනෙක් සිසුවිය බොනෙට් එක උඩ සිර වී තිබියදී මොහු මීටර් 500ක් දුරට අධික වේගයෙන් ගොස් නතර කළේය.මෙම සිසුවියන් දෙදෙනා ජීවිතයත් මරණයත් අතර සටන් වදී . මම මෙය ඇසින් දුටු අයෙක් වෙමි (අ)

:       0       0

මේනක Thursday, 18 September 2014 03:46 AM

සමහර සල්ලිකාර බලපුළුවන්කාර දෙමව්පියන් හිතන්නේ මේ රට ඔවුන්ගේ ළමයින්ට නින්ද ගම් වලින් ලියලා දීල කියලා. තණකොළ කවන්න හරක් පට්ටිය ලිහනවා වගේ ඔහේ සමාජයට අත අරිනවා. ළමයින් පාරට බැහැල මොනවද කරන්නේ කියල සොයල බලන්නේ නැහැ. රිය අනතුරක් වුනොත් එතනින් ඒ වෙලාවේ ගිය අනෙක් කෙනාගේ වැරැද්ද. දැරියකට හදියක් කලොත් ඒ දැරිවි වදාපු අම්මගේ වැරැද්ද . මීට වැඩිය ලිව්වොත් මෙතන පල වෙන එකක් නැහැ. (නදී)

:       0       0

කුමාර් Wednesday, 17 September 2014 07:08 AM

ලොක්කන්ගේ හිත්වක්කාර දුල පුත්තු හින්දා දුප්පත් දරුවන්ට පාරේ පයින් යන්නත් බෑ. (නදී)

:       0       0

සදුනි Wednesday, 17 September 2014 07:48 AM

ප්‍රභූ මට්ටමේ පවුලක නම් සිසුවා නිකන්ම නිදහස් වේවි.දේශපාලක පුතෙක් නම් ..'".නවතා තිබුණු වාහනය යටට රිංගන ලද සරසවි සිසුවියන් දෙදෙනා යම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුකිරීමේදී වාහනය ඉබේ පනගැන්වී මෙම අනතුර සිදුවී ඇත. පාසල් සිසුවා පැමිණ ඇත්තේ ඔවුන්ට පිහිටක් වී උදව් කිරීමටය." (නදී)

:       0       0

සෑම් Wednesday, 17 September 2014 07:48 AM

මොකද ඇමතිගේ පුතාට විතරද ලයිසන් නැතිව එලවන්න හොඳ ? (නදී)

:       0       0

සුදත් රෝහණ Wednesday, 17 September 2014 07:52 AM

16 හැවිරිදි නම් කොහෙන්ද රියදුරු බලපත්‍ර ? (නදී)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 17 September 2014 05:50 PM

මැති ඇමති කෙනෙක්ගේ නෙමෙයි නම් , ඔවුන් ළඟ සේවය කරන කෙනෙකුගේ පුතෙක් වන්නට ඕනෑ (නි)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 17 September 2014 07:59 AM

මේ ළමයි දෙන්නගෙන් එක ළමයෙක්ට තවම සිහිය නෑ (නදී)

:       0       0

අමිත් Wednesday, 17 September 2014 08:11 AM

ඇමති පුතෙක් ද දන්නෙ නෑ? (අ)

:       0       0

චමින්ද Wednesday, 17 September 2014 08:26 AM

ඉහල තැනක අයෙක්ගේ පුතෙක් නම් වැඩේ ගොඩින් බේරෙයි.මතකනේ අහවල් කෙනාගේ පුතා මනුස්සයෙක්ව මේ වගේ හප්පලා මරලා ගොඩින්ම ගොඩ ගිය හැටි.(අ)

:       0       0

රෝහණ ගල්ගමුව Wednesday, 17 September 2014 08:41 AM

සියල්ල සල්ලි වලින් නොපෙනෙන්න වසාවි. හෙටත් වාහන පදවාවි (නදී)

:       0       0

සන්ධ්‍යා Thursday, 18 September 2014 05:43 AM

දැරියන් දෙන්නාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරම් (නදී)

:       0       0

උදය රණවීර Wednesday, 17 September 2014 08:51 AM

රථ වාහන අනතුරක් නේද ? (නදී)

:       0       0

පියුමි Wednesday, 17 September 2014 09:06 AM

දෙකකක් නැහැ,දෙසපලුවෙග්ගේ පුතෙක් විය යුතුයි. (ස)

:       0       0

ජිලාන් Thursday, 18 September 2014 12:08 AM

මට හිතෙන්නේ මේ නොදරුවා වාහනය පදවනවිට පාරේ ගමන් කළ වරදට මේ තරුණියන්ට පන්ති තහනම් වේවි. මේක එහෙම කාලයක් කියලා දන්නේ නැද්ද ? (නි)

:       0       0

ගිහාන් Thursday, 18 September 2014 12:10 AM

දැන් මෙලහකට බංගලාවේ රියදුරු ඉදිරිපත් වෙලා ඇති බේබි හාමුගේ වැරැද්ද වහන්න. (නි)

:       0       0

සනත් Wednesday, 17 September 2014 09:46 AM

ලංකාවට මොකද වෙලාතියෙන්නේ (ස)

:       0       0

කාන්ති Thursday, 18 September 2014 12:13 AM

බලපත්‍රයක් නැති ළමයාගේ අතට වාහනය දුන් දෙමාපියන්ගේ නම් විස්තර පළකරන්න ඕනෑ. සල්ලිකාර පුතාලගේ රථ ගාය යන්නේ පාරේ යන අහිංසකයින්ගේ පිටින්. අනතුරට පත් දියණිවරුන්ට තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ලැබේවා. (නි)

:       0       0

රුවන් Thursday, 18 September 2014 12:17 AM

මොන සල්ලිකාර බලවතාගේ පුතෙක්ද කියලා අපිට දැන ගන්න ඕනෑ. මෙයාගේ සහෝදරියෙක් ඉන්නවා නම් එයාටත් මෙහෙම දෙයක් වුණාම තමයි මේ වගේ සල්ලිකාර මෝඩ පුත්තු පාඩමක් ඉගෙනගන්නේ. (නි)

:       0       0

සුරනි Thursday, 18 September 2014 12:23 AM

දැන් බලන්න, මේ ගැහැණු ළමයි දෙදෙනෙක් නේද ? අතක් පයක් ආබාධ වුණොත් මේ ගොල්ලන්ගේ අනාගතය අඳුරුයි නේද? සිසුවියන් ,මේ වීර පුතාගේ භාරකරුවන්ගෙන් හොඳ වන්දියක් ඉල්ලාගන්න ඕනෑ. (නි)

:       0       0

රාහුල් Thursday, 18 September 2014 12:22 AM

අපෝ! මේවා ඉතා සුළු දේවල්. මීට කලින් බලවත් පුතෙක් කළා වගේම කීයක් හරි මේ ගැහැණු දරුවන්ගේ අම්මලාගේ අත මිට මොලවලා නිදහස් වේවි. (නි)

:       0       0

කමල් Thursday, 18 September 2014 12:26 AM

මේ පුතා යටකරලා තියෙන්නේ බුද්ධිමත්, රටට වැඩදායක දරුවන් දෙදෙනෙක්. මට නම් මේ පුවත දැකපු ගමන් ඇඟේ ලේ රත් වුණා. (නි)

:       0       0

ජිලෝ Wednesday, 17 September 2014 10:02 AM

ලොකු තැනක පුත්‍ර රත්නයක් නම් අර සිසුවියන් දෙදෙනා මේ නොදරුවා වාහනය එලවනවිට පාරේ ගිය වරදට මාස 6 ක පන්ති තහනමකට ලක් වේවි. (නදී)

:       0       0

සමන්ත Thursday, 18 September 2014 01:13 AM

මෙහෙම ගියොත් මේ බලපත්‍ර නැති සල්ලිකාර පුතාලගේ වාහන වලට පාරේ වෙනම ට්‍රැක් එකක් හදන්න වේවි. (නි)

:       0       0

ලසිත් Thursday, 18 September 2014 01:18 AM

අපෝ! තව ටික දවසකින් මෙයා නිදහස් වෙලා වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාව හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහින් තියේවි. මේවාට අපේ ඇඟේ ලේ රත් කරගෙන වැඩක් නැහැ. (නි)

:       0       0

වරුණි Thursday, 18 September 2014 01:39 AM

මේ වාහනය අයිතිකාරයාටත් හොඳ දඬුවමක් දෙන්න ඕනෑ රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට තමන්ගේ වාහනය දුන්නාට (නි)

:       0       0

කුමාර Thursday, 18 September 2014 08:45 AM

අන්තිමට වාහනේ ඉබේම ගිහිල්ල කිව්වත් පුදුම නෑ දැන් මේ රටේ සිදුවන ඒවා හැටියට. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 44 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 662 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1550 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3470 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1815 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 693 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site