කොළඹ පෞද්ගලික පාසලක 16 හැවිරිදි සිසුවකු පැදවු බව කියන කාරයකට හුණුපිටියේදී කැලණි සරසවි ශිෂ්‍යාවන් දෙදෙනකු යටවී තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
සිසුවාට රියදුරු බලපත්‍රයක් ද නැතැයි පොලිසිය පවසයි.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ පෞද්ගලික පාසලක 16 හැවිරිදි සිසුවකු පැදවු බව කියන කාරයකට හුණුපිටියේදී කැලණි සරසවි ශිෂ්‍යාවන් දෙදෙනකු යටවී තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
සිසුවාට රියදුරු බලපත්‍රයක් ද නැතැයි පොලිසිය පවසයි.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙලහකට බංගලාවේ රියදුරු ඉදිරිපත් වෙලා ඇති බේබි හාමුගේ වැරැද්ද වහන්න. (නි)
පොලිසිය කතාව යට ගහනවා තනිකර කාර් එක එලවපු කොල්ලට සහ වාහනේ අයිතිකරු එදිනම කිරිබත්ගොඩ පොලිසිය විසින් අැප ලබා දී තිබේ.එඩේරමුල්ලේ මාගේ නිවාසය අසල මගේ සහෝදරියට තවමත් කොළඹ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.එහෙම වෙලත් බලපත්‍ර නැති මිනිහෙකුට වහනයක් දුන්න මිනිහාවත් රිමාන්ඩ් බාරයේ තබා ගන්නේ නෑ සල්ලි දික් කරපුවහම. අනික මගේ අක්කල දෙන්න හැප්පුනේ කහ ඉරක් පනිනකොට නැතුව ඔහේ පාර පැනල නෙමේ.මේවට අපි නැගිටින්න ඕනේ. (අ)
අන්තිමට වාහනේ ඉබේම ගිහිල්ල කිව්වත් පුදුම නෑ දැන් මේ රටේ සිදුවන ඒවා හැටියට. (දිල්)
දැරියන් දෙන්නාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරම් (නදී)
සමහර සල්ලිකාර බලපුළුවන්කාර දෙමව්පියන් හිතන්නේ මේ රට ඔවුන්ගේ ළමයින්ට නින්ද ගම් වලින් ලියලා දීල කියලා. තණකොළ කවන්න හරක් පට්ටිය ලිහනවා වගේ ඔහේ සමාජයට අත අරිනවා. ළමයින් පාරට බැහැල මොනවද කරන්නේ කියල සොයල බලන්නේ නැහැ. රිය අනතුරක් වුනොත් එතනින් ඒ වෙලාවේ ගිය අනෙක් කෙනාගේ වැරැද්ද. දැරියකට හදියක් කලොත් ඒ දැරිවි වදාපු අම්මගේ වැරැද්ද . මීට වැඩිය ලිව්වොත් මෙතන පල වෙන එකක් නැහැ. (නදී)
මේ වගේ දේවල් අහනකොට දැඩි කළකිරීමක් තමයි ඇතිවෙන්නේ. දැරියන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
බලපත්‍ර නැති රියදුරන්ට පමණක් නොව ඔහුට රථය පැදවීමට ඉඩ දුන් අයටද දඬුවම් කළ යුතුයි (නි)
වරද කා අත වුණත් රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම නිසා අනිවාර්යයෙන් වරද ඔහු අතටම යනවා. අනතුරක් වළක්වා ගැනීම පදිකයන්ගේත් යම් වගකීමක්. කොහොම වුණත් අවාසනාවන්ත සිදුවීමක්. සිසුවියන් දෙදෙනාට ඉක්මන් සුව පතනවා. (නි)
මේ වාහනය අයිතිකාරයාටත් හොඳ දඬුවමක් දෙන්න ඕනෑ රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට තමන්ගේ වාහනය දුන්නාට (නි)
අපෝ! තව ටික දවසකින් මෙයා නිදහස් වෙලා වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාව හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහින් තියේවි. මේවාට අපේ ඇඟේ ලේ රත් කරගෙන වැඩක් නැහැ. (නි)
මෙහෙම ගියොත් මේ බලපත්‍ර නැති සල්ලිකාර පුතාලගේ වාහන වලට පාරේ වෙනම ට්‍රැක් එකක් හදන්න වේවි. (නි)
මේ පුතා යටකරලා තියෙන්නේ බුද්ධිමත්, රටට වැඩදායක දරුවන් දෙදෙනෙක්. මට නම් මේ පුවත දැකපු ගමන් ඇඟේ ලේ රත් වුණා. (නි)
අපෝ! මේවා ඉතා සුළු දේවල්. මීට කලින් බලවත් පුතෙක් කළා වගේම කීයක් හරි මේ ගැහැණු දරුවන්ගේ අම්මලාගේ අත මිට මොලවලා නිදහස් වේවි. (නි)
දැන් බලන්න, මේ ගැහැණු ළමයි දෙදෙනෙක් නේද ? අතක් පයක් ආබාධ වුණොත් මේ ගොල්ලන්ගේ අනාගතය අඳුරුයි නේද? සිසුවියන් ,මේ වීර පුතාගේ භාරකරුවන්ගෙන් හොඳ වන්දියක් ඉල්ලාගන්න ඕනෑ. (නි)
මොන සල්ලිකාර බලවතාගේ පුතෙක්ද කියලා අපිට දැන ගන්න ඕනෑ. මෙයාගේ සහෝදරියෙක් ඉන්නවා නම් එයාටත් මෙහෙම දෙයක් වුණාම තමයි මේ වගේ සල්ලිකාර මෝඩ පුත්තු පාඩමක් ඉගෙනගන්නේ. (නි)
බලපත්‍රයක් නැති ළමයාගේ අතට වාහනය දුන් දෙමාපියන්ගේ නම් විස්තර පළකරන්න ඕනෑ. සල්ලිකාර පුතාලගේ රථ ගාය යන්නේ පාරේ යන අහිංසකයින්ගේ පිටින්. අනතුරට පත් දියණිවරුන්ට තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ලැබේවා. (නි)
ලොක්කන්ගේ හිත්වක්කාර දුල පුත්තු හින්දා දුප්පත් දරුවන්ට පාරේ පයින් යන්නත් බෑ. (නදී)
මට හිතෙන්නේ මේ නොදරුවා වාහනය පදවනවිට පාරේ ගමන් කළ වරදට මේ තරුණියන්ට පන්ති තහනම් වේවි. මේක එහෙම කාලයක් කියලා දන්නේ නැද්ද ? (නි)
මැති ඇමති කෙනෙක්ගේ නෙමෙයි නම් , ඔවුන් ළඟ සේවය කරන කෙනෙකුගේ පුතෙක් වන්නට ඕනෑ (නි)
මොහු වයස 17ක අයෙකි. පොලීසිය විසින් නිසියාකාරයෙන් පරේෂණ සිදු කලේ නැත .පොලීසියේ සියලු දෙනා පැමිණියේ ඔහුගේ අාරක්ෂාවයටය .එක සිසුවියක් එතනම විසි වූ අතර අනෙක් සිසුවිය බොනෙට් එක උඩ සිර වී තිබියදී මොහු මීටර් 500ක් දුරට අධික වේගයෙන් ගොස් නතර කළේය.මෙම සිසුවියන් දෙදෙනා ජීවිතයත් මරණයත් අතර සටන් වදී . මම මෙය ඇසින් දුටු අයෙක් වෙමි (අ)
මම හිතන විදියට ඉහල තැනක් නෙමෙයි.. මොකද එහෙමනම් ඔය නිවුස් එක යන්නේ නාදුනන කාරයකට හුණුපිටියේදී කැලණි සරසවි ශිෂ්‍යාවන් දෙදෙනකු යටවී තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. (අ)
ලොකු තැනක පුත්‍ර රත්නයක් නම් අර සිසුවියන් දෙදෙනා මේ නොදරුවා වාහනය එලවනවිට පාරේ ගිය වරදට මාස 6 ක පන්ති තහනමකට ලක් වේවි. (නදී)
ලංකාවට මොකද වෙලාතියෙන්නේ (ස)
දෙකකක් නැහැ,දෙසපලුවෙග්ගේ පුතෙක් විය යුතුයි. (ස)
රථ වාහන අනතුරක් නේද ? (නදී)
සියල්ල සල්ලි වලින් නොපෙනෙන්න වසාවි. හෙටත් වාහන පදවාවි (නදී)
ඉහල තැනක අයෙක්ගේ පුතෙක් නම් වැඩේ ගොඩින් බේරෙයි.මතකනේ අහවල් කෙනාගේ පුතා මනුස්සයෙක්ව මේ වගේ හප්පලා මරලා ගොඩින්ම ගොඩ ගිය හැටි.(අ)
ඇමති පුතෙක් ද දන්නෙ නෑ? (අ)
මේ ළමයි දෙන්නගෙන් එක ළමයෙක්ට තවම සිහිය නෑ (නදී)
16 හැවිරිදි නම් කොහෙන්ද රියදුරු බලපත්‍ර ? (නදී)
මොකද ඇමතිගේ පුතාට විතරද ලයිසන් නැතිව එලවන්න හොඳ ? (නදී)
ප්‍රභූ මට්ටමේ පවුලක නම් සිසුවා නිකන්ම නිදහස් වේවි.දේශපාලක පුතෙක් නම් ..'".නවතා තිබුණු වාහනය යටට රිංගන ලද සරසවි සිසුවියන් දෙදෙනා යම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුකිරීමේදී වාහනය ඉබේ පනගැන්වී මෙම අනතුර සිදුවී ඇත. පාසල් සිසුවා පැමිණ ඇත්තේ ඔවුන්ට පිහිටක් වී උදව් කිරීමටය." (නදී)