
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති සමාව මගින් සිරකරුවන් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් අමාත්ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
එලෙස ජනපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැනි බව කී ලාල් කාන්ත මහතා එවැනි ක්රියා ජනාධිපතිවරයෙක්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බව සඳහන් කළේය.
ජනාධිපති සමාව දීමේ බලය තම තමන්ගේ අය නිදහස් කරගන්නට පාවිච්චි වෙන එකක් බව කී ලාල් කාන්ත මහතා එය ඉවත් කළ යුතු යැයි යන අදහස සාකච්ඡා වෙමින් තිබෙන බව පැවසීය. ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් රජයට ජනතාව බලය ලබා දුන්නේ රටේ නීතිය සැමට සාධාරණව ක්රියාත්මක කිරීමට බැවින් කිසිදු පාර්ශ්වයකට නීතියෙන් පිටට ගොස් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අමාත්ය ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd